2007-11-15

ස්වාධීන මාධ්‍යය නිරුවත

ස්වාධීන මාධ්‍ය යනු අන්තවාදී පක්ෂග්‍රාහී පටු සීමා පවුරුවලට
කොටු නොවු පුවතක යථාර්ථය ජනතාව වෙත ගෙන යන
මාධ්‍යයයි. ඒ ඒ මාධ්‍යය රාජ්‍ය සහ පුද්ගලික ප්‍රාග්ධන
ආයෝජනය මත රඳන පසුබිමක මාධ්‍ය අයිතිකරුවන්ගේ
ප්‍රතිපත්ති,දේශපාලන රුචි අරුචිකම් මාධ්‍ය ස්වාධීනත්වය
කෙරෙහි යම් බලපෑමක් කළ හැකි ය. ඒ නිසා 100%ක ස්වාධීන
මාධ්‍යයක් මෙතෙක් ලොව නොපැවති අතර අනාගතයේදී ද බිහි
නොවනු ඇත.එහෙත් ත්‍රස්තවාදය වැනි බිහිසුණු ක්‍රියාදාමයන්
හමුවේ මෙවැනි නැඹුරුවක් කිසිදු ශිෂ්ට රට වැසියෙක් අනුමත
නොකරනු ඇත. පුරා වසර 25ක් ත්‍රස්ත අරගලයකට ද
කොල්ලකාරි විවෘත ආර්ථිකයට ද ගොදුරුවී ඉන් අනන්තාපරිමාන
පීඩා විඳ මනස ඔද්දල් ව හෙම්බත් වූ ශ්‍රී ලාංකිකයාට (සිංහලයාට)
ඉන්දියානු කසිකබල් ටෙලි නාට්‍ය පෙන්වා මඩිය තර කර ගන්නා
මෙරට මාධ්‍ය ජාලයක් මේ රටේ ජනාධිපතිවරයා හදුන්වන්නේ
"ජනාධිපති මහින්ද රාජපක්‍ෂ"යනුවෙනි. නොබෝදා ශ්‍රි ලංකා
ගුවන් හමුදා ප්‍රහාරයකින් මිය ගිය ත්‍රස්තවාදී නායක තමිල්
සෙල්වම් "LTTE දේශපාලන අංශ නායක එස්.පී.තමිල් සෙල්වම්
මහතා"ය. සිංහල දෙමළ ජන නායකයන් ඇතුළු සිය දහස් ගණනක්
ඝාතනය කළ සංවිධානයක නියෝජ්‍ය නායකයා මහත්මයකු වන
අතර රටේ ප්‍රධාන පුරවැසියා ද ආණ්ඩුවේ ප්‍රධානියා ද විධායකයේ
ප්‍රධානියා ද කැබිනට්ටුවේ ප්‍රධානියා ද වන ජනාධිපතිවරයාට
නිකමෙකුට මෙන් අමතන මාධ්‍යයක ත්‍රස්තවාදි මුහුණ හදුනා
ගැනීමටත් එය හෙළි කිරීමටත් දේශප්‍රෙමි පිරිස් ඒකරාශි විය යුතුය.
අමිහිරි විවාහ ජීවිත නමැති බෙර බැඳ ගත් පළියට ගසමින් ද
අතොරක් නැති ප්‍රශ්නවලින් මිරිකෙමින්ද ජීවිතය විඳවන
ගැහැනුන් ද එන එන රැල්ලට පැන උණුවන දිය සැලියේ කෙළින
ගැටවරයන් ද කුලප්පු කරන සුපර්ස්ටාර් නාඩගමට මුවා වී
මෙකී මාධ්‍යය ගෙන යන දේශදෝහි කුමන්ත්‍රණයට තවත්
ඉඩ දිය යුතු නැත.

No comments: