2011-07-27
වස චින්තනයෙන් මහින්ද චින්තනයට
ගොවිතැන සඳහා කෘමිනාශක, වල් නාශක හෙවත් වස භාවිතය පදනම් කර ගෙන රටේ දැවැන්ත සංවාදයක් ඇති වී තිබේ. එය මේ වන විට සමාජයේ බොහෝ දෙනා කතා බස් කරන මාතෘකාවකි. රටට ගෙන්වන මෙකී වසවල ආනයනය තහනම් ආසනික් ඇතැයි පිරිසක් කියන අතර වස සමාගම් සහ තවත් පිරිසක් ආසනික් නැතැයි කියති.
මේ වසවල ආසනික් තිබුණ ද නැත ද ඒවා පිරිත් පැන් නොව වස ය. වස යනු විස ය. අපි රුපියල් මිලියන සිය ගණනින් පිට රට පටවා ඒ වෙනුවට වස ගෙනැවිත් අපේ රටේ පොළවට ඉසිමු. ඒ විෂ නිසා ඇති වන ආසාදනවලට තවත් වසක් ඉසිමු. මේ නිසා අපේ භූමිය නිසරු වෙමින් පවති. ගොවිතැනට හිතකර පස සරු කරන කෘමි සතුන් පවා මේ නිසා විනාශ වේ. බෞද්ධයින් ලෙස ප්‍රාණඝාතය පහත් කොට සලකන අපි බත් පත වෙනුවෙන් ලක්ෂ ගණනින් සතුන් මරමු. දැන් මේ ක්‍රියාවලිය වසර 40ක් පමණ අඛණ්ඩව සිදුවී තිබේ. එහෙයින් වස නැතිව ගොවිතැන නම් කළ නො හැකිය යන අදහස ජන මනස අරක් ගෙන තිබේ.
එහෙත් පෙර රජ දවස අපේ රට හැඳින්වූයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස ය. එකල රට ආහාරයෙන් ස්වයංපෝෂිත වී තිබිණි. ඒ වස ගොවිතැනින් නොව පරිසර හිතකාමී අපේ සාම්ප්‍රදාය පදනම් කරගත් ගොවිතැන මගිනි.
රටට වස හඳුන්වා දුන්නේ 1960 දශකයේ. එදා අපේ සීයලාට නොමිලේ වස ලබා දුන් අතර පාවිච්චි කරනවාට මුදල් ලැබිණි. එසේ පරිසර හිතකාමී ගොවිතැනින් අප උදුරා විසි නිරීම නිසා එකල සම්භාවිත කෙම් ක්‍රම අප අතරින් වියෝ වූ අතර එම දැනුම නව ලොවට නොසරිලන ඩයිනෝසර යුගයට අයත් දෑ ලෙස බැහැර කෙරිණි.
දැන් අපි කොම්පැනිකාරයින් නියම කරන මිලට වස ගෙන අපේ කුඹුරුවලට ඉසිමු. දරු මල්ලන් සමග ටික ටික කමු. කා මැරෙන්නෙමු. නිකන් ම නොමැරී මතු පරම්පරා ගණනකට වස බූදලයක් සිරිකොට තබා මියෙමු. මැරෙන ක්‍රමයට රජ රට වකුගඩු රෝගය, මී උණ ඈ නම් තබමු. මේ නම්වලින් සැබෑ රෝගය නිධානය සොයා යාම වළක්වා තිබේ. මී උණ එකල නොහැදී අද හැදෙන්නේ එකල මීයන් වැසිකිළි පාවිච්චි කළ නිසා විය යුතු ය.
වගා සංග්‍රමය වැනි ව්‍යාපෘතිවලට පිං සිදුවන්නට ගොවිතැන පිළිබඳ සාම්ප්‍රදායික දැනුම පමණක් නොව අපේ පෝෂ්‍යදායි, ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන වී වර්ග අපට අහිමි විය. එම ගොයම් ගස්වලට අඩි 1 1/2ක් 2ක් උසට වැවෙන ශක්තිමක් කඳක් තිබිණි. ඒ නිසා කෘමීන්ට ළඟාවීම අපහසු වූ අතර වල් ගස්වලට ගොයම් ගස පරයා නැගීම අපහසු විය. මේ නිසා ගොයම් කරලට ස්වභාවික ආරක්ෂාවක් ලැබිණි. එහෙත් දැන් භාවිත කරන ඊනියා වැඩි දියුණු කළ බීජවලින් ලැබෙන්නේ දුර්වල ගසකි. එය බිම් මට්ටමේ ම රඳනු මිස ඉහළට නො වැවෙයි. මේ නිසා ගොයම් කරලට හිමි ව තිබූ ස්වභාවික ආරක්ෂාව අහිමි වූ අතර වස භාවිතය අනීවාර්ය වී තිබේ.
මේ නිසා පෙර මෙන් අපේ සහල්වල නැවුම් සුවඳක් නැත. පෝෂ්‍යදායි නැත. එහෙත් කුඹුරට ඉසින වස වී කරලේ නැතැයි කාට නම් නිව හැකි ද? ඒවා ඇළ, දොළ, වැව්, අමුණුවලට එක්වී සමස්ත පරිසර පද්ධතියේ ම සමබර බව විනාශ කර දමා තිබේ. එපමණක් නොව භූගත ජලය ද ජල පෝෂක ද වස පෝෂක බවට පත්වෙමින් තිබේ.
රටට වාර්ෂිකව අතිවිශාල විදේශ විනිමයක් වස සඳහා වැය කිරීමට සිදු වී තිබෙන අතර වස නිසා මිනිසාට වැළඳෙන අනේක රෝග සඳහා ඖෂධ ගෙන ඒමට ජාතික ධනයෙන් තවත් විශාල කොටසක් රටින් පිටට ගලා යයි.
බත ප්‍රධාන ආහාරය වී ඇති අප රටේ සහල් පරිභෝජනය විශාල හෙයින් ඉතා සුළු ප්‍රමාණවලින් හෝ අඛණ්ඩව වස විස ශරීරගත වන අතර එය දිගු කාලයක් සිදුවීම නිසා සමස්ත ජාතිය ම රෝගී වී මේ අවධානමක් ද මතු වී තිබේ.
වස නිසා පස සරු කරන කෘමි සතුන් ද විනාශ වන හෙයින් පස ස්වභාවික ලෙස සරු කරන ක්‍රියාවලිය ඇනහිටින අතර කෘතීම පොහොර යෙදීම අනීවාර්ය වී තිබේ. මෙසේ වස සහ පොහොර සඳහා වන අධික වියදම සිය අස්වැන්නේන් පියවා ගත නොහී ගොවිහු ඉතිරි වස ටික බී මියෙති.
මේ සියලු ප්‍රශ්නවලට අප වහා විසඳුම් සොයා ගත යුතු ය. එය අපේ විසඳුමක් විය යුතු ය. අපේ චින්තනයට, සම්ප්‍රදායට අනුගත විසඳුමක් වීම මැනවි. සමස්ත ලෝකය දෙවියන් වහන්සේ මවා මිනිසාගේ ප්‍රයෝජනය පිණිසය, ඔහුගේ පරිභෝජනය පිණිසය යන මතවාදය වෙනුවට ගහ වැලට සතා සීපාවාට ආදරය කරන්නට උගැන්වූ අපේ සම්ප්‍රදාය වෙත අප නැඹුරු විය යුතු ය.
එකල ගොවිතැන පරිසරය සමග සහයෝගයෙන් කළ එකකි. විවිධ කෙම් ක්‍රමවලින් කෘමි උවදුරු අවම කරගත් අතර කුඹුරේ එක් කොටසක් කුරුලු පාළුව නමින් කුරුල්ලන්ට වෙන් කර දී තිබිණි. ඒ උන්ගේ කොටස ය. එකල අපේ මුතුන් මිත්තෝ සතුන් මරනු වෙනුවට තම බත් පතින් කොටසක් සතුන්ගේ භුක්තියට වෙන් කළහ. නිවසේ වහලයේ කොනක වී කරල් අහුරක් එල්ලා තැබිණි. එයයි අපේ සම්ප්‍රදාය. එයයි වසර දෙදහස් ගණනකට පෙර අපට උරුම වූ මහින්ද චින්තනය.
අපි අපේ කෘෂි තාක්ෂණය නැවත මතු කර ගත යුතු ය. එය ඉතා පරිස්සමින් කළ යුතු ය. ජන මනස ක්‍රමයෙන් ඒ සඳහා හැඩගැස්විය යුතු ය. සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීමට රජය මැදිහත් වී වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු අතර වස නැති ආදර්ශ ගොවිපළවල් ඇති කළ යුතු ය. මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කළ යුතු ය. විශේෂයෙන් දේශපාලකයින්ට සිය නිවෙස්වලින් ම මේ කටයුත්ත ඇරඹිය හැකි ය. එය ජනතාවට වඩා ආකර්ෂණීය වේ. ගෙවතු දශ ලක්ෂයේ වැඩසටහන ජනතාව අතරට යාමට එය බෙහෙවින් බලපෑවේ ය. එම ගොවැතැන් සඳහා රජය මැදහත් වී ආධාර කළ යුතු අතර ජනතාව ඒවා පරිභෝජනයට නැඹුරු කළ යුතු ය.
එහෙත් මහින්ද එදා සිරිමා වැටුණු වළේ නො වැටිය යුතු ය. දේශීය කෘෂිකර්මාන්තය නැංවීමේ අරමුණින් ඇගේ රජය කළේ ආනයන සීමා කිරීමයි. එය යහපත් අදහසින් අවේලාවේ කරන ලද වැඩකි. රටේ වගා කටයුතු දියුණු කර අස්වනු වැඩි වන විට කළ යුතු ව තිබූ කටයුත්ත ඊට පෙර කිරීම නිසා සිදු වූයේ මහත් අනර්ථයකි. රටේ හාල්, මිරිස් පොලු ඇති වූ අතර ජනතාවට එක වේලක් බත් ද අනෙක් වේලට හබුරු ද කෑමට සිදු විය.
මේ නිසා ජනතාව මහත් අසහනයට පත් වුව ද පාලකයෝ සුවසේ විසූහ. ඉන් ප්‍රයෝජන ගත් ජේ.ආර්. ජයවර්ධනයෝ ජනතාවට ධර්මිෂ්ඨ සමාජයක් පෙන්වා ඇට අටක් දෙන බවට පොරොන්දු වී බලය ඉල්ලා සිටියහ. හාමතේ සිටි ජනතාව ඒ උතුමාට 5/6ක බලයක් ලබා දුන් අතර එතුමා රටට විවෘත ආර්ථිකය අවේලාවේ ආනයනය කළේ ය. එසේ බලන කල විවෘත ආර්ථිකය මෙරටට රැගෙන ඒමට විශාල වැඩකොටසක් සිරිමාගේ ආණ්ඩුව ද අනියමින් ඉටු කර තිබේ. එහෙයින් වස ගොවිතැන වෙනුනට හෙළ ගොවිතැන නැංවීමේ ක්‍රියාවලිය මනා ඉවසීමෙන් දුරදිග බලා කළ යුතු ය. එසේ නැතහොත් අවසානයේ එය වස කොම්පැනිකාරයින්ට කප්රුකක් වන්නට ඉඩ තිබේ.

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment