Showing posts with label කවිය. Show all posts
Showing posts with label කවිය. Show all posts
2007-12-06
පූජියාමා කන්ද පාමුළ
නිල් කැටයක් රන් හුයකින් බැඳ තැබුවා වාගේ
අර බලන්න දේදුන්නක් පායා නිල් අහසේ
ගල් ඇන්දේ දිගා වෙලා හීන් දොළේ ඉවුරේ
නිල් දෑසින් මා වෙළමින් කීවා හොර රහසේ
සුරතලයට නුඹ තෙපලන සොදුරු වදන් අතරේ
මා කුරු කුහුඹුවකු විණැයි කිව යුතුයයි නොහැඟේ
පායා දේදුන්න අදත් ගිනි අරගෙන වාගේ
ගල් ඇන්දේ මා විතරයි වැසි කදුලැලි බෝවේ
කාලෙකට පස්සෙ කවියක් ලීවේ. ඒක භාවනාවක්නේ.මේක
නිසඳැසක් නම් නෙමේ.මේක අපේ සාම්ප්‍රදායික විරිතක්
ඇසුරින් ලීවේ.සිංහල නිසඳැස් කියන්නේ මට නම් කවි නෙමේ.
ශබ්ද රසය(ශබ්ද ධ්වනිය) කියන කොටස ඉවත් කරලා
දාර්ශනික අදහස් ප්‍රකාශ කරන්න තනා ගනිපු මෙවලමක්
නිසඳැස. ඒක හරියට අංශභාග රෝගියෙක් වගෙයි. පැත්තක්
මැරිලා. මේ මැරිච්ච පැත්ත එක්ක නිසඳැසට තවත් ඉදිරියට
යන්න බෑ කියලා තේරුණාම අපේ අය කළේ ඒකට තනුවක්
දාලා ගීතයක් ලෙස ගායනා කිරීම. කරන්න තිබුණේ නොසලකා
හැරපු ශබ්ද ධ්වනියට නැවත සිංහල කවියේ හිමි තැන ලබා
දීම. අපේ සාම්ප්‍රදායික විරිත් නූතන අත්දැකීම් ප්‍රකාශනයට
නැවත යොදා ගැනීම. ඒත් එහෙම කරන්න තරම් ප්‍රතිභාවක්
තිබුණේ කුමාරතුංග මුනිදාස, ගුණදාස අමරසේකර, මොනිකා
රුවන් පතිරණ,දයාසේන ගුණසිංහ, එරික් ඉලයප්ආරච්චි,
දර්ශන රත්නායක වගේ කිහිප දෙනෙකුට විතරයි. මේ සියලු
අය එක වගේ ප්‍රතිභාවක් ප්‍රකට නොකළට අඩු තරමින්
රෝගයට ප්‍රතිකාරය අවබෝධ කර ගත්තා. නිසඳැස්
රචකයෝ ලේසි පහසු මාර්ගය තෝර ගත්තා. ඉරුවා රදේට
කොට්ටේ මාරුකරනවා වගේ නිසඳැසින් බයිලා සාහිත්‍යයට
මාරු වුණා.
ඒත් කවියෙක් වෙන්න ලේසි නෑ. ඒකට ප්‍රතිභාව තිබුනට
මදි. පැරණි කවිය හදාරලා එහි සාරය උකහා ගත යුකුයි.
රස ජනනයට ඒ කවීන් භාවිත කළ උපක්‍රම හදුන ගත
යුතුයි. මොකද සිංහල රසිකයා වසර 2500ට වඩා කාලයක්
කවි රස විදලා ඒකට හුරු වෙලයි ඉන්නේ. ඒත් අලුත් කවීන්ට
අපේ සම්ප්‍රදාය ලැජ්ජාවට හේතුවක් වුණා මිසක් හැදෑරිය
යුතු මැණික් ආකරයක් වුණේ නෑ.සම්ප්‍රදාය සහ
ගතානුගතිකත්වය කියන්නේ සංකල්ප දෙකක් බව මේ අය
තව ම දන්නේ නෑ.මේවාට හේතුව අපේ දීන කම මිස අන්
කුමක් ද?
"ලක්දිවට ඉතා බිහිසුණු කාලයකි.පිට රටින් සාල නැවතිණි
නම් අපට කෑම නැත.පිට රටින් එන රෙදි නැවතිණි නම් අපට
විළි වැස්ම නැත.පිට රටින් එන යාන නැතිනම් අපට ගමන
නැත.කොටින් මැ පිට රට පිහිට නැත්නම් අපට කළහැකි
කිසිවක් නැත."
(ලක් මිණි පහන් කතු වැකි_කුමාරතංග මුනිදාස)
කුමාතුංග මහතා ද පවසන පරිදි සියල්ලට මුහුදට දත නියවන
ජාතියකට කවිය ද බටහිරින් ගෙන ඒම හැර කවර
විකල්පයක් ද? බටහිර නිසඳැස මේ මහත්වරුන්ට ඉතා ම
ලාභ භාණ්ඩයක් වීමේ පහසු කලා ඉලක්කයක් වීමේ කවර
නම් අරුමයක් ද?

2007-11-16
නියංදාවත
රාස්සිගේ අව්වට
ගිනි ගත් වැලි තලා පිට
දැන් බෝ කලක සිට
ඇදෙයි මේ ඇළ හෙමිහිට
සුන්දර ලියක ලෙද
සොලවා සුමුදු මුදු බද
හස ගමනින් නිබඳ
පෙර ගිය ගමන් කෝ අද
වැහි වලා අතරින්
විදිලි එළි පෙළ විලසින්
පැන නැටූ සතුටින්
කුඩ මසුන් කොහි ගියෙද විගසින්
පිහිනීම ද නපුරු
එකෙකුට රැගෙන ආ මරු
ගොරක්වළ බියකරු
බලන්! අද දිය කඩිත්තක් යුරු
ගල මතින් වැගිරී
සළුවක් විලස විසිරී
හෝ හඬක් පැතිරී
ඇල්ල කඳුලක් විලස ඉහිරී
පවසට දරනු බැරි
බැද්ද වැල්ලේ එරි එරි
ඇළ මැදට දිය’තිරි
ගාටනා සැටි බලන් මැරි මැරි
උස්සාන රෙදි පොට
නැඟ නැඟ ඇඟිලි තුඩු පිට
ගිය ළඳුන් දිය පිට
පතුල් නොතෙමා ගියා එගොඩට
වැඩි කතා බස් නැති
හේනට යන්න හිත නැති
උඩ බැලූ ඇස් ඇති
තාත්තා වැල් ඇදේ හිඳ ඇති
කුස්සියේ වැඩක් නැති
අම්මා පිනට හිත ඇති
මල්ල පතුලේ ඇති
වී මිටක් සියොතුන්ට දන් දෙති
ගිනි ගත් වැලි තලා පිට
දැන් බෝ කලක සිට
ඇදෙයි මේ ඇළ හෙමිහිට
සුන්දර ලියක ලෙද
සොලවා සුමුදු මුදු බද
හස ගමනින් නිබඳ
පෙර ගිය ගමන් කෝ අද
වැහි වලා අතරින්
විදිලි එළි පෙළ විලසින්
පැන නැටූ සතුටින්
කුඩ මසුන් කොහි ගියෙද විගසින්
පිහිනීම ද නපුරු
එකෙකුට රැගෙන ආ මරු
ගොරක්වළ බියකරු
බලන්! අද දිය කඩිත්තක් යුරු
ගල මතින් වැගිරී
සළුවක් විලස විසිරී
හෝ හඬක් පැතිරී
ඇල්ල කඳුලක් විලස ඉහිරී
පවසට දරනු බැරි
බැද්ද වැල්ලේ එරි එරි
ඇළ මැදට දිය’තිරි
ගාටනා සැටි බලන් මැරි මැරි
උස්සාන රෙදි පොට
නැඟ නැඟ ඇඟිලි තුඩු පිට
ගිය ළඳුන් දිය පිට
පතුල් නොතෙමා ගියා එගොඩට
වැඩි කතා බස් නැති
හේනට යන්න හිත නැති
උඩ බැලූ ඇස් ඇති
තාත්තා වැල් ඇදේ හිඳ ඇති
කුස්සියේ වැඩක් නැති
අම්මා පිනට හිත ඇති
මල්ල පතුලේ ඇති
වී මිටක් සියොතුන්ට දන් දෙති
2007-11-06
සිංහල කවිය යනු කුමක් ද?
කවිය යනු රසවත් වැකිය යයි පුරාණ භාරතීය පඬිවරු කී හ.(කාව්‍යයං රසාත්මක වාක්‍යයං) භාරතීය සාහිත්‍යය සංදර්භය තුළ කාව්‍ය යනු හුදු පද්‍ය නොවේ. කාව්‍ය නමැති ප්‍රධාන ඒකකය තුළ ගද්‍ය කාව්‍ය, පද්‍ය කාව්‍ය සහ චම්පු කාව්‍ය යන උප ඒකක ඇතුලත් විය. එහෙත් සිංහල සාහිත්‍යයේ කවිය යන්නෙන් සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ පැදි ය. වෙනත් ලෙසකින් කිවහොත් සිංහල සාහිත්‍යයේ දී කවිය යන පදය එහි භාරතීය පුළුල් අරුතින් මිදී හුදු පද්‍ය යන සංකෝචිත අර්ථයෙන් ඊට පර්යාය පදයක් ලෙස යෙදේ. එහෙයින් සිංහල කවිය නිර්වචනය කිරීමේ දී පෙර දැක්වූ භාරතීය නිර්වචනය මත පඳනම් වීම අර්ථ විරහිත ය. මන්ද සංස්කෘත කාව්‍යයේ එක් අංගයක් පමණි;සිංහල කවිය.සිංහල කවිය නිර්වචනය කර ගැනීමට යමෙක් භාරතීය පද්‍ය කාව්‍ය යන්න ඉවහල් කර ගත්තා නම් එහි යම් තර්කානුකූලත්වයක් ඇත. කෙසේ වුව ද සිංහල කවිය, භාරතීය කාව්‍ය මත තබා හදුනා ගැනීමට යාම,දෑතින් හුලං බදන්නාක් වැනි නිශ්ථල ක්‍රියාවකි. සිංහල කවිය නමැති සියුම් සාහිත්‍යාංගය හදුනා ගැනීමට එකී මිනුම් දඬු දරදඬු වැඩි ය.
විසිවෙනි සියවසේ සිංහල කවිය හදුනා ගැනීමට උත්සාහ කළ බොහෝ විද්වතුන් මෙකී වෙනස හදුනා ගත්තේ නැත. මාර්ටින් වික්‍රමසිංහ,ආරිය රාජකරුණා,සිරී ගුනසිංහ,ජී.බී.සේනානායක ආදිහු මේ අතර වේ.මොවුන් සිංහල කවිය නිවැරදි ව අවබෝධ නොකර ගත් නිසා සිදු වූ හානිය අති විශාල ය. සිංහල කවි කෙත වසා පැතිර එම කෙත පුරන් කළ නිසදැස් වසංගතය එම හානියකියාපාන ජීවමාන නිදර්ශනයකි.

Subscribe to:
Posts (Atom)