2009-03-19
ආගම දළඳා වන්දනාව සහ බෞද්ධයා
වසර කිහිපයකට පසු අති උත්කර්ශවත් ලෙස පැවැති ශ්‍රී දළඳා ප්‍රදර්ශනය නිම විණි. දළඳා ප්‍රදර්ශනය ඇරඹෙත් ම නියං සමය අහවර කරමින් වට අසිරිමත් වැස්ස බොහෝ බෞද්ධයින්ගේ බැති හැඟුම් කුළුගැන්වූ අතර තමන් බුදු දහම අතැඹුලක් සේ පසක් කළ ධර්ම භාණ්ඩාගාරිකවරුයයි සිතා සිටින නාම මාත්‍රික බෞද්ධ පිරිසක් ඊට කරන ලද නින්දා අපි දුටුවෙමු. බටහිර විද්‍යාවෙන් උමතු කරන ලද මේ නරුමයින් දන්ත ධාතුව කාබන් පරික්ෂාවට ලක්කිරීමට යෝජනා කර තිබිණි. එහෙත් මේ උගත් මහත්වරු DNA පරික්ෂාවක් නොකර යම් පුරුෂයෙකුට තාත්තා යයි කියති.
තවත් උගතෙක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ලේඛන අනුව මේ නුවරට වැසි කාලය බව ඔප්පු කළේ ය. එහෙත් දළඳා ප්‍රදර්ශනය දක්වා නියං සාය පැවැතිණි. වැසි වැට්ටේ දළඳා ප්‍රදර්ශනය ඇරඹිදා ය. ඒ වැස්ස ඊට පෙර දවස හෝ පසු දවස නොවැස්සේ ඇයි? අර ඊනියා උගතාට ඊට දිය හැකි පිළිතුර කුමක් ද?
ඇමරිකාවේ හෝ බටහිර රටක නොඉපදීයයි තැවෙමින් සිංහලකම බෞද්ධකම ගරහන අතර අපට බෞද්ධ දර්ශනය උගන්වන්නට ද තටමන තව නිවටයෙක් දන්ත ධාතුව ජල සම්පාදනය සඳහා යොදා ගැනීමට යෝජනා කර තිබිණි. මේ නිවට පිංගුත්තරයින් හිනැහෙන්නේ මේ රට ජනතාවටයි. ඔවුන්ගේ සංස්කෘතියටයි. ආගමටයි.
ජනතා බදු මුදලින් නිපැයෙන නිදහස් අධ්‍යාපන වරමින් මුන් උගත්තේ ඒ දහදිය මුදල් කළ ජනතාවට හැනැහීමටයි. ඒ අධ්‍යාපනය ද නිකම්ම ලද නිසා එය ද හරියට ලබා නැති බව උන් සිය හැසිරීමෙන් සනාථ කර තිටිති. ආගම යනු සත්‍යය නොව යමක් සත්‍යයයි පිළිගැනීම හෙවත් විශ්වාස කිරීම බව මොවුන්ට නොවැටහෙන්නේ ඒ නිසා නොවෙද?
ලොව විද්‍යාව මගින් සනාථ කළ ආගම් කොහිවේ ද? කතෝලික මුස්ලිම් හින්දු ඈ දේවවාදී ආගම් මැවුම්කාර දෙවියෙකු ගැන විශ්වාස කරති. දිවා කල විශ්වවිද්‍යාලයේ මහා පිපිරුම්වාදය ගැන දේශන පවත්වන යුරෝපීය ඇමරිකානු මහාචාර්යවරු සවසට පල්ලියට ගොස් ලෝකය මැවූ සර්ව බලධාරී දෙවියන් නමදිති. ලෝකයා විද්‍යාත්මක ඇසින් ආගම දෙස බැලුවා නම් මුලින් ම සියලු දේවවාදී ආගම් ලොවෙන් අතුරුදහන් විය යුතු ය. එහෙත් අදත් ලොව වැඩි පිරිසක් අදහන්නේ දේවවාදී ආගම් ය. එහි අරුත මිනිසා විද්‍යාව සහ ආගම පටලවාගෙන නැති බව ය.. එහෙත් අපේ රටේ කළු සුද්දාට, සුද්දා කීවා නම් එය දේව වාක්‍යයෙකි. ආගම බල්ලට ගියාදෙන් ය. බුදුන් බල්ලට ගියාදෙන් ය. සම්ප්‍රදායත් බල්ලාට ගියාදෙන් ය.
ආගම යනු යමක් සත්‍ය වීම නොව සත්‍යයයි විශ්වාස කිරීම ය. බුදු දහමට ද ඒ න්‍යාය පොදුය. එහෙයින් බෞද්ධයෝ ශ්‍රී පාදය වන්දනා කරති. ජය ශ්‍රී මහා බෝධිය සහ අනුශාකා නමදිති. ශ්‍රී දළඳා පුදති. තව නොයෙක් ආමිස පූජාවන්හි යෙදෙති. බුදු රදුන් පිං අනුමෝදන් කරන්නැයි කී දෙවියන් ද පුදති. සිල් සමාදම්වීමෙන් ධර්ම ශ්‍රවනයෙන් ප්‍රතිපත්ති පූජාවට හුරු වෙති. මේ සියල්ල ඔවුන් කරන්නේ තම තම නැණ පමණින් ය. එය බුද්ධාගමයි.
මේ ආගමින් වෙනස් වූ බෞද්ධ දර්ශනය ද ඇත. (සැබවින් ම බුදු රදුන් ආගමක් දේශනා නොකළ අතර උන්වහන්සේ දෙසූ දර්ශනය ඇසුරින් පෘථග්ජන මිනිසා ආගමක් තනා ගත්හ.) සසර දුක හෙයින් ඒ දුකින් මිදීමට කැමති උදවියට ඒ දර්ශනය අනුගමනය කිරීමට කවර බාධාවක් ද? ඒ සඳහා බුද රදුන් අනුමත කළ මූලික මාර්ගය ගිහිගෙය අතැර පැවිදි වීම ය.
එසේ ම සංසාරේ ගමන් කරන, සාමාන්‍ය ජීවිත ගතකරන මිනිසුන්ට පෙරකී බෞද්ධ ආගම ඇදහීමට කවර බාධාවක් ද? තමන්ට එදිනෙදා මුහුණදීමට සිදුවන දුක් කරදර ශෝක පරිදේව දරා ගැනීමට පිළිසරණ වන්නේ මේ ආගම ය. ඔවුන්ට විඳින්ට සිදුවන දුක් ගැහැට නිසා දූදරු අඹුදරුවන් අතැර ආරණයගත විය නොහැකි ය. එහෙයින් ඒ දුක සමහන් කරගැනීමට ඔවුහු ආගම වෙත ඇදෙති. ඉන් මානසික සහනයක් ලබති. එතැන නොනැවතී සසරින් එතෙරවීමට සිතන අයට පෙරකී බුද්ධ දර්ශනය වෙත යාමට හැකි ය.
ඒ මිනිසුන්ට තමන් උඩින් පල්ලෙන් උගත් ඊනියා බටහිර විද්‍යාව ආයුධයක් කරගෙන සිනාසීම කවර විපරිතයක් ද? මොන විහිළුවක් ද? මේ මානසික රෝගීන්ට අනුකම්පා කළ යුතු ය. ඒබ්‍රහම් කෝටූර් කලක් එම රෝගයෙන් පීඩා විඳ මිය ගියේ ය. කාලෝ ෆොන්සේකා එක් කලෙක හරක් මස් කා අරක්කු බී කතරගම ගිනි පාගා අවසන නැටූ නැටුමක් ද බෙරේ පළුවක් ද නැතිව අද නම් යම් එළැඹි සිහියකින් සිටියි. එහෙත් ද්‍රවිඩ ජනතාව අදත් සිය ගණනින් ගිනි පාගති. උතුරේ සිට දකුණට පයින් විත් කතරගම දෙවිදුන්ගේ දේවාශිර්වාදය පතති. බෞද්ධයෝ දස ලක්ෂ ගණනින් දළඳා වන්දනාවට ඇදෙති. එය ආගමයි. ආගම ගෝචර වන්නේ බුද්ධියට නොව හදවතට ය. හදවතක් නැතිවුන්ට එය අවබෝධ කරගත නොහැකි ය. ඒ නිසා ඒ රෝගීහු හදවත් ඇත්තවුන්ට සිනාසෙති. අනුකම්පා කරනු හැර කුමක් කරම් ද?
විමලරත්න කුමාරගම නමැති විශිෂ්ට කවියා මේ මානසික දිළින්දන් ගැන සිය 'අයියනායක' කවි පෙළේ ලියූ කවකින් මේ සටහනට කුණ්ඩලිය තබමි.
සාගත වසංගත හා එන නියඟවලින්
සහනය පතා වන දෙවියන් ළගට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්

Subscribe to:
Post Comments (Atom)
11 comments:
I refrain from arguing about whether the exposition caused the rain or not. There is no way of knowing.
So let that aside, I find this interesting:
ආගම යනු යමක් සත්‍ය වීම නොව සත්‍යයයි විශ්වාස කිරීම ය. බුදු දහමට ද ඒ න්‍යාය පොදුය. එහෙයින් බෞද්ධයෝ ශ්‍රී පාදය වන්දනා කරති. ජය ශ්‍රී මහා බෝධිය සහ අනුශාකා නමදිති. ශ්‍රී දළඳා පුදති. තව නොයෙක් ආමිස පූජාවන්හි යෙදෙති. බුදු රදුන් පිං අනුමෝදන් කරන්නැයි කී දෙවියන් ද පුදති. සිල් සමාදම්වීමෙන් ධර්ම ශ්‍රවනයෙන් ප්‍රතිපත්ති පූජාවට හුරු වෙති. මේ සියල්ල ඔවුන් කරන්නේ තම තම නැණ පමණින් ය. එය බුද්ධාගමයි.
I think I have to disagree with you there, simply because this is exactly where Buddhism differs from many other religions. (Keep in mind that I'm also talking about the Philosophy - Buddhism is NOT a religion as you correctly put it). Buddha himself ridiculed the idea of blind faith, didn't he? He said many a time that blind faith does no good, rather that you should inquire into things and find out for yourself, and believe something ONLY if there is reasonable reasoning behind it. So, isn't just believing in something for the sake of it contradict Buddha's words right then and there?
Also, yes I agree that people who do such things as Bodhi Pooja can get a relief from them. They may help them calm their minds etc. But again, if you think of Buddha's words, we are contradicting him. Wasn't it he who said, at a time where people were worshipping Sun, Moon, trees, Earth and such things that it is of no use, rather you need to find salvation on your own. Didn't he himself say that I can only do so much as show you the way, it is upto you to walk the path? So, by worshipping Sri Maha Bodhi, Sacred Tooth, Sripadh etc, are we not going against Buddha's very words?
Please do note I do not intend any offence, and do not wish to bash your religious beliefs. Rather I like to know what a devaut Buddhist (You seems to be one) think of these things.
Peace.
සචින්ත, මම පැහැදිළිව ම කීවා ආගම සහ දර්ශනය කියන්නේ දෙකක් කියලා. බුදු රදුන් දේශනා කළේ දර්ශනයක්. ඒක ඉපදී මියෙන යළි ඉපදෙන සංසාර ගමන කෙළවර කිරීමේ මාර්ගය. අන්න ඒ නිර්වාණය සොයා යන ගමනය අවැසි මාර්ගෝපදේශනය බෞද්ධ දර්ශනය. කාම සුඛල්ලිකානු යෝගය සහ අත්තකිලමතානු යෝගය බැහැර කළ උන්වහන්සේ මැදුත්පිළිවෙත අනුගමනය කළා. ඒ මාර්ගය නිවනින් කෙළවර වන වගත් උන්වහන්සේ ක්‍රියාවෙන් ඔප්පු කළා. ඒ බෞද්ධ දර්ශනයේ ම ගිහියෙක් කෙසේ ජීවත් විය යුතු ද යන්න ගැනත් උපදෙස් තියෙනවා. සිඟාලෝවාද සූත්‍රය නිදසුනක්.
ඒ වගේ ම බෞද්ධ දර්ශනය සාමාන්‍යය ජනතාව අතට පත්වීමත් සමග ජනතාවගේ ප්‍රායෝගික ජීවිතයේ හැඩයට ඒ දර්ශනය පත්වෙනවා. ඒක තමා බුද්ධාගම. ඒ ජනතාව විවිධ බුද්ධි මට්ටම්වල ඉන්නේ. ඔවුන් තම තම නැණ පමණින් ඒ ආගම අදහනවා. මිනිස්සු බෝධි වන්දනාව පටන් ගත්තේ බුද්ධ කාලයේමයි. ආනන්ද බෝධිය හොඳ ම නිදසුන. බුදුන් විහාරයේ වැඩ නොවසන කල්හි එහි එන බැතිමතුන්ට වඳින්න තමා ආනන්ද හිමියන්ගේ ඉල්ලීම පරිදි ඒ බෝධිය රෝපණය කළේ. පාරිභෝගින චෛත්‍යය වගේ ම උද්දේසික චෛත්‍යයත් බුදු රදුන් ජීවමාන කල වන්දනා කළ බවට සාධක තියෙනවා.
බෞද්ධයෝ දළඳාවට ගරු කරන්නේ ජීවමාන බුදුන් හා සමව ය. ඒ උන්වහන්සේ දේශනා කළ අසූහාර දහසක් මහා ධර්ම ස්කන්ධයේ ස්පර්ශය ඒ දන්ත ධාතුව ලද හෙයිනි. ඒ බෞද්ධයාට ඔහුගේ සම්ප්‍රදායෙන් උරුම වූ සාධු චාරිත්‍රයෙකි. (ඒ ගැන බලන්න_http://kasapabbatha.blogspot.com/2009/03/blog-post_17.html)
බුදුන් දවස මිනිස්සු සොබා දහම අවබෝධ කරගත නොහැකිව, එය පාලනය කළ නොහැකිව අහස පොළව ගස් ගල් විදුලිය වන්දනා කළා. බුදු රදුන් විවේචනය කළේ ඒක. බෞද්ධයෝ බෝධිය වඳින්නේ, බෝධිය බෝධිසත්වයන්ට බුදු වෙන්න සෙවණ දුන් නිසා. බුදු රදුන් සතියක් අනිමිස ලෝචන පූජා කළේ ඒ කෘතිගුණ දක්වන්න. ඉතින් එසේ බුදුන් පවා ගරු කළ වෘක්ෂයට බුදු රදුන් නැති දවස එතුමාගේ ශ්‍රාවකයෝ වැඳීම වැරදි ද? ඒක බුදුන් දවස පැවති වෘක්ෂ වන්දනාව නෙමේ. එහෙන නම් බෞද්ධයෝ දකින දකින ගහට වඳින්න ඕන නේද?
ඒ වගේ ම සචින්ත, බුදු හාමුදුරුවෝ අද ඉන්න බෞද්ධ වේශධාරියෝ වගේ පවතින සමාජ සම්ප්රදාය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ කෙනෙක් නෙමේ. බෞද්ධ භික්ෂුවගේ වස් සමාදම් වීම ආශ්රිත කතාව ඒකට නිදසුනක්. ඒ වවගේ ම ඇතැම් පවතින සිරිත්වලට උන්වහන්සේ නව අර්ථකථන දුන්නා. සදිදා වන්දනාව ඒකට නිදර්ශනයක්. ඒ වගේ ම තමාගේ ඇවෑමෙන් යම් යම් විනය කරුණු සංශෝධනය කරගන්නත් උන් වහන්සේ අවසර දුන්නා. අන්න ඒ නිසා තමා කවදාවත් බෞද්ධ ආගම ඇසුරින් අන්තවාදී ආගමික කල්ලී බිහි නොවුණේ. ආගම වෙනුවෙන් ජන ඝාතන නොවුණේ.
ලොව කොතැනකවත් සිය ශාස්තෘවරයා කී සියල්ල එලෙසින් ම අදහන කෙනෙක් නැත. ක්‍රිස්තුතුමා කෙනෙක් සිය වම් නකට ගැසූ කළ දකුණු කන ද පාන්නැයි සිය ශ්රාවකයින්ට දේශනා කළේ ය. ඒ අවවාදය ඔවුන් එලෙසින් ම අදහස හැටි බැලීමට නම් ඔබ හොඳට අතපය ඇති වැඩුණු දේහයක් ඇති කිතුනුවෙකුට කනට ගැසිය යුතු ය.
දැන් අපේ විග්‍රහය මදකට නවතා මෙසේ සිතමු. බුද්ධ භාෂිතය ලෙස පිළිගැනෙන ධම්ම පදයේ පිය වග්ගයේ මෙසේ සඳහන් වේ.
පේමතෝ ජායතී සෝකෝ
පේමතෝ ජායතී භයං
පේමතෝ විප්පමුත්තස්ස
නත්ති සෝකෝ කුතෝ භයං
ප්‍රේමය නිසා භය ශෝකය උපදින බවත් ප්‍රේමයෙන් මිදුණු කළ භය හෝ ශෝකය දුරු වන බවත් එහි අරුතයි. මේ බුද්ධ භාෂිතයයි. බුද්ධ දර්ශනයයි. එහෙයින් එය සැමදෙනා පිළිගත යුතු ය. දැන් රටේ සාමාන්‍ය ජනතාවට දළඳා වන්දනා කළා යයි හිනැහුණු මහා ධර්මධරයින් කළ යුත්තේ කුමක් ද? මේ දහම් පදය අසා සිය පෙම්වතිය අඹු දරුවන් අතැර වහා බවුන් වැඩීම ය. බුද්ධ දර්ශනය එලෙස ම අදහන අයට මේ හැර වෙන විකල්පයක් තිබේ ද? නැතිනම් බෞද්ධ දර්ශනය සහ ආගම යනු දෙකක් බව පිළිගත යුතු ය.
ලොක්කා පාළුගෙයි වළං බිඳිනවා වගෙයි නේද?
වැඩිය හොඳ නැද්ද අර කොපි කැට් වැඩේ කර කර හිටියා නම්?
සිංහල බසේ යෙදුම් ගොඩනැඟිලා තියෙන්නේ සිංහලයා කාලාන්තරයක් ඒ බස භාවිතයෙන් ලද දැනුම ඇසුරින්. ඒ නිසා ඕනෑ ම යෙදුමක් යෙදිය හැකි පරිසරයක් තියෙනවා. පාළු ගෙයි වළං බිඳීම කියන යෙදුම මෙතනට අදාළ වෙන්නේ කොහොම ද? නිකං ගොං කතා දොඩවන්න එපා. මම ලියන දේවල් ඕන කෙනෙකුට අන්තර්ජාලයේ බලන්න පුළුවන්. ඒවට එන විවේචන මම භාරගන්නවා. උත්තර ලියනවා.
හැබැයි තමන්ගේ නමින් වචන දෙකක් ලියාගන්න බැරි, ඒ වෙනුවෙන් පෙනී සිටින්න බැරි උප්පැන්නේ සිංහලයින් ගැන මම අවංකව ම ලැජ්ජ වෙනවා.
මම කසාපබ්බත ලියන්න බොහෝ කාලෙකට පෙර සංහිඳ පටන් ගත්තේ.
අවශ්‍ය කෙනෙකුට එහි දිනවකවානු බලන්න පුළුවන්.
මමත් ඉස්සර ඔය සුද්දො කියන දේවල් වලට "කුලප්පු" වුන කෙනෙක් තමයි නමුත් දැන් මට එවුන් කියන එවයේ කිසි වැඩක් නෑ. මොකද උන් කියන එවා ගැන උනනදුවක් ඇති වෙන්නෙ නෑ. තර්කයක් ඉදිරිපත් කල ගමන් එහි ඇති අසත්‍යතාවය වැටහෙනවා. අනික උන් කරන්නේ තමන්ගෙ ඇහේ පොල් පරාලෙ තියගෙන නනුගේ ඇහේ පොල් කෙඳි සෙවීමක්. උන්නැහැලගෙ ආගම් වල අඩුපාඩු ගැන අවුරුදු ගානක් කතා කොලහැකි.
රැපා, ඔයා කියපු ටික අකුරක් නෑර මටත් අදාළයි. මමත් ඔය හැම තැන ම අයළේ ගොහින් තමා අන්තිමට මෙතන නතර වුණේ. මට මතකයි උසස් පෙළ කරන කාලේ හැතැප්ම 4-5 බයිසිකල් පැදලා රාවය පත්තරේ ගමට අරන් ඇවිත් උඩ බලාගෙන මුහුණට කෙළ ගහ ගත් කාලේ. කොහොම වුණත් ඒ යුගය මගේ ජීවිතේ තීරණාත්මක අත්දැකීමක් වුණා. මම එතන ඉඳලයි අද මෙතන ඉන්නේ. සමහර විට එතැන සිටි නිසා මෙතන ඉන්නවා වෙන්න ඇති.
ඔව්, ඔව් ඒක ඇත්ත. ඔය කියන විදියේ "ගොන් කම්" මමත් ගොඩක් කරල තියෙනවා. ඇත්තටම එවයෙන් ලබා ගත්තු පාඩම තමයි දැන් ඉන්න තත්වෙට උපකාර උනේ. එහෙම අත්දැකීමක් නැත්නම් වැඩකුත් නෑ කියල වෙලාවකට හිතෙනවා. නැත්නම් ඔයා කියල තියෙනව වගේ ප්‍රශ්ණ කිරීමකට ලක් වුනොත් අපි හිරවෙනවා. ඇයි ප්‍රායෝගික දැනීමක් නෑනෙ.
ඔව් ඒක ඇත්ත. ඒ අත්දැකීම් අපට ලොකු ශක්තියක්. පන්නරයක්.කොහොම වුණත් අද වෙද්දි කොටියට කඩේ ගිය එවුන් හෙමිහිට පහුබැහලා යනවා.අර කොටි ෆ්රේම්කාරයා, කොටියට පාවඩ එලපු බුමුතුරුණුකාරයා දැන් සද්දයක් නෑ.
ඉස්සර වගේ නෙමේ දැන් අපේකම අපේ රට අපේ වීර හමුදාව ගැන කතා කරන බ්ලොග් අඩවි ඕන තරම් තියෙනවා. ඉස්සර ඒකට අත තියන්න පසුබාපු අය අද ඉදිරියට ඇවිත්. ඒක ලොකු සතුටක්. දැන් අපි තනිවෙලා නැහැ. අපි හුදකලාව ගෙන ගිය සටනට අද හේවායෝ ඕන තරම්. සමහර විට අපි පැරදුනා නම් මේ අය නැතිවෙන්න තිබුණා. මොකද ජයග්‍රහණයට පියවරු සීයක්ලුනේ.
කොහොම වුණත් රටේ අති බහුතරය මේ සටනට දැන් සහය දෙනවා. ඒ වෙනුවෙන් අපි අපේ යුතුකම් කොටස ඉටුකළා කියලා පුංචි අහිංසක ආඩම්බරයක් මට දැනෙනවා. ළඟ එන වෙසක් පෝය සියලු ත්‍රස්ත උවදුරු අවසන් වූ ඒකීය රටක සමරන්න අපට අවස්ථාව ලැබෙනවා සිකුරට ම. ඊට පස්සේ අපි අපේ රට ලොව බලවත් රටක තත්ත්වයට ඔසවා තැබිය යුතුයි. එය කළ හැක්කේ අපි සියලු දෙනාගේ දෝතීන්මැයි. එහෙම නේද රැපා???
හම්මේ කොටි ගැන විතරක් නෙමයි රට, ජාතිය, ආගම ගැන කතා කරන ගිහින් ජාතිවාදියෙක්, මූලධර්මවාදියෙක් කියලා මාව හංවඩු ගහපු කාලයක් තිබ්බා. ඒ කාලේ ඔවැනි චෝදනා එල්ල උනාම රෑට නින්ද යන්නෙ නැතුවත් තිබ්බා. මොකද අපි ක්‍රියා කලේ අවංක චේතනාවෙන් වුනත් අර වගේ චෝදනා එල්ල උනාම මොනවා කරන්නද?. දැන් නම් ඔබ කිව්වා වගේ තත්වය සතුටුදායකයි. අර දර මිටිය වගේ ඉන්නව නම් මේ ලෝකෙ අපේ මව්බිම ඉහලට ඔසවන එක මහ කජ්ජක් නෙමෙයි.
ලොකයේ සිදුවන විවිධ දේ විවිධ වූ ක්ෂේත්‍ර වල මූලධර්ම සහ මාන වලින් දැකීම සහ විග්රහ
කිරීම සිදුකරයි. ඒ ඒ විශය තුලින් සිදුකරණ අර්ථකථනය තවෙක් විශයක සංකල්පවලට
පටහැණි විය හැකිය. උදාහරණයක් ලෙස තවමත් ලෝකය පැතලිය යයි විස්වාසකරණ
පිරිසක් ඇත. (http://www.theflatearthsociety.org/) . ලොව සියලු දෙනාම එකම මතයක
සිටියානම් අද ලෝකය මීට වඩා වෙනස්වන්නට පුලුවනි. කෙසේ වෙතත් අප මේ ලෝකයේ
ජීවත්වන මිනිසුන් ලෙස අප එකිනෙකා දරණ මතයට පටහැණිවුවත් නැතත්. එය සම්ස්ත
සමාජයට හෝ තමාටවත් හානියක් නොවන එකක් විය යුතුය. උදාහරණයක් ලෙස කෙනෙක්
අහසේ තරැවක් විස්වාස කර එයට වැඳ නම්ස්කාර කීරීමෙන් කාටවත් හානියන් නැත.ඔහුට
එයින් සෙතක් වේ නම් එයින් ඔහුටද හානියක් නැත. ඔහු ජීවිතය සතුටින් ගෙවත්නම්
කාටනම් හානියක්ද. එසේ නම් ඔහුගේ මනස විනාශ කර ඔහු අතරමන් කරන්නේ කුමටද?
සත්‍ය දැන ගැනීම සහ අවබෝධකරගැනීමට මං පෙන්වීම යහපත් ක්‍රියාවකි. නමුත් තමාගේ
මතයම නියැරදියයි උලුප්පා පෙන්වා අනෙක්වාට නින්දාකරීම පහත් ක්‍රියාවකි.
නාමල්,මෙවැනි මාතෘකාවක් ගැන කතිකා කිරීම ගැන ඔබට ස්තූතියි!
Online Hypocrisy මිත්‍ර වරුනි Times online කාරයින්ගේ දෙබිඩි පිලිවෙත ගැන මගේ විග්රහයත් පොඩ්ඩක් කියවන්න.
Post a Comment