2009-01-20
අහෝ! ජවිපෙ නොදිටි මොක් පුර
ජනතා විමුක්ති පෙරමුණ 1960 දශකයේ ඇරඹුණේ මෙරට ගතානුගතික මාක්ස්වාදී පක්ෂවලට විකල්පයක් ලෙසිනි. එකී යල්පිනූ මාක්ස්වාදීන් දිගින් දිගට ම මෙරට ජන විඤානය නොතකා පොතේ ගුරු න්‍යායවාදී ස්ථාවරයක ළැග සිටීම තරුණ පරපුර කළකිරීමට හේතු විය. ජවිපෙ වටා ගොනු වූයේ එම තරුණ ජවයයි. ජවිපෙ ඊනියා කම්කරු පංතියකට සීමා නොවී මෙරට ග්‍රාමීය ගොවිජනතාව මත විශ්වාසය තබා ක්‍රියා කළේ ය. එමෙන් ම මා සිතන පරිදි ලංකාවේ එක ම විප්ලවවාදී පක්ෂය ද ජවිපෙ ය. (සෙසු පක්ෂ විප්ලවය ගැන විප්ලවීය බණ දෙසූ හ. තව ද විප්ලවය අද නොවේ හෙටයයි ද දෙසූ හ.) ඔවුන් ලෙනින්, මාවෝ සේතුං, ෆිදෙල් ක්‍රැස්ත්‍රෝ, හෝචිමින් අනුව යමින් විප්ලවීය ක්‍රියා මාර්ගයකින් රටේ පාලනය සියතට ගැනීමට උත්සහ කළේ ය. එහෙත් ඔවුන් පැරැදිණි. ඒ පරාජයේ ලේ වන්දිය මෙරට බහුතර සිංහල තරුණයින්ට ගෙවීමට සිදු විය. ඔවුන් බහුතරය නිසා මානව හිමිකම් නැති හෙයින් ආණ්ඩුවට එය පහසු විය.

1994 නැවත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසෙන ජවිපෙ ඉතා කෙටි කලකින් විශාල ප්‍රගතියක් අත්පත් කර ගත්තේ ය. 94 පාර්ලිමේන්තු ආසන 01න් ඇරඹි ගමන 2004 වෙද්දි ආසන 39ක් දක්වා ඉහළ ගියේ ය. ප්‍රධාන දෙපක්ෂය දූෂිතයින්ගෙන් පිරීයාම සහ ඊට සාපේක්ෂව ජවිපෙ අවංක දේශප්‍රේමි තරුණයින්ගේන් සමන්විත වීම මේ පිබිදීමට හේතු විය. මේ කාල පරාසය තුළ ඔවුන් මව්බිමට ලබා දුන් ජයග්‍රහණ ප්‍රමාණය සුවිශාල ය. සුනාමි සහන මණ්ඩලය අහෝසි කිරීම, උතුරු නැගෙනහිර වෙන් කිරීම, සටන් විරාම ගිවිසුමට එරෙහි ජනමතය ගොඩනැගීම, 2002 රනිල් වික්‍රමසිංහහ ආණ්ඩු බිඳ දැමීම, පරිවාස ආණ්ඩු ආදර්ශය, මහින්ද ජනාධිපති ධුරයට ගෙන ඒම සහ වත්මන් රජය සහ ජනතාව, කොටි යුදමය වශයෙන් පරාජය කළ යුතුය යන ස්ථාවරයට ගෙන ඒම ඒ අතර කැපී පෙනේ. ඒ සියලු ජයග්‍රහණවල යම් ගෞරවයක් එම පක්ෂය වෙත හිමි විය යුතු ය.
එහෙත් 2005 වන විට ජවිපෙ පැරැණි මාක්ස්වාදී පක්ෂ ගොන්නට ඇද වැටිණි. ඔවුන් අතින් දේශප්‍රේමයේ කොඩිය ගිලිහිණි. එපමණක් නොව ඔවුන් මව් බිමේ හතුරන්ගේ සුරතලුන් බවට පත්විය. අද ඔවුන් ද මුමුණන්නේ හතුරන්ගේ සටන් පාඨ ය. රටේ මූලික ප්‍රශ්නයට ආණ්ඩුව පිළිතුරු සොයන විට ඊට අකුල් හෙළති. යුද ජයග්‍රහණ අයිති රාජපක්ෂ ආණ්ඩුවට නොව රටේ ජනතාවට යයි කියති. එහි අරුත තිස් වසරක් පුරා රට ලැබූ පරාජයන්හි වඟකීම ද ජන සතු බව ද? ඒ යුගයේ සිදු වූ සියලු කුප්‍රකට පාවාදීම්වල වඟකීම ජනතාව සතු බව ද? නැතිනම් 'රටේ සේනාධිනායකයා ජනපතිය ත්‍රිවිධ හමුදාවට නායකත්වය දෙන්නේ ඔහුය' යන යන සරළ අවබෝධය ජවිපෙට නැති ද?
ආණ්ඩුව මූලික වී ලබන ජයග්‍රහණ ජන සතු කරන මේ කුහකයෝ එම ආණ්ඩුව ලබන පරාජයන් රාජසන්තක කරති. කිනම් නරුම හැසිරීමක් ද? මේ විගඩම සෙබලුන්ගේ ගුණ වයා හමුදා නායකත්වය විවේචනය කරන රනිල්ගේ නරි කෝළමට කදිමට සමපාත වෙයි. එහි ප්‍රතිඵලය ජවිපෙ නැගි සිටි වේගයෙන් ම නාය යාම ය. එහි ජන පදනම විනාශ වීම ය. මෑත දී පැවැති සියලු මැතිවරණවලදී පසක් වූයේ එම සත්‍යයයි.
ජවිපෙ සිය ගමන් මග නැවත ආවර්ජනය කළ යුතු ය. තමන් දැන හෝ නොදැන සේවය කරන්නේ විජාතික පෙරමුණට බව අවබෝධ කරගත යුතු ය. සිදු වූ බලවත් පීලි පැනීම හඳුනා ගත යුතු ය. පක්ෂය දිනවිය හැක්කේ තමන් පෝෂණය කළ මතවාදය වෙත නැවත පැමිණීමෙන් බව එහිදි ඔවුනට පසක් වනු ඇත. ඒ වෙත ඒමට ඔවුන්ට උරුමයක් සහ අයිතියක් ඇත. එහෙත් ඔවුන් ඉන් පිට පැන වල්මත් වන විට ජනතාව ද වල්මත් නොවන වඟ පෙබරවාරී 14 වන දා නැවත සනාථ කරනු ඇත.

2009-01-03
කිලිනොච්චියෙන් ඔබ්බට
විරෝදාර ශ්‍රී ලංකා රණ විරුවෝ සිහින ඊලාම් දේශයේ හදවත වන් කිලිකොච්චියේ සිහ දජය එසවූහ. මේ වූ කලී ඊනියා ඊලාම් දේශයේ මිනී පෙට්ටියට අවසන් ඇනය ද ගැසීමකි. දැන් ඉතිරිව ඇත්තේ අලිමංකඩ සහ මුලතිව්වල සැඟව සිටින ත්‍රස්ත රැළ ද වනසා දැමීම පමණි. කෲර ත්‍රස්තවාදයෙන් නේක ගැහැට විඳි ජනතාව මේ ජයග්‍රහණයෙන් පස්වනක් ප්‍රිතියට පත්විය. එම විජයග්‍රහණය ජනපති විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නගර ගම් පසල් දනව් පුරා හෝරා ගණනක් ගිඟුම් දුන් රතිඤ්ඤා හඩ සහ ජය ඝෝෂා හඬ ප්‍රකාශ කළේ ඒ ප්‍රීතියයි. උපන්දා සිට අත පය වකුටු කරගෙන සිටි අපේ පරම්පරාවට රිසි සේ උතුරින් දකුණට ද දකුණින් උතුරට ද යාමට ඒමට හැකි වන දිනය අත ළඟ ය.
මේ අනඟි ජයග්‍රහනය පිණිස රට වෙනුවෙන් දිවි දුන් අභීත රණවිරුවන්ට අපි අපේ උත්තමාචාරය පුද කරමු! අත පය අහිමිව, තුවාල ලබා සිටින රණ විරුවන්ට ඉක්මන් සුවය පතමු! අපේ ආරක්ෂාවට සටන් බිම අවි දරා සිටින දේශයේ මුර දේවතාවුන්ට යෝධ බල යෝධ ශක්තිය පතමු! සතුරු බලමුළු පරයා මේ විනාශකාරී යුද්ධය හැකි ඉක්මනින් අවසන් කරනට ඔවුනට හැකි වේවායි පතමු! එමෙන් ම හමුදා ජයග්‍රහණ අවතක්සේරු කරමින් ද හූනෙකු තරම් කොටියා ඩයිනෝසරයෙකු තරම් පුම්බමින් ද දෙස් විදෙස් ද්‍රෝහීන් ඊලම බේරාගැනීමට එක පිට එක කළ කුමන්ත්‍රණ අබිමුව ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටි ජනතාව ද මේ මහා ජයග්‍රහනයේ උරුමකරුවෝ ය. මේ ජයග්‍රහණය ලැබුවේ 2002 හමුදා කඳවුරුවලට ගාල්කර කොඳු බිඳ තිබූ හමුදාවම බැවින් ඔවුන්ට නියම නායකත්වයක් ලබා දුන් ජනපති ප්‍රමුඛ ආරක්ෂක ප්‍රධානීන් ද අපේ බුහුමනට ලත්වෙයි.
ඇමරිකානු ආයතන දෙකක් ගත වූ දශක 4ක කාලය තුළ ලොව පුරා ක්‍රියාත්මක වූ ත්‍රස්ත සංවිධාන පිළිබඳ සමීක්ෂණයක් සිදු කර තිබේ. ඔවුනට අනුව මේ කාලය තුළ ලොව පුරා ත්‍රස්ත සංවිධාන 624ක් ක්‍රියාත්මක වී තිබේ. ඉන් 268ක් අතරමඟ සිය ත්‍රස්ත ක්‍රියා අතහැර දැමූ අතර 136ක් භේදභින්නව කැඩී ගියේ ය. තවත් 144ක් තවමත් ක්‍රියාත්මක වෙයි. ත්‍රස්ත ක්‍රියා නතර කළ කාණ්ඩයේ සංවිධාන 40%ක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය රහස් ඔත්තු සේවා විසින් අක්‍රිය කොට තිබේ. තවත් 43%ක් සාම සාකච්ඡා මගින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට පිවිස තිබේ. 10%ක් සංවිධාන සිය කැරලි ජයගෙන තිබේ. මේ අනුව ලොව පුරා 90%ක ප්‍රතිශතයකින් ත්‍රස්තවාදය පැරදි තිබේ. ජය ලබා ඇති 10%ක දුලබ අවස්ථාවල ද ඊට ප්‍රධාන සාධකය වී ඇත්තේ ජනතