2009-07-31

සිංහලයේ න ණ ල ළ වහර

වර්තමානයේ බොහෝ සිංහලයෝ අන්තර්ජාලයේ සිංහලෙන් වැඩ කරති. බ්ලොග් ලියති. පිළිසඳරේ (chat) යෙදෙති. ඉ තැපැල් ගනුදෙනු කරති. Face bookහි ලියති. එය අපට මහත් සතුටකි. කෙසේ වුව ද ඒ සමග ම සිතට යම් දුකක් ද පිවිසෙයි. ඒ බොහෝ දෙනා නිවැරදි සිංහලෙන් නොලියන නිසා ය. අන්තර්ජාලයේ අපට ඇස ගැසෙන බොහෝ සිංහල ලේඛන අක්ෂර වින්‍යාස දෝෂවලින් ද ව්‍යාකරණ දෝෂවලින් ද දූෂිත ය. තවමත් අන්තර්ජාලයේ සිංහලෙන් වැඩ කරන අතිබහුතරය විද්‍යා විෂයන්ගෙන් උසස් අධ්‍යාපනය ලද අය වීම එයට හේතුව ද? එසේ වී යැයි අපට නිහඩව සිටිය හැකි ද? ඔවුන් විද්‍යා විෂයන් හැදෑරීමට පිවිසියේ උසස් පෙළ පංතියේ ය. එතෙක් වසර 11ක් තිස්සේ මේ සියලු දෙනා පාසැලින් සිය මව් බස උගෙන තිබේ.

අප කුමන භාෂාවක් උගත්ත ද කුමන විෂයක් කුමන බසකින් හැදෑරුව ද සිය මව් බස අමකත කිරීමේ හෝ නොතකා හැරීමේ හැකියාවක් අපට නැත. අපට ඇත්තේ එක මව් බසකි. එම භාෂාව භාවිතයෙන් වඩාත් සුමට කර අනාගත පරපුරට පැවරීම අපේ වගකීමයි. ඒ සඳහා අප මුලින් ම අපේ බස මැනවින් උගත යුතුය. අප ඉංගිරිසියෙන් උගත් අය වම්හයි! සිතා උජාරුවෙන් සිය මව් බස වැරදියට වහරන දීන නිවට තත්ත්වයට ඇද වැටීම ඔබට තරම් නොවේ. ඒ සඳහා මුල පිරීමට ඔබට ශක්තියක් වන්නට සිංහලයේ න ණ ල ළ රීති සමුදායක් ඔබ හමුවේ තබනට බලාපොරොත්තු වෙමි. මේ ඒ අරමුණින් කළ ප්‍රථම ලිපියයි.

සිංහල භාෂණයේ න ණ ල ළ බේදයක් නැතැයි බක පණ්ඩිත ලීලාවෙන් කීමට වඩා පවතින සම්ප්‍රදායට අවනත වෙමින් නිවැරදිව ලියමු. භාෂාවේ කිසිදු අනවශ්‍ය අංගයක් නොපවති. ඒවා කාලය විසින් භාෂාවෙන් මකා දමයි. ගසක වියළි කොළ හැලෙන්නා සේ ඒ අංගයෝ හැලී යත්. එමෙන් ම න ණ ල ළ භේදය යම් දිනක භාෂාවට අනවශ්‍ය අංගයක් වී නම් එය මැකී යනු ඇත. එය අපට වැළැක්විය නොහැකි ය. එසේ කළ යුතු ද නැත. එමෙන් ම අප ගඟට හත් ගව්වක් තබා අමුඩ ගැසිය යුතු ද නැත. එය ලෝකයාගේ සිනාවට කාරණයකි.

ණ රීති

1. මූර්ධජ 'ණ' සහිත සංස්කෘත තද්සම වචනවල අගට යෙදෙනුයේ මූර්ධජ 'ණ' කාරය ම ය.
අරුණ, අංගණ, ආඝ්‍රාණ, ග්‍රහණ, සම්ප්‍රේක්ෂණ, අරණ්‍ය, චූර්ණ, විකිරණ, විස්තීර්ණ, අවධාරණ

2. තත්භව 'ණ' කාරය ද මූර්ධජ ව සිටී.

සංස්කෘත පාලි සිංහල
බ්‍රාහ්මණ බ්‍රාහ්මණ බමුණු
වීණා වීණා වෙණ
ධරණී ධරණී දෙරණ
ලවණ ලෝණ ලුණු

3. සෙසු භාෂාවල 'ණ' යෝගයේ වෙනසක් ඇති විට සිංහල වහර පාලිය අනුව යයි.
සංස්කෘත පාලි සිංහල
ඵෙන ඵෙණ පෙණ
අනික අණික ඇණි

4. ගෞරවාර්ථයේ ආණ අණු අණි අණ්ඩ අණ්ඩි යන ප්‍රත්‍ය මූර්ධජ වේ.

මෑණියෝ, පුතණුව, පුතණ්ඩ, මාමණ්ඩි, බෑනණුවෝ, පියාණෝ

5. ඍ ර් ෂ් යන අක්ෂරයක් සමඟ 'න' කාරය යෙදෙන තැන්හි ඒ අතර ද ර ණ ඔ ඉ ශබ්ද එකක් හෝ කිහිපයක් හෝ යෙදුණ ද 'ණ' කාරය මූර්ධජ වේ.

දක්ෂිණ, ප්‍රමාණ, මුද්‍රණ, තර්කණ, නිර්මාණ, රක්ෂණ, නිරූපණ

6. සිංහල වදන් අඟ මූර්ධජ 'ණ' හෝ 'ළ' හල්ව නොසිටියි.

ණ - අණ දණ තණ බණ වණ
ළ - ඉහළ දළ කොළ පළ පොළ රළ

7. සකර්මක අතීත කාල කර්මකාරක ආඛ්‍යාත 'ණ' කාරවත් ව සිටියි.

බැලිණි, වැටිණී, දැවිණි, දැවුණු, රැකිණිමි

8. අතීත කාල ආත්මනේ පද ආඛ්‍යාත රූපය 'ණ' කාරවත් ව සිටියි.

දැනිණි, බැබැළිණි

9. වැකියක අවසාන ක්‍රියාව සඳහා යෙදෙන අතීත කෘදන්ත රූප අග යෙදෙනුයේ 'ණ' කාරයයි.

වැටුණේ ය, වැඩුණේ ය, පැසුණේ ය, බිඳුණේ ය, පැමිණුණේ ය

10. අතීත කාල කෘදන්ත රූප අගට යෙදෙන 'ණ' කාරය මූර්ධජ ව සිටියි.

බිඳුණු, වැටුණු, කැඩුණු, ඇසුණු, නැමුණු

11. අන් බසෙකින් ගත් මූර්ධජ 'ණ' කාරවත් වචන සිංහලයේ තද්සම වුව ද තත්භව වුව ද මූර්ධජ ව සිටියි.
අන් බස සිංහලය
ආභරණ අබරණ
කිංකිණි කිකිණි
තෘණ තණ
රෝහිණී රෙහෙණ
ධරණී දෙරණ

12. මූර්ධජ 'ණ' කාරය මුලට යෙදෙන ප්‍රකෘති සිංහලයේ දුලබ ය.
ණය
ණිය

මූලාශ්‍ර කෘති
කුඩාතිහි, අනඳපිය _ 2000 න ණ ල ළ වහර ගොඩගේ කොළඹ.
සේනාධීර, ගුණපාල _ 1999 නිවැරදි වහර ගොඩගේ කොළඹ.
සුමනජෝති, පල්ලත්තර සහ පඤ්ඤාලෝක, වැයිහේනේ _ 1999 වාග් විද්‍යාත්මක සිංහල ව්‍යාකරණය ගොඩගේ කොළඹ.

28 comments:

Siribiris said...

කිරි අප්පට බල්ලො බුරපි. මේක ඉල ඈදෙන වෑඩක්නෙ යකඩො. අපොයි වෑරදියට හරි ලියන එකට නිවන් දකින්න ඕන.

Picture this,It took 15 minutes to do the above in Uni Converter. While I agree on writing correct Sinhala;let's not forget the value of content rather the accuracy which help to get your message across.Long live Interner, and our Sinhala Bloggers!

නාමල් උඩලමත්ත said...

ඔබට සිංහලෙන් ලියන්න ඇති අපහසුව කුමක් ද? ඔබේ පරිගණකයේ යුනිකෝඩ් තිබේ ද? තිබේ නම් සිංහලෙන් වැඩ කිරීමට කිසිදු ගැටළුවක් දැන් නැත. යුනිකෝඩ් නැති නම් සියබස් වෙත (siyabas.lk)ගොස් යුනිකෝඩ් නොමිලේ ලබාගන්න. නිවැරදි බසින් පලක් ඇති දේ ලියන්නත් ඕන තමා. ජය!!!

kapila said...

වටිනා ලිපියක්

Siribiris said...

I do have Sinhala unicode installed, but it never works for me. Besides, it takes a good couple of minutes to find all these “elapilla, papilla” things. Even if I do manage to find them, they don’t stay where they should be. Now, don’t get me wrong, I am just an average Joe, born and raised in a typical SL village; I did all my studies in Sinhala. Improving English is just a matter of survival rather than a pride for me. Please don’t think less about us, just because we write in English in a Sinhala blog. Cheers.

Thejan said...

ණනළල පැහැදිලි කිරීමට ස්තූතියි. ඒත් තරමක් සංකීර්ණ වැඩියි නේද? ඔය සේරම මතක තබා ගන්න එක තමයි අමාරු.

නාමල් උඩලමත්ත said...

LazyOwl,
ඔබට සිංහල යතුරු පුවරුව මකත තබාගැනීමට අමාරු නම් සිංහල අකුරු මුද්‍රිත යතුරු පවරු දැන් වෙළඳපොළේ තියෙනවා. ඒ වගේ ම ඔබ ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීම මම අගය කරනවා. හැකි නම් තව තවත් භාෂා ඉගෙන ගන්න. ඒක කොච්චර ආඩම්බරයක් ද? ඒ වගේ ම තමන්ගේ භාෂාවෙන් හොඳින් වැඩ කරන්න පුළුවන් වීම ඊටත් වඩා ආඩම්බරයක් නේද?
තේජාන්,
ඇත්ත ම කියනවා නම් මේක අමාරු ආරම්භයේ දී විතරයි. ඊට පස්සේ හරි ම ලේසියි. අපි ලියන විට ඉබේ ම නිවැරදිව ලියැවෙනවා. මූලික සිද්ධාන්ත ටික තමා මකත තබා ගත යුත්තේ. අපිට වතුරට බහිනකම් තමා පිහිනන්න බැරි. ඒ නිසා වතුරට බහිමු.

Nalaka (නාලක) said...

නාමල්,

ස්තූතියි!

මේ ලිපිය නැවත නැවතත් බැලීමට ලකුණු කර ගත්තා.

නාමල් උඩලමත්ත said...

ආ.. නාලක අයියත් හුඟ දවසකින් සංහිඳට ගොඩවුණා නේද? තව රීති ටිකක් ඊ ළඟ ලිපියෙන් බලමුකෝ.

Chrishi said...

සිංහල MS WORD පාවිච්චි කරොත් මේ ප්‍රශ්නයට ලෙසියෙන් උත්තර හොයන්න පුලුවන් !!

නාමල් උඩලමත්ත said...

ඔව් ඔව් Chrishi,
ඒක හරි. MS 2007වලට දැන් ඒ පහසුකම තියෙනවා. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් වැරදි වචනයක් wordවල ටයිප් කළා ම යටින් රතු ඉරක් වැටෙනවනේ. දැන් ඒ පහසුකම සිංහලවලටත් තියෙනවා. ඒ කටයුතුවලට දායක වෙන්න අපටත් අවස්ථාවක් ලැබීම සතුටක්. කොහොම වුණත් අපි භාෂාවේ අක්ෂර වින්‍යාස රීති දැනසිටීමේ වටිනාකම ඉන් අඩුවන්නේ නැහැ. නිවැරදි වචන තෝරගන්න ඒ දැනුම අවශ්‍ය වෙනවා නේද? ඒ නිසා අපි ටිකක් මහන්සිවෙලා අපේ මව් බස ලියන්න උත්සහ ගනිමු.

Nalaka (නාලක) said...

MS Word 2007 වල දැන් ස්වයංක්‍රීය සිංහල අක්ෂර වින්‍යාස පරීක්ෂාව වැඩ කරනවාද?

කොහොමද ඒක සක්‍රීය කරන්නේ.

Word Options -> Popular -> Language Settings ... -->
වල "Enabled editing languages" කොටුවට English (U.S.) ට අමතරව Sinhala ත් දමා බැලුවා.

සිංහලෙන් ලියන විට Status Bar එකේ Sinhala කියලා පෙන්වනවා. නමුත් වචන යටින් රතු ඉරි නම් ඇදෙන්නේ නැහැ.

අමතර යම් දෙයක් ස්ථාපනය කරන්නට අවශ්‍යයද?

ඉෂාන් said...

සිංහලෙන් බ්ලොග් ලියන්න ගියාම තමයි තේරුනෙ අපි කොච්චර ඉංග්‍රිසියට වහල් වෙලාද කියල. සමහර වෙලාවට කියන්න තියෙන දේ ඉංග්‍රීසියෙන් කියාගන්න පුළුවන් සිංහලෙන් කියගන්න බැහැ. මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. කොහොම හරි වාක්‍ය හදාගත්ත කියමු, මෙන්න ඊළඟට ඒක ලිව්වම න ණ ල ළ ෂ ශ ගැල්පෙන්නෙ නැහැ වගේ.

හැබැයි ඒකටනම් මම මට දොස් කියාගන්නෙ නැහැ. මට හිතෙන්නෙ භාශාවක් උනාම ස්වාධීන නීති රීති තියෙන්න ඕනෙ කියලා. වචනවල මුල් භාෂාව උඩ ඒකෙ ණ න ළ ල තීරණය වෙනවා නම් අපිට කවදාවත් සිංහල විතරක් ඉගෙන ගෙන ඕක කරන්න බැහැ කියලයි මට හිතෙන්නෙ. මම වැරදිනම් කරුණාකරල හරිගස්සන්න.

නාමල් උඩලමත්ත said...

ඉෂාන්,
සිංහල භාෂාව යම් ප්‍රාකෘත බසක් ඇසුරින් උපන් පාලි සකු ආභාසය ප්‍රබලව ලබපු භාෂාවක්. ඇත්තට ම මුලින් ම ඇති වුණේ ව්‍යවහාරය. පස්සේ ඒ දිහා බලලා තමා රීති ගොඩනගන්නේ. අපේ වියරණ රීතිවලටත් ඒ දහම පොදුයි. ඉතින් අපට අර මුල් භාෂාත් ඉගෙන ගන්න පුළුවන් නම් හුඟක් හොඳයි. හැබැයි අපේ භාෂාවේ ව්‍යවහාරය ඇසුරින් ගොඩ නගපු රීති ටික අපි දන්නවා නම් නිවැරදිව ලියන්න අමාරු නැහැ. ටික කලක් සිංලෙන් ලීවොත් ඒක කොච්චර ලේසි ද කියලා ඔයාට හිතෙයි. ඉතින් ඔයා වැරදි නැහැ. තව භාෂා ඉගෙන ගත් තරමට අපේ භාෂාව පිළිබඳ දැනුමත් ඉහළ යනවා. ඒකේ ගැන කිසිම විවාදයක් නැහැ. අපි ලතින් ග්‍රීක් වගේ භාෂා උගත්තොත් අපේ ඉංග්‍රීසි භාෂා දැනුම තවත් වර්ධනය වෙනවා.

යූත්මැක්ස් said...

ඉතාමත් වටිනා ලිපියක්. මමත් මෙවැනිම සිංහල ව්‍යාකරණ සම්බන්ධ ලිපි කිහිපයක් පළ කළා. නමුත් එය දිගටම කරගෙන යාමට නොහැකි වුණේ මගේ නිවසේ අන්තර්ජාල සබඳතාවයේ ගැටළුවක් ඇති වීම නිසා හා රැකියා ස්ථානය මාරු කිරීමට සිදු වූ නිසා. නමුත් මා හැකි ඉක්මනින්ම එම ලිපි පෙළ යළිත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. සිංහල භාෂාව අන්තර්ජාලය තුළ ජනප්‍රිය වෙමින් පවතින මේ කාලයේ දී ම නිවැරදි සිංහල යොදා ගත්තොත් අපට අනාගතයේ දී ප්‍රශ්න ගොඩක් අඩුවෙයි. www.uthmax.blogspot.com වලින් මගේ එම පැරණි ලිපි අධ්‍යයනය කරන්න පුළුවන්.

රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi) said...

හොඳ ලිපියක්.

සිංහළ වියරණ අමාරුයි මතක තියාගන්න බෑ කියල කෑගහන අය ම, ඉංග්‍රීසියෙන් ලියද්දි සියලු ම වැරදි අකා මකා ලියනන්නේ ඇයි ද යන්න පුදුම ගැටළුවක් තමයි.

Narada said...

මෙවැන්නක් ලිවිමට පෙළඹිම ගැන බොහොම ස්තුතියි!

"න" "ණ", "ල" "ළ" හා "බ" "භ" භාෂා රීතිය ගැන මට ඇතැම් උත්හෝටික අවස්ථා තිබුණත් මෙවැන්නක් තිබිමේ වැරද්දක් නැතැයි මගේ අදහසයි. ඉංශ්‍රිසි භාෂාවේදී වාක්‍ය ආරම්භයේදි හා ඇතැම් අවස්ථාවලදී කැපිටල් හා සිම්පල් ලිවිම වැනි රීති වුවද වැදගත් ලෙස සැලකෙන ඇතැම්හු මෙම සිංහල (හා ද්‍රවිඩ) රීති නොසලකා හරිනු ලැබිම කණගාටුවට හේතුවකි.

මෑතකදී චර ලොවේ (twitter) මා දැමු ද්‍රවිඩ හා සිංහල මිශ්‍ර වැකියකට මිත්‍ර විදේශික පරිවර්තිකාවක් (ඇය ද්‍රවිඩ භාෂාව යන්තමින් දන්නා කෙනෙකි) මා දැමු වැකියේ ණ හා ශ්‍රි යන අකුරු දෙක අනිත් අකුරු සේම ගෝලාකාර ද නමුත් ලිවිමට අපහසු ලෙස පෙනෙන බව පැවසුවාය. වෙස්පොත හෙවත් facebook තුල නිවැරදි ආකාරයෙන් ලිවිමට තවමත් නොහැකිය, එහි යුනිකේත දර්ශණ විමේ දෝශයක්ද පවති.

Supun Sudaraka said...

නණළල භාවිතය ගැන වැදගත් ලිපියක්...

@-බිன்ku- - ෆේස්බුක් තුළ නණළල භාවිතයේදී ගැටලුවක් නම් කොහෙත්ම මතුවෙන්නේ නැහැ. ඒකේ ප්‍රශ්නේ මතු වෙන්නේ රකාරාංශය වගේ පිල්ලම් යෙදෙද්දී. උදාහරණයක් විදිහට ප්‍රශ්නය කියන වචනය ගත්තොත්, ෆේස්බුක් ඇතුළේදී ඒක ලියැවෙන්නේ ප්රශ්නය කියලායි. ඒකේ නම් එතරම්ම අක්ෂර වින්‍යාස වැරැද්දක් නෑ කියලායි මට නම් පුද්ගලිකව විශ්වාසය අනුව හිතෙන්නේ. සමහරවිට වැරදි වෙන්නත් පුළුවන්. මොකද තල්පත් වල ලියනකොට ලිවීමේ පහසුව නිසා තමයි මේවගේ පිල්ලම් භාවිතා වුනේ. ඒත් දැන් දැන් ලිවීමේ අපහසුතාවක් මතුවන්නේ නැහැනේ... හැබැයි... අර අපිට අවශ්‍ය විදිහටම ෆේස්බුක් ඇතුළේදී පාවිච්චි කරන්න බැරි එක නම් ලොකු අවුලක් තමයි.

නාමල් උඩලමත්ත said...

සියලු ප්‍රතිචාරවලට ස්තුතියි.

නාලත අයියේ මේ ළඟදී විස්ටා භාෂා අතුරු මුහුණත් ඇසුරුම එළිදැක් වූවා. ඔයාට ඒක පහත සඳහන් ලිපිනයෙන් නොමිලේ බාගන්න පුළුවන්.
(http://www.microsoft.com/downloads/details.aspx?FamilyID=0e21eb7b-e01a-4fcc-b7f1-30e419da7f5b&displaylang=si)
නැත්නම් අපි ළඟ තියෙනවා CD එක. ඔයාට ආ වේලාවක දාගන්නත් පුළුවන්.

යූත්මැක්ස්,
ඔයාගේ උත්සාහය හුඟක් වටිනවා. මම ඒ ලිපි ටිකත් බැලුවා ගිහින්. ඉතින් දිගට ම ඒ කටයුතු කරගෙන යන්න බලන්න. ඔයා හරිට ම හරි. අපි අපේ භාෂාව නව තාක්ෂණය සමග ගැටෙන්න ඉඩ ලබාදිය යුතුයි. එතකොට තමා භාෂාව නූතන අවශ්‍යතාවලට සරිලන සේ නවීකරණය වෙන්නේ. නව වචන සංකල්ප භාෂාවට එන්නේ. එසේ නොකිරීමෙන් අපේ භාෂාව යල්පැනපු බඩුවක් වෙනවා. භාෂාව නූතන තාක්ෂණය නමැති හනගාලේ ගා මුවහත් කරගත යුතුයි.

රජිත්,
කියන කතාව නම් ඇත්ත. අපි ඉංග්‍රීසි වරද්දන්න හරි ම ලැජ්ජයි. ලියන්නේ හරි පරිස්සමින්. ඒ ඒ වචන ලියන විදි, උච්චාරණය කරන විදි අපි මතක තියා ගන්නවා හොඳට. සිංහලට න ණ ල ළ ඕන නෑ කියලා කෑගහන ගමන් ඉංග්‍රීසියෙන් සුද්දා කියන විදිහට ම ලියනවා. knowlege කියන වචනයේ k උච්චාරණය වෙන්නේ නෑ කියලා ඒක අතෑරලා nowlege කියලා ඒ අය ලියන්නේ නෑ.

-බිன்ku- ,
අපි අපේ දේවල් අගය නොකරන අනුන්ගේ දේ වන්දනාමාන කරන නිවට පිරිසක් වෙලා කියන එකයි ඒකෙන් පේන්නේ. සිංහල දෙමළ භාෂා නිවැරදිව ලියන්න අපි ඉදිරියට එන්න ඕන.

සුපුන්,
face bookවල දී ඔබ කීවා වගේ න ණ ල ළ අවුලක් නැහැ. හැබැයි පිල්ලම් භාවිතයේ ගැටළුව තියෙනවා. ඔබ කීවාට ඒක එතරම් ප්‍රශ්නයක් නෙමේ කියලා. ඒක ඇත්තට ම ප්‍රශ්නයක්. අපි ලියන්නේ ප්රශ්න කියලා නෙමේනේ. අපිට උවමනා දේ ලියන්න තාක්ෂණය නම්‍යශීලි කරගත යුතු නේද?

Nalaka (නාලක) said...

සබැදිය දීම ගැන ස්තුතියි.

නමුත් ඒ සදහා Windows Vista ම අවශ්‍ය වෙනවා නොවැ.
:(

මම උත්ශ්‍රේණී කරන්න ( = upgrade, නාමල් දුන්න අළුත් පරිභාෂික ශබ්ද මාලාවෙන් බැලුවෙ) Windows 7 එන කම් ඉන්නේ .

Nalaka (නාලක) said...

මම වැරදි එක බාගත කලේ.
මෙන්න හරි සබැදිය Microsoft Office Language Interface Pack 2007 – සිංහල

Windows XP කියලා ප්‍රශ්ණයක් නැහැ.

Indranatha Thenuwara said...

මෙතෙක් කල් ​මම මේ වැඩේ දැක්කෙ නැහැනෙ. මේ සද්කාර්යය මම බොහෝ ම ඉහළින් අගය කරනවා. මාත් හැකි පමණින් මූණු පොතේ හාදයන්නේ අක්ෂර වින්‍යාසය හදන්න උත්සාහ කරනවා. නමුත් ඒක සමහරුන්ගේ උප්පත්තිය වෙනස් කරනවා වාගෙ ම අමාරුයි.. එහෙම තියෙද්දිත් ඔබ සමවැනි කාර්යයක් ආරම්භ කිරීම ගැන යළි යළිත් මම ඔබට ස්තූති වන්ත වෙනවා..!!

නාමල් උඩලමත්ත said...

ඉන්ද්‍රනාථ,
ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. එය මා දිරිගන්වන සුලුයි. අන් අයට අපට එකවර ලොකු බලපෑමක් කරන්න බැරි වුණත් දිගුකාලීනව අපට ලොකු දෙයක් කළ හැකියි. ඒ නිසා ඔබ ඒ වෙනුවෙන් කරන කටයුතුත් දිගට ම කර ගෙන යන්න.

චතුර විජේකෝන් said...

සැබැවින්ම ඉතා වැදගත් ලිපියක්.. බොහොම ස්තුතියි සොයුර.. මටත් නිතරම වරදින්නේ ණ,න,ළ,ල .. දැන් බොහෝ දුරට හදාගෙන තියෙන්නේ.. සකු බස හා පාලි ගැන දැනුමක් නැති වීම විශාල පාඩුවක් වෙන්න ඇති. යූත්මැක්ස් ගේ ලිපිත් අගෙයි.. දෙදෙනාටම බොහොම පිං.. නාලක ටත් පිං.. ලින්ක් එකට..

Anonymous said...

කරුණාකර සිංහල යුනිකෝඩ් භාවිතා කරනවිට ව්‍යාකරණ නිවැරදි කරන්නනේ ‍කොහොමද තියල මට කියන්න පුලුවන්ද ?

නාමල් උඩලමත්ත said...

ව්‍යාකරණ නිවැරදි කරන්න නම් ක්‍රමයක් මම දන්නේ නැහැ. හැබැයි අක්ෂර වින්‍යාස නිවැරදි කරගන්න නම් සුබස අඩවිය පාවිච්චි කරන්න පුළුවන්. පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. http://www.subasa.net/spellerweb.py මේක පාවිච්චි කරලා අක්ෂර වින්‍යාස වැරදි තරමක් හදා ගන්න පුළුවන්.

Anonymous said...

මෙහ් ණිය කියන එකේ තේරුම මොකක්ද

Anonymous said...

Nice article. I have a question.
What is the correct term for Lotus? නෙලුම් or නෙළුම්? Thanks in advance

Anonymous said...

හරිම අගේ කරණ ලිපියක්. ස්තූති.