Showing posts with label සිනමා සටහන්. Show all posts

2012-12-06
අප අබියස කැඩපතක් තබන කර්ම ...
ඔන්න ඉතින් මාසේ පඩිය අතට ගත්තා විතරයි, පොත් සාප්පුවල ඇවිදලා අපි ගිය ආත්මවල ඒ අයට වුණු ණය තුරුස් ටික එහෙම බේරලා දාලා, හවස් ජාමෙක රීගල් සිනමාහලට රිංගුවා. වෙන මොකට ද ඉතින් ප්‍රසන්න ජයකොඩිගේ නව සිනමා කෘතිය කර්ම බලන්න. ඒක වැඩිහිටියන්ට පමණයි. මං බයෙන් බයේ සිනමාශාලාවට ගියේ වයස ප්‍රශ්නයක් වේවිද කියලා. කෝ ඉතින් චිත්‍රපටිය ගැන මුකුත් ලියන්න වුණේ නැහැ පහුගිය ටිකේ ම. මගේ යාළුවෝ මාව වෙන වෙන ඒවා ලියන්න පෙළඹෙව්වා නේ.
කර්ම කියන්නේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් තමා. මේ රටේ ඉන්න ගොඩක් වැඩිහිටි ළමයි. ඒ කියන්නේ වයසින් මිස මනසින් නොවැඩුණු පිරිස. ඒ ළමයි නිකං සල්ලි වියදම් නොකළාට නම් කමක් නැහැ. මොකද මේ වගේ සිනමාවක් තේරුම් ගන්න වැඩිහිටි මනසකුත් අවශ්‍යයයි.
ප්‍රසන්නගේ මේ සිනමාවේ මං දැකපු එක් විශේෂ ලක්ෂණයක් තමා චරිත යටපත් කරගෙන සිනමා ආඛ්‍යානය මතුවීම. තියෙන්නේ චරිත තුනයි. සමස්ත කෘතිය ගෙත්තම් වන්නේ ඒ චරිත වටා. ඒක තුන්කොන් ප්‍රේම කතාවක් කියලා කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි මට නම් එහෙම හිතුණේ නැහැ.
මම හිතන්නේ නූතන ලාංකික මිනිසා අත්විඳින කටුක ජීවන යථාර්ථය විනිවිදින ලද හොඳ කලා කෘතියක් කර්ම. අපේ සමාජයේ මානව සබඳතා මේ වන විට ඉතාම යාන්ත්‍රික සබඳතා බවට වෙලා ඉවරයි. සිංහල බෞද්ධ සංස්කෘතික පදනම මත ගොඩනැගුණු හෘදයාංගම මානව සබඳතා විකෘති වෙලා. යටත්විජිතවාදය නිසා ගලා ආ වික්ටෝරියානු සුචරිතවාදී වෙස් මුහුණුවලට මුවා වෙලා කුහක සමාජ සබඳතා ජාලයක් දැන් අපි නඩත්තු කරනවා. ඒ කුහකත්වය දැන් අපේ සදාචාරය සංස්කෘතිය බවට පත්වෙලා.

දැන් අපේ ආදර සබඳතාවලට දෙදෙනාගේ ආධ්‍යාත්මික බැඳීම්වලට වඩා බලපාන්නේ ධනය, බලය, කුලය, රැකියාව, අධ්‍යාපනය වගේ වෙනත් දේවල්. දෙදෙනාගේ ගැලපීම බොහෝ විට එම සාධකවලට සීමා වෙනවා. බොහෝ විවාහ ජීවිතවල ආදරය හැර සියලු භෞතික සබඳතා තියෙනවා. මේ සබඳතා කිසිසේත් ආධ්‍යාත්මික සබඳතා නෙමේ. හුදෙක් කායික සතුට සඳහා ම ඇති වන සබඳතා. පෙර සඳහන් කළ සමාජ තත්ත්වයන් අද ඔහුට හෝ ඇයට නියම ආධ්‍යාත්මික ආදරයක් සොයා යාමට ඇති සියලු මං අහුරා අවසන්. සියලු දෙනාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ කුල ගෙවල් කියන හිර ගෙවල්වලට රිංගන්න සිද්ධ වෙලා.
මේ සිරගෙවල්වල ඔවුන් සිය ජීවිත විඳිනු වෙනුවට විඳවනවා. ආදරය වෙනුවට දෙදෙනා ළං කරන එකම දෙය රාගය බවට පත් වෙනවා. මේ අතිශය වේදනාකාරි ජීවිත, සිනමාශාලාවෙන් පිට හැම තැනම අපි දකිනවා. අපිත් ඒ ජීවිතවල කොටස්කාරයෝ විදිහට රඟපානවා. මෙන්න මේ කියන මහා සමාජ ඛේදවාචකයට ලක් වුණු දෙදෙනෙකුගේ ජීවිත සිනමා කෘතිය ඔස්සේ අප අබියස දිග හැරෙනවා. ගතානුගතික යාන්ත්‍රික බැඳීම දෙදරා යද්දී ඇය ආදරය හොයනවා. කොහේද ඒ ආදරය තියෙන්නේ? සංගීතඥ පෙම්වතා ළඟද? සිය මව අහිමි වී හුදෙකලා වන පියල් ළඟ ද? නදී විදිහට නදීක ගුරුගේ ද අමන්දා ලෙස මිශෙල් හර්ෆ්ට් ද පියල් ලෙස ජගත් මනුවර්ණ ද රඟනවා.
මේ වූ කලී සිනමා කෘතිය පිළිබඳ විමසුමක් නොවේ. මගේ සිත නිදහස් කර ගැනීම සඳහා ලියූ අදහස් කිහිපයක්පමණි. කර්ම පිළිබඳ ලිවිය යුතු දෑ බොහෝය. එය විවිධ දෘෂ්ටි කෝණවලින් බලා විමසිය හැකි හොඳ කෘතියකි. නූතන ලාංකිකයා මේ සිනමා කෘතිය බලා තම හෘද සාක්ෂිය විමසා බැලිය යුතු යැයි මම යෝජනා කරමි.
2009-08-24
මා දුටු "එකමත් එක රට"
පසුගිය එක් සැඳෑවක මම මිතුරෙකු සමග රීගල් සිනමාහලට රිංගාගතිමි. ඒ සනත් ගුණතිලකගේ ‘එකමත් එක රටක’ සිනමා කාව්‍යයය හා ඒකාත්මිකවීමට ය. එම සිනමා කෘතිය නිර්මාණය වූයේ බටහිර ලේඛකයෙකු වන එමිල් සෝලාගේ කෙටි කතාවක් ඇසුරිණි. එකමත් එක රට ගැන දීර්ඝ විචාරයකට ඉඩහසර නැතත් ලුහුඬින් හෝ යමක් ලිවීම වැදගත් යයි සිතමි. මේ සටහන ඒ වෙනුවෙනි.
එම සිනමා කෘතියට විෂය වූයේ මානව ජීවිතය හා තාදානුබද්ධ සනාතන අගයකින් යුතු පුවතකි. එනම් මානව ප්‍රේමයයි. සදාචාරය නීතිය සම්ප්‍රදාය උස් මිටිකම් ආදිය ප්‍රේමයට බාධා නොවේ. පැරණි රදළ පරපුරක සුන්දර යුවතියකට පෙම් බඳින මිනිසුන් දෙදෙනකු වටා මුළු සිනමා කාව්‍යය ම ගෙත්තම් වී තිබේ. ඉන් තරුණයා රදළ නිවසේ මෙහෙකාරියගේ පුත්‍රයා ය. කුඩා වියේ සිට ළදැරිය සමග එකට වැඩෙන හේ උගෙන නීතිඥයෙකු බවට පත්විය.අනෙකා හදිසි අනතුරකින් ආබාධිතව සේවා ස්ථානයෙන් මරුවක් ගෙනැවිත් රදළ නිවස අසල නිවෙසක හුදෙකලාව වසන මැදිවියේ වුවෙකි. කාලයාගේ ඇවෑමෙන් ඔවුන් අතර ගොඩනැගිල්ලක ගෙන අතිශය සංකීර්ණ සබඳතාව ශෝකාන්තයකින් කෙළවර වෙයි.
නිර්මාණය කෙළවර අප හදවත්හි සුපුස්පිත වූයේ ‘පේමතී ජායතී සෝකෝ’ යන බුදු වදන ය. කාල, දේශ, ජාති, ආගම් ඈ සියලු සීමා මායිම් මකුලු හුය සේ ඉරා විසි කරන සනාතන දහමක් ඇතුළත් නිර්මානයක් සිය සිනමා කාව්‍යය සඳහා පදනම් කරගැනීම අධ්‍යක්ෂවරයාගේ ප්‍රතිභාව මොනවාට ප්‍රකට කරයි. පාර්ලිමන්ට් ජෝක්ස් ආදි රසිකයාට නිගා දෙන නිසරු නිර්මාණ බිහි වන යුගයක මෙවන් නිර්මාණ පහළවීම අනාගත ප්‍රබුද්ධ සිනමාවේ සුබ මං සලකුණු හෙළි වීමකි.
සනත්ගේ කුළුදුල් සිනමා ප්‍රයත්නයේ අප දුටු දුබලතා කිහිපයක් ද වෙයි. ඉන් ප්‍රමුඛ වන්නේ ‘එකමත් රක රටක’ වැඩිහිටියන්ට පමණයි කෘතියක් කළේ ඇයි ද යන්න ය. එහි අන්තර්ගත වැඩිහිටියන්ට පමණයි දර්ශන කිහිපය මූලික කතා තේමාවට කිසිදු හානියක් නොවන සේ අතහැර කෘතිය බිහි කළ හැකි ව තිබිණි. ආලිංගනය යනු රූප රාමු එකින් එක පේක්ෂකයා අබිමුව තැබිය යුත්තක් නොවේ. එවන් අවස්ථා රසිකයාට ඇඟවිය හැකි මාර්ග කෙතරම් තිබේ ද? කෘතියේ අන්තර්ගත වන්නේ ජීවිත පරිඥානය පුළුල් කරන එහි යථාර්ථය පසක් කරවන දුර්ලභ කතා පුවතකි. ඉන් පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි අගනා සිනමාපටයක් කළ හැකිව තිබිණි. එහෙයින් එය රසික පිරිසකට සීමා කිරීමෙන් කර ඇත්තේ හානියකි. මුල් නිර්මාණයට අසාධාරණයකි.
අනෙක් දුර්වලතාව කතා තේමාව මැනවින් දේශීය පසුබිමට අනුවර්තනය කර නොතිබීමයි. රසිකයාට හිතෙන්නේ එම චරිත සිංහලෙන් කතා කළ ද සිංහල මුහුණු තිබුණ ද සිංහලයින් නොවන බව ය. ආබාධිතයෙකුට නොහොඹිනා විහිලු කරන තරුණියක තබා තරුණයෙකු හෝ අපට මෙරටින් සොයා ගැනීම අමාරු ය. එමෙන් ම හමු වූ මුල් දිනයේ ම තරුණයෙකුට තමාට කෑමට පෙර සහ පසු රමණයේ යෙදීමට අවශ්‍ය යැයි තබා එවන් තේමාවක්වත් ගැනවත් කතා කරන තරුණියක අපට සොයා ගත හැකි ද? මෙවන් දේ නිසා රසිකයාට අදාළ චරිතවලට සමීපවීමට අපහසු වෙයි. ඒවා නිෂ්පාදකයාගේ මනසේ උපන් ව්‍යාජ චරිත යයි හැඟෙයි. කෙනෙකුට මෙවන් චරිත අද වන විට අපේ සමාජයෙන් ද දුර්ලභ ලෙස හෝ හමු වෙතැයි තර්ක කළ හැකි වුව ද එහි පසුබිම දශක කිහිපයකට පෙර යුගය නිසා එය ද නිශේධනය වෙයි.
සමස්තයක් ලෙස රංගනය ගැන කතා කළහොත් එය ඉහළ මට්ටමක තිබූ බව නොකියා ම බැරි ය. නිරෝෂා පෙරේරා, රොෂාන් රවින්ද්‍ර නිර්මාණය වෙනුවෙන් සාධාරණය ඉටු කර තිබිණි. එහෙත් කෘතියේ වඩාත් ප්‍රබල සහ නිරූපණය අපහසු චරිතයට පණ පොවන සනත්ගෙන් ඒ චරිතයට ඊට වඩා සාධාරණයක් ඉටු විය යුතුව තිබුණු බව මගේ හැඟීමයි. ඔහු ඇතැම් විට චරිතයට මැනවින් ආවේශ වී නොතිබිණි. මුහුණට සහ ශරීරයට ආරෝපණය කරගත් විකෘති ස්වරූපය විටෙක වෙනස් වෙයි. විටෙක වෙනත් විකෘතියකට මාරු වෙයි. තවත් විටෙක සනත්ගේ ප්‍රකෘති මුහුණ මතුවෙයි. එම චරිතයේ අතිශය සංකීර්ණ බව සහ සනත් මත තිබූ අධ්‍යක්ෂණ බර විරාගයේ අරවින්ද ලෙසින් මතු වූ මහා සිනමා පෞරුෂය අපෙන් සඟවා තැබුවේ ද?
මෙවන් අඩුපාඩු තිබුණ ද එකමත් එක රට වඩා ප්‍රබුද්ධ සිනමාවත් කරා යන ගමනේ කඩඉමක් බව මගේ හැඟීමයි. මෙහි පවතින දුර්වලතා සකසා ගෙන වඩා සුන්දරතර සිනමා කෘතියක් සමග සනත් නැවත කරළියට එනතුරු මම බලා සිටිමි. අවසන් වශයෙන් නගරයෙන් ඉගිලි ගම්දනව් කරා පිය මනින ‘එකමත් එක රටෙක’ සිනමා කාව්‍යය නරඹන්න යැයි සහෘදයින්ට ඇරයුම් කරමි.

2008-08-18
අබා පඬුඅබා සහ ක්‍රිස්තු චරිතය
දඹදිවට පහළින් කඳුලු බිඳුවක හැඩැති දූවකි. කි.පූ. 543 තම්බපන්නි යයි නම් ලද මේ බිම්කඩ ඉන් වසර 100ක් ඉක්ම ගිය තැන්හි ‘සිංහලය’ බවට පත් විය. මෙසේ ලොව ප්‍රථම ජාතික රාජ්‍ය බිහි කළ වීරයා පණ්ඩුකාභය රජු ය. ඔහුගේ ළමා කාලය, ජැක්සන් ඇන්තනී සිංහල සිනමාවේ සිත්තම් කළේ ‘අබා’නමිනි. කි.පූ. 5 වන සියවස හෙවත් අදින් වසර 2500ට පෙර යුගයේ වසර 15 ක පමණ යුගය අළලා නිමැවුණු අබා සිනමා කාව්‍යය සෑම සිංහලයෙකු ම අනීවාර්යයෙන් නැරඹිය යුතු ය.

අද 60 වන විය ද පසු කළ වයෝවෘද්ධයකු වන සිංහල සිනමාවට ඓතිහාසික කතන්දර ආගන්තුක නැත. වීර පුරන්අප්පු, අශෝකමාලා, සිරිසඟබෝ, සංදේශය, සීගිරි කාශ්‍යප, වීර මද්දුම බණ්ඩාර ඉන් කිහිපයකි. එදාමෙදා තුර නිපයූ සිංහල චිත්‍රපට 1100 සමඟ සසඳන එහි මහා සුලබත්වයක් ද නැත. එමෙන් ම අබා අයත් වන්නේ ඓතිහාසික සිනමාවේ ද උප ප්‍රභේදයක් වන වීර කාවය සම්ප්‍රදායට බව අප අමතක නොකළ යුතු ය.
වංශකතාවල එන පරිදි බෙංගාලයේ වඟු රජුගේ දියණියක සහ ගුජරාට දේශයේ ලාට රට සිංහයකුගේ පුතු සිංහබාහු ය. ලාට දේශයේ රජ වන සිංහබාහු සිය පුතුගේ නොපනත්කම් නිසා හේ රටින් පිටුවහල් කරයි. තම්බපන්නියට බට ඔහු කුවේනියගේ උදව්වෙන් රාජ්‍ය පැහැර ගෙන රජ වෙයි. අවසන දඹදිවෙන් බිසවක ගෙන්වා ඔහු අභිෂේක කරන අතර කුවේනියට මාළිගයෙන් පිමං වන්නට සිදුවේ. කුවේනියගේ ශාපය නිසා විජයට දරු සම්පත් නැති වන හෙයින් අණතුරුව මෙරට රජ වූයේ එකල ලාට රට රජු වන ඔහුගේ සොයුරු සුමිත්තගේ බාල පුතු පණ්ඩුවාස දේව ය. ඒ රජුට දාව භද්දකච්චානා බිසව පුතුන් 10 දෙනෙක් ද දුවක් ද ලැබුවා ය. ඒ දුව පඬුඅබා රජුගේ මව උන්මාද චිත්‍රා ය. පණ්ඩුවාස දේවට පසු ඔහුගේ වැඩිමහල් පුතු අභය රජ විය.
ජැක්සන් ඇන්තනී සිය අපූර්ව ඉසියුම් ප්‍රතිභාව විසින් මුවහත් කළ කාල්පනික ශක්තිය නම් පින්සලින් සිංහල සිනමාව නම් කැන්වසය මත අඳින්නේ ඒ කුමරු සොළොස් වියැති වන තුරු කාලයයි. නක්ෂත්‍රකරුවන්ගේ අනාවැකියක් නිසා මරණය දෝතින් දරා උපදින පඬුඅබා උපන් මොහොතේ ම උපක්‍රමශීලි ලෙස දොර මඬලාවට යැවිණි. අබා උපන්දා සිට මුහුණ දෙන අතිබිහිසුණු අත්දැකීම් සමුදාය කාල්පනික මොහොතක වසර 2500ක් අතීතයට පියමංකර ආවර්ජනය කිරීම කෙතරම් චමත්කාරජනක ද? අපූර්ව ද?
මේ අපූර්ව වීර චාරිකාවට අපි ද නිතැතින් ම එක්වෙමු. දොරමඬලාවේ යක් ගොත් දිවියේ තවත් අංශුවක් බවට අපි පත්වන්නෙමු. එහි කුඩාවුන් සමඟ අපි ද කෙළිමු. අංගම්පොරයට වැටෙමු. ගහකොල අතර සරමු. අපේ මුත්තලාගේ සුවඳින් ආලෝලනය වෙමු. නවීන තාක්ෂණය හා මුසු වූ ඒ සුවඳ හොලිවුඩ් බොලිවුඩ් සිනමාව ජය ගන්ට ප්‍රමාණවත් වනු ඇත.
අබා අධ්‍යක්ෂණයේ පටන් බොහෝ අංශ සුවිශිෂ්ට ය. විශේෂයෙන් අබරාගේ රංගනය (සෞම්‍ය ලියනගේ) නදීක ගුරුගේ ගේ මියැසි මුසුව සුමින්ද වීරසිංහගේ කැමරා ඇස පරයන කලා ඇස ගැන සඳහන් නොකරම බැරි ය. කොටින් ම අබා එකෙකුට එකෙක් නොදෙවෙනි සාමූහික වෑයමක අග්‍රඵලයයි
ඓතිහාසික වශයෙන් ගත් කල ඉතිහාසය පුරෝකථනය කිරීමෙහිලා අබාහි මා දකින වැදගත්කම සිංහලයාගේ ලේ උරුමය ඉතිහාසයේ නියම තැන පිහිටුවීමයි. වංශකතාකරු සිංහලයේ සම්භවය විජයට පැවරීම ඓතිහාසික වරදකි. ස්වදේශීය යක් නා අසුර රාක්ෂ ගොත් (ගෝත්‍ර) සහ විදේශීය සිහ (සිංහ) ගොත එක් චින්තනයක් යටතට ගෙනාවේ පඬුඅබා රජු ය. සිංහලයා බිහිවූයේ මේ හැම ගොත් මුසුවීමෙනි. සිහ සහ හෙළ ගොත් මුසුවී සිහ + හෙළ > සීහෙළ > සිහළ > සීහළ > සිංහල විය. චිත්‍රපටයේදී අබාගේ පිය පදවිය චිත්‍රරාජ නම් යක් සෙන්පතිට පැවරීමේ ප්‍රවාදය මගින් සිංහලයාගේ පරම්පරික උරුමය රාවනා යුගයෙන් ඔබ්බට රැගෙන යයි.
එහෙත් ලොව පරිපූර්ණ නිර්මාණ කවදා බිහිවේ ද? ඒ දහම අබාට ද උරුම ය. මේ සොඳුරු ගමනේ දී අප හද කටු ඇනී රිදුණු තැන් කිහිපයකි. වරක් ජෝර්ජ් බර්නාඩ් කීවේ නරක ඉදිරිපත් කිරීම් නරක ලෙස ද හොඳ ඉදිරිපත් කිරීම් හොඳ ලෙස ද දකින්නා හොඳ ම විචාරකයා බව ය. එහෙයින් ලියමි.
පෙර රජ දවස වාසලේ සිටි රාජ සේවකයෙකි;අණබෙරකරු . ඔහුගේ කාර්ය රාජාඥා ජනතාව හමුවට ගෙන යාම ය. එය නිවැරදිව කිරීම වගකීම ය. ඔහුගේ මුවින් ගලා එන්නේ රජුගේ ආඥා ය; නීති ය. එහෙත් අබාහි අණබෙරකරුට ව්‍යාජ විකට ස්වරූපයක් ආරෝපණය කර ඇත. ඉන් පොදුවේ නිර්මාණයට වන සෙතක් නැත. ආඥාවේ කෘර බව පවා එමහින් මැකී යයි.
එමෙන් ම එකල පූජක පිරිස් ගායනා කළේ මෙවන් ස්තෝත්‍ර ද යන සැකය අප තුළ මතු වෙයි. ඒ පිළිබඳ මීට වඩා අවධානය යොමු කළේ නම් මැනවි.

මේ සියලු කාරණාවලට වඩා අබාහි පෞරුෂය අකාමකා දමන දුබලතාව ඉතා ම බොළඳ ලෙස ක්‍රිස්තු චරිතය සහ ගැළවුම්කාරයා ඉස්මතු වීම ය. අබාහි ප්‍රතිනිර්මාණය වන සිද්ධි දාමය සිදුවන කල්හි ක්‍රිස්තුතුමා ඉපදීවත් නැත. එහෙත් රාජ උදහසට ලක් වූ චිත්‍රරාජ මරණය දඬුවම පිණිස ගෙන එන අවස්ථාව මුළුමනින් ම ක්‍රිස්තුතුමා කුරුසිය මත ඇණ ගැසීම සහෘද සිත් තුළ මැවෙයි. ක්‍රිස්තුතුමාගේ රූප ස්වරූපය, කුරුසය, කල්වරි කන්දට ආ ගලීලයේ සහ ජෙරුසලමේ ගැහැණු, ඒ මොහොතේ පරිසරයේ සිදුවූ වෙනස්කම් ආදී සියල්ල අපට සිහිපත් කළේ බයිබලයේ එන ක්‍රිස්තුතුමා කුරුසිය මත ඇණ ගැසීම ය.
“ජේසුස් වහන්සේ මහ හඬක් නඟා අවසන් හුස්ම මුදා හැරිය සේක. එවිට දේව මාළිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකට ඉරී ගියේ ය. උන්වහන්සේ අබිමුව සිටි ශතාධිපතියා උන්වහන්සේ මෙසේ අවසන් හුස්ම හළ බව දුටු කල ‘සැබැව්න් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ම ය’ කී ය. ස්ත්‍රිහු ද දුරින් බලා සිටිය හ. ඔවුන් අතර ගලීලයේ සිටිය දී උන්වහන්සේ පිරිවරා ගොස් උපස්ථාන කළ මග්දලායේ මරියාත් කුඩා ජාකොබ්ගේ ද ජොසෙප්ගේ ද මව වූ මරියාත් සලෝමිත් උන්වහන්සේ සමඟ ජෙරුසලමට ආ බොහෝ කාන්තාවෝත් සිටියහ.” (ශුද්ධ බයිබලය-සුබ අස්න_ 69 - 2006, ශ්‍රි ලංකා බයිබල් සංගමය.)
එදා ක්‍රිස්තුතුමාගේ මළගම දුටු ශාතාධිපති පවසන්නේ මේ නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ බව ය. අද අබාහි චිත්‍රරාජගේ මළගම දකින අපට පැවසීමට ඇත්තේ ද මේ නම් චිත්‍රරාජ නොව දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ම බව ය. මෙවන් අතාත්වික භාවිතාවකින් සමස්ත චිත්‍රපටයට වන යහපත කුමක් ද? පඬුඅබා පුරාවෘත්තයට ඉන් හානියක් නොවේ ද? කෘතියේ ඒකීය ධාරණාව මේ නිසා නොබිඳේ ද? මට සිතෙන්නේ
මෙහි ප්‍රතිඵලය ලෙස අප කලින් සඳහන් කළ ඉතිහාස ප්‍රතිඅර්ථකථනය යටපත් කරගෙන දෙවියන් වහන්සේ ම ඉස්මතු වෙති. වංශකතා අනුව පඬුඅබාගේ පියා දීඝ ගාමිණී ය. චිත්‍රාව පසුව විවාහ වන්නේ ද ඔහු සමග ය. හේ භද්දකච්චානාගේ සොහොයුරෙකි. එහෙත් අබාහි පඬුඅබාගේ පියා චිත්‍රරාජ ය. ඔහු මරණයත් සමග දේවත්වය ලබයි. ඒ අරුතින් අබා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය.
“ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය. උන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටියදී, ඔවුන් එක් වන්නට පෙර, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැන ගන්නා ලදි ” (ශුද්ධ බයිබලය-සුබ අස්න _2)
ඒ අනුව දීග ගාමිණි ද ජෝසෙප් මෙන් ම අබාගේ නාමික පියා පමණි. අබාගේ පියා දෙවියන්වහන්සේ ය. යුදෙව් ඇඳුමෙන් සැරසී පෙනී සිටින දෙව් පියාණෝ සිය අසීමිත බලයෙන් පුතු සුරකින සේක.
අපට පඬුඅබා පුවත පුරාවෘත්තයක් ලෙස සම්ප්‍රදායෙන් ලැබුණු නිසා ඒ විඥානගත ඉව ඔස්සේ අපි අබා තුළින් පඬුඅබා දකිමු. එහෙත් ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කර නිපයූ අබා ලෝකයට දෙවියන් වහන්සේ පිළිබඳ කතාවක් පමණක් නොවනු ඇද්ද?
ජැක්සන් කතෝලිකයෙක් නිසා මෙවන් විවේචන එල්ල කරතැයි හුදු නියාලු මතවලට නොබැසිය යුතු ය. රසිකයාට වැදගත් නිර්මාණය සහ නිර්මාණකරුවා ඊට සාධාරණය ඉටු කොට ඇද්ද යන්න ය. එහිදි මට වැදගත් ජැක්සන් ඇන්තනී නම් නිර්මාණකරුවා මිස ඔහුගේ ආගම නොවේ. අතිඋතුම් මර්සලීන් ජයකොඩි පියතුමාගේ නිර්මාණවලින් අපි අද ද ඉමහත් ආස්වාදයක් ලබමු. අනෙක් අතට මහා සිංහලයේ වංශකතාවේ පූරකයා ලෙස ඔහු කළ කාර්යයභාරය එසේ අපට ලඝු කළ හැකි ද? එකී දේවත්වාරෝපණයෙන් නිර්මාණයට සාධාරණයක් වී නම් මම ජැක්සන් වෙනුවෙන් පෙනී සිටිමි.
මේ පිළිබඳ දිවයින ඉරිදා සංග්‍රහයට (08/08/17) ජැක්සන් ඇන්තනී කළ ප්‍රකාශය ඉතා ම බොළඳ සහ රැවටිලිකාර ය. කිතුනුවන් නොවන අපට ද කිතු දහම සිහිගන්වන මෙකී අවස්ථා කිතුනුවෙකුට එසේ නොවේ යයි පිළිගත හැකි ද? එමෙන් ම දඬුකඳ දෙපයට මිස දෑතට දමන බවක් මා නම් දන්නේ නැත. මේ උද්වේගකර මොහොතට දිය යුතුව තිබුණේ දේශීය මුහුණුවරකි. ‘සිංහල රජ කාලේ දඬුවම් ක්‍රම’ මැයෙන් රචිත පොතක් ගැන මා මතකයේ හාංකවිසියක් ඇතත් වැඩි මතකයක් නැත.
මේ වෘත්තාන්තය දිග හැරෙන්නේ දෙවන පෑ තිස් රජ දවසට එනම් මහින්දාගමනයට වසර 100-150කට පමණ පෙර දවස ය. ඒ වන විට බුදු රදුන් තෙවරක් මෙරටට වැඩම කොට තිබුණ ද උපතිස් නුවර රජ පෙළපත් ඇත්තෝ බෞද්ධ නොවූ හ. එය ඉතා ම පැහැදිළි ය. එකල මෙරට තබා මෙලොව කොතැනවත් කිතු දහම නොවූ බව ද කි.ව. 1505න් පසු කිතු දහම මෙරට ව්‍යාප්ත වූ බව ද ඊටත් වඩා පැහැදිළි ය. එහෙයින් එකල මෙරට බ්‍රාහ්මණ නිගණ්ඨ ආදී ආගම් පැවතිනැයි අනුමාන කළ හැකි ය. ඉන් වසර 300 ක් පමණ ගිය තැන වළගම්බා රජ දවස හමු වන ගිරි නම් නිගණ්ඨයා සහ තිස්ස නම් බමුණා ඒ සඳහා සාධක සපයයි. අභයගිරි සෑය ගිරි නිගණ්ඨගේ නිගණ්ඨාරාමය තිබූ තැන සැදවූ බව කියවේ. එහෙයින් අබාහි චරිතවල ගැබ්විය යුත්තේ එවන් විශ්වාසනීය ලක්ෂණ ය. එසේ නොවූ කල සහෘදයා අපේක්ෂා භංගත්වයට පත්වේ.
කෙසේ වුව ද කුමරතුඟුන් පැවසූ පරිදි ම තෙරක් නොමැති කවි සසරේ මහබඹු කවියා විතර ම ය.නිර්මාපකයාට කළ නොහැක්කේ කුමක් ද? එහෙයින් කලකින් ලද මේ රස මදිරාව එහි වට නීරස රොඩුබොඩු ඈත්මෑත් කර වළඳමු.
අබා කරළියට සපැමිණෙන මේ ඓතිහාසික සමාජ මොහොත ගැන යමක් නොකියා ම බැරි ය. ඉතිහාසය විෂය 70 දශකයේ මුල පාසැලෙන් දොට්ට දැමිණි. එදා පාසැල් ගිය දරුවා අද වයස 30ක 40ක මිනිසෙකි. සිය මව්බිමේ ඉතිහාසය නොදත් ඔහු අද සමාජයේ නෙක තණතුරු දරයි. හෙට දවසේ මෙරට නායකත්වය හිමි ඔහුට ය. එහෙත් ඔහුට මෙරට මුල් තිබේ ද? ඒ මුල් උදුරා ඔහු ගන්දබ්බයෙකු බවට පත් කොට නැද්ද? එවැන්නකු රජවූ කල රට තව තවත් සංස්කෘතික කාන්තාරයන් වනු නැතැයි කාට කිව හැකි ද? එහෙයින් ඉතිහාසය නොදත් අපේ පරපුරට නැවත ඉතිහාසය සිහිපත් කරලීම වැදගත් ය. අප සියලු දෙනා අපේ මුල් සොයා ඉතිහාසයේ කිමිඳීම වැදගත් ය. එමගින් දෑ අබිමනට පණ පොවා ලෝකය ඉදිරියේ නැඟී සිටීමට ඇවැසි දිරිය අපට ලැබෙනු ඇත.
ආර්ථික අධිරාජ්‍යවාදයේ වහල් දූපකත් බවට පත්ව ඇති රට එකල්හි අප උරමතින් නිදහස කරා පිය මනිනු ඇත.

2008-05-11
ලියමි ඔබ ද දකිනු රිසින් මා දුටු ප්රභාකරන්
රන් කිරි වෙනුවට යුද ගිනි කට ගෑ පරපුරේ එකෙකුව උපදින්නට තරම් අවාසනාවන්ත වීය යන හැඟීමෙන් ආතුරව සිටින මම සිය දහස් වර විඳවමි.බහ තෝරන වියේ සිට අත්දුටු ඒ ගොරතර විනාශයෙන් මගේ මව් බිමේ හෙට දවස මුදවනු රිසින් මෙසේ ලියා තබමි.ඇට නහර විනිවිඳින වේදනව අකුරු බවට පෙරලී ලියවෙන මෙපවත්හි වලංගුභාවය ඉතිහාසය විසින් තීන්දු කරනු ඇත.
කලාව සමාජයේ කැඩපත ය. ඉන් පෙනෙන්නේ සමාජයේ පිළිබිඹුවකි. ඒ පිළිබිඹුව සමාජය නමැති විසල් රුකෙහි පිළිබිඹුව විනා එහි හටගත් බේඳුරු පිළිල නොවිය යුතු ය. ඉන් මා අදහස් කළේ එමැ පිළිල නිරුවත් කොට සමාජ දේහය සුරක්ෂිත නොකළ යුතු බැව් නොවේ. විසල් වනස්පතීන් මත අටුවන් බැස එහි සාරය උරා බී තරව අවසන එමැ තුරු මරු තුරුලට ඇද දමන බේඳුරු වන් සමාජ පිළිකා දුටු තැන නසා දැමි යුතු ය.කොටින් ම නියෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපන්නට නොතැබිය යුතු ය. එහෙත් මා පවසනනේ කලාවේ නාමයෙන් සමාජ පිළිල වෙනුවෙන් පෙනී සිටීම නොකළ යුතු බව ය.

එහෙත් අවාසනාවක මහත ! මෙරට සමාජ දේයට වැළැඳුනු ත්රස්තවාදී පිළිලය අලළා නිමැවූ බැව් පවසන සියලු සිනමා කෘති නැරඹූ මට ඇති වූයේ බලවත් කම්පාවකි. ඒ සෙසු කිසිවක් ගැන නොව ඒවායේ දෘෂ්ටිය පිළිබඳව ය. මගේ රටේ සිනමා දෘෂ්ටිය සේවය කරන්නේ කාට ද? ත්‍රස්තවාදය පිළිබඳ රටේ බහුතර මතය මේවායින් පිළිබිඹු වේ ද? අපේ සිනමාවෙන් ලෝකයට දෙන අපේ කම කුමක් ද? මේ සිනමාවේ යටින් දිවෙන දෘෂ්ටිමය හුය රට වැසියා ගෙන යන්නේ කොතැනට ද? අවසාන විග්‍රහයේ දී පිරපාහරන්ගේ ඊනියා විමුක්ති අරගලය සාධාරණීකරණය කරන සිනමාව ගැන මෙරට ආණ්ඩු කෙතරම් සංවේදී වීද? එම කෘතිවලට විදෙස් සම්මාන පුදන්නේ ඇයි? මේ සියලු ප්‍රශ්නවලට මට ලැබුණේ යහපත් පිළිතුරු නොවේ.
ත්‍රස්තවාදයට එරෙහි සටන හමුදාවට පැවරු අපි නිහඬව නෑසූ කන්ව සිටියෙමු. ත්‍රස්තවාදයට එරෙහිව සමස්ත රට එක මිටට ගත් මතවාදීමය අරගලයකට සුදානම් කළ යුතු වුව ද නොවුණේ එයම පමණි. රට වෙනුවෙන් සටනට වන් සෙබලු හුදු කුළී හමුදාවක් ලෙස ද ඔවුන්ගේ බිරියන් නැගනියන් ගණිකාවන් ලෙස ද එකී සිනමාව විසින් හංවඩු ගසන ලදි. මේ මහා සිනමා කෘති දෙස් විදෙස් සමරු සම්මාන ලැබ වැජඹෙන කළ ඒවා කල සිනමාකරුවන් මෙරට භිමානය මුළු සක්වල පතළ කළ විරුවන් ලෙස නෙක මාධය විසින් භෞතීස්ම කරන ලදි. මෙරට වැසි මහා සිනමා විචාරකයෝ පත්තර පිටු ගණන් මේ සිනමාව වෙනුවෙන් ලියන්නට නොමසුරු වූහ. රට වෙනුවෙන් සටනට වන් මේ සෙබළ මුළු අපේ ඥාතීන් බව අමතක විය. අප කොළඹ සිට රිසි සේ සිනමා බලමින් සව්දිය පුරන කල මහා වන දුර්ග ගිරි දුර්ග ජල දුර්ග අතර රට වෙනුවෙන් නිදි වරන අනේක පිරිපත උසුලන මිනිසා අපට අමතක විය. අප විඳින සතුට රඳන්නේ ත්‍රස්තවාදයට වැට බැඳී ඒ දෑත්වල සවියෙන් බැව් අමතක විය. අවසන අසරණ සෙබල පිරිස් වෙනුවෙන් පෙනී සිටින්නට සරත් වීරසේකර වන් හමුදා නිලධාරීන්ට සහ සෙබල බිරියන්ට පෑන් අතට ගන්නට සිදු විය.
ඒ අඳුරු යුගය නිමා කරමින්දෝ තුෂාර පීරිස්ගේ ප්‍රභාකරන් සිනමාවට දායාද විය. ළමා සොල්දාදුවන්ගේ සහ මරා ගෙන මැරෙන්නන්ගේ සෝකාලාපයේ යථාර්ථය ඒ සමග ම සිංහල සිනමාවට දායාද විය. එළිමහන් සිර ගෙයක් වන් වන්නියේ කටුක ජීවිතය ළමුන් පැහැර ගෙන යාම විවිධ වද බන්ධන මිනී මැරීම් මර්දනකාරී ත්‍රස්ත නායකත්වය ඔවුන්ගේ සටකපට ක්‍රියා ජාති ද්‍රෝහී ඔත්තුකරුවන් අනාථ කඳවුරු ජීවිතය බොරදියේ මාළු බාමින් කුමන්ත්‍රණකාරි ලෙස ගම්මුන්ට ආගම් වැළඳ ගන්නට බලකරන NGO කාරයින් මේ සියල්ල මැද දළුලන ආදරය සහ සහෝදර ප්‍රේමය ප්‍රභාකරන් අප හමුවට ගෙනෙයි. අපේම සහෝදර ජන පිරිසක් කිසිදා නොලැබෙන සිහින දේශයක් වෙනුවෙන් සටනට උසිගැන්වීමෙන් ඔවුන් විදින දුක අපේ නෙතඟට කඳුලක් නංවන්නේ ඔවුන් වෙත උපන් සැබෑම දායානුකම්පාව නිසා ය. ඒ හැඟීම නැවත නැවතත් අපට පසක් කරන්නේ මේ අරගලය වහා අවසන් කොට එක මවකගේ දරු කැළක් මෙන් ජීවත් විය යුතු බව ය. සිංහල දෙමළ මුස්ලිම් සැමට නිදහසේ ජීවත්වීමට ඉඩහසර උදාකළ යුතු බව ය. මේ සද්කාර්යය නිසා වෙනදා යුද සිනමාව වෙනුවෙන් සම්මාන ලැබූ මෙරට සිනමාකරුවාට නොසෑහෙන්න ගුටි කන්නට සිදුවිය.
කළ යුත්ත සක්සුදක් සේ පැහැදිළි ය. ත්‍රස්තවාදය සමූල ඝාතනය කළ යුතු ය. සිංහල වෙදකමේ අත්දුටු පරිදි විසෙන් විස නැසිය යුතු ය.මේ ත්‍රස්තවාදයෙන් අහිංසක දෙමළ ජනතාව මුදා ගත යුතු ය. එවිට සැමට යෙහෙන් ජීවත් විය හැකි ය.එතෙක් මෙරට තවත් එක් විශාල මහනුවරක් පමණි. තැන තැන මළ මිනීය බලිබිලිය ලෙඩුන් ය.දොර දොර දුක්ඛ දෝමනස්සයෝ ය.
අවසන් වශයෙන් මේ සිනමා කෘතිය නරඹා රටට එරෙහි සිනමාව වෙනුවට රට වෙනුවෙන් සිනමාවක් තනන්නට ඔබේ ශක්තිය ලබා දෙන මෙන් දේශයට ආදරය කරන ඔබෙන් ඉල්ලා සිටිමි.
Subscribe to:
Posts (Atom)