2008-07-26

කුමරතුඟුන්ගේ අගේ

එදවස ගුරුළුදැමී විදුසක්විත්තන් බිණු හෙළ බස ඔත්පල වැ යටපත් වැ හොත් කලෙකැ එමැ දුබුල් බසැ කැණ සුබස නඟාලූයේ කුමරතුඟු මැ නො.

එද කුමරතුඟුන්ගේ මෙහෙයැ බසට මැ පටු නොවී යැ. හේ හෙළයේ දෙස්පලු නිදහස ගෙරකු නිදහස හැදියා නිදහස පිණිසැ ජන මන අවදි කළේ යැ. දැයේ උස් නිදහස පිණිස මැ හේ කළ මිණි පබඳෙකි මේ.

ඉදිරියට මැ යවු
හෙළයෙනි } දුවය
ඉදිරියට මැ යවු

මරුට සිනාසෙවු
හෙළයෙනි
මරුට සිනාසෙවු
අපගේ රටෙහි මැ යැදැ - යැදැ
ගැති වී තව තව හිඳිමු ද?
නිදහස නැති දිවි කුමට ද?
ඉදිරියට මැ යවු.......

දෑ ගති සලකවු
හෙළයෙනි
දෑ ගති සලකවු
පෙර කලැ අපගේ මුත්තෝ
දිවි දී දැය රැකැ - ගත්තෝ
වෙමු ද ඉතින් අපි ගැත්තෝ?
ඉදිරියට මැ යවු.......

හෙළයට දිවි දෙවු
හෙළයෙනි
හෙළයට දිවි දෙවු
අප රට හෙළ අප දැය හෙළ
අප බස හෙළ හෙළ හෙළ
නුවණත් හෙළ නිවනත් හෙළ

ඉදිරියට මැ යවු
හෙළයෙනි
ඉදිරියට මැ යවු

කවර රටකැ වුව බස රැස සුරැකෙන්නේ දෙස්පලු නිදහස මත මැ බවැ කුමරතුඟුහු සිය විසල් මනසින් මැනවින් පසක් කළාහු යැ.
ඔබගේ අගේ එදවසට වඩා සිය දහස් ගුණෙන් අද ලක් මෑණියැන්දෑ ඉල්ලා සිටින්නි යැ. අරිසෙන් අහුබුදු ලියූ පරිදි මැ කුමරතුඟුන්ගේ අගේ දවසැ දවසැ හෙළ දැයේ ඉර වගේ සඳ වගේ ජයට පතළ වේ මැයි.

පුන්සඳ සේ පීදි හෙළයේ අමාවක පුරපසට පෙරළු ඒ මහා ගුණ කඳ ක‍දෝකිමි මා කෙසේ වණම් ද? හෙළයේ පිනට මැ පහළ වූ ඒ මහා හෙළයාණන්ගේ බසිසුරාණන්ගේ පා පියුම් මහද වනපස මලින් පුදම් !

ගැටපදය: _ දෙස්පලු_ දේශපාලන
_ ගෙරකු_ ආර්ථික
_ හැදියා_ සංස්කෘතික
_ කදෝකිමි_ කලාමැදිරියා

1 comment:

Unknown said...

හිතවතුනි,
මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය දැන් සිංහල යුනිතේත භාවිතයෙන් අන්තර්ජාලය තුලදීම භාවිතා කිරීම සඳහා www.maduraonline.com වෙබ්අඩවිය නිර්මාණය කර ඇත. බොහෝදේ මුදලට විකිණී ඇති මෙවන් අවධියක මෙවැනි ප්‍රයෝජනවත් නිර්මාණයක් නොමිලේ ලබා දීම අප අගය කළ යුතු අතර එහි දියුණුව සඳහා නව වචන, යෝජනා, අදහස් info@maduraonline.com ලිපිනය වෙත ලබා දීම අපගේ යුතුකමකි.
තවද ‍මධුර ශබ්දකෝෂය ඕනෑම කෙනෙකුට තම වෙබ් අඩවි තුලට ඇතුලත් කර ගැනීමටද අවස්ථාව සලසාදී ඇත. ඒ සඳහා අවශ්‍ය උප‍දෙස් http://www.maduraonline.com/featured/ මගින් ලබා ගත හැක.
බුදු සරණයි!