2013-02-01
රටේ සතුරන් පැටව් ගසන තිඹිරි ගෙය කුමක් ද?
1815 බුදු දහම ආරක්ෂා කරන පොරොන්දුව සහිත ගිවිසුමක් මගින් ලංකාව යටත් කරගත් ඉංග්‍රීසීහු ගිවිසුමේ උණුසුම මැකී යාමටත් පෙර බුදු දහම සහ සිංහල බෞද්ධ ජනතාව විනාශ කිරීමට ක්‍රියා කළහ. වරක් රොබට් බ්‍රවුන්රින්ග් ආණ්ඩුකාරයා ඉංග්‍රීසි යටත් විජිතභාර ලේකම්ට මෙසේ ලීවේය. "ක්‍රම ක්‍රමයෙන් (මහජනයාට) නොදැනෙන පරිද්දෙන් ක්‍රිස්තු ධර්මය මේ පළාතේ ව්‍යාප්ත කළහොත් දැනට මේ රටේ පැතිරි පවත්නා මිථ්‍යාදෘෂ්ටිය හා අඥානකම නමැති අන්ධකාරය (බුදුදහම) වැඩිකල් යන්නට මත්තෙන් පහවී යනවා ඇතැයි සිතා ගැනීමට එතරම් දූරදර්ශී ඥානයක් නුවුමනාය"(භික්ෂුවගේ උරුමය - වල්පොළ රාහුල හිමි) බ්‍රවුන්රින්ග් මෙසේ උත්තර බඳින්නේ ලංකාවේ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමේ කටයුතු පිළිබඳ විමසූ විටය.
යටත්විජිතකරණය හුදු ආර්ථික ආක්‍රමණයක් නොව ඉන් එහා ගිය ආගමික සංස්කෘතික සංහාරයක් බව සංස්කෘතික ආක්‍රමණයක් බව ඉතාම පැහැදිලිය. 1815-1825 දක්වා ලංකාවේ ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වූ ජී.එච්.එස්. බ්ලැනී නම් දේවගැතිවරයා එකල ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියේ සිංහල බෞද්ධ සිසුන්ට ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමට බලපෑම් නො කරන ලෙසය. බ්ලැනි දේවගැතිවරයා මෙලෙස ඉල්ලා සිටියේ හේතු දෙකක් නිසාය. පළමු වැන්න බොහෝ විට ආණ්ඩුවේ උපකාර වරප්‍රසාද ලබා ගැනීමට ක්‍රිස්තියානි ලෙස පෙනී සිටිය ද බෞද්ධයින් රහසේ සිය ආගම ඇදහීමයි. දෙවැන්න බලෙන් ආගමට හැරවීමට වඩා සාර්ථක ක්‍රමයක් බ්ලැනි ඒ වන විට හඳුනා ගෙන තිබීමයි. ඒ අධ්‍යාපනයයි.
එවකට යුරෝපයේ ඕනෑම රටක ලබා දෙන අධ්‍යාපනයට නොදෙවෙනි අධ්‍යාපනයක් ලංකාවේ පන්සල් ආශ්‍රිත පිරිවෙන්වලින් ලබා දුන් බව ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාර සර් කොලින් කැම්ප්බෙල් 1841 ප්‍රකාශ කළේය. ඔහුගේ ප්‍රකාශයේ අර්ථය එවකට දියුණු බටහිර රටවල අධ්‍යාපනය ක්‍රමය හා සමතැන් ගන්නා අපට අවේණික අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ තිබුණු බවය. අනතුරුව 1848 පිරිවෙන් අධ්‍යාපනය තහනම් කළ ඉංග්‍රීසිහු මෙරට ඉංග්‍රීසි පාසැල් ආරම්භ කළහ. බ්ලැනි දේවගැතිවරයා යෝජනා කළේ එයයි. එනම් සිංහල බෞද්ධයින් බලෙන් සිය ආගමට නතු කර ගනු වෙනුවට මෙරට අධ්‍යාපන ක්‍රමය විනාශ කොට ඒ මත යුරෝපීය අධ්‍යාපන ක්‍රමය ස්ථාපිත කොට බෞද්ධයින් සිය සංස්කෘතික ප්‍රවාහයට නතු කර ගැනීමය. එවිට ඉබේම සිංහලයින් ක්‍රිස්තියානීන් වනු ඇතැයි බ්ලැනි ප්‍රකාශ කළේය. සිංහලයින් ක්‍රිස්තියානි කළ නොහැකි නම් නරක බෞද්ධයින් කළ යුතු යැයි බ්ලැනි තව දුරටත් කීවේය.
ඉතින් එදා පටන් එනම් 1848 පිරිවෙන් තහනම් කොට ඉංග්‍රීසි පාසැල් පිහිට වූ දින පටන් ලංකාවේ ක්‍රියාත්මක වන්නේ බ්ලැනි සඳහන් කළ ආකාරයේ කිතුනුවන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයකි. නැතහොත් නරක බෞද්ධයින් බිහි කරන අධ්‍යාපන ක්‍රමයකි. එදා මෙදා තුර මෙම අධ්‍යාපන ක්‍රමය තුළ සිදු වූ වෙනස්කම් නම් පාසැල්වල භාෂා සිංහල වීම සහ හුදු විෂයක් ලෙස බුදු දහම ඉගැන්වීමත් පමණි. අනෙක් අතට අද පාසැල්වලින් ක්‍රිස්තියානි ආගමිකයින් බිහි නොකළ ද එම අධ්‍යාපන යාන්ත්‍රණයට හසුවන සිංහල බෞද්ධ ළමුන් සංස්කෘතියෙන් ක්‍රිස්තියානි බවට පත් කරයි. එනම් ඔවුන් තව දුරටත් නාමික බෞද්ධයින් පමණි. ඔවුන් සිතුම් පැතුම්වලින් ඇවතුම් පැවතුම්වලින් සුදු මිනිසුන්ය. බ්ලැනිගේ වචනවලින් කිවහොත් නරක බෞද්ධයින්ය.
මෙම අධ්‍යාපන යාන්ත්‍රණය එක්තරා ආකාරයක මොළ සෝදන ක්‍රියාවලියකි. අධ්‍යාපනය සඳහා රටේ සැලකිය යුතු ජාතික ධනයක් වියදම් කොට අප නිෂ්පාදනය කරමින් සිටින්නේ රටට සංස්කෘතියට ආගමට ආගන්තුක පිරිසකි. ඔවුහු එම හිණිමගේ ඉහළට යන්න යන්න තව මෙරට සංස්කෘතියෙන් හර පද්ධතියෙන් ඈත් වෙති. තම රටේ ප්‍රායෝගික නොවන හර පද්ධතිවලට පුරුදු පුහුණු කරන ලද මොවුහු රටේ පවතින සංස්කෘතිය සහ හර පද්ධතිය නුරුස්සති. ඒවාට ගරහති. රටේ සතුරු පාර්ශව සමඟ එක්ව කටයුතු කරති.
එහෙත් මේ කිසිවකට ඔවුන් වැරදිකරුවන් යැයි කිව නොහැකිය. ඔවුන් අද සිටින තත්ත්වයට පත් කොට ඇත්තේ ලබා දුන් අධ්‍යාපනය මගිනි. එනම් ලංකාවේ බ්ලැනීලා ද ඉන්දියාවේ මැකෝලිලා ද අපේක්ෂා කළ මොල සෝදන අධ්‍යාපන ලබා දීමෙනි. අප නිදහස දිනූ දා සිට කර ඇත්තේ රටේ ජාතික ධනයෙන් රටේ සතුරන් රට තුළ පැටව් ගැස්සවීම පමණි. මේ සඳහා අප රටක් ලෙස දැන් විසඳුම් සෙවිය යුතු කාලය එලඹ තිබේ. ඒ සඳහා කළ යුත්තේ අපේ රටට උචිත අධ්‍යාපන ක්‍රමයක් ගොඩ නඟා ගැනීමය. නැතහොත් 1848 අපෙන් උදුරාගත් අපේ අධ්‍යාපන ක්‍රමය නූතන අවශ්‍යතාවලට සරිලන පරිදි යාවත්කාලීන කිරීමය. දැනුම සපිරි බුද්ධිමත් දෑ හිතැති ළමා පරපුරක් ඒ ඔස්සේ තනාගත හැකිය. හෙට රටේ දවසේ රට භාර දිය යුත්තේ එවැනි පිරිසකටය.

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment