2009-12-30

ගුණදාස අමරසේකර කාව්‍ය සම්ප්‍රදානය

ගුණදාස අමරසේකරගේ දේශපාලන භාවිතය පිළිබඳ ඇතැමුන් තුළ ප්‍රසාදයක් නැත. එහෙත් ඔහුගේ කාව්‍ය නිර්මාණ විමසීමේදී උක්ත දේශපාලන කාරණා ඇද ගැනීම එතරම් ප්‍රඥාගෝචර නැත. එමෙන්ම සිංහල කවිය විෂයෙහි ඔහු කරන ලද මෙහෙවර ලඝු කිරීම ද අසාධාරණය. විශේෂයෙන් සිංහල කාව්‍ය සම්ප්‍රදාය හදුනා ගත් ප්‍රාඥයින් අතරින් කෙනෙකු වන අමරසේකරයන්ගේ පොතපත පරිශීලනය කිරීම, ආධුනික කවීන් මෙන්ම විචාරකයින් ද අත්‍යවශ්‍යයෙන් ම කළ යුතු කාර්යයකි. මොනිකා රුවන් පතිරණ, එරික් ඉලයප්ආරච්චි, තිස්ස අබේසේකර, ශ්‍රීනාත් ගනේවත්ත, ජයන්ත අමරසිංහ ආදීහු මේ ගැන යම් අවධානයක් යොමු කිරීම සතුටුදායකය. මේ පිළිබඳ මතු වූ විවාදයකදී කලකට පෙර අප විසින් දිවයින පුවත්පතට සැපයූ ලිපියක් මෙසේ සංහිඳ පාඨකයින් වෙත ඉදිරිපත් කරන්නේ අමරසේකර කාව්‍ය සම්ප්‍රදානය සහ ඔහුගේ කාව්‍ය විචාර භාවිතාව පිළිබඳ සුසංවාදයක් ඇති කරනු පිණිසය.

No comments: