2008-11-25
ආයු රක්ඛන්‍තු ආවඩා !
ඉතිහාසයේ පෙර නොවූ විරූ නායකත්වයක් ලද විරෝදාර රණ විරුවෝ සිහින ඊළම් රාජ්‍ය සුනුවිසුනු කර දමමින් ඉදිරියට ඇදෙති. දැන් ඔවුහු පිරපාහරන් සැඟව සිටින මී ගුල අසලට ම පැමිණ සිටිති. 30 වසරක් පමණ ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදයේ අනේක පීඩා විඳි මෙරට සිංහල දෙමළ මුස්ලිම් රට වැස්සෝ සාමය පිළිබඳ සොඳුරු සිහින දකිති.
තමන් උපන් බිමේ සමගියෙන් ජීවත් විය හැකි සුබ උදෑසන උදා වේවායි වේවායි! ඔවුහු සෑම රෑයක ම ප්‍රාර්ථනා කරති. ඒ සුබ උදෑසන සිහිනයක් නොවී යථාර්ථයක් කරනට වීර සෙබළ මුළු ඇස් ඉස් මස් ද අවසන ජීවිතය ද පූජා කරති. රට පුරා විහාරස්ථාන සහ ආගමික ස්ථානවල ඒ විරුවන්ට සෙත් පතා පුදපූජා පැවැත් වේ. මෙරට අති බහුතරයක් වැසියෝ මේ ව්‍යසනයෙන් මව් බිම ගලවා ගන්නට ඔවුනට ආශීර්වාද කරති. ඔවුන් නිසා නේක පිරිපත උසුලති.
ඊට සාපේක්ෂව ලොව හමුවේ කොටි ත්‍රස්තවාදයට පළඳා තිබූ විමුක්ති සළුපිළි එකිනෙක ලිහී වැටෙන්නට විය. ඒ සඳහා යුරෝපය පුරා ප්‍රදර්ශනය වන ත්‍රස්ත විරෝධි ඡායා රූප ප්‍රදර්ශනය මෙන් ම විදේශගත දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයින්ගේ සක්‍රීය දායකත්වය හේතු වූ බැව් පැවසිය යුතු ය. එමෙන් ම ඇතැමුන් දේශපාලන පත්වීම් යයි බෑගිරි තැලූ යුරෝපා සහ ඇමරිකා තානාපතිවරුන්ගේ මැදිහත්වීම ද අගය කළ යුතු ය. එහි ප්‍රතිඵලය ලෙස ත්‍රස්වාදයේ ම්ලේච්ඡත්වය හැබහින් දැකබලා ගැනීමට කොටින්ට අනුකම්පා කළ ඇතැම් විදේශිකයන්ට හැකි විය. ඔවුන්ගේ ජාත්‍යන්තර සබඳතා ජාලය අඩපන වීමට මේ තත්ත්වය හේතු සාධක විය.
මේ සමස්ත ක්‍රියාදාමය නිසා දිනෙන් දින ඊළම් රාජ්‍ය වැහැරි ගියේ ය. සෝදා පාළුවට ගියේ ය. උතුරු නැඟෙනහිර අවතැන් ජනතාවට නිවාස තනන්ට යයි කියා කොටින්ට බංකර් තනන්ට සිමෙන්ති යකඩ ඇද්ද එන්ජීඕ නඩය විපිලිසර විය. දුර්මුඛ විය. වසර ගණනාවක් මේ රට බෙදන්ට කැසකවන මේ ද්‍රෝහී රැළ වහාම එළවා දැමිය යුතුය යන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය හා අප ද එකඟ වන්නෙමු.
එහෙත් මට කීමට අවැසි අනෙක් කරුණකි. පිරපාහරන්ගේ ඊනියා මහවිරු දිනය හෙවත් උපන් දින සැමරුම දැන් කිට්ටු ය. වාර්ෂිකව සිය උපන් දිනය සීතල මළ කඳන් සහ රූරා හැලෙන උණු ලේ දහරා මැද සැමරීම ඔහුගේ ඒකායන පැතුමයි. ඔහුට සිසිල ගෙනෙන්නේ මිනිස් සුසුම් ය. පවස නිවන්නේ මිනිස් රුහිරු ය. එහෙයින් මිත්‍රවරුනි, ඔබ සැම පරිස්සම් විය යුතු ය. වෙනදාට වඩා විමසිලිමත් විය යුතු ය. මග තොට බසයේ දුම්රියේ පොදු ස්ථානයේ විමසිලිමත් වන ඔබේ දෑස් සුරකින්නේ ඔබ පමණක් නොවේ. සකල ලාංකීක ජාතියයි. වටපිට ගැන සෝදිසියෙන් සිටින ඔබේ දෑස් මුළු ජාතියට පෙනුම ලබාදෙයි. උතුරේ අවසන් ඉලක්කය හඹා යන වීරෝදාර හමුදාවන් වෙනුවෙන් අපට කළ හැකි මහරු මෙහෙවරකි මේ. ඔවුන් දකුණ නොසන්සුන් කරන්නේ යළි හමුදාව දකුණට ගෙන්වා ඊළම මුලිනුදුරා දැමීම වළකන්ට බැව් මතක තියා ගන්න. එහෙයින් සිය දහස්වාරයක් විමසිලිමත් වන්න.
මේ එළැඹ ඇත්තේ අන්තිම මොහොතයි. අන්තිම සටනයි. කොටියා කිලිනොච්චි බිත්තියට ම හේත්තු කොට ඇත. ඔබ විවෘත පිට්ටනියක සිටින බල්ලෙකුට පයින් ගැසුවහොත් ඌ ඈතට දිව යනු ඇත. එහෙත් මුල්ලක කොටු වූ බල්ලෙකුට පයින් ගසන කල ඌ සිය ගැලවීම පිණිස නොකරන දෙයක් නැත. එහෙයින් ඔබ අබිමුව ඇති අවදානම හදුනා ගෙන අවදානයෙන් සිටින්න.අත්‍යවශ්‍ය ගමන් බිමන්වලට සීමා වෙන්න. ජාතියේ ඉරණම තීන්දු කෙරෙන මේ මොහොතේ විමසිල්ලෙන් සිට ඔබේ ජාතික වඟකීම ඉටු කරන්න.
ගරු ජනපති අගමැති ඇතුලු මැති ඇමතිවරු මේ දිනවල සිය ගමන් බිමන් නවතා දැමිය යුතු ය. පුරන් කොටන්න වපුරන්න පාලම් විවෘත කරන්න රේස් තරඟ අරඹන්න පන්සල් ගානේ ඇවිදින්න කාලය නොවේ මේ. ජනතාව දැඩි අපහසුවට ලක් කරමින් පාරවල් වසාගෙන සතර අතින් රැකවලුන් සහිතව ඉගිලී යාම නවතා නවීන තාක්ෂණය භාවිතයෙන් සිය නිවසේ සිටම රාජකාරී කරනට උගත යුතු ය.මැති ඇමතිවරු මේ ජනප්‍රිය දේශපාලනයෙන් මිදී තම ජීවිතවලට ඇති අවදානම තේරුම් ගෙන ආරක්ෂක ක්‍රමෝපාය අනුගමනය කිරීම රට වෙනුවෙන් ඔවුන්ට කළ හැකි ලොකුම සේවයයි. එමගින් ඔවුන් සිය ජීවිත පමණක් නොව සාමාන්‍ය මහජනයාගේ ජීවිත ද කාලය ද ආරක්ෂා කළා වෙයි.
මව් බිමේ ඒකීයත්වය සඳහා සටන් වඳින අභීත රණවිරුවන් වෙනුවෙන් ඔබට කළ හැකි එක් මෙහෙවරකි මේ. ඔබට මට රණ බිමට යාමට හැකියාවක් නොමැත. එහෙයින් අපට කළ හැකි දේ අපි කරමු. රණ විරුවන් දිරිමත් කරමු. ඒ සඳහා කළ හැකි සියල්ල කරමු. ගමට එන සෙබළ සොයුරන් වීරයින් ලෙස පිළිගනිමු. මව් බිම ජය බිමට ඔසවා තබමු.

Subscribe to:
Posts (Atom)