2007-11-06

සිංහල කවිය යනු කුමක් ද?

කවිය යනු රසවත් වැකිය යයි පුරාණ භාරතීය පඬිවරු කී හ.(කාව්‍යයං රසාත්මක වාක්‍යයං) භාරතීය සාහිත්‍යය සංදර්භය තුළ කාව්‍ය යනු හුදු පද්‍ය නොවේ. කාව්‍ය නමැති ප්‍රධාන ඒකකය තුළ ගද්‍ය කාව්‍ය, පද්‍ය කාව්‍ය සහ චම්පු කාව්‍ය යන උප ඒකක ඇතුලත් විය. එහෙත් සිංහල සාහිත්‍යයේ කවිය යන්නෙන් සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ පැදි ය. වෙනත් ලෙසකින් කිවහොත් සිංහල සාහිත්‍යයේ දී කවිය යන පදය එහි භාරතීය පුළුල් අරුතින් මිදී හුදු පද්‍ය යන සංකෝචිත අර්ථයෙන් ඊට පර්යාය පදයක් ලෙස යෙදේ. එහෙයින් සිංහල කවිය නිර්වචනය කිරීමේ දී පෙර දැක්වූ භාරතීය නිර්වචනය මත පඳනම් වීම අර්ථ විරහිත ය. මන්ද සංස්කෘත කාව්‍යයේ එක් අංගයක් පමණි;සිංහල කවිය.සිංහල කවිය නිර්වචනය කර ගැනීමට යමෙක් භාරතීය පද්‍ය කාව්‍ය යන්න ඉවහල් කර ගත්තා නම් එහි යම් තර්කානුකූලත්වයක් ඇත. කෙසේ වුව ද සිංහල කවිය, භාරතීය කාව්‍ය මත තබා හදුනා ගැනීමට යාම,දෑතින් හුලං බදන්නාක් වැනි නිශ්ථල ක්‍රියාවකි. සිංහල කවිය නමැති සියුම් සාහිත්‍යාංගය හදුනා ගැනීමට එකී මිනුම් දඬු දරදඬු වැඩි ය.
විසිවෙනි සියවසේ සිංහල කවිය හදුනා ගැනීමට උත්සාහ කළ බොහෝ විද්වතුන් මෙකී වෙනස හදුනා ගත්තේ නැත. මාර්ටින් වික්‍රමසිංහ,ආරිය රාජකරුණා,සිරී ගුනසිංහ,ජී.බී.සේනානායක ආදිහු මේ අතර වේ.මොවුන් සිංහල කවිය නිවැරදි ව අවබෝධ නොකර ගත් නිසා සිදු වූ හානිය අති විශාල ය. සිංහල කවි කෙත වසා පැතිර එම කෙත පුරන් කළ නිසදැස් වසංගතය එම හානියකියාපාන ජීවමාන නිදර්ශනයකි.

1 comment:

Dulip's Thoughts said...

Namal,
I agree with issues thare are present withn the definitions of "kaviya" in Sinhala and in the context of Indian aesthelics. I think it is a usual thing that the etymological meaning of a word is quite different from the meanings it acquired in its historical evolution, I can give you a dozens of examples such as "ganda"=bad smell which is derived from Sanskrit "gandha"=ordour, "karuma"=bad luck, which is derived from Sanskrit "karma"=action, and so on.
Therefore what you are saying is abosolutely correct and we cannot assess Sinhala poetry in terms of Indian aesthetics definitions, but certainly we can adapt those priciples in such a way tyhat they can be used in Sinhala poetry criticism...
But what is not clear to me in your article is how works of giants like Martin Wickremasighe, Sarachchandra, etc have distorted the idea of "kaviya" in the context of "Sinhala Kaviya", can you please elaborate this with some concrete examples...