2008-04-02

බහු සඟිස්කුරුතිය

බහු සංස්කෘතිවාදය මෑත කාලයේ ඇතැම් විද්වතුන් අතර සම්භාවනාවට පාත්‍රවූ සංකල්පයකි. බහුසංස්කෘතිය යනු එම සාකච්ඡාවේ හරයයි. පදනමයි. ‘නා නා සිරිත් විරිත් ඇදහිලි විශ්වාසවලින් සමන්විත ප්‍රජාව’ යන අරුත කේම්බ්‍රීජ් ශබ්දකෝෂය ඊට ලබාදී ඇත. ඊට ම ඈඳා ඇති ‘බ්‍රිතාන්යය දියුණු තියුණු වෙමින් පවතින බහුසංස්කෘතික සමාජයකි’ යන වාක්‍යයෙන් එම සමාජයේ සංස්තෘතික සම්මිශ්‍රණයක් බලපවත් වන බවත් නොයෙක් මාදිලියේ ජනකොටස් ජීවත් වන බවත් කියවේ. එය ඉතාම යහපත් සැමට සිය සංස්කෘතිය රිසි සේ භුක්ති විඳීමට ඉඩහසර ඇති කදිම නිදහස් සමාජයකි යන්න ද ඉන් ගම්‍යමාන වේ.

පුරාණ ලෝකය අතිවිශාල වූවකි. වසර ලක්ෂ ගණනක් වන මානව පරිණාම ඉතිහාසයේ එක් අවස්ථාවක මිනිසා දඩයම් ජීවිතයෙන් මිදී වාසස්ථාන ගොඩනැගූහ. එම වාසස්ථාන එක්වී ජනපද, ශිෂ්ටාචාර බිහි විය. ඒ ඇසුරේ සංස්කෘති ද වැඩිණී. ඒවා එකිනෙකට ස්වායත්තව ඊටම අනන්‍ය ලක්ෂණ විදහමින් උස්මහත්විය. නාවික ගමනාගමනයේ නැගීමත් සමග මිනිසා දේශාටනයට නැඹුරු වන අතර ශිෂ්ටාචාර අතර සබඳතා ඇති විය. සුප්‍රකට සේදමාවත ඔස්සේ වෙළඳාම පමණක් නොව යම් පමණක සංස්කෘතික හුවමාරුවක් ද සිදුවිය.යටත්විජිත සමයේ එය තවත් තීව්ර විය. කොටින් ම සංස්කෘතික ආක්‍රමණයක් බවට පත්විය. (ආක්‍රමණිකයා අතක තුවක්කුවද අනෙක් අතේ බයිබලය ද රැගෙන ආවේ හුදු වෙළඳ අරමුණු සඳහා ම නොවන බව පැහැදිළි ය. අපි කුළුබඩු සහ කතෝලිකයන් සොයා පැමිණියෙමුයි කීවේ එහෙයිනි.) එම ආක්‍රමණ හමුවේ දේශීය සංස්කෘති යම් බිඳවැටීමකට ලක්වුව ද මුළුමනින් අභාවයට පත් නොවිණි.

එහෙත් කාර්මීකරණය සහ සන්නිවේදන දියුණූව විසින් පෙරකී සංස්කෘතික සීමා අකාමකා දමා ලෝකය කුඩා කොට ඇත, විශ්වගම්මානයක් කොට ඇත, යන්න බහු සංස්කෘතිවාදයෙන් කියවේ. ඒ සමාජය තුළ කිසිම සංස්කෘතියක් වඩා ප්‍රබල හෝ දුබල නොවේ. සියල්ලට බෙදන්නේ එක හැන්දෙනි. මේ අනුව බහු සංස්කෘතික සමාජයක කිසිම සංස්කෘතික ආධිපත්‍යක් නොමැත. ඇත්තේ නිදහස් ලිබරල් සමාජයකි. බහු සංස්කෘතික සමාජයකි. ඒ අනුව බ්‍රිතාන්‍යයේ ඇත්තේ නූතන ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍ය නොව බහු සංස්කෘතියකි. ඉන්දියාවේ ඇත්තේ හින්දු සංස්කෘතික ආධිපත්‍ය නොව බහු සංස්කෘතියකි. ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියක් නැත. ඇත්තේ බහු සංස්කෘතියකි. ලොව සෙසු රටවලද එසේම ය. මෙය සැබෑවක් ද?

මගේ අදහස නම් විශ්ව ගම්මාන සංකල්පය මෙන් ම බහු සංස්කෘතිවාදය ද දැන් යල්පැන ගිය මතවාදයක් බවට පත්ව ඇති බව ය. මේ සංකල්ප ඔස්සේ සැබවින් ම උත්සාහ ගත්තේ යූරෝ-ඇමරිකා සංස්කෘතිය සෙසු සංස්කෘති මත පැටවීම සාධාරණීකරණය කිරීමට ය. ඊට එරෙහි බලවේග දුර්මුඛ කිරීම ය. එහෙත් ලෝක යථාර්ථය ඊට ඉදුරා වෙනස් ලක්ෂණ විදහාපායි. ඒ සඳහා සාධක අතීතයෙන් ද වර්තමානයෙන් ද ලද හැකි ය. අනාගතය ගොඩනැගෙන්නේ අතීතය සහ වර්තමානය මත බැවින් අනාගතය ද එසේ වනු ඇත.

ලොව මූලික වශයෙන් සංස්කෘති දෙවර්ගයකි. ඒ නම්‍ය සහ අනම්‍ය වශයෙනි. නම්‍ය සංස්කෘති සෙසු සංස්කෘති ඉවසයි. අනමය සංස්කෘති සෙසු සංස්කෘති නොඉවසයි. වෙනත් ලෙසකට කිවහොත් නම්‍ය සංස්කෘති යටිරෝපණයට ඉඩදෙන තුරුවදුලක් බදු ය. අනමය සංස්කෘති යටිරෝපණයට අවසර නැති ෆයින් යායක් බදු ය. මේ දෙකේ විවිධ මාත්‍ර සංකලණයෙනි; ලොව සංස්කෘති ගොඩනැගී ඇත්තේ. අනමය සංස්කෘතියකට මුස්ලිම් සංස්කෘතිය කදිම නිදසුනකි. නම්‍ය සංස්කෘතියට යුරෝපා ක්‍රිස්තියානි සංස්කෘතිය නිදසුනකි. මෙරට බලපවත්නා සිංහල බෞද්ධ සංස්කෘතිය යුරෝපා සංස්කෘතියටත් වඩා සුනම්‍ය වූවකි. එම මෘදු ගුණය නිසා මෙරට සිංහල බෞද්ධ සංස්කෘයට දැන් සිය නම ද අහිමි ව ඇත. දැන් එහි නම බහු සඟිස්කුරිතයයි.

බහු සංස්කෘතිවාදය හුදු සංකල්පයක් පමණි. මී ළඟ ලිපිය ලියවෙන්නේ අප මතය සනාථ කරන ගෝලීය නිදසුන් කිහිපයක් ඇසුරිණි.

6 comments:

ඔහේ said...

මෙම බහු සංස්කෘතියේ විපාක ලෙස අද දකුණු ඇමරිකානු මහද්වීපික රටවල් වල දේශීය භාෂා මියගොස් ඇත. එනම් los conquistadores ගේ භාෂාව වන ස්පාඤ්ඤ භාෂාව අද ඔවුන්ගේ මව් භාෂාව වී ඇත.
අපගේ වාසනාවට අප රට ට එවැනි කාලකන්නි ඉරණමක් අත් නොවුනි.

Dulip's Thoughts said...

Dear Namal,
Thank you very much for taking up this issue by publishing a post on it. A lot of ideas come into my mind and I will write them shortly.
Rev Fr Don Peter has published 3 books based on his lectures on how catholism was introduced to, evolved in Sri Lanka and its effects on Sri Lankan culture. I strongly believe that many aspects of Sri Lankan culture have undergone significant changes esp. during the modern period.
If we consider language and literature, drama, music, religious beliefs, sports, media, education, concept of family, jobs, concept of caste, communication methods, and architecture all these things have changed and adopted characteristics of many different cultures mainly the western culture.
As you have clearly mentioned Sri Lankan society is "more" flexible than others.
My belief is these changes are good, the challenge is to decide what to adopt and what to drop when you are borrowing things from different cultures. One time Martin Wickremasinghe has said, cultures never deteriorate but evolve.
Recent developments of information and communications technology accelerate this evolution (or for some people deterioration) and we will face more challenging situations in future.
We can discuss this in detail in future and once again thank you for raising this in your blog.
Best
Dulip

නාමල් උඩලමත්ත said...

සංහිඳට ඇවිදින් වටිණා අදහස් ගොන්නක් සනිටුහන් කළ, ඔබ දෙදෙනාට ම පිං. සංස්කෘතික සංස්පර්ශය සහ සංස්කෘතික ආක්‍රමණය කියන්නේ දෙකක්. සංස්කෘතික සංස්පර්ශය පිළිබඳ ගැටළුවක් නෑ. මාර්ටින් වික්‍රමසිංහ කතා කළෙත් ඒ ගැන.
අපි පෞඪ ඉතිහාසයක සංස්කෘතියක උරුමකරුවන් විදිහට විරුද්ධ විය යුත්තේ සියලු ආකාරයේ සංස්කෘතික ආක්‍රමණවලටයි. එහි මුහුණුවර ඍජු හෝ වක්‍ර විය හැකියි. බහු සංස්කෘති සංකල්පය මෙවැනි වක්‍ර ආක්‍රමණයක් විදිහටයි මම දකින්නේ. ඇත්තට ම එය ඍජු ආක්‍රමණයකට වඩා භයානක වෙන්න පුළුවන්. මොකද ඍජු ආක්‍රමණය වහා හඳුන ගතෑකි. එහෙත් සමාජයක් වක්‍ර ආක්‍රමණය සතුරෙකු ලෙස හඳුනා ගනු වෙනුවට මිතුරෙකු ලෙස සාදරයෙන් වැළඳ ගන්න පුළුවන්.

Dulip's Thoughts said...

Dear Namal,
Thank you for your reply on my comment, can you please explicitly mention such cultural invasions ("sanskruthika aakramana") happened during the recent past? I am asking this as I can't see any country or ogranisation doing such a thing explicitly... Please let me know...
Best
Dulip

නාමල් උඩලමත්ත said...

හිතවත් දුලිප් අයියාට,
සංහි‍ඳේ මා'තින් ලියැවෙන නේක දෑ ගැන විමසමින් මගේ සිතුම් අවදි කරන ඔබට අනේක වාරයක් ස්තුතියි. නූතන සහ වත්මන් සංස්කෘතික ආක්‍රමණ සහ එහි ස්වරූපය පහදන්නට ඉඩක්, මගේ ඊ ළඟ ලිපියේ නිසැක ලෙස ම වෙන් වනු ඇත.

Dulip's Thoughts said...

Hi Namal,
Thank you for the reply. I am looking forward to see the next post.
Best
Dulip