2007-11-20

සුද්දො ආවේ රට කරන්න

පනාමුරේ... පනාමුරේ... ඇත් රාජා
ගුණපාල මලලසේකර නම් ගායකයෙකු විසින් ගයන මේ
ගීතය ඇසෙත් ම වසර 450ක පමණ යටත් විජිත යුගයේ
දී මෙරට වැසියා පමණක් නොව සතා සීපාවා පවා මුහුණ
දුන් අනුවේදනීය අත්දැකීම් අපට මනසින් ස්පර්ශ කළ
හැකි ය. 1848 කැරැල්ල මැඬලීමට අනුගමනය කළ
ම්ලේච්ඡ උපායන් මෙහි දී සිහිපත් කර ගත යුතු ය.
ප්‍රදේශයේ පිරිමි සහ ගර්භණී මව්වරු සමූල ඝාතනය
කිරීමට ද සියලු කෙත්වතු කුඹුරු ගිනි තබා විනාශ කිරීමට
ද කෑමට හැකි ගෙඩි හැදෙන ගස්වැල් කපා විනාශ කිරීමට
ද එවකට ආණ්ඩුකාරයා විසින් නියෝග කරන ලදි. සිය
රටේ සම්පත් අමු අමුවේ කොල්ලකෑමට විරුද්ධව නැඟී
සිටි පිරිස් මර්දනය කළ යටත් විජිත පාලකයෝ රිසි සේ
සිය කොල්ලකෑමේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ගිය හ.
කුරුදු, ගම්මිරිස්, මැණික්වලින්නොසෑහුනු ඔවුහු ඇත්
දත් ජාවාරම ද ජයට ම කර ගෙන ගිය හ. මෙම ජාවාරම
හමුවේ දේශීය අලි සම්පත මහත් අකරතැබ්බයකට
මුහුණ පෑවේ ය.1505 ලංකාවේ අලි ගහනය 25 000ක්
විය. 1948 සුද්දා මෙරට අතහැර යන විට
ලංකාවේ
අලි සිටියේ 800කි.
2007 වන විට ලංකාවේ වල් අලි
සම්පත 4000 දක්වා නැවත වර්ධනය වී ඇත.එය සමස්ත
දකුණු ආසියානු අලින්ගෙන් 90%කප්‍රතිශතයකි.එහෙත්
ආසියානු අලි බිම්වලින් ලංකාවේ ඇත්තේ 2%කි.එම බිම්
ප්‍රමාණවත් වන්නේ අලි 1200කට පමණි.මේ නිසා අලි
ඇතුන්ට ආහාර සොයා ගැනීමේ දැඩි අර්බූදයකට මුහුණ
දී ඇත. විශේෂයෙන් සීඝ්‍ර ජනගහන වර්ධනයත් සමඟ
වනාන්තර හෙළි කර නිවාස සහ කෘෂි කටයුතු සඳහා
යොදා ගන්නා නිසා අලින්ගේ වන බිම් සහ අලි මංකඩ
වේගයෙන් විනාශ වෙමින් පවති. මෙහි ප්‍රතිඵලය ලෙස
අලි-මිනිස් ගැටුම් හට ගත් අතර දැනට ගම් 400ක පමණ
මෙම අර්බූදය ව්‍යාප්ත වී ඇත. මීටඅමතරව හීලෑ අලි 137ක්
ද ඇතුන් 17ක් ද දැනට ලංකාවේ ජීවත් වෙති.වාර්ෂික ව
ලංකාවේ පවත් වන පෙරහැර 70ක පමණ ගමන් ගන්නේ
මේ අලි ඇතුන් ය. අලි මරා දැමීම නීති විරෝධි වන අතර
රු.100 000-250 000ක් දඩ මුදලක් සහ මාස 6 සිට
වසර 5 දක්වා සිර දඬුවමක් හිමි වේ. අවාසනාවට මේ
දඩුවම් හිමි වන්නේ සිය ජීවිතාරක්ෂාවට සහ වඟා පාළු
කරන අලි ඇතුන් පන්නා දමන්නට තුවක්කු පාවිච්චි
කරන ඈත පිටිසර ගොවියෙකුට ය. කිසිම හේතුවක් මත
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් මරා දැමීම කවර හේතුවක්
නිසාවත් සමාව දිය යුතු වරදක් නොවේ. එහෙත් අලි
ඇතුන් ගම් වැදීම නිසා ගොවීන් මුහුණපාන ගැටළුවලට
වහා ම විසඳුම් ලබා දිය යුතු ය. එමෙන් ම ශ්‍රී ලංකාවේ
අලි සම්පතට විශාල ම විනාශය කළේ සුදු ජාතිකයන්
බැවින්
මෙම නීති අතීතයට බලපාන පරිදි පනවා
ඔවුන්ගේ මව් රටවලට විරුද්ධව ක්‍රියා
කිරීමේ
හැකියාව සොයා බැලිය යුතු ය.
එම රටවලින් යම්
වන්දි මුදලක් ලබා ගෙන ඒවා අලින්ගේ සුභසාධන
කටයුතුවලට බැර කළ යුතු ය. එම රටවලින් ලැබෙන
ඩොලර්වලින් ජීවත්වෙමින් මානව අයිතිවාසිකම් සහ
සත්ත්ව අයිතීන් පිළිබඳව අපටඋගන්වන්නට එන
නෝනා මහත්වරු මේ ඉතිහාසය සිහිපත් කර ගත
යුතු ය.
"සත් මුහුදින් එතෙර ගුගුරුවා
බතරොයි උගුරු දණ්ඩ
හත් දෙයියන් බලා ඉද්දි
සුද්දො ආවේ රට කරන්න
මහත්වරුනි දන්නවා ද
සුද්දො ආවේ රට කරන්න"
(රත්න ශ්‍රී විජේසිංහ)

3 comments:

Nilaksha said...

සුද්දා ලංකාවට කරපු විනාශය සඳහා පැහැදිලිවම වන්දි ‍ගෙවිය යුතුයි. සුද්දාගේ මදන යටත්විජිත යුගයේදී ලංකාව වගේ සුද්දා විසින් මංකොල්ලකෑ රටවල් කිහිපයක්ම මේ වන විට විවිධ නීතිමය හා වෙනත් ක්‍රියාමාර්ග වලින් වන්දි ලබාගෙන හා වන්දි ලබාගැනීමට ක්‍රියාකර තියෙනවා. ඇමරිකාවට එරෙහිව කියුබාවත්, ඊශ්‍රාලයට එරෙහිව පලස්තීනයත් මෙලෙස ක්‍රියා කර තිබෙනවා.

ලංකාවට කළ විනාශයට වගේම වතු දෙමළු ගෙනැත් කඳුකරයේ පදිංචි කරවා සිංහලයින්ට මෙන්ම දකුණු ඉන්දියානු වතු දෙමළ ප්‍රජාවටත් කළ බලහත්කාරකමටත් එංගලන්තය අපිට වන්දි ගෙවිය යුතුයි.

ඒ සඳහා ක්‍රයාත්මක වීමට ශ්‍රී ලංකා රජය හෝ සංවිධාන ඉදිරිපත් විය යුතුයි.

Dulip's Thoughts said...

Dear All,
It is essential that we really need to make a retrospection of what has been happening during the post independece period... I think that is the original idea of the post, but it also important that blaming Sudda or any other imperialist forces won't help us any more...
what we need to do is take the ethnic, cultural, and religious diversity as STREGTH not as WEAKNESS in the process of development... As far as this diversity is concerned Sri Lanka is an excellent example, lets utilise this unique characteristic as a motive force of the development... we need to remember the whole world is now has arrived at this idea which is reflected in the UN World Declaration on Cultural Diversity (http://www.ohchr.org/english/law/diversity.htm). Many countries encourage people to come into their countries to promote this idea, for example countries like Canada, Australia, and Singapore, Malaysia,etc...

නාමල් උඩලමත්ත said...

බොහොම ස්තුතියි නිලක්ෂ ඔබගේ විග්‍රහයට.ඇත්තට ම අද මාතෘ භූමිය අපෙන් ඉල්ලා සිටින්නේ ඔබ වගේ දේශප්‍රේමි බුද්ධිමත් තරුණ පරම්පාවක්. මේ රටේ අපට කලින් පරම්පරාව උගත්තු. විවෘත ආර්ථිකය පැමිණි අලුත රන් කිරි කට ගාපු මේ අය සම්පූර්ණයෙන් අනුකාරකයෝ. මොන දර්ශනය ඉගෙන ගත්තත් ඒක තමන්ගේ සම්ප්‍රදායට සංස්කෘතියට අවශෝෂණය කර ගන්න මේ අයට බැරි වුණා. කකුලෙ ප්‍රමාණයට සපත්තුව හදනවා වෙනුවට මේ අය සපත්තුව පිටින් ගෙනැත් ඒ ප්‍රමාණයට කකුල කපන්න තමයි හැදුවේ. මේ සමාජ විකෘතීන් හදුනා ගෙන අපි එක ම ජාතියක් ලෙස ඉදිරියට යා යුතුයි. අපි බටහිර දැනුමින් ආලෝකය ලබනවා වගේ ම අපේ යටගිය දැනුම් පද්ධති මතු කර ගැනීමටත් නව දැනුම නිෂ්පාදනයටත් දැන් පියවර ගත යුතුයි. මේ සඳහා රටක ජනතාව පෙල ගස්වන්න පුළුවන් ඔවුන් තුළ ජාතිකාභිමාණය අවුළුවාලීමෙනුයි. එයට පදනම් වන්නේ ජාතිකවාදය විනා ජාතිවාදය නෙමේ.