2008-04-30
හණමිටිකාරයෝ
හණමිටිකාරයාට මහා සිංහල ශබ්ද කෝෂය දෙන අරුත කාලානුරූපීව වෙනස් නොවන්නා හෙවත් පරණ දෙයට ම ගරු කරන්නා යන්න ය. (2005:1970) සමාජයේ නිතර බැවහර වන ළිං මැඩි මානසිකත්වය, දූපත් මානසිකත්වය ආදි යෙදුම් ද එවැනි ම අරුතක් පිණිස යොදන බව පැහැදිළි ය. හණමිටිකාරයා පිළිබඳ අප අසා ඇති කතාව මෙසේ ය.
මිතුරෝ එක්තරා දෙදෙනෙක් නගරයක විසූ හ. ඔවුහු මිතු දමින් ධනවත් වුව ද වත් පොහොසත්කමින් දුගීහු වූහ. මේ දෙමිතුරන්ට යම්කිසි උවමනාවකට නුවරට බෝ දුරැති පසල් දනව්වකට යාමට සිදු විය. ගිය කාරිය නිමවා පෙරලා නිවෙස බලා එන අතරමග ඔවුන්ට හණමිටි දෙකක් ලැබිණි. (හණ යනු කඳෙහි හට ගන්නා කෙඳී ලබා ගන්නා සිහින් නිල් පෑ කොළ සහිත ශාක විශේෂයකි.) හණමිටි කර තබා ගත් දෙමිතුරෝ මගට වන් හ. දුරු කතර පසුකර ගමට ඇදෙන ඔවුන්ට හිටි හැටියේ රිදී මිටි බෙදන තැනක් හමු විය. එකෙක් සිය හණ මිටිය වහා ඉවතලා රිදි මිටියක් ගත්තේ ය. ‘මුලින් ලැබුණු එක මට හොඳයි’ කී අනෙකා සිය හණ මිටිය ඉවතලීම ප්‍රතික්ෂේප කළේ ය. යළි මගට වන් දෙදෙනාට වැඩි දුරක් යන්නට නොලැබිණි. එවර රන් දන් සැලෙකි. සිය රිදී මිටිය පසෙකටලූ මිතුරා රන් මිටියක් කරට ගත්තේ ය. ‘මොනවා වුණත් මුලින් ලැබුණු දේ තමා වඩා වටින්නේ’ යයි කී දෙවැන්න සිය හණමිටිය ගෙන ඉස්සර විය. නැවත ගමට ළඟා වූ මුල් මිතුරා සිය රන් මිටිය විකොට නුවර ධනවතෙක් බවට පත් විය. හණමිටිය කර ගසා ගෙන ආ මිතුරා සුළු මිලකට එය විකොට සුපුරුදු දුගී දිවිය ම ගත කළේ ය.
මේ කතාවේ හරය අපට යමක් උපතින් ලද පමණින් හෝ මුලින් ලද පමණින් වැදගත් නොවන බව ය. වඩා වටිණා දෙයක් ලද විට අඩු වටිනා කමැති දෙය ඉවතලිය යුතු ය. අනතුරුව ඊටත් වඩා වටිණා දෙයක් ලැබේ නම් එකී වටිණ දෙය ගෙන අනෙක ඉවතලිය යුතු ය. කොටින් ම දල්වා ගත් මනැසින් විමසිල්ලෙන් ලොව දෙස බැලිය යුතු ය. එවිටය දියෙන් කිරි වෙන් කර ගන්නා හංසයෙකු සේ වරදින් නිවැරැද්ද වෙන් කර ගත හැක්කේ. බුදුන්වහන්සේ කාලාම සූත්‍රය දේශනා කළේ ද මෙම සාදු දහම පෙන්වා දීමට ය. සියල්ල දෙස විමසුම් ඇසින් බැලීම පිළිබඳ කුමාරතුංග මුනිදාස මහතා ලියූ කවක් මෙසේ ය.
විමැසුවයි යමෙක් යා නම් නරකාදී
මට සුවයි එහි මැ යනු වෙනතක නෑදී
ඉවැසුවයි බොරු සග යා නම් පෑදී
සුදුසුවයි රඳනු මෙහි ඔහු එහි යාදී
නොපා බිය ඇත්ත ඇති සැටි කියන දන
අපා-ය නම් මරණින් මතු වඩින තැන
සැපා-රෙකැ යි කියුවත් සුරපුර ගලන
එපා මට එපා මැ යි එ තැන සැබවින
(ලක්මිණි පහන 1934)
අවාසනාවක මහත ! අද හණමිටිකාරයා යයි සමච්චලයට ලක් වන්නේ එහි පරම ප්‍රතිපක්ෂයට අයත් පිරිස ය. පිට රටින් එන සියල්ල දොහොත් මුදුනින් පිළි ගෙන වන්දනාමාන කරන්නෝ විද්වත්තු ය. 1505 සිට ජාතියට බෝ වූ හීනමානයෙන් ද සිය ඉතිහාසය නොදැනීමෙන් ද ආතුර වී සිටින මොවුන්ට අපේ දේ වහකදුරු ය. පිට රට දේ සිරි සැප ය. අපේ සම්ප්‍රදාය සංස්කෘතිය සිරිත් විරිත් නොතැකීම ඊට ගැරහීම සීනාසීම තම විද්වත්භාවය ප්‍රකට කරන ආභරණය කැයි ඔවුහු සිතති. කලියුගයට යකඩ බරු දිය මත පාවි ගොම රිටි පතුළ සිඹිත් !
ඔබට මට අපේ මුතුන් මිත්තන්ගෙන් උරුමවූ සම්ප්‍රදාය බාල බඩුවක් නොවේ. එය තවත් සම්ප්‍රදායක් හා සසඳා ඉවතලිය හැකි නොවටිනා හණමිටියක් ද නොවේ.වසර සිය දහස් ගණනක අත්දැකීම්වලින් පොහොසත් අපේ උරුමය යාවත්කාලීන කොට ඉදිරි පරපුරට බාර දීම අප යුතුකම ය. නැතහොත් ඒ පරපුර ආතක් පාතක් නොමැති ගන්දබ්බයින් පිරිසක් වනු ඇත. අපට කොතෙක් උත්සහ කළ ද සුද්දන් වන්නට නොහැකි ය. යූරෝපීයයන් එසේ පිළිගන්නට සුදානම් ද නැත. කළ හැක්කේ අපේ නිවටකම ප්‍රදර්ශනය කරමින් ඔවුන් හිනැස්සීම පමණි. එහෙයින් අප කළ යුත්තේ ලතින් ඇමරිකානු රටවල් මෙන් නිදහස සොයා යාම ය. අධිරාජ්‍යවාදී ප්‍රවාහයට එරෙහිව උඩුගං බලා පිහිනීම ය. රටක් ලෙස අපේ නිදහස ඇත්තේ එතැන ය.
අසල්වැසි රටේ මහත්මා ගාන්ධි පැවසුවේ ඔබේ නිවසේ දොරගුළු සතර අතින් එන සුළඟට හැර තබන්න, එහෙත් ඒ සුළඟට ගෙයි ඇති වටිණා දේ බිලි නොදෙන්න කියා ය. මෙරට වැසි ඇතැම්හු ගෙයි ඇති දේ පමණක් නොව ගෙයි බිත්ති හතර ද සුළඟට පුදන්ට සුදානම් ය. ඊට එරෙහි වන්නෝ හණමිටිකාරයෝ ය. දූපත් මානසිකත්වයෙන් පෙළෙන්නෝ ය. නැත්නම් ළිං මැඩියෝ ය. නොදනිම් කාගේ දොසා !!!

Subscribe to:
Post Comments (Atom)
2 comments:
අවාසනාවක මහත ! අද හණමිටිකාරයා යයි සමච්චලයට ලක් වන්නේ එහි පරම ප්‍රතිපක්ෂයට අයත් පිරිස ය. පිට රටින් එන සියල්ල දොහොත් මුදුනින් පිළි ගෙන වන්දනාමාන කරන්නෝ විද්වත්තු ය.
ඉතාමත්ම කණගාටුදායක කරුණක් නාමල්.
ඔබේ ප්‍රතිචාරයට ප්‍රණාම ය.
Post a Comment