2007-12-31
සුබ නව වසරක් වේවා!
2007-12-20
සුබ නත්තලක් !

සමිදාණෝ ඔබට ආශීර්වාද කොට
ඔබ ආරක්ෂා කරන සේක්වා!
සමිදාණෝ ඔබ දෙස දයාවෙන් බලා
ඔබට කරුණා කරන සේක්වා!
සමිදාණෝ සිය නෙත්
ඔබ කෙරෙහි යොමා
ඔබට සමාදානය දෙන සේක්වා!
(බයිබලය_ගණන් කථාව:153_154)
නෙළුම් පිපීලා
පෙති විසිරීලා
ජලය සුවඳ දෙන්නා
මමත් මලක් නම්
පිපී සුවඳ දී
ඔබ ළඟ පර වෙන්නා
(අයිවෝ ඩෙනිස් / චිත්‍රා සෝමපාල)
ඔබ සැමට සතුට සාමය රජයන සුබ නත්තලක් වේවා!!!
කුවේණිගේ පොඩි දියණියේ

නුවර ඇඟලුම් කම්හලේ
සළු වියන නිමලා නංගියේ
සනුහරේ මගේ සිටු කුලේ
මා නුඹෙ ලොවින් පිටමං කළේ
නිදිවරා තුන්තිස් පැයේ
නුඹ_යෞවනය වියදම් කළේ
සඳළුතලයට මන්දිරේ
මගෙ_නුඹ නොවෙයි නිමලා වුණේ
ගොතන මුත් සළු බුහුටියේ
නුඹෙ_ජීවිතේ කඩතොලු පෙනේ
ප්‍රේමයට සැළමුතු අපේ
ඒ_නිසයි හිරු සඳු නොනැගුණේ
මේක ගී පද මාලාවක් විදිහට මම ලීවේ.ගීතය සහ කවිය කියන්නේ
මාධ්‍ය දෙකක්.කවිය කවියගේ මාධ්‍යය.ගීතය සාමුහික නිර්මාණයක්
වුවත් අවසන් වශයෙන් සංගීතඥයාගේ මාධ්‍යය.කවිය අර්ථ ධ්වනිය
ජනනය කරනවා. කවියෙදි ශබ්ද ධ්වනිය කියන්නේ අර්ථ ධ්වනිය
උද්දීපනය කරන අංගයක්. ගීතයෙදි ප්‍රධාන වෙන්නේ ශබ්ද
රසය.ඇතැම් විට එය ශබ්ද ධ්වනිය බවට පත් වෙනවා විශිෂ්ට
සංගීතඥයා අතේ. චිත්‍රසේනගේ නල දමයන්ති නාටකයේ එන
"ඈත කඳුකර හිමව් අරණේ" ගීතයේ සංගීතය අමරදේව මුලින්
නිර්මාණය කරනවා. පස්සේ මහගම සේකර උචිත ගී පද
මාලාවක් ලියනවා. මට හිතෙන්නේ එක සාර්ථක ගී නිර්මාණයක්.
ගීතයක සාහිත්‍යය රසය විදින අය දුලබයි. එය මූලික වශයෙන්
ශබ්ද මාධ්‍යයක් කීවේ ඒකයි. ගීතය කියන්නේ ශෝතෘ
ජනයාගේ හෙවත් අසන්නන්න්ගේ සිත් ප්‍රිය කරන සුළු වූ
ස්වර සංදර්භය හෙවත් ස්වර සමූහය යි.
(එම්.ජී.පෙරේරා_1933) මිනිස් කට හඬත් මධුර නාද කෘතියත්
යන කලාංගයන්ගේ සංයෝජනය ගීතයයි.
(අමරදේව_සිළුමිණ_07.10.07) මේ නිර්වචන දෙකෙන් ම
කදිමට පැහැදිළි වෙනවා. කවිය සහ ගීතය අතර වෙනස. නාදයට
තමයි මුල් තැන දීලා තියෙන්නේ ගීතයේදී. සාහිත්‍යය පිළිබද අවධානය යොමු
කරලා නැහැ. එහෙත් මෙම වෙනස බොහෝ දෙනෙක් හදුන
ගෙන නැහැ.
සංගීතය, ශුද්ධ සංගීතය සහ ව්‍යවහාරික සංගීතය යනුවෙන් දෙවැදෑරුම්
වෙනවා. රවි ශංකර්ගේ සිතාර් වාදනයක් එහෙම නැත්නම් සිම්පනියක්
අයිති වෙන්නේ ශුද්ධ සංගීතයට. ගීතය අයත් වෙන්නේ ව්‍යවහාරික
සංගීතයට. ගීතයට ජනප්‍රිය සංගීතය කීවත් වරදක් නෑ. එහි විවිධ
ප්‍රභේද තියෙනවා. ශාස්ත්‍රීය, සරළ ශාස්ත්‍රීය, ජන ගායනා ආදි
වශයෙන්. ඒත් හය හතරේ රිද්මයට දෙපා නැටවෙන්න මල් පන්සල්
පල්ලි දේවාල පිළිබද කියන නන්දෙඩවිලි නම් මේ කිසිම කොටසකට
අයිති නෑ කියලත් කියන්න ම වෙනවා.
2007-12-17
ණයට ගත් කන්නාඩි

*ගුවන් හමුදා ප්‍රහාරයකින් LTTE දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් මිය යයි.
_රජයේ මාධ්‍ය
*ශ්‍රි ලංකා ගුවන් හමුදා ප්‍රහාරයකින් විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් ඇතුලු නායකයන් කිහිප දෙනෙක් මිය ගිය බව එහි මාධ්‍ය ප්‍රකාශක රාසයියා ඉලන්තේරියන් ද පිළි ගත්තේ ය.
_බීබීසී සේවය
*ගුවන් හමුදා ප්‍රහාරයකින් LTTE දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් මහතා මිය යයි.
_සිරස මාධ්‍ය ජාලය
මේ සියලු මාධ්‍ය වාර්තා කර ඇත්තේ එක ම ප්‍රවෘත්තියක් ද? තමිල් සෙල්වම්ගේ හදිසි අභාවය පමණද? මෙම ප්‍රකාශයන්හි අන්තර්ගත දේශපාලනයක් තිබේ ද? එය ඔබ දුටුවාද? නොඑසේ නම් ඔබ පැළඳ සිටින ණයට ගත් කන්නාඩිය මෑත් කර ඒ දෙස බැලීමට කාලයයි මේ.
ප්‍රථම ප්‍රකාශයෙන් රජයේ මාධ්‍යයන්හි අපරිණත දේශපාලන දෘෂ්ටිය කදිමට පැහැදිළි වේ. සැබවින් ම LTTEට දේශපාලන අංශයක් තිබේ ද? එය ක්‍රියාත්මක වන්නේ පිරබාහරන්ගේ නායකත්වයෙන් තොරව ද? පිරබාහරන් සන්නද්ධ අංශ නායකයා පමණ ද? සෙල්වම් යෂ්ටියක් ආධාරයෙන් ගමන් කළේ සාම සාකච්ඡා සඳහා දුවපැන හංදි රුදාව-කකුල් කඩිත්තු වැළදීමෙන් ද? සැබවින් ම ඊනියා "දේශපාලන අංශය" යන කඩතුරාවට මුවා වී සෙල්වම්ලා ලොව වටා යමින් පිරබාහරන්ගේ නාසිවාදය සාධාරණීකරණය කිරීම සහ අවි ආයුධ රැස්කිරීම හැර කළේ කුමක් ද? ම්ලේච්ඡ නාසි ත්‍රස්තවාදයෙන් තොර ආගමක් දහමක් දර්ශනයක් පිරබාහරන්ට නැති බව ලොවට ගෙන යා යුතු රජයේ මාධ්‍ය හැසිරෙන්නේ ඉතා ම බොළද ලෙස බව මෙමගින් පැහැදිළි වේ.
අල්කයිඩා මෙන් ම LTTEය බ්‍රිතාන්‍යයේ තහනම් ත්‍රස්ත සංවිධානයකි. එහි අර්ථය එම සංවිධානවලට කිසිදු මූල්‍ය දේශපාලන සහයෝගයක් රජය ලබා නොදෙන අතර එහි වැසියන්ට ද ඒවා තහනම් බව ය. එය රාජ්‍ය විරෝධි ක්‍රියාවක් බවය. එහෙත් බ්‍රිතාන්‍යයේ බීබීසීය පවසන පරිදි LTTEය විමුක්ති සංවිධානයකි. න්‍යාචාර්ය ඇන්ටන් බාලසිංහම් සහ ඇඩෙලා බාලසිංහම්ට එරට රැදි සිටීමට හෝ LTTEය වෙනුවෙන් කටයුතු කිරීමට එරට බාධාවක් නොමැත. පසු ගිය දා එරට පැවති LTTE සමරු උත්සවවලට බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ද සහභාගි වූහ. මේ ආකාරයට අල්කයිඩා සාමාජිකයන්ට එහි කටයුතු කළ හැකි ද? 9/11 ප්‍රහාරයෙන් පසු සමස්ත යුරෝපා වාසී මුස්ලිම් ජනතාවට කෙතරම් අතවරවලට ලක්වීමට සිදු වී ඇද්ද?
මේ අනුව අප අවබෝධ කර ගත යුත්තේ බ්‍රිතාන්‍යයේ LTTE තහනම හුදු මිත්‍යාවක් පමණක් බව නොවෙද? ඔවුන්ගේ සතුරන් අපේ ද සතුරන් ලෙස සැලකුව ද ඔවුන් අපේ සතුරන් සුරතලුන් ලෙස සලකන බව නොවෙද? මේ ඉතා ම සුළු කරුණ පවා අපට අවබෝධ නොවන්නේ අනුන්ගේ කන්නාඩිවලින් ලෝකය දෙස බලන නිසා ය. අපට හුදු ප්‍රවෘත්තිය විනා ඉන් ගම්‍යමාන වන දේශපාලනය වටහා ගැනීමට ශක්‍යතාවක් නොමැති වීම අවාසනාවකි. අප දකින ලෝකය බීබීසී,සීඑන්එන්,රොයිටර් වැනි මාධ්‍ය ජාලා විසින් අප මත ආරෝපණය කරන ලද්දකි. ඒ නිසා ලෝකය දෙස අපේ ම වූ දෘෂ්ටියකින් බැලීමේ හැකියාව ජාතියක් ලෙස අප වහා පුරුදු කර ගත යුතු ය. එවිට අපේ නියම සතුරන් හදුනා ගැනීම මහ ලොකු කජ්ජක් නොවේ.
2007-12-11
ලැජ්ජා නැතිකම යුනෙස්කෝ අධ්‍යක්‍ෂකමටත් වැඩිය ලොකුලු.
(ත්‍රස්තවාදය සහ අධිරාජ්‍යවාදය -2)
යුනෙස්කෝව හෙවත් එක්සත් ජාතීන්ගේ ආර්ථික විද්‍යාත්මක
සහ සංස්කෘතික අරමුදල එක්සත් ජාතීන්ගේ සංවිධානයට
අනුබද්ධ ප්‍රබල සංවිධානයකි. එක්සත් ජාතින්ගේ සංවිධානය
වර්ෂ 1945 බිහි විය. 1946 වසරේ යුනෙස්කෝව බිහි විය.
ප්‍රංශයේ පැරිස් නුවර මූලස්ථානය පිහිටා ඇත. 1949 ලංකාව
යුනෙස්කෝ ප්‍රඥාප්තියට අත්සන් කළේ ය.එහි කාර්යභාරය
ගෝලීයකරණ සමාජයක් තුළ ආර්ථික සහ විද්‍යාත්මක දියුණුව
මිනිසාගේ යහපත සඳහා යොදා ගැනීම බව කියවේ. අමතරව
සංස්කෘතික උරුමයන් රැක ගැනීම සඳහා ආධාර කිරීම සහ
ලෝක උරුමයන් නම් කිරීම ද මේ යටතේ සිදු වේ. ශ්‍රී ලංකාවේ
අනුරාධපුරය,පොළොන්නරුවය, සීගිරිය, දඹුල්ල, මහනුවර
දළදා මාළිගාව, ගාලු කොටුව, සිංහරාජ වනය දැනට ලෝක
උරුමයන් ලෙස නම් කර ඇත. ශ්‍රී පාදය, හෝරටන් තැන්න,
නකල්ස් සහ සේරුවාවිල අනාගතයේ දි ලෝක උරුමයන් ලෙස
නම් කරනු ඇත. මෙවැනි කටයුතු සදහා බිහි කර ගත්
යුනෙස්කෝව තවත් විශේෂ සංරක්ෂණ ව්‍යාපෘතියක් සදහා
දැන් අත ගසා ඇත.
මේ ඒ පිළිබද සටහනකි. යුනෙස්කෝ විධායක අධ්‍යක්‍ෂ
කොයිචිරෝ මත්සුරා මහතා මෑතදි ලෝක සංස්කෘතික උරුමය
රැකදීමේ පරම පිවිතුරු චේතනාවෙන් හදිසියේ ම මාහැඟි මාධ්‍ය
නිවේදයක් නිකුත් කර තිබිණි. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාව
කොටි හඬ ගුවන් විදුලිය විනාශ කිරීමට විරෝධය පළ කිරීමට ය.
ඇතැම්හු (දේශ සීමා නැති මාධ්‍යවේදියෝ) එය යුධ අපරාධයක්
ලෙස ද හැදින්වීමට නොපසුබට වූහ. වසර 25ක් පුරා LTTE
සංවිධානය ශ්‍රී ලාංකේය සංස්කෘතික පුනර්ජීවනය සඳහා කරන
ලද වැඩ කටයුතු සලකා බලන විට එහි පුදුම වන්නට කරුණක්
ඇතැයි මට ද නොසිතේ.
මහනුවර ශ්‍රී දළදා මාළිගාව අප සතු මහාර්ඝ සංස්කෘතික
උරුමයකි. එය මහනුවර යුගයේ විමලධර්මසූරිය රජතුමා
(1592_1603) විසින් සාදන ලදි. කි.ව.4වන සියවසේ
හේමමාලා සහ දන්ත කුමරු ලංකාවට වැඩමවා ගෙන
පැමිණියේ බුදු රදුන්ගේ ශ්‍රි මුඛයේ වැඩහුන් ශ්‍රී දළඳා
වහන්සේ නමක් එහි තැන්පත් කර ඇත. වසර දහස් ගණනක
පුරා මෙරට රාජ්‍යත්වය දළදා සමිඳුගේ භාරකාරත්වය හිමි
පුද්ගලයාට හිමිවීමේ සම්ප්‍රදායක් ද විය. දළදා සිරිත වැනි
කාව්‍ය කෘති බිහිවූයේ එහි ආශ්චර්ය පදනම් කර ගනිමිනි.
වාස්තු විද්‍යාත්මකවශයෙන් දළදා මාළිගාව සතුව සුවිශාල
අගයක් ද ඇත. සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩමවා
ගෙන පැමිණි ජය ශ්‍රී මහ බෝධිය අප සතු අතිපූජනීය
උරුමයකි. විවිධ සතුරු කරදර නිසා රාජ්‍ය බිඳ වැටුණු
අවස්ථාවල පවා රජරට ජනතාව බෝධිය වටා ගිනි මැල
ගසා වන සතුන්ගෙන් එය රැක බලා ගත් බැව් සඳහන් වේ.
දරමිටි පෝය නමැති තවමත් දැකිය හැකි සිරිත එහි
ප්‍රතිඵලයකි.
දළදාව හෝ ශ්‍රී මහ බෝධිය වත්මන් සිංහල
බෞද්ධයාගේ පමණක් නොව සමස්ත සිංහලයාගේ
උරුමයයි. එය කතෝලික ක්‍රිස්තියානි අප හැමගේ උරුමය
බැව් පුනපුනා කිව යුතු නොවේ. අදට වසර 500 පෙර
එනම් පරම්පරා කිහිපයකට පෙර වත්මන් සිංහල කතෝලික
ක්‍රිස්තියානි අප සැමගේ මුතුන් මිත්තෝ ශ්‍රී මහ බෝධිය
පාමුළ පුලින තලාවේ එකාවන්ව පසඟ පිහිටුවා වැටි බුදු
රදුන් පිදූහ. මහත් භක්තියෙන් සාදුකාර දෙමින් දළදා
වැන්දෝ ය. ගමේ පන්සලේ එකට සිල් සමාදන් වූහ. විවිධ
බටහිර ආක්‍රමණ නිසා අද අප බෙදී සිටිය ද ඒ අතීතය
අමතක නොකළ යුතු ය.
ශ්‍රී දළදා මාළිගාව සහ ශ්‍රී මහ බෝධිය යන පූජනීය ස්ථාන
දෙකට ම LTTE ත්‍රස්තයෝ ප්‍රහාර එල්ල කළ හ.
1998 ජනවාරි 25දා දළදා මැදුරට එල්ල කළ මරා ගෙන
මැරෙන ප්‍රහාරයෙන් 8 දෙනෙක් මිය ගොස් 25ක් තුවාල
ලැබූහ. ප්‍රහාරයෙන් මාළිගයේ පෞරාණික ගොඩනැගිලිවලට
බරපතළ හානි සිදු විය. 1985 මැයි 14 වන දා සිල් සමාදන් වූ
උවැසියන් 107 දෙනෙක් ශ්‍රී මහ බෝධිය අසලදී ඔවුන්
විසින් කපා කොටා මරා දමන ලදි. දිඹුලාගල දී මහ සඟ
රුවන තිස් ගණනක් කපා කොටා අපවත් කළහ. පැරණි
සිංහලයාගේ රුහුණු සහ පිහිටි රටවලට අයත් නැගෙනහිර
බෞද්ධ උරුමය සම්පූර්ණයෙන් මිහිපිටින් තුරන් කළ හ.
මෙවන් හපන්කම් දිගින් දිගට ම කරන සංවිධානයක් පවත්වා
ගෙන යන මාධ්‍ය ආයතනයට ප්‍රහාර එල්ල කිරීම මහ පොළව
නූසුලන අපරාධයකි. කොටි හඬ දවස පුරා ගණ දෙවි
වන්දනාව, ශිව පාර්වතී පුවත,රාමායනය සහ විවිධ සංස්කෘතික
ආගමික වැඩසටහන් පමණක් ප්‍රචරය කරති.අවි අත දැරීම
නොව ළමයින්ගේ රාජකාරිය ඉගනීම බවට නිතර දෙවේලේ
අවවාදාත්මක දැන්වීම් විසුරුවති. කරුණා සහ පිල්ලෙයාන්
විසින් රට පුරා ඇති කර ඇති භීෂණකාරි වාතාවරණය පිළිබඳ
මුසුප්පු වෙති. කොටින් ම කුරා කුහුඹුවකුටවත් වරදක් නැත.
සිහිනෙන්වත් වරදක් නොකරති. නිතර මෛත්‍රිය ම පතුරවති.
මෙවන් අවිහිංසක මාධ්‍ය ආයතනයකට ප්‍රහාර එල්ල කිරීම
කෙතරම් නින්දිත ද?
අනෙක් අතට 1999 අප්‍රෙල් 23 වන දා නේටෝ සංවිධානය
සර්බියානු රජයේ ගුවන් විදුලි සහ රූපවාහිනි සංකීර්ණ වෙත
බෝම්බ හෙළද්දී යුනෙස්කෝ සංවිධානයේ නිළධාරීන් මාධ්‍ය
නිදහස වෙනුවෙන් කළ කාර්යභාරය කාට නම් අමතක ද?
2002 ජනවාරි මස ඊශ්‍රායලය අරාබි අල් ජසීරා රූපවාහිනියට
බෝම්බ හෙළද්දි යුනෙස්කෝව ඊට එරෙහිව ලොව ම අවදි
කළ හැටි ද අපට හොදට මතකය. කොටින් ම ඇමරිකාව
ඉරාකය ආක්‍රමණයට සුදානම් වද්දි වසර සිය දහස්
ගණනක් පැරණි ඓතිහාසික යුප්‍රටීස් ටයිග්‍රීස්
ශිෂ්ටාචාරය ආරක්ෂා කර ගැනීමට යුනෙස්කෝව අවි
අමෝරා නොගන්න අද එම ශිෂ්ටාචාරයේ තබා සදාම්
හුසේන්ගේවත් කෑලි සොයා ගැනීමට නොහැකි වනු
නියත ය.
යුනෙස්කෝවේ මෙවැනි උදාරතර කාර්යයන් පිළිබද
කිසිවක් නොදන්නා විශේෂයෙන් ගෝලීය ප්‍රවණතා
පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති ජනතා විමුක්ති
පෙරමුණ නඟන පුස් චෝදනා අප සැලකිය යුතු නැත.
ප්‍රංශයේ සිට බිබිසීය ඇමතූ යුනෙස්කෝ නිළධාරි
විජයානන්ද ජයවීර මහතා පැවසුවේ LTTEය කුමන
කටයුතු කළ ද කොටි හඬෙ වැඩ කළේ ජනමාධ්‍යවේදීන්
බව ය. එය කදිම අදහසකි. මේ අනුව බින් ලාඩන්ට
ද "රාවය" වැනි කිසිවෙක් නොබලන සති අන්ත
පුවත්පතක් ආරම්භ කර සිය ජීවිතාරක්ෂාව තහවුරු කර
ගත හැකි ය. එහි කතෘ ලෙස සිය බෑණා මුල්ලා ඕමාර් පත්
කළ හැකි ය.
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයයි පැරණි
පිරුළක් තිබේ.මේ සිදුවීම් දෙස බලා සිටි මගේ මිතුරෙක්
ප්‍රකාශ කළේ ලැජ්ජා නැතිකම යුනෙස්කෝ අධ්‍යක්‍ෂකමටත්
වැඩිය ලොකුයයි එම පිරුළ වෙනස් කළ හැකි බව ය.
2007-12-06
පූජියාමා කන්ද පාමුළ
නිල් කැටයක් රන් හුයකින් බැඳ තැබුවා වාගේ
අර බලන්න දේදුන්නක් පායා නිල් අහසේ
ගල් ඇන්දේ දිගා වෙලා හීන් දොළේ ඉවුරේ
නිල් දෑසින් මා වෙළමින් කීවා හොර රහසේ
සුරතලයට නුඹ තෙපලන සොදුරු වදන් අතරේ
මා කුරු කුහුඹුවකු විණැයි කිව යුතුයයි නොහැඟේ
පායා දේදුන්න අදත් ගිනි අරගෙන වාගේ
ගල් ඇන්දේ මා විතරයි වැසි කදුලැලි බෝවේ
කාලෙකට පස්සෙ කවියක් ලීවේ. ඒක භාවනාවක්නේ.මේක
නිසඳැසක් නම් නෙමේ.මේක අපේ සාම්ප්‍රදායික විරිතක්
ඇසුරින් ලීවේ.සිංහල නිසඳැස් කියන්නේ මට නම් කවි නෙමේ.
ශබ්ද රසය(ශබ්ද ධ්වනිය) කියන කොටස ඉවත් කරලා
දාර්ශනික අදහස් ප්‍රකාශ කරන්න තනා ගනිපු මෙවලමක්
නිසඳැස. ඒක හරියට අංශභාග රෝගියෙක් වගෙයි. පැත්තක්
මැරිලා. මේ මැරිච්ච පැත්ත එක්ක නිසඳැසට තවත් ඉදිරියට
යන්න බෑ කියලා තේරුණාම අපේ අය කළේ ඒකට තනුවක්
දාලා ගීතයක් ලෙස ගායනා කිරීම. කරන්න තිබුණේ නොසලකා
හැරපු ශබ්ද ධ්වනියට නැවත සිංහල කවියේ හිමි තැන ලබා
දීම. අපේ සාම්ප්‍රදායික විරිත් නූතන අත්දැකීම් ප්‍රකාශනයට
නැවත යොදා ගැනීම. ඒත් එහෙම කරන්න තරම් ප්‍රතිභාවක්
තිබුණේ කුමාරතුංග මුනිදාස, ගුණදාස අමරසේකර, මොනිකා
රුවන් පතිරණ,දයාසේන ගුණසිංහ, එරික් ඉලයප්ආරච්චි,
දර්ශන රත්නායක වගේ කිහිප දෙනෙකුට විතරයි. මේ සියලු
අය එක වගේ ප්‍රතිභාවක් ප්‍රකට නොකළට අඩු තරමින්
රෝගයට ප්‍රතිකාරය අවබෝධ කර ගත්තා. නිසඳැස්
රචකයෝ ලේසි පහසු මාර්ගය තෝර ගත්තා. ඉරුවා රදේට
කොට්ටේ මාරුකරනවා වගේ නිසඳැසින් බයිලා සාහිත්‍යයට
මාරු වුණා.
ඒත් කවියෙක් වෙන්න ලේසි නෑ. ඒකට ප්‍රතිභාව තිබුනට
මදි. පැරණි කවිය හදාරලා එහි සාරය උකහා ගත යුකුයි.
රස ජනනයට ඒ කවීන් භාවිත කළ උපක්‍රම හදුන ගත
යුතුයි. මොකද සිංහල රසිකයා වසර 2500ට වඩා කාලයක්
කවි රස විදලා ඒකට හුරු වෙලයි ඉන්නේ. ඒත් අලුත් කවීන්ට
අපේ සම්ප්‍රදාය ලැජ්ජාවට හේතුවක් වුණා මිසක් හැදෑරිය
යුතු මැණික් ආකරයක් වුණේ නෑ.සම්ප්‍රදාය සහ
ගතානුගතිකත්වය කියන්නේ සංකල්ප දෙකක් බව මේ අය
තව ම දන්නේ නෑ.මේවාට හේතුව අපේ දීන කම මිස අන්
කුමක් ද?
"ලක්දිවට ඉතා බිහිසුණු කාලයකි.පිට රටින් සාල නැවතිණි
නම් අපට කෑම නැත.පිට රටින් එන රෙදි නැවතිණි නම් අපට
විළි වැස්ම නැත.පිට රටින් එන යාන නැතිනම් අපට ගමන
නැත.කොටින් මැ පිට රට පිහිට නැත්නම් අපට කළහැකි
කිසිවක් නැත."
(ලක් මිණි පහන් කතු වැකි_කුමාරතංග මුනිදාස)
කුමාතුංග මහතා ද පවසන පරිදි සියල්ලට මුහුදට දත නියවන
ජාතියකට කවිය ද බටහිරින් ගෙන ඒම හැර කවර
විකල්පයක් ද? බටහිර නිසඳැස මේ මහත්වරුන්ට ඉතා ම
ලාභ භාණ්ඩයක් වීමේ පහසු කලා ඉලක්කයක් වීමේ කවර
නම් අරුමයක් ද?

2007-12-04
නූතන ජන කථාවක්
ජන කථා, ජන කවි බිහි වන්නේ පෝෂණය වන්නේ ජනතාව
ඇසූරේ ය.රටක ජනතාව එදිනෙදා ජීවිතයේ දී මුහුණ දෙන
විවිධ අත්දැකීම් ඇසුරින් ජන සාහිත්‍යාංග බිහිවේ.ජනතාව
ලැබූ විවිධ ජීවන අත්දැකීම් විෂයෙහි ඔවුන්ගේ ප්‍රතිචාරය එම
නිර්මාණවල නිතැතින් ම ගැබ්වේ. කාලයෙන් කාලයට
ප්‍රදේශයෙන් ප්‍රදේශයට නොයෙක් වෙනස්කම්වලට ගොදුරු
වීම,ඒක කතෘක නොවීම, කතෘ අඥාත වීම, මිනිසුන්ගේ අව්‍යාජ
ජීවන අත්දැකීම් ඇතුලත් වීම ජන සාහිත්‍යයේ ලක්ෂණ කිහිපයකි.
දැන් ඔබ කියවන්නට සුදානම් වන්නේ ද එවැනි සුන්දර
කතන්දරයකි. එම කතන්දරයේ යටි පෙළ කියවීමෙන් ඔබත්
මාත් අද දවසේ මුහුණ දෙන අභියෝග පිළිබඳ යම් අවබෝධයක්
ලද හැකි ය.
දිනක්, එක්තරා ඈත අප්‍රිකානු රටක එඬෙරෙක් සිය
විශාල බැටළු රංචුව තණ බිමක් කරා දක්කමින් සිටියේ ය. එම
බැටළු රංචුව කෙතරම් විශාල කිවහොත් එක් ස්ථානයක් පසු
කිරීමට විනාඩි කිහිපයක් ගත විය. බැටළු රංචුව පාරක් හරහා
දක්කන අතර එහි පැමිණි සුඛෝපභෝගී රථයක් නතර
කෙරිණි. ඉන් එළියට පිවිසියේ අව්කන්නාඩි පැළඳ
සිගරට්ටුවක් උරන අමුත්තෙකි.
"මට පුළුවනි ඔහේගේ බැටළු රංචුවේ ඉන්න බැටළුවෝ
ගණන හරියට ම කියන්න.කීවොත් ඔහේ මොනවද මට
දෙන්නේ?" එඬේරා දෙස උජාරුවෙන් බැලූ අමුත්තා විමසුවේ ය.
"මහත්තයාට මගේ මේ කළු බැටළුවා දෙනවා" එඬේරා සිය
බල්ලා පෙන්වමින් පිළිතුරු දුන්නේ ය.
අමුත්තා වහාම සිය රථයෙන් ලැප්ටොප් පරිගණකය එළියට
ගත්තේ ය. පරිගණකය රථයේ බොනට්ටුව උඩ තබා සක්‍රිය
කළ අමුත්තා ගුවන් චන්‍ද්‍රිකාවක් හා සම්බන්ධ වී රංචුවේ
බැටළුවන් ගණන හරියට ම කිවේ ය. විස්මයෙන් ඇළලි ගිය
මුහුණක් දකිනු රිසියෙන් තමා දෙස බැලූ අමුත්තාට මඳ
සිනාවකින් සංග්‍රහ කළ එඬේරා ඔහුගෙන් මෙසේ ඇසුවේ ය.
"මහත්තයා ලෝක බැංකුවේ උපදේශකයෙක් නේද?"
එම ප්‍රශ්නයෙන් පුදුමයෙනුත් පුදුමයට පත් අමුත්තා තමා
ගැන දන්නේ කෙසේදැයි එඬේරාගෙන් දිගින් දිගට ම
විමසන්නට විය.
"මම දැන ගත්තා" යනුවෙන් විළියෙන් ඇඹරෙමින් එඬේරා
දුන් කෙටි පිළිතුරින් සෑහීමට පත් වීමට ඔහු කිසිසේත් කැමති
නොවීය.
"කාරණා තුනක් හින්දා මම හිතුවා මහත්තයා ලෝක බැංකුවේ
වෙන්න ඇති කියලා"එඬේරා සිය බැටළු රංචුව දෙස බලමින්
කීවේ ය.
එම කාරණා මොනවාදැයි දැන ගැනීමට අමුත්තාට ඉවසිල්ලක්
නැති විය.
"පළවෙනි එක මගේ කිසිම ආරාධනාවක් නැතිවයි මහත්තයා
මගේ උදව්වට ආවේ. දෙවැනි කාරණේ මහත්තයා මට කියලා
දෙන්න හැදුවේ මම කොහොමත් දන්න දෙයක්. අනෙක මගේ
මේ බල්ලා බැටළුවෙක් විදිහට අදුන ගත්ත ම මට තේරුණා මේ
රට ගැන මහත්තයා මෙලෝ සංසාරේ දෙයක් දන්නේ නෑ කියලා"
ලැජ්ජාවෙන් රතු වන අමුත්තාගේ මුහුණ දෙස බලමින් එඬේරා
දිගට ම කියා ගෙන ගියේ ය.

Subscribe to:
Posts (Atom)