2008-03-28
හිලව් වදන්
සිංහල බසෙහි වචන වර්ග තුනකි. ඒ නිෂ්පන්න තත්භව සහ තත්සම වශයෙනි. අපට අනන්‍යවූ වචන, අන් බසකින් පැමිණ දේශීය ඌරුවට හැඩ ගැසුණු වචන සහ මුල් භාෂාවේ යෙදෙන ස්වරූපයෙන් ම සිංහලයේ යෙදෙන වදන් වශයෙනි. සිංහලය, පාලි සංස්කෘත දෙමළ සහ 1505න් පසු යුරෝපීය භාෂාවලින් ද පැමිණි වචන නිසා ඔදවත්වූ බසෙකි. එමැ
බසින් වත්මනෙහි පැනෙන ඕනෑම අදහසක් කදිමට ප්‍රකාශ කළ හැකි ය.
එපමණක් ද නොව මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය පදනම් කොටගත් සරළ කෘෂිකාර්මික දිවි පෙවෙත ඇසුරින් නිපන් වචන සමුදායක් ඉංගිරිසිය මගින් ලෝකයට දායාද කෙරිණි. එහෙත් අප ලෝකයෙන් ගත් දේ නිතර සංවාදයට සම්භාවනාවට පාත්‍ර කළ ද අප ලෝකයට උරුම කළ දේ පිළිබඳ සමාජයේ ඇත්තේ මූසල නිහඬතාවෙකි. අප අනුන්ගෙන් ගත් දේ ගැන මිස අනුන්ට දුන් දේ ගැන අප දන්නේ නැත. එවිට අප තුළ නිතැතින් ම හීනමානයක් උපදී. අප මුතුන් මිත්තන් අනුන්ගේ ඉදුල් කා ජීවත්වූ ජාතියකි යන ජාගර හැඟීම බාල පරම්පරාවේ කොඳු නාරටි මත යකුළු පහර මෙන් පතිත වේ.
මෙරටට ඇල්පෙනෙත්තේ සිට ගුවන් යානය දක්වා සියල්ල එනතුරු මුහුදට දත නියවන පරපුරක් බිහිවූයේ මෙම දාසභාවයට පින්සිදුවන්නට ය. වැල වරකා ගස්ලබු කොමඩු දොඩම් ආදී නෙක පළතුරින් සපිරි උයනක් වන් රටකට මිලියන ගණන් ගෙවා ඇපල් මිදි ගෙනෙන්නේ එහෙයිනි. සුප්‍රකට ඩැමස්කස් කඩු තනන්නට අප්‍රිකාවට වානේ යැවූ ජාතියක් බඩ වියත රැකගන්නට අප්‍රිකාවට හාමිනේ යවන තත්ත්වයට පත්වූයේ එහෙයිනි. මිත්‍රවරුනි, අපට වඩා ආර්ථික අහේනිකම්වලින් පෙළෙන බංගලිදේශය පවා මේ තත්ත්වයට පත්ව නැත.

යම් බසෙකින් තවත් බසක් ණයට ගන්නා වදන් හැදින්වෙන්නේ ‘හිලව් වදන්’ (loan words) යනුවෙනි. එම වදන් සමග මුල් බස අයත් සංස්කෘතියට අන්යන යම් යම් සංකල්ප දෙවන බසට පිවිසෙයි. සැබවින් ම එවන් වදන් තවත් බසකට අවැසි වන්නේ ඊට අයත් සංකල්ප එකී දෙවන බසට අපූර්ව වන බැවිණි. මෙසේ සිංහලයෙන් ඉංගිරිසියට ගිය වදන් කිහිපයක් ඔක්ස්පර්ඩ් ශබ්දකෝෂයේ දැක්වේ.
හෙණකඳයා _Anaconda බෝ ගස _Bo tree
බෙරි රෝගය _Beri-beri පුස්කොළ/තල්පත් _Talipot
වැද්දා _Vedda තෝරමල්ලි _Tourmaline
වඳුරා _Wanderoo හේන _Chena
දිසාව _Dissava නෙලුම් _Nelumbiun/Nelumbo
පන්සල _Pansala පතන _Pathana
පරංගි _Parangi පුනක්කු _Poonac
පෝය _Poya රිලවා _Rilawa
තිත් පොළඟා _Tic-polanga වෙසක් _Vesak
දාගැබ _Dagoba පෙරහැර _Peraherea
මුරුන්ගා _Murunga පෝටා/පුවටා _Pothes
ටක්කඩ _Takkada ඉලුක් _Illuk
කිතුල් _Kittul කුඹුක් _Kumbuk
කුරක්කන් _Kurakkan කළුමැදිරිය _Calmander
ඉංගිරිසියේ එන ‘Asweddumise’ යන වදන සිංහලයේ ‘අස්වැද්දුම’ යන්නෙන් තත්භව විණැයි පැවසුව ද ඒ පිළිබඳ ලිඛිත සාධක නැත. එහෙත් එම සංකල්පය අපේ කෘෂිකාර්මික සංස්කෘතිය ඇසුරින් නිපන් බව ද ඉංගිරිසියට ආගන්තුක බව ද පැහැදිළි ය. මෙහි එන වදන් ඔස්සේ පවා අපේ සංස්කෘතියේ යටපත්වූ නෙක පැතිකඩ වෙත ඉසියුම් ආලෝක පුඤජ විහිදී යන අයුරු අපට පෙනේ.
මේ ආකාරයට සිංහලයෙන් වෙනත් භාෂාවලට ගිය වදන් තවත් කොතෙකුත් තිබිය හැකි ය. අපේ ජාතියේ අතීත ශ්‍රී විභූතිය කියාපාන එක් සැඟවුණු පැතිකඩකි; ඒ. ඒවා සොයා බලා ඒකරාශි කර තැබීම අපේ යුතුකම ය. ඔබ දන්නා එවන් වදන් වේ නම් ඒවා මෙහි සනිටුහන් කරන මෙන් ද ඉල්ලා සිටිමි. මෙරට මතු පරපුර යම් දිනෙක අපේ සංස්කෘතියේ මූල පද්ධතිය සොයා කිමිදෙන කල ඒවා කදිම මංසලකුණු වනු ඇත.
උගැන්නැ සිය බස
මත් වන්නැ එහි රසයෙන්
දකින්නෙ’හි මහඟු බව
කියා දෙන්නැ අනුන්ටත්
අනුන් පර බසෙකැ
අගය වනත පුන-පුනා
සිය අගය පානු බැරි
හෙළයා මහා නිවටයෙකි
කා කුමක් කීවත්
සිය බස කෙලෙසා අපට
නිදහසෙක් නො මැ ලැබේ
පටන් ගන්නැ සිය බසින්
හෙළයන් අබිමුවැ
හෙළ අදහස් හෙළ බසින්
හෙළනු බැරි නම් කෙතෙක්
පර බස් දත ද කුමට යැ
(කුමාරතුංග මුනිදාස)

2008-03-18
ප්රතිගාමී ජාතිවාදය
ජාතිය පිළිබඳ අභිමාණයෙන් කතා කරන ජාතිය හමුවේ ඇති ව්‍යසනවලදී සංවේදී වන පුද්ගලයින් හැදින්වීමට මෙරට තවමන් වහරන පොදු වදන ‘ජාතිවාදියා’ යන්න ය. මීට ඇති හොඳම උදාහරණය ටිබෙට් ජාතික එස්. මහින් ද හිමිට ජාතිවාදී කවියා යන ලේබලය ඇලවීම ය. අනෙක් අතට ඒ වදන ම මහා වාර්ගික සංහාරවල නිරතවූ හිට්ලර් පොල්පොට් වැන්නන් හැදින්වීමට ද යොදයි. එහෙත් මේ සංකල්ප දෙක අහසට පොළොව මෙන් පරස්පර ය. ඒ සඳහා සිංහලයේ වෙනම වදන් දෙකක් තිබේ. ඒ ජාතිවාදය සහ ජාතිකවාදයයි.

ජාතිවාදය යනු ස්වකීය ජාතියේ උන්නතිය සඳහා යයි කියා සෙසු ජාතීන් මර්දනය කිරීමකි. ඔවුන්ගේ අයිතීන් උදුරා ගැනීමකි. තම ජාතියට වඩා අන් ජාතීන් පහත් කොට සැලකීම ය. ආර්ය සංකල්පය අනුව ජර්මන් ජාතිය උසස් බව ද යුදෙව් ජාතිය අපිරිදු බව ද පවසා හිට්ලර් ගෙන ගිය යුදෙව් සංහාරය මෙකී උන්මත්තක ජාතිවාදයට නිදසුනකි. කාම්බෝජයේ පොල්පොට් ධනවතුන් සහ මධ්‍යම පන්තිය ඝාතනය කිරීම, සීතාවක රාජසිංහ කෝට්ටේ භික්ෂූන් ඝාතනය කිරීම, ඉරකයේ සදාම් හුසේන් ඇමරිකානු උදව් ඇතිව කුර්දිවරු ඝාතනය කිරීම, ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීම, ඊශ්‍රායලය විසින් පලස්තීන භූමිය අල්ලා ගැනීම සහ පලස්තීනුවන් මර්දනය කිරීම, පැය 24න් උතුරේ ජීවත්වූ අහිංසක මුස්ලිම්වරු පන්නා දැමීම සහ උතුරු නැගෙනහිර සිංහලයන් පළවා හැරීම ඇතුලු පිරපාහරන් විසින් වසර 25ක් තිස්සේ කළ සියලු සංහාරයන් ජාතිවාදයේ අනිටුථල ලෙස හැදින්වීම නිවැරදි ය.
83 කළු ජූලිය එවන් සංහාරයක් නොවේදැයි දැන් ඔබ මගෙන් අසනු ඇත. එය ද සංහාරයකි. එහෙත් ඊට අවැසි පසුබිම සකස් කළේ උතුරේ සිංහල හමුදා සෙබලු 13ක් මරා දැමූ පිරපාහරන් ය. එවකට රට පාලනය කළ අමන පාලකයෝ දකුණේ ජීවත්වූ අහිංසක ද්‍රවිඩ ජනතාවට විරුද්ධව සිංහලයන් උසිගැන්වූහ. ඒ අවස්ථාවේ හැරුණු විට සිංහලයන් කිසි විටක ජාතිවාදී ලෙස හැසිරී නැත. සැබවින් ම 83 කළු ජූලිය පිරපාහරන්ගේ උගුලට මෙරට නායකයන් හසුවූ අවස්ථාවකි. ඒ අවාසනාවන්ත සිද්ධි දාමය නොවන්නට බිහිසුණු ත්රස්තවාදයක් මෙරට ඇති නොවනු ඇත. එකල ඉතා ම කුඩා මැර කල්ලියක්වූ LTTEයට විමුක්ති සළු පිළි පළඳවන්නේ ද ලෝකයාගේ අනුක්මපාවට පාත්රවන්නේ ද ලොව සතර අතින් ආධාර ගලා එන්නේ ද පිරිස් බලය අතින් බලවත් වන්නේ ද ඉන් අනතුරුව ය. කොටින් ම 83 ක්‍රියාදාමය LTTEයට සුරබිදෙනක් බවට පත්විය. අපි එහි වන්දිය තවම ගෙවමු. එවන් මෝඩකම් නැවත නොකිරීමට සමාජය දැනුවත් කළ යුතු ය. ද්‍රවිඩයෝ සියල්ලෝ කොටි නොවෙති . උප්පැන්නයේ සිංහල යයි සඳහන් වූ පමණින් කෙනෙක් කොටියෙකු හෝ එහි බත් බැලයකු නොවේ යයි ද කිව හැකි නොවේ.
ජාතිකවාදය ඊට ප්රතිපක්ෂ වූ ද උත්තරීතර වූ ද සංකල්පයකි. බුදුවරුන්ට මෙන් අපට කාලය දීපය දේශය කුලය සහ මව යන පස්මහ බැලුම් බලා ඉපැදීමට වරම් කොයින් ද? ස්වභාවධර්මයේ සහ නියාම ධර්මවල බලපෑමෙන් අප යම් ජාතියකට අයත් ව ඉපදෙයි. ඒ උපතත් සමග යම් සංස්කෘතියක් සම්ප්රදායක් අපට උරුම වෙයි. තමන් ලබා උපන් ඒ උරුමයෙන් ඔකඳ වීම ද සාඩම්බර වීම ද ඊට අනුගතව ජීවත් වීම ද එහි චිරස්ථිතීය පිණිස කටයුතු කිරීම ද එම උරුමයට යම් තර්ජනයක් වේනම් ඊට එරෙහිව නැඟී සිටීම ද අපගේ පරම අයිතියෙකි. එය කිසිවකුට ප්‍රශ්න කළ නොහැකි ය. එමෙන්ම තමන් භුක්ති විදින ඒ අයිතිය සෙසු ජාතීන්ට ද ඒ ආකාරයෙන් ම ලැබිය යුතු ය. එසේ නොලැබේ නම් ඊට එරෙහිව නැඟී සිටිය යුතු ය. මන්ද සෙසු ජාතීන්ගේ සංස්කෘතික අයිතීන් නොරැකෙන විට අප සංස්කෘතිය ද නිරායාසයෙන් අනාරක්ෂිත වේ. පෘතුගීසින්ට පසුව පැමිණි ලන්දේසීන් කතෝලිකයන්ට වඳ බන්ධන පමුණූවමින් පල්ලි මංකොල්ලා කමින් ඒවා යුද කඳවුරු බවට පත් කරත්දී බෞද්ධ පන්සල කතෝලික දහමට ආරක්ෂාව සැලසුවේ සිංහලයා එය දත් බැවිණි. අද ද ඇතැම් පල්ලි පිහිටියේ මෙසේ පන්සලෙන් ලද ඉඩම්වල ය. ජාතිකවාදය යනුවෙන් අදයස් කරන්නේ එයයි.
පණ්ඩුකාභය රජ දවස බිහිවූ සිංහලයාට දෙවනපෑතිස් රජ දවස බුදු දහම ලැබිණි. එහි සුසංයෝගයෙන් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය බිහිවිය. බුදුන් දහම් සඟුන් යන තෙරුවනට අමතරව අපට රට දැය සමය යන
විකල්ප තෙරුවනක් ද ලැබිණි. කුමාරතුංග මුනිදාස මහතා දෙස බස රැස යන තෙරුවනක් නම් කළේ ය. එහිදී ආගම පෞද්ගලික කාරණාවකැයි ඉවත් කළේ ය.ඒ යුගයට සාපේක්ෂව එය ප්රගතිශීලී ය. එහෙත් හැම විට
ම විකල්ප තෙරුවන අතර ප්රමුඛ තැන නැතහොත් බුදුන් හා සමාන මුල් තැන රටට ලැබිණි.
කෙසේවුව ද අද දවසේ රට ගැන කතා කිරීම බොහෝ අයට ලැජ්ජාවට කරුණකි. ජාතිවාදය සහ ජාතිකවාදය එක මල්ලට දමා විග්රහ කිරීම ඊට ප්‍රධාන හේතුවයි. එහෙයින් මෙකී සංකල්ප දෙක අතර වෙනස අප අවබෝධ කර ගත යුතු ය.

2008-03-13
වෙඩි හඬින් අකුරු ඇද වුණු අපේ මල්ලිලා

මේ ඔබ දකින්නේ මල් කැකුළු වන් බාල ළමාවරු පිරිසකි. හිමිදිරි උදෑසන ළමෝ අකුරට ආහ. දැන් බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන වේලාව ය. නියමිත වේලාවට පාසැලට පැමිණි LTTE මාමලා මේ නොදරුවෝ අදාළ ක්රියාකාකම්වල නිරත කරති. අද ඇත්තේ සාතන්ට ගල් ගැසීම ය.සාතන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය. පාසැල කිලිනොච්චියේ ය.
මේ ළමයි ඉපැදුණේ යුද ගිනි මැදය. මව් කුසේ හටගත් දා සිට ඔවුන්ට ඇසෙන්නේ වෙඩි හඬ ය. සෙල් හඬ ය. ඔවුන් කිසිවෙක් සිංහලයෙක් දැක නැත. ඔවුන් දන්නේ සිය ආදර මව පියා සහෝදරයා ඥාතියා අසල්වැසියා සිය ඇස් ඉදිරියේ මැරී වැටෙන බව පමණි. ඒ අය ජීවිතයෙන් වන්දි ගෙවන්නේ ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ නිසා යයි ඔවුන් දන්නේ නැත. ඔවුන් දන්නා එක ම දෙය සිය ඥාතියා මරා දැමුවේ ශ්‍රී ලංකා හමුදාව බව ය.
