Showing posts with label සාහිත්‍ය විචාරය. Show all posts

2016-04-25
ඓතිහාසික නවකතාව සහ නූතන කාමාලාප
බොහෝ දෙනා ඓතිහාසික නවකතා රස විඳ තිබුණ ද ඓතිහාසික නවකතාව යනු කුමක් දැයි ඔවුන්ගෙන් විමසුවහොත් එය නිර්වචනය කිරීම එතරම් පහසු නැත. World Historical Fiction ග්‍රන්ථ නාමාවලියට පෙරවදනක් සපයන ලින්ඩා ඇඩන්සන් සඳහන් කරන පරිදි කිසියම් නවකතාවක් සඳහා පදනම් වන්නේ එය රචනා වන යුගයට අවම වශයෙන් අවුරුදු විසි පහකට ඈත යුගයක් නම් එය ඓතිහාසික නවකතාවකි. එමෙන් ම නවකතාවක් තත්කාලීන සමාජ අත්දැකීම් පදනම් කර ගෙන රචනා වුව ද කිසියම් කාල පරිච්ඡේදයකට පසු ඊට පදනම් වූ යුගය අතීතය බවට පත් වේ. පසුකාලීන පාඨකයා තම සජීවි අත්දැකීමක් නොවන එම අතීත යුගයට පිවිසෙන්නේ අදාළ කෘතිය ඔස්සේ ය. එවිට එම කෘතිය ඓතිහාසික නවකතාවක් බවට පත් වන බව ලින්ඩා ඇඩන්සන් තව දුරටත් පවසයි.
20 වන සියවසේ මුල් දශකය පදනම් කර ගෙන 1944 ගම්පෙරළිය රචනා විය. ගම්පෙරළිය රචනා වූයේ එය පදනම් වන යුගයට අවුරුදු 30කට පමණ පසුව ය. එමෙන් ම පාඨකයා තමන් අත්දැක නැති එම යුගයට පිවිසෙන්නේ කෘතිය ඔස්සේ ය. එහෙයින් ගම්පෙරළිය ඓතිහාසික නවකතාවකි. මේ අනුව 2009 වසරේ අවසන් කෙරුණු උතුරේ ත්‍රස්ත ගැටුම පදනම් කර ගෙන අද රචනා කෙරෙන නවකතාවක් අනාගත පාඨකයා අත ඓතිහාසික නවකතාවක් බවට පත් වෙයි. මේ නිර්ණායක අනුව සියලු නවකතා කිසියම් ආකාරයකින් කිසියම් අවස්ථාවක ඓතිහාසික නවකතාවක් බවට පත් වෙයි. ග්‍රැහම් හෆ් පවසන්නේ ද දේශපාලන හා සමාජ ඉතිහාසය නිරූපණය වන හෙයින් සියලු නවකතා ඓතිහාසික නවකතා බව ය. මේ අනුව සියලු නවකතා ඓතිහාසික නවකතා නම් නවකතාවේ ශාඛාවක්, ඓතිහාසික නවකතා යැයි විශේෂයෙන් නාමකරණය කිරීම නිශ්ඵල ක්‍රියාවකි.
එහෙත් 1955 ඓතිහාසික නවකතා (The Historical Novel) නමින් කෘතියක් ලියමින් ඓතිහාසික නවකතා නම් නවකතා වර්ගයක් ජෝර්ජ් ලූකාශ් ලොවට හඳුන්වා දුන්නේ ය. එතැන් සිට ඓතිහාසික නවකතා පිළිබඳ සාහිත්‍ය විචාරකයෝ සංවාද කරන්නට වූහ. ඒ පිළිබඳ රචිත විචාර කෘති සහ ලිපි ලේඛන සිය දහස් ගණනකි. 1997 සිට එක්සත් රාජධානියේ “ඓතිහාසික නවකතා සංගමය” (Historical Novels Society - HNS) නම් ආයතනය ක්‍රියාත්මක වෙයි. ඓතිහාසික නවකතා පිළිබඳ සම්මන්ත්‍රණ සංවිධානය කෙරෙයි. වසරේ හොඳ ම ඓතිහාසික නවකතා සඳහා “වෝල්ටර් ස්කොට් සම්මානය” ඇතුළු සම්මාන පිරිනැමෙයි. මේ අනුව ඓතිහාසික නවකතා යනුවෙන් නවකතාවේ එක් ශාඛාවක් ඇති බව පිළිගැනීමට සිදුවෙයි.
එසේ නම් ඓතිහාසික නවකතාව යනු කුමක් ද? එක්සත් රාජධානියේ ඓතිහාසික නවකතා සංගමය (Historical Novels Society - HNS) පවසන පරිදි යම් සිදුවීම් සමුදායක් සිදු වී අවම වශයෙන් වසර පනහකට පසු එය පදනම් කර ගෙන රචිත නවකතාව හෝ කතුවරයාගේ උපතට පෙර සිදු වූ සිදුවීම් මාලාවක් පිළිබඳ පර්යේෂණාත්මක තොරතුරු මත පදනම් ව රචිත නවකතාව හෝ ඓතිහාසික නවකතාවකි. මෙහි දී ඓතිහාසික නවකතාව ලින්ඩා ඇන්ඩර්සන්ගේ සහ ග්‍රැහැම් හෆ්ගේ අර්ථ දැක්වීම්වලින් ඔබ්බට ගොස් අර්ථ දක්වා තිබේ. එහි දී නිර්ණායකය වී ඇත්තේ කෘතියට පදනම් වූ සිදුවීම් මාලාව පාඨකයාට සාපේක්ෂව අතීතයට අයත් ද යන්න නොව අදාළ සිදුවීම් මාලාව කතුවරයාට සාපෙක්ෂව අතීතයට අයත් ද යන්න ය. මෙම අර්ථ කතනය අනුව ගම්පෙරළිය නවකතාව ඓතිහාසික නවකතාවක් නොවේ. එහෙත් භේරුණ්ඩ පක්ෂියා, ස්වයංජාත සහ මහරජ ගැමුණු ආදිය ඓතිහාසික නවකතා වෙයි.
කෙසේ වුව ද ඓතිහාසික නවකතාකරුවා සිය කෘතිය පාඨක විශ්වාසය රැකෙන පරිදි පිළිගත හැකි විශ්වසනීය ඉතිහාස දැනුම මත පදනම් විය යුතු ය. විද්වතුන් පෙන්වා දෙන ආකාරයට ඓතිහාසික නවකතාව ඉතිහාසය පිළිබඳ හැඳින්වීමකි; අර්ථකතනයකි. Encyclopedia Britannica විග්‍රහ කරන පරිදි යථාර්ථවාදී සහ විශ්වසනීය ඉතිහාස තොරතුරු මත පදනම් ව කිසියම් අතීත කාල පරිච්ඡේදයක මනුෂ්‍ය ආධ්‍යාත්මය, හැසිරීම සහ සමාජ කොන්දේසි ප්‍රතිනිර්මාණය සඳහා උත්සාහ දරන නවකතාව, ඓතිහාසික නවකතාවයි. වර්තමානයේ බෙහෙවින් සිංහල බසින් ඓතිහාසික නවකතා පන්නයේ නිර්මාණ බිහි වුව ද නිර්මාණකරුවන් ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කරන බවක් පෙනෙන්නට නැත. ඔවුහු වර්තමාන සමාජයේ තමන් අත්දකින කාමාලාප ප්‍රකාශ කිරීම, සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීම සහ ජාතික වීරයින්ට නින්දා කිරීම සඳහා ද ඓතිහාසික නවකතාව මෙවලමක් කර ගනිති. මෙවැනි පොත්වලට මාගම්සෝලිය, ලොවිනා සහ ආදරණීය වික්ටෝරියා කදිම උදාහරණ වෙයි. එම කතා නවකතා නොව අතිශය අභව්‍ය, ඉතිහාස විරෝධි, ශිෂ්ටාචාර විරෝධි සිද්ධිවලින් සපිරී නූතන කාමාලාප යැයි පැවසීම වඩා නිවැරදි ය. මේ එක්තරා ආකාරයකින් නවකතා කලාවට මුවා වී රටේ සංස්කෘතිය සහ ඉතිහාසය අමු අමුවේ විකෘති කිරීමකි.
2013-06-04
සාහිත්‍ය ඉතිහාසය අමරසේකර සහ අපි
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය මගින් සංවිධානය කළ සාහිත්‍යය සහ ඉතිහාසය නමැති සංවාදයකට සහභාගී වීමට අවස්ථාව ලැබිණි. මැයි මස 2 වන දින එම සංවාදය පැවැත්වූයේ ගමනක මුල කෘතියෙන් ආරම්භ වන ගුණදාස අමරසේකරගේ මහා නවකතා පිළිබඳය. ආචර්ය කුමුදු කුසුම් කුමාර මෙහෙය වූ එම සංවාදයට මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන් සහ ගෙවිඳු කුමාරතුංග සහභාගී විය. වසර කිහිපයකට මා ද සරසවි සිසුවෙකුව සිටි සමයෙහි පැවැත්වූ එක්තරා විචාර මුළුවක් මට මේ මොහොතේ සිහිපත් වෙයි. අමරසේකරගේ නිර්මාණ පිළිබඳ පාළු ගෙයි වළං බිඳීමකට සමකළ යුතු එම විචාරයට මම විරෝධය පළ කළෙමි. ඒ හා සසඳන විට මෙවර සංවාදය වඩා ප්‍රබුද්ධ ශාස්ත්‍රීය සංවාදයක් වූ බව මගේ හැඟීමයි.
අමරසේකර අද අප අතර ජීවත් වන ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යධරයාය. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර වැනි දැවැන්තයින් හා සමසුන් ගැන්විය හැකි එකම සාහිත්‍යකරුවාය. අමරසේකර වයසින් මුහුකුරා ගියද තවමත් තරුණයෙක් මෙන් මහත් ජවයෙන් යුතුව සිය සහිත්‍ය සමාජ දේශපාලන භූමිකාවලට පණ පොවයි. නූතන ලංකා සමාජයට ප්‍රබල බලපෑමක් කළ චින්තකයා අමරසේකර බව මගේ අදහසයි. කාලය විසින් ඔහුගේ භූමිකාව අහිංසක මහල්ලාගේ භූමිකාවට ඇද දමා නොමැත. ඔහුගේ සාහිත්‍යමය දේශපාලන යුග මෙහෙවර අනාගතය විසින් අදට වඩා ප්‍රශස්ත ලෙස අගයනු ඇත යන්න මගේ පිළිගැනීමයි.
අමරසේකර නමැති සමාජ දේශපාලන චින්තකයා කෙරෙහි මේ රටේ උගත් ප්‍රජාවේ චින්තන ධාරාව හසුරුවන කණ්ඩායම තුළ ඇත්තේ ප්‍රසාදජනක හැඟීමක් නොවේ. ජාතික චින්තන ධාරාවේ නියමුවෙක් වන අමරසේකර රටේ ඒකීයත්වය වෙනුවෙන් පෙනී සිටියි. එමෙන්ම කලකට පෙර ඔහු ද අනුදත් මාක්ස්වාදය පමණක් නොව ෆෙඩරල්වාදී අදහස් ද දැඩිව විවේචනය කරයි. තම සමාජ දේශපාලන චින්තනයෙහි මතවාදීමය සතුරෙකු කෙරෙහි පෙර කී උගත් ප්‍රජාවෙහි ප්‍රතිචාරය අප පුදුමයට පත් කරන්නක් නොවේ. එහෙත් මේ බොහෝ උගතුන් විසින් අමරසේකර නමැති ලංකාවේ දැනට ජීවත් වන ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යධරයා ඔහුගේ එක් භූමිකාවක් මත තබා විවේචනය කරනු ලැබීම කනගාටුදායක තත්වයකි. අමරසේකරගේ සියලු භූමිකා එකිනෙකට සම්බන්ධ බව ද ඒවා වෙන් නොකළ හැකි බව ද කෙනෙකු පවසනු ඇත. එය සැබෑවකි. එහෙත් බරපතළ කාරණාව ඔහුගේ සාහිත්‍ය භූමිකාව උක්ත දේශපාලන භූමිකාව මත තබා අවප්‍රමාණ කිරීමය.
එවැනි පසුබිමක ආචාර්ය නිර්මාල් රංජිත් ඇතුලු ඉතිහාස අධ්‍යයන අංශය විසින් එම සංවාදය සංවිධානය කිරීම පැසසුමට ලක්විය යුතු කරුණකි. දේශපාලන අදහස් අතින් ගත් විට ඔවුන් දෙදෙනා පරස්පර අදහස් නියෝජනය කරන බව ඇත්තකි. ආචාර්ය නිර්මාල් නිතර සිනාසිසී පවසන පරිදි අමරසේකරට අනුව තමන් NGOකාරයෙකි. මහාචාර්ය සුචරිත ගම්ලත් X කණ්ඩායම දැඩි ලෙස විවේචනයට ලක් කළ ද එය නියෝජනය කරන නිර්මාල් විකල්පයක් බව කීවේය. එය සැබෑවකි. ඔහු නියෝජනය කරන සියලු කණ්ඩායම් තුළ ඔහු විකල්යකි. ආචර්ය නිර්මාල්ගේ දේශපාලන මතවාදය දරන බොහෝ දෙනා මෙන් නොව ඔහු අමරසේකර කියවා තිබේ. ඔහු අමරසේකර නැවත නැවත කියවනු පෙනේ. මම එය බෙහෙවින් අගය කරමි.
මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාසගේ දේශනයේ හරය ලෙස ගත හැක්කේ අමරසේකරගේ පැරණි කෘති විශිෂ්ටය. රසවත්ය. නූතන කෘති දේශපාලන සංවාද නිසා නීරසය යන්නය. එය අමරසේකරට කාලයක් තිස්සේ නැඟෙන චෝදනාවකි. එහෙත් මේ විචාරකයින් අමරසේකරගේ නූතන කෘති එලෙස අවප්‍රමාණ කරන්නේ නවකතාව ඔස්සේ දේශපාලනෙ සංවාදයක් ගොඩ නැඟීම නිසා ද නැතහොත් තමන්ට අරුචි දේශපාලන සංවාදයක් ගොඩනැඟීම නිසා ද යන්න ගැටලුවකි. මාර්ටින් වික්‍රමසිංහ සිය තුන් ඈඳුතු නවකතාවල බොහෝ දේශපාලන සංවාද ගොඩනැඟුවේය. මාක්ස්වාදයට නැඹුරු එම සංවාද අමරසේකරගේ නවකතාවල එන සංවාද මෙන් ජීව ගුණයෙන් පිරුණු සංවාද යැයි කිව නොහැකිය. එහෙත් කිසිවෙක් උක්ත දේශපාලන සංවාද නිසා වික්‍රමසිංහගේ කෘති බැහැර කරන්නේ හෝ අවප්‍රමාණ කරන්නේ නැත. එම සංවාද ඔස්සේ මතු වන දේශපාලන අදහස්වලට ඔවුන් තුළ අඩුවැඩි වශයෙන් රචිය එයට හේතුව යැයි සිතමි. අමරසේකර ද පෙර කී උගත් සංවාද කවවල රුචියට සරිලන දේශපාලන සංවාදයක් එනම් ෆෙඩරල්වාදය, සිවිල් සාමය පිළිබඳ අදහස් සිය කෘති ඔස්සේ කරළියට ගෙන ආවේ නම් අමරසේකර ඔවුන්ගේ වීරයා වනු නියතය.
ආචාර්ය නිර්මාල් සිය කතාව ඔස්සේ දිගින් දිගට ම මතු කළ කාරණාවක් වූයේ නවකතාවේ එන ඇතැම් සිදුවීම් ඉතිහාසයේ ඒවා සිදුවූ යුගයට පරස්පර තැන්වල ස්ථාගත ගත කර ඇති බවය. 1970 ගණන්වල ගණනාථ ඔබේසේකර සාකච්ඡා කළ ඇතැම් සංකල්ප 1955 පමණ පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙහි සාකච්ඡාවට බඳුන්වීම ඔහු නිදසුන් ලෙස දැක්වූයේය. මේ තර්කයෙහි වටිනාකමක් ඇත්තේ සාහිත්‍යයෙන් පරිබාහිර ශාස්ත්‍රීය ලේඛන විෂයෙහි බව මගේ අදහසයි. කිසියම් ඉතිහාස කෘතියක එවන් විග්‍රහයක් සිදුවී ඇත්නම් එය දෝෂයකි. එහෙත් සාහිත්‍ය වනාහි යථාර්ථය සහ පරිකල්පන ලෝකය එකට මුසු වන තැනකි. සාහිත්‍යකරුවාගේ කාර්යභාරය ඉතිහාසඥයාගේ කාර්යභාරයෙන් වෙනස් වූවකි. කොටින්ම සාහිත්‍යකරුවාගේ කාර්ය ඉතිහාසය ලිවීම නොවේ. එය සැබෑ යථාර්ථය සහ පරිකල්පනය පදනම් කරගෙන කරනු ලබන ප්‍රතිනිර්මාණයකි.
අමරසේකර රටේ අධිපතිවාදී චින්තන ධාරාව නියෝජනය කරන බව ආචාර්ය නිර්මාල් මෙහිදී ප්‍රකාශ කළේය. ඔහු රටේ යනුවෙන් අදහස් කළේ ලංකාවේ උගත් ප්‍රජාව අතහැර බව මගේ අදහසයි. ඔවුන් බොහෝ දෙනා අමරසේකර විශිෂ්ට බුද්ධිමතෙක්, චින්තකයෙක් ලෙස තබා විශිෂ්ට සාහිත්‍යධරයෙක් ලෙස හෝ නොසලකන බව මගේ වැටහීමයි. නිර්මාල්ගේ ප්‍රකාශයෙහි නූතන අර්ථයෙන් කිසියම් සත්‍යයක් තිබේ. එහෙත් අමරසේකර සිය භූමිකාව සමඟ ගතකළ කාලය සලකා බලන විට ඔහුගේ ගමන් මග වැටී ඇත්තේ ඊට සපුරා වෙනස් මතවාද ආධිපත්‍ය දැරූ ජේ. ආර්., පේමදාස, චන්ද්‍රිකා ආණ්ඩු සමඟ බව පැහැදිලි වේ. එහි කිසියම් වෙනසක් සිදුවූයේ 2005 දීය. එය එක්තරා ආකාරයක අමරසේකරලා ගෙන ගිය සටනේ සන්ධිස්ථානයක් වුව ද ජයග්‍රහනයක් නොවේ. ත්‍රස්තවාදය නිම කිරීම හැරුණු විට වත්මන් ආණ්ඩුව සමඟ අමරසේකරට එකඟ විය හැකි කිසිවක් ඇතැයි මම නොසිතමි. වඩා හොඳ විකල්පයක් නොමැති පසුබිමක ඔවුන්ට මුනිවත රැකීමට සිදුව තිබේ. අමරසේකර රටේ අධිපතිවාදී චින්තන ධාරාව නියෝජනය කරන බව ආචාර්ය නිර්මාල් පවසන විට එයින් ගම්‍ය වන්නේ මේ ආණ්ඩුව ජාතික චින්තනය පදනම් කරගත් ගමනක් යන බවකි. එහෙත් සැබෑවට සිදුවනුයේ ආණ්ඩුව සිය විලිවසා ගැනීමට පිරුවටයක් ලෙස ජාතික චින්තනය භාවිත කිරීම පමණි.
අමරසේකර සිය කෘති ඔස්සේ සිංහල බෞද්ධ ජාතිකත්වය පදනම් කරගත් සමාජ ක්‍රමයක් ඉල්ලා සිටින අතර ආදරය, ලිංගිකත්වය, වියෝව වැනි නූතනවාදී දෑ සිය නිර්මාණවලට පසුබිම් කර ගැනීම පරස්පර බව ආචාර්ය කුමුදු කුසුම් ප්‍රකාශ කළේය. එහි අර්ථය ආදරය, ලිංගිකත්වය, වියෝව නූතනවාදී බව ද? ඒවා කලා කෘතිවලට ඇතුළත් වීම නූතනවාදයේ ලක්ෂණයක් බව ද? සිංහල බෞද්ධ සමාජය ලිංගිකත්වය, ආදරය ප්‍රතික්‍ෂේප කළ අරහත් සමාජයක් බව ද? අද අප ජීවත් වන්නේ වික්ටෝරියානු සුචරිතවාදයට ගොදුරු වී විකෘති වූ සමාජ පසුබිමක බවත් එම විකෘති ලක්ෂණවලට සිංහල බෞද්ධ සංස්කෘතිය යැයි කිව නොහැකි බවත් ඔහු අමතක කරයි. මේ රටේ වසර සිය දහස් ගණනක් තිස්සේ පැවතියේ ලිංගිකත්වය වන්දනාමාන කොට ලිංගික කුහකයින් බිහි කරන සමාජ ක්‍රමයක් නොවේ. ලිංගිකත්වය ඔවුන්ට ජීවිතයේ තවත් එක් දෙයක් පමණක් විය. සීගිරි සිතුවම් සහ පද්‍ය, ජන කවි, ඉසුරුමුණි කැටයම් ඒ නිවහල් චින්තනයේ ලකුණු නොවෙද? තිවංක පිළිම ගෙයි ආසංඛවතී ජාතකයේ සිතුවම් ඒ සඳහා නිදසුන් නොවෙද? ඒ අනුව ගත් කල ආදරය, ලිංගිකත්වය පිළිබඳ කතා කිරීම නූතනවාදී ලක්ෂණය කැයි කිව හැකි ද? අනෙක් අතට අද අප ජීවත් වන්නේ බෞද්ධ සංස්කෘතික පදනමක් මත වුව ද අද බ්‍රිතාන්‍යයන් පවා ප්‍රතික්ෂේප කරන, ඔවුන් විසින්ම අප රටට හඳුන්වා දුන් පසුගාමි අදහස් පිරුණු සමාජ පසුබිමකය.
ගෙවිඳු කුමාරතුංග හුදු පොත් ප්‍රකාශන භූමිකාවට එහා ගිය ශාස්ත්‍රීය භූමිකාවක් නිරූපනය කරයි. ඔහුට සිය ප්‍රකාශන ඔස්සේ එලිදකින මතවාද පිළිබඳ අවබෝධයක් තිබේ. ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටියි. සාහිත්‍ය පිළිබඳ ඇකඩමීය අධ්‍යාපනයක් නොලැබුව ද ඔහුට ඉහළ රසඥතාවක් සහ විචාර ශක්‍යතාවක් තිබේ. ඔහු දරන ඇතැම් අදහස්වලට මා එකඟ නොවුව ද එම විචාර අදහස් ලේඛනගත නොවීම එක්තරා ආකාරයක අවාසනාවන්ත තත්වයකි. ඇතැම් සාහිත්‍ය සංකල්ප ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලද විචාරකයින්ට වඩා තියුණු ලෙස අවබෝධ කර ගැනීමට ද සියුම් ලෙස විග්‍රහ කිරීමට ද ගුණදාස අමරසේකර, එරික් ඉලයප්ආරච්චි වැනි විචාරකයින් සමත් වන්නේ කෙසේද යන්න වෙනම විග්‍රහ කළ යුතු මානයකි.
ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන්ගේ සිය කතාව ඔස්සේ අමරසේකරගේ නිර්මාණ කෘතිවලට බලපෑ සමාජ ඓතිහාසික කරුණු විග්‍රහයකට යොමු විය. මා මේ සංවාදය පිළිබඳ වඩාත් උද්දාමයට පත් වන්නේ ඔහුගේ සහභාගීත්වය සහ ඔහුගේ අදහස් දැක්වීම පිළිබඳවය. ආචාර්ය ජෙගනාදන් අමරසේකරගේ කෘති ඉතා විචාරශීලි ලෙස කියවා ඇති බව ඔහුගේ විග්‍රහයෙන් පසක් විය. ඉතිහාසයේ සිදුවූ අමිහිරි සිදුවීම් නිසා පළුදු වූ උතුරු - දකුණු සබඳතාව යළි ස්ථාපිත කිරීම සඳහා කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවකි. අපේ උගතුන්ගේ වගකීම ජාතියට වැරදුනු තැන්වල කුඩාරම් ගසා ගෙන බෙදුම්වාදය පෝෂණය කිරීම නොව නැවත එකිනෙකා ළං කිරීමට මං තැනීමය. ඒ සඳහා සමාජ සංවාදයක් ගොඩනැඟීමය. ඒ අර්ථයෙන් ආචාර්ය ප්‍රදීප්ගේ සහභාගීත්වය ම මම අගය කොට සලකමි.
මා විශ්වාස කරන පරිදි සිංහලයා ආර්ය මූලයකින් පැවත ආවද නූතනයෙහි එහි ඇත්තේ ජානමය සම්බන්ධයකට එහා ගිය පොදු චින්තමය සංස්කෘතිකමය සම්බන්ධයකි. නූතන සිංහලයා උතුරු ඉන්දිය, දකුණු ඉන්දිය පමණක් නොව යුරෝපීය, අප්‍රිකානු මිනිසුන් ජානවල සම්මිශ්‍රණයකි. විදෙස්ලින් පැමිණි බොහෝ ජන කණ්ඩායම් පරම්පරා දෙකක් තුළ ප්‍රධාන ජාතිය සමඟ මුසු විය. ඔවුන් සිංහලයින් බවට පත්වන්නේ රටේ පවතින සංස්කෘතියට ගරු කරමින් එහි කොටස්කරුවන් වීම නිසාය. මේ රටේ සංස්කෘතිය තුළ ජීවත්වීම නිසාය. උප්පැන්න ඔස්සේ ජාතීන් වර්ග කිරීම ආරම්භ වන තුරු එම තත්වය පැවතියේ ය. රටට අවශ්‍ය වන්නේ උක්ත ඊනියා ජානමය සම්බන්ධය වෙනුවට පොදු සංස්කෘතික විඥානය පදනම් කරගත් ජාතික චින්තනයකි. එම පොදු සංස්කෘතික විඥානයට ගරු කරන සියලු දෙනා ඇතුළත් කරගත හැකි වන පරිදි ජාතික චින්තන මතවාදය පුළුල් විය යුතුය.
රටේ හින්දු ජනතාව නැවත මධ්‍ය ලක්ෂ්‍යය වෙත ආකර්ශනය කර ගැනීම සඳහා ඔවුන්ට රටේ ප්‍රධාන තනතුරු ලබාදීම සඳහා මතවාදීමය වශයෙන් පෙනී සිටිම අප සැමගේ වගකීමයි. රටේ සංස්කෘතික පදනම ආරක්ෂා කරන හින්දුවරයෙකු ජනාධිපති ධුරයට පත් කිරීමට කිසිවෙකු බිය විය යුතු නැත. අපේ ඉතිහාසයේ එවන් අවස්ථා දක්නට ලැබේ. නූතන ජාතිකවාදීන් මේ තත්වය අවබෝධ කරගෙන ඇත්තේ අඩුවෙනි. ඒ ඔස්සේ අවිඥානිකව ඔවුන් ඉටු කරන්නේ ද ෆෙඩරල්වාදීන්ගේ අවශ්‍යතාවය. එනම් හින්දු ජනතාව බෙදුම්වාදය වෙත දැක්කීමය. රටේ ප්‍රධාන ජන කොටස් දෙක එනම් බෞද්ධ හින්දු දෙපිරිස එක් කළ හැකි නම් සෙසු පිරිස් ඒකරාශි කිරීම අපහසු කරුණක් නොවේ. නූතන සමාජ දේශපාලන පසුබිම විසින් චින්තකයින්ගෙන් ද සාහිත්‍යකරුවන්ගෙන් ද උගතුන්ගෙන් ද ඉල්ලා සිටිනුයේ එම යුග මෙහෙවර බව මගේ විශ්වාසයයි.

2010-02-23
කවිය ඔබ ...
සැබවින් ම කවිය යනු කුමක් ද? ගද්‍ය කාව්‍ය සහ පද්‍ය කාව්‍ය අතර ඇති වෙනස කුමක් ද? වැකියක් රූලේ අඩක් ලියූ පමණින් එය කවියක් වේ ද? එසේ නැත්නම් කවිය අනෙක් සාහිත්‍යාංගවලින් වෙන් කර හඳුනා ගන්නා නිර්ණායක කවරේ ද?
ගුණදාස අමරසේකර සූරීන්ගේ කාව්‍ය සම්ප්‍රදානය පිළිබඳ ප්‍රකට ගත් කතුවරයෙකු විචාරකයෙකු වන ශ්‍රීනාත් ගනේවත්ත මහතාත් හිටපු සිළුමිණ කතුවරයෙකු, ගත් කතුවරයෙකු මෙන්ම විචාරකයෙකු වන ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම මහතාත් මමත් අතර දිවයින පුවත්පත ඔස්සේ ඇති වූ සංවාදය සිංහල කවිය සහ ඊට අනන්‍ය ලක්ෂණ හඳුනා ගැනීමට විද්වත් පාඨකයාට යම් ආධාරයක් වෙතැයි සිතමි. ඒ ඒ ලිපි පළ වූ පිළිවෙළට මෙහි පෙළ ගස්වා ඇත.
ශ්‍රීනාත් ගනේවත්ත
ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම
නාමල් උඩලමත්ත

2009-12-30
ගුණදාස අමරසේකර කාව්‍ය සම්ප්‍රදානය
ගුණදාස අමරසේකරගේ දේශපාලන භාවිතය පිළිබඳ ඇතැමුන් තුළ ප්‍රසාදයක් නැත. එහෙත් ඔහුගේ කාව්‍ය නිර්මාණ විමසීමේදී උක්ත දේශපාලන කාරණා ඇද ගැනීම එතරම් ප්‍රඥාගෝචර නැත. එමෙන්ම සිංහල කවිය විෂයෙහි ඔහු කරන ලද මෙහෙවර ලඝු කිරීම ද අසාධාරණය. විශේෂයෙන් සිංහල කාව්‍ය සම්ප්‍රදාය හදුනා ගත් ප්‍රාඥයින් අතරින් කෙනෙකු වන අමරසේකරයන්ගේ පොතපත පරිශීලනය කිරීම, ආධුනික කවීන් මෙන්ම විචාරකයින් ද අත්‍යවශ්‍යයෙන් ම කළ යුතු කාර්යයකි. මොනිකා රුවන් පතිරණ, එරික් ඉලයප්ආරච්චි, තිස්ස අබේසේකර, ශ්‍රීනාත් ගනේවත්ත, ජයන්ත අමරසිංහ ආදීහු මේ ගැන යම් අවධානයක් යොමු කිරීම සතුටුදායකය. මේ පිළිබඳ මතු වූ විවාදයකදී කලකට පෙර අප විසින් දිවයින පුවත්පතට සැපයූ ලිපියක් මෙසේ සංහිඳ පාඨකයින් වෙත ඉදිරිපත් කරන්නේ අමරසේකර කාව්‍ය සම්ප්‍රදානය සහ ඔහුගේ කාව්‍ය විචාර භාවිතාව පිළිබඳ සුසංවාදයක් ඇති කරනු පිණිසය.
2008-03-11
බත්තලංගුණ්ඩුව

පසු ගිය කාලයේ පළවූ නවකතා කිහිපයක් කියවීමි. අබිංකෑමට මෙන්
කියවීමට ඇබ්බැහිවූ මට මේ කෘති කියවා අවසන් කිරීමට දැඩි
ආයාසයක් දැරීමට සිදුවිය. ඉතින් සාමාන්‍ය පාඨකයා ගැන කවර
කතා ද? මේ ඛේදවාචකයට ප්‍රමුඛතම හේතුව නිර්මාණකරුවන් මධ්‍යම
පාන්තික ජීවිත අතර සිරගතවීමයි. පිටියක දිගේලි කළ ගවයෝ සිය
කඹයේ සීමාව තෙක් සැරිසරති. උලාකති. වමාරති. එහි ම ළැඟ
සිටිති. ඉන් එහා ලොවක් උන්ට නැත. අපේ රටේ බහුතරයක්
නිර්මාණකරුවන් ද ඊට නොදෙවෙනි ය. ඔවුන් මධ්‍යම පන්තියෙන්
ඔබ්බට පය තබා නැත. ඉන් එහා ලොවක් ඔවුන් දන්නේ ද නැත.
ඉතින් ඔවුන්ට සිය කුඩා ලෝකය විවිධ චරිත මගින් කෘතිවලට නගනු
විනා ජීවිතයේ ගැඹුර සොයන්නට හෝ සමාජය ගවේෂණයට
උවමනාවක් නැත. විසල් පොත් කඳු අතර සැරිසරමින් සිය
සඳලුතලාවේ සැප පුටුවකට බරවී ඇස් මානයේ ලෝකය ගැන නන්
විසිතුරු සුඛාන්ත සහ ශෝඛාන්ත මැවීම ඔවුන්ගේ ක්‍රමයයි. ඒවා
වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල දේශකවරුන්, නිතීඥයින්, ධනපතියන්,
ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ නියම් අනියම් බිරින්දෑවරුන්ගේ කතා ය.
ඔවුන්ගේ දරු මුනුබුරන්ගේ කතා ය. රටේ මේ පැලැන්තියට අයත්
පිරිස ඉතා ම සුළුතරයකි. අතිබහුතරය ජීවත්වන්නේ ඉන් ඔබ්බේ
නොවෙද? නිර්මාණකරුවා ඒ මහා සමාජ ප්‍රවාහයට පිටුපා සිහින්
දිය කදුරක් වන් මධ්‍යම පන්තියේ පිළුණු කතන්දරය නැවත නැවත
නවකතා නමින් පාඨකයාගේ ඇඟේ ගැසීම අවාසනාවකි.
නිර්මාණකරුවාට සියුම් වෙණ තතක් මෙන් සුසංවේදී හදවතක් ද
ජීවිතයේ මතුපිට කඩතුරාව විනිවිඳ යථාර්ථය දැකිය හැකි තියුණු
නුවණක් ද තිබිය යුතු ය. පොත පත පරිශීලනයෙන් ඒ ශක්‍යතා
මුවහත් කර ගත යුතු ය. සමාජය නමැති විසල් පොත කියවමින්
පෙර කී ලෙස උකහා ගත් දැනුම සිය ආධ්‍යාත්මයට අවශෝෂණය
කර ගත යුතු ය.(පැහැදිළිව කිවහොත් කලාතුරකින් හෝ සමාජයේ
රස්තියාදුවක් ගැසිය යුතු ය.) දැනුම සහ යථාර්ථය අතර පරස්පරතා
එකඟතා සමඟ අරගල කළ යතු ය. හෘදය සංවාදයේ යෙදිය යුතු ය.
නුවණ සහ හදවත අතර ද්වන්ධ සටනට ඉඩ හළ යුතු ය.
අවසානයේ නිර්මාණකරුවා කලා කෘතියක් ලෙස සමාජයට බිහිකළ
යුත්තේ එකී දුෂ්කර ක්‍රියාවලියේ සාරයයි. එය මධ්‍යම පන්තික
කතන්දර කීමට වඩා දුෂ්කරක්‍රියාවකි. ඒ සඳහා නිර්මාණකරුවා
සමාජයට පිවිස එහි අභේද්‍ය අංගයක් බවට පත්විය යුතු ය. ඒ
මහා පොත කියවිය යුතු ය. බසයේ, කඩපිළේ, කම්හලේ, ඉළවු
ගෙදර, ගමේ පිංකම් පොළේ, මුඩුක්කු නිවසේ, පැල්පතේ,
වෙරළේ හමුවන්නේ එහි ගැඹුරු පරිච්ඡේදයි. යමෙකුට් හොඳ
ලේඛකයෙකු වීමට අවශ්‍ය නම් ඔහු රේල්ලුවේ තුන්වන පංතියේ
ගමන් කළ යුතු යයි වරක් මහත්මා ගාන්ධි කීවේ ඒ අරුතිනි.
එහෙයින් සඳලුතලාවෙන් බැස සමාජයට පිවිස එහි උරෙනුර ගැටී
ජීවත්වීමෙන් පමණක් නිර්මාණයක් බරසාර වන්නේ යයි අපට
කිව හැකි ය. එය පාඨකයා ප්‍රකම්පණය කරන නිර්මාණයක්
වන්නේ.මංජුල වෙඩිවර්ධනගේ 'බත්තලංගුණ්ඩුව' වනකතාවක්
වන්නේ ද එය මෙවර මගේ පුංචි තීරුවේ ඉඩ පැහැර ගන්නේ ද
ඒ අර්ථයෙනි.
කෘතිය ගෙත්තම් වන්නේ පුත්තලමේ කල්පිටියට ආසන්න
බත්තලංගුණ්ඩුව නමැති දූපත වටා ය. ඇන්තනි සහ ඔහුගේ
ඥාතීන් පදනම් කරගෙන ගොඩනැගෙන ප්‍රබන්ධය දූපතේ
සමස්ත ධීවර ජීවිතය වෙත එල්ල කළ තියුණු ආලෝක පුංජයක්
වැනි ය.ධීවරයෝ දරිද්‍රතාවෙන් සහ කටුක පරිසයෙන් නොතිප්
පීඩා විඳිති. ත්‍රස්තවාදීන් සහ ආරක්ෂක අංශ අතර ධීවර ජීවිත
ගිරයට හසුවූ පුවක් ගෙඩියක් මෙනි. පිරිසක් දිවි මකුළුවන් මෙන්
මේ දුප්පත් ජනතාව සූරා කති. මෙකී නොකී සකල වියාදීන්ට
අසරණයෝ කිතු දහමේ ද දුම්වැටියේ සහ මත් පැනේ ද සහනය
සොයති. කටුක යථාර්ථයට එරෙහිව උඩුගං බලා පිහිනන්ට
තතනන ඇන්තනී ද අවසන එහි ම ගොදුරක් වෙයි. කෘතිය පුරා
ඉතිරී පැතිරී ගිය ධීවර උපසංස්කෘතිය පාඨකයාට නැවුම් අත්දැකීමකි.
එම තත්ත්වයන් අතර දෝලනය වන 'බත්තලංගුණ්ඩුව' සහෘද හද
මනස කම්පනයෙන් මුසපත් කරයි. සදාතනික රිදුමක් මතකයේ
ශේෂ කරමිනි; ඒ සුන්දර ආඛ්‍යාණය නිම වන්නේ.
මෙම නවකතාවේ වඩාත් අගය කළ යුතු වන්නේ භාෂා භාවිතයයි.
බස වැහැරීමේදී වෙඩිවර්ධන තුළ සිටින කවියා ගලිවරයෙක් මෙන්
නැඟී සිටියි. ඔහු වචන යොදන්නේ මසුරු සිටාණන්ට වඩා
ලෝබකමිනි. කෘතිය පුරා විහිදී පැතිරී යන එම කාව්‍යයමය බස් වහර
'බත්තලංගුණ්ඩුව' ගද්‍ය කාව්‍යයක තත්ත්වයට ඔසවා තබයි. නවකතාව
යනු 'එකමත් එක රටක සිදුවූ යමක්' පැවසීමෙන් ඔබ්බට ගිය තියුණු
භාෂා හරඹයක් බවට මෙය කදිම නිදසුනකි. කෘතිය එම ධ්‍යානයෙන්
මිදෙන්නේ අවස්ථා කිහිපයක පමණක් බව පැවසීම එහි ප්‍රකට භාෂා
විශිෂ්ටත්වය අවප්‍රමාණ කිරීමක් නම් නොවේ.
බත්තලංගුණ්ඩුවේ දක්නට ඇති කැපී පෙනෙන දුබලතාව පශ්චාත්
නූතනවාදී භාවිතයයි. කතුවරයාගේ මනස්කාරයන් බලෙන් චරිත මත
පැටවීම එම චරිතවල විශ්වාසනීයත්වය පළුදුවීමට ද චරිතවල ගලායාම
අවහිර කිරීමට ද හේතු වී ඇත. නගරයේ පාසැලක අධ්‍යාපනය
ලැබූ ඇන්තනී මගින් එකී අදහස් ගලා ඒම ඉවසිය හැක්කකි. එහි
අභව්‍යය බවක් ද නැත. එහෙත් පශ්චාත් නූතනවාදී ධීවරයින්,
හෙදියන් කතුරයාගේ මනසේ හොල්මන් කරන අවතාරය. මනස්
පුතුන් ය. ආරම්භයේදී දැඩි ලෙස පශ්චත් නූතනවාදී අදහස්වලින්
භෞතීස්ම ලද චරිත අවසන කතුවරයාගේ ග්‍රහනයෙන් මිදී තත්‍ය
ලෙස හැසිරෙන්නට වීම පැහැදිළිව දැකිය හැකි ය. පශ්චත් නූතනවාදී
බරවයෙන් මිදුණු වහා එම චරිතවලින් සැබෑ ජීවන සුවඳ වහනය
වන්නට පටන් ගනී. ඒ සමඟ ඔවුන් අපේ නෑ සියෝ බවට පත්ව අප
සමග ජීවත් වන්නට පටන් ගනී.එය කතුවරයා අනුදැනුමෙන් තොරව
සිදුවූ මුත් කෘතියේ විශිෂ්ටත්වයට හේතුවූ සාධකයක් බව කිව යුතු ය.
විවේචනයට බදුන් වන ඔහුගේ දේශපාලන දෘෂ්ටිය අනවශ්‍ය ලෙස
ඉස්මතු නොකිරීම ද හොඳ ලකුණකි.
කෙසේ වුව ද මංජුල වෙඩිවර්ධන නිසදැස් නමැති අර්ධ කාව්‍යවල
පළ නොකළ ප්‍රතිභාවක් නවකතාව විෂයෙහි පළ කර තිබේ.
වත්මන් නවකතා හා සසඳන කල්හි එය සැබවින් ම විශිෂ්ට
රසපූර්ණ කෘතියෙකි.
Subscribe to:
Posts (Atom)