2007-11-27

ත්‍රස්තවාදය සහ අධිරාජ්‍යවාදය -1

ත්‍රස්තවාදය යනු වර්තමානයේ ලොව පුරා ප්‍රබල කතා බහට ලක්ව ඇති
මාතෘකාවකි. 2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවට එල්ල වූ
"ගරු ණය ගෙවීමේ ප්‍රහාරයත්" සමඟ ත්‍රස්තවාදය යනු හැම දන
තුඩග රැව් දෙන වදනක් බවට පත් විය. (මෙම ප්‍රහාරය ගරු ණය ගෙවීමේ
ප්‍රහාරයක් වන්නේ කෙසේදැයි ඉදිරියේ දී වෙනත් ලිපියකින්
පැහැදිළි කිරීමට බලාපොරොත්තු වෙමි.) ත්‍රස්තවාදය යනු
දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට හෝ ආණ්ඩුවකට බලපෑම් කිරීමට
හෝ කරන ප්‍රචණ්ඩ ක්‍රියා යැයි ඔක්ස්පර්ඩ් ශබ්දකෝෂය නිර්වචනය
කර තිබේ. එහෙත් ත්‍රස්තවාද‍යේ සංකීර්ණ ස්වරූපය අවබෝධ
කර ගැනීමට මෙම නිර්වචනය ප්‍රමාණවත් නොවේ. වර්තමානයේ
ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතිවාසිකම් වැනි සුන්දර
වෙස් මුහුණු පැළඳ ගෙන කරළියේ රඟන ත්‍රස්තවාදය ඉතා ම
සංකීර්ණ ය. එහෙයින් මහජන මතයකින් පිහිට වූ ආණ්ඩුවකට,
ස්ථාපිත පාලනයකට, යම් ආයතනයකට හෝ යම් පුද්ගලයෙකුට
එරෙහිව අවි බලයෙන් හෝ වෙන යම් උපක්‍රමවලින් කරනු
ලබන සියලු ආකාරයේ අනර්ථකාරී ක්‍රියා ත්‍රස්තවාදය යැයි
නිර්වචනය කළ හැකි ය.පලස්තීන අධිකාරිය සඳහා නව ආණ්ඩුවක්
පත් කර ගැනීම පිණිස 2006 පැවති මැතිවරණයෙන් හමාස්
සංවිධානය විශිෂ්ට ජයග්‍රහණයක් වාර්ථා කළේ ය. මැතිවරණය
සාධාරණ ලෙස පැවති බව යුරෝපීය නිරීක්ෂකයෝ වාර්තා කළ හ.
එහෙත් පලස්තීන නව ආණ්ඩුව ඇමරිකාව ජපානය ඕස්ට්‍රේලියාව
ආදි රටවල් පිළිගත්තේ නැත. ඔවුන් ප්‍රකාශ කළේ හමාස් ත්‍රස්ත
සංවිධානයක් බවයි. නව ආණ්ඩුව සමඟ කිසිදු සාකච්ඡාවක්
ප්‍රතික්‍ෂ්ප කළ මොවුන් පලස්තීනයට නොයෙක් ආර්ථික සම්බාධක
පැනවූ අතර එහි නිලධාරින්ගේ වීසා පහසුකම් ද අත්හිටවූහ. එය
ත්‍රස්තවාදයේ ව්‍යාප්තියට එරෙහිව ගත් විනිවිඳභාවයෙන් යුත්
ක්‍රියා මාර්ගයකැයි මොහොතකට සිතා ශ්‍රී ලංකාව දෙසට හැරෙමු.
වසර 25ක් තුළ ශ්‍රී ලංකාවේ ජන නායකයන් ඇතුළු සිය දහස්
ගණනක් ඝාතනය කළ කෝටි ගණනක් මහජන දේපළ විනාශ කළ,
මෑත ඉතිහාසයේ විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කර
රටේ ආරක්ෂක ලේකම්ට සහ හමුදාපතිට බෝම්බ ගැසු කොටි
ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා කරන්නැයි මේ ජාත්‍යන්තර
ප්‍රජාව ම ශ්‍රී ලංකා රජයට බල කරති. හමාස් සංවිධානය
ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර එල්ල කරන බව සැබෑ ය. එහෙත්
LTTE එකට අලඟු තැබීමටවත් හමාස්වරුන්ට නොහැකි ය.
LTTEය වසර 25ක් තුළ මරා ගෙන මැරෙන කළු කොටි
ප්‍රහාරකයන් පමණක් 343ක් යොදවා ඇති අතර ඉන්
93ක් කාන්තාවන් වේ. එහෙත් හමාස් සහ LTTE ය සමාන
ලෙස සැලකීමට ජගත් ප්‍රජාව සුදානම් නැත.
තවත් නිදර්ශනයක් ගෙන බලමු. ලෙබනනයේ දකුණු දිග
ක්‍රියාත්මක වන හිස්බොල්ලා නමැති සංවිධානය
2006 ජුලි 12 වන දින ඊශ්‍රායල් සෙබලුන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට
ගත් අතර ඊට පසු දා ම එනම් ජුලි 13 වන දින ඊශ්‍රායලය විසින්
ලෙබනනය ආක්‍රමණය කර සාමාන්‍ය වැසියන් 1000ක් පමණ මරා
දමා කෝටි ගණනක් දේපළ විනාශ කරන ලදි. හිස්බොල්ලා යනු කුඩා
සටන්කාමින් පිරිසක් විනා ලෙබනන් ආණ්ඩුව නොවේ. එබැවින් එම
ආක්‍රමණයප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් සහිත ‍සෛරී රාජ්‍යයකට
එරෙහිව කරන ලදත්‍රස්ත ක්‍රීයාවකි. එහෙත් ජගත් ප්‍රජාව එම
ත්‍රස්ත ආක්‍රමණයනතර කිරීමට කිසිවක් නොකළා පමණක් නොව
අරාබි රටවල් ඒ සඳහා දැරූ උත්සාහය ද ව්‍යර්ථ කළේ ය. ජෝර්ජ්
බුෂ් සහ ටෝනි බ්ලෙයාර් මහත්වරුන් එම ආක්‍රමණය සාධාරණීකරණය
කරමින් ප්‍රකාශ කළේ ඊශ්‍රායලයට සිය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා
කිරීමට අයිතියක් ඇති බවයි. පුදුමය එය නොවේ. 2006 අප්‍රෙල්
මස 25 වන දින ශ්‍රී ලංකා සෛරී ජනරජයේ හමුදාපතිවරයාට
මරා ගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වූ විට ශ්‍රී ලංකා ගුවන්
හමුදාව සාම්පූර් වෙත ප්‍රහාර එල්ල කළේ ය. බ්‍රිතාන්‍යය සහ
ඉන්දියාව ප්‍රමුඛ ජගත් ප්‍රජාව වහාම ප්‍රහාර නවතා සාකච්ඡාමය
විසදුමක් වෙත යන්නැයි බල කළ අතර එම බලපෑම් නිසා ප්‍රහාර
නතර කර දැමීමට ලංකා රජයට සිදු විය. මෙම සිද්ධි දෙක විග්‍රහ
කරන විට කරුණු කිහිපයක් පැහැදිළි වෙයි. හමාස්වරු මහජන
ඡන්දයකින් ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසීමට ගත් උත්සාහයට ජගත්
ප්‍රජාව හරස් වී ඇත.එය කවර ප්‍රජාතන්ත්‍රීය සහ ත්‍රස්ත ලක්ෂණ
දරන ක්‍රියාවක් ද යන්න විමසාබලනු වටී.LTTEයට
ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසීමට ලබා දුන් සියලු අවස්ථා සිය මිලිටරි
බලය ශක්තිමත් කර ගැනීම සඳහා යොදා ගත් අතර දිගින් දිගට ම
ත්‍රස්තවාදය මත විශ්වාසය තබා ක්‍රියා කරනබව නොරහසකි.
විශේෂයෙන් පිරබාහරන් 2001 බලයට පත් රනිල් වික්‍රමසිංහ
මහතා සමඟ අත්සන් කළ ඒකපාර්ශවීය සටන් විරාම ගිවිසුම
සමයේ අවිආයුධ නැව් 11ක් වන්නියට ගොඩ බෑ බව ප්‍රකාශ
කරන ලද්දේ කරුණා අම්මාන් විසිනි. දිගින් දිගට ම පිරබාහරන්
අනුගමනය කළ මෙම කෛරාටික උපායන් නිසා නැවත ඔහු සාමය
ගැන කතා කරන්නේ ඊලාම් යුද්ධයේ ඊළඟ පියවර ආරම්භ කිරීමට
බව දැන් බොහෝ ලාංකිකයෝ දනිති. එහෙත් ජගත් ප්‍රජාව මේ
කිසිවක් නො දනිති.මෑතදී ඊළඟ ඇමරිකන් ජනාධිපති අපේක්ෂිකාව
වන හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කළේ ත්‍රස්ත ක්‍රියා කරන සියලු
සංවිධාන ත්‍රස්තවාදීන් නොවන බවත් විශේෂයෙන් LTTEය
විමුක්ති සංවිධානයක් බවත් ය. මේ අනුව ජගත් ප්‍රජාව ත්‍රස්තවාදය
නිර්වචනය කරන්නේ තමාට ඉන් ලැබෙන වාසි අවාසි මත බව
අවබෝධ කර ගත යුතු ය.

2 comments:

Dulip's Thoughts said...

I am totally agreed with you. Now the international community inlcuding the UK, the USA and other powerful countries have understood the nature of the threat they are facing with these terrorist oragnisation,which were symphatised by them before couple of years. Basically, this symphathetic view towards them turned opposite after the 9/11 incident, and after that several bomb explosions took place in several cities in the UK recently. for example the Glassgow Airport attack.
As far as the image of the LTTE is concerned, the goverment of Sri Lanka has to immediately take steps to project the inhuman activities of LTTE, and its negative responsed towards peace to the international community to destroy that false image of LTTE: "Libaration for Tamil Speaking People". I personally believed there have been so many discriminations towards the Tamil speaking people of Sri Lanka, both at ideological and practical day-today life levels. But now most of those are not present and the LTTE does not represent the needs of the Tamil speaking people.
What I have oberserved in the recent past it the international community and media has understood the nature of terrorism and the behaviour of the LTTE, it is reflected in how they respond to the activities of terrorist organistations including the LTTE.

Namal Udalamatta said...

ආදර දුලිප් සර්ට,
ඔබේ ප්‍රශස්ත විග්‍රහයට බොහොම ස්තුතියි. එංගලන්තයේ බොහොම වැඩ කටයුතු මැද වුවත් නිතර සංහිඳට ඇවිත් මට දෙන ධෛර්යයට බොහොම පිං. මේ ලිපියෙන් මම මතු කරන මූලික තර්කය ජගත් ප්‍රජාව ත්‍රස්තවාද‍ය හමුවේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි. එනම් අල් කයිඩා සහ LTTE ය දෙස ඔවුන් බලන්නේ දෙවිදිහකට බවයි. LTTE ය නෛතික වශයෙන් තහනම් කිරීමට අමතරව වැදගත් පියවරක් ජගත් ප්‍රජාව අරන් නෑ. දෙමළ ජනතාව සහ LTTE ය කියන්නේ තව දුරටත් එකක් නෙමේ කියන එක මේ අයට තේරෙන්නේ නෑ. නැත්නම් තේරුම් ගන්න උවමනාවක් නෑ.අපි කවුරුත් දන්නවා බොරුවට නිඳා ගත්ත ම ඇහැරවන්නත් ලේසි නෑ කියලා. මම මේ ලිපියේ දෙවන කොටසින් තව දුරටත් මේ දෙබිඩි පිළිවෙත ගැන ලියන්නම්.