කටේ කිරි සුවඳ යන්නත් පෙර වෛරය ක්‍රෝධය අවුළුවා ඒ පුංචි සිත් දුෂණය කොට හමාර ය. හෙට දවසේ මරාගෙන මැරෙන කළු කොටි වන්නේ මේ අහිංසක සමනළ පැටව් ය. මේ මහා ව්‍යසනයේ ලේ හලනා ගොදුරුවීමට උන් කළ එක ම වරද කිලිනොච්චියේ මව්වරුන් කුස ඉපදීම ය. පස්මහ බැලුම් නොබලා පිරපාහරන්ගේ එළිමහන් සිරගෙයි ඉපැදීම ය. දැන් දිස්ත්‍රික් 1½ ට සීමාවී ඇති කොටි තිප්පොළ නොබෝ දිනකින් විරෝදාර ලක් හමුදාව අතට පත්වනු නියත ය. එවිට සෙසු ළමයින්ට මෙන් කිලිනොච්චියේ ළමයින්ට ද ‘ආනා ආවන්නා ’ කියා අකුරු උගනින්නට භාග්‍ය උදාවනු ඇත.
එහෙත් අද දවසේ සිදුවන මේ ළමා අයිතීන් සංහාරය වළකන්නේ කෙසේ ද? විදේශ අරමුදලින් යැපෙන මේ රටේ ළමා අයිතිවාසිකම් හේවායන් පෙරකී අධම ක්‍රියාදාමය දන්නේ නැද්ද? පාසැලේ ගුරුවරයකු ළමයෙකුට වරදකට පහරක් ගැසූ විට ඊට එරෙහිව අධිකරණයට පිම්මේ දුවන මොවුන්ට මානව අයිතිවාසිකම් කුරුසියට තබා ඇණ ගසන පිරපාහරන්ට එරෙහිව ක්‍රියා කළ නොහැකි ද? ත්රස්තවාදයට මුදල් පොම්ප කරන රටවල් දැනුවත් කළ නොහැකි ද? එසේ නොකරන්නේ නම් ත්‍රස්තවාදයෙන් මෙන් ම මෙකී ව්‍යාජ ළමා අයිතීන් පිළිබඳ පොල්මඃකාරයින්ගෙන් ද රට ගළවා ගැනීමට වහා පියවර ගත යුතු ය.
ප්‍රාථමික අධ්‍යාපනය ළමයාගේ අයිතියකි.
යුනිසෙෆ් සංවිධානය
අපි ඒ අයිතිය සුරැකීමට නිරතුරුව බැඳී සිටිමු.
විමුක්ති කොටි සංවිධානය
2008-03-11
බත්තලංගුණ්ඩුව

පසු ගිය කාලයේ පළවූ නවකතා කිහිපයක් කියවීමි. අබිංකෑමට මෙන්
කියවීමට ඇබ්බැහිවූ මට මේ කෘති කියවා අවසන් කිරීමට දැඩි
ආයාසයක් දැරීමට සිදුවිය. ඉතින් සාමාන්‍ය පාඨකයා ගැන කවර
කතා ද? මේ ඛේදවාචකයට ප්‍රමුඛතම හේතුව නිර්මාණකරුවන් මධ්‍යම
පාන්තික ජීවිත අතර සිරගතවීමයි. පිටියක දිගේලි කළ ගවයෝ සිය
කඹයේ සීමාව තෙක් සැරිසරති. උලාකති. වමාරති. එහි ම ළැඟ
සිටිති. ඉන් එහා ලොවක් උන්ට නැත. අපේ රටේ බහුතරයක්
නිර්මාණකරුවන් ද ඊට නොදෙවෙනි ය. ඔවුන් මධ්‍යම පන්තියෙන්
ඔබ්බට පය තබා නැත. ඉන් එහා ලොවක් ඔවුන් දන්නේ ද නැත.
ඉතින් ඔවුන්ට සිය කුඩා ලෝකය විවිධ චරිත මගින් කෘතිවලට නගනු
විනා ජීවිතයේ ගැඹුර සොයන්නට හෝ සමාජය ගවේෂණයට
උවමනාවක් නැත. විසල් පොත් කඳු අතර සැරිසරමින් සිය
සඳලුතලාවේ සැප පුටුවකට බරවී ඇස් මානයේ ලෝකය ගැන නන්
විසිතුරු සුඛාන්ත සහ ශෝඛාන්ත මැවීම ඔවුන්ගේ ක්‍රමයයි. ඒවා
වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල දේශකවරුන්, නිතීඥයින්, ධනපතියන්,
ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ නියම් අනියම් බිරින්දෑවරුන්ගේ කතා ය.
ඔවුන්ගේ දරු මුනුබුරන්ගේ කතා ය. රටේ මේ පැලැන්තියට අයත්
පිරිස ඉතා ම සුළුතරයකි. අතිබහුතරය ජීවත්වන්නේ ඉන් ඔබ්බේ
නොවෙද? නිර්මාණකරුවා ඒ මහා සමාජ ප්රවාහයට පිටුපා සිහින්
දිය කදුරක් වන් මධ්‍යම පන්තියේ පිළුණු කතන්දරය නැවත නැවත
නවකතා නමින් පාඨකයාගේ ඇඟේ ගැසීම අවාසනාවකි.
නිර්මාණකරුවාට සියුම් වෙණ තතක් මෙන් සුසංවේදී හදවතක් ද
ජීවිතයේ මතුපිට කඩතුරාව විනිවිඳ යථාර්ථය දැකිය හැකි තියුණු
නුවණක් ද තිබිය යුතු ය. පොත පත පරිශීලනයෙන් ඒ ශක්‍යතා
මුවහත් කර ගත යුතු ය. සමාජය නමැති විසල් පොත කියවමින්
පෙර කී ලෙස උකහා ගත් දැනුම සිය ආධ්‍යාත්මයට අවශෝෂණය
කර ගත යුතු ය.(පැහැදිළිව කිවහොත් කලාතුරකින් හෝ සමාජයේ
රස්තියාදුවක් ගැසිය යුතු ය.) දැනුම සහ යථාර්ථය අතර පරස්පරතා
එකඟතා සමඟ අරගල කළ යතු ය. හෘදය සංවාදයේ යෙදිය යුතු ය.
නුවණ සහ හදවත අතර ද්වන්ධ සටනට ඉඩ හළ යුතු ය.
අවසානයේ නිර්මාණකරුවා කලා කෘතියක් ලෙස සමාජයට බිහිකළ
යුත්තේ එකී දුෂ්කර ක්‍රියාවලියේ සාරයයි. එය මධ්‍යම පන්තික
කතන්දර කීමට වඩා දුෂ්කරක්‍රියාවකි. ඒ සඳහා නිර්මාණකරුවා
සමාජයට පිවිස එහි අභේද්‍ය අංගයක් බවට පත්විය යුතු ය. ඒ
මහා පොත කියවිය යුතු ය. බසයේ, කඩපිළේ, කම්හලේ, ඉළවු
ගෙදර, ගමේ පිංකම් පොළේ, මුඩුක්කු නිවසේ, පැල්පතේ,
වෙරළේ හමුවන්නේ එහි ගැඹුරු පරිච්ඡේදයි. යමෙකුට් හොඳ
ලේඛකයෙකු වීමට අවශ්‍ය නම් ඔහු රේල්ලුවේ තුන්වන පංතියේ
ගමන් කළ යුතු යයි වරක් මහත්මා ගාන්ධි කීවේ ඒ අරුතිනි.
එහෙයින් සඳලුතලාවෙන් බැස සමාජයට පිවිස එහි උරෙනුර ගැටී
ජීවත්වීමෙන් පමණක් නිර්මාණයක් බරසාර වන්නේ යයි අපට
කිව හැකි ය. එය පාඨකයා ප්‍රකම්පණය කරන නිර්මාණයක්
වන්නේ.මංජුල වෙඩිවර්ධනගේ 'බත්තලංගුණ්ඩුව' වනකතාවක්
වන්නේ ද එය මෙවර මගේ පුංචි තීරුවේ ඉඩ පැහැර ගන්නේ ද
ඒ අර්ථයෙනි.
කෘතිය ගෙත්තම් වන්නේ පුත්තලමේ කල්පිටියට ආසන්න
බත්තලංගුණ්ඩුව නමැති දූපත වටා ය. ඇන්තනි සහ ඔහුගේ
ඥාතීන් පදනම් කරගෙන ගොඩනැගෙන ප්‍රබන්ධය දූපතේ
සමස්ත ධීවර ජීවිතය වෙත එල්ල කළ තියුණු ආලෝක පුංජයක්
වැනි ය.ධීවරයෝ දරිද්‍රතාවෙන් සහ කටුක පරිසයෙන් නොතිප්
පීඩා විඳිති. ත්රස්තවාදීන් සහ ආරක්ෂක අංශ අතර ධීවර ජීවිත
ගිරයට හසුවූ පුවක් ගෙඩියක් මෙනි. පිරිසක් දිවි මකුළුවන් මෙන්
මේ දුප්පත් ජනතාව සූරා කති. මෙකී නොකී සකල වියාදීන්ට
අසරණයෝ කිතු දහමේ ද දුම්වැටියේ සහ මත් පැනේ ද සහනය
සොයති. කටුක යථාර්ථයට එරෙහිව උඩුගං බලා පිහිනන්ට
තතනන ඇන්තනී ද අවසන එහි ම ගොදුරක් වෙයි. කෘතිය පුරා
ඉතිරී පැතිරී ගිය ධීවර උපසංස්කෘතිය පාඨකයාට නැවුම් අත්දැකීමකි.
එම තත්ත්වයන් අතර දෝලනය වන 'බත්තලංගුණ්ඩුව' සහෘද හද
මනස කම්පනයෙන් මුසපත් කරයි. සදාතනික රිදුමක් මතකයේ
ශේෂ කරමිනි; ඒ සුන්දර ආඛ්‍යාණය නිම වන්නේ.
මෙම නවකතාවේ වඩාත් අගය කළ යුතු වන්නේ භාෂා භාවිතයයි.
බස වැහැරීමේදී වෙඩිවර්ධන තුළ සිටින කවියා ගලිවරයෙක් මෙන්
නැඟී සිටියි. ඔහු වචන යොදන්නේ මසුරු සිටාණන්ට වඩා
ලෝබකමිනි. කෘතිය පුරා විහිදී පැතිරී යන එම කාව්‍යයමය බස් වහර
'බත්තලංගුණ්ඩුව' ගද්‍ය කාව්‍යයක තත්ත්වයට ඔසවා තබයි. නවකතාව
යනු 'එකමත් එක රටක සිදුවූ යමක්' පැවසීමෙන් ඔබ්බට ගිය තියුණු
භාෂා හරඹයක් බවට මෙය කදිම නිදසුනකි. කෘතිය එම ධ්‍යානයෙන්
මිදෙන්නේ අවස්ථා කිහිපයක පමණක් බව පැවසීම එහි ප්‍රකට භාෂා
විශිෂ්ටත්වය අවප්‍රමාණ කිරීමක් නම් නොවේ.
බත්තලංගුණ්ඩුවේ දක්නට ඇති කැපී පෙනෙන දුබලතාව පශ්චාත්
නූතනවාදී භාවිතයයි. කතුවරයාගේ මනස්කාරයන් බලෙන් චරිත මත
පැටවීම එම චරිතවල විශ්වාසනීයත්වය පළුදුවීමට ද චරිතවල ගලායාම
අවහිර කිරීමට ද හේතු වී ඇත. නගරයේ පාසැලක අධ්‍යාපනය
ලැබූ ඇන්තනී මගින් එකී අදහස් ගලා ඒම ඉවසිය හැක්කකි. එහි
අභව්‍යය බවක් ද නැත. එහෙත් පශ්චාත් නූතනවාදී ධීවරයින්,
හෙදියන් කතුරයාගේ මනසේ හොල්මන් කරන අවතාරය. මනස්
පුතුන් ය. ආරම්භයේදී දැඩි ලෙස පශ්චත් නූතනවාදී අදහස්වලින්
භෞතීස්ම ලද චරිත අවසන කතුවරයාගේ ග්රහනයෙන් මිදී තත්‍ය
ලෙස හැසිරෙන්නට වීම පැහැදිළිව දැකිය හැකි ය. පශ්චත් නූතනවාදී
බරවයෙන් මිදුණු වහා එම චරිතවලින් සැබෑ ජීවන සුවඳ වහනය
වන්නට පටන් ගනී. ඒ සමඟ ඔවුන් අපේ නෑ සියෝ බවට පත්ව අප
සමග ජීවත් වන්නට පටන් ගනී.එය කතුවරයා අනුදැනුමෙන් තොරව
සිදුවූ මුත් කෘතියේ විශිෂ්ටත්වයට හේතුවූ සාධකයක් බව කිව යුතු ය.
විවේචනයට බදුන් වන ඔහුගේ දේශපාලන දෘෂ්ටිය අනවශ්‍ය ලෙස
ඉස්මතු නොකිරීම ද හොඳ ලකුණකි.
කෙසේ වුව ද මංජුල වෙඩිවර්ධන නිසදැස් නමැති අර්ධ කාව්‍යවල
පළ නොකළ ප්‍රතිභාවක් නවකතාව විෂයෙහි පළ කර තිබේ.
වත්මන් නවකතා හා සසඳන කල්හි එය සැබවින් ම විශිෂ්ට
රසපූර්ණ කෘතියෙකි.
Subscribe to:
Posts (Atom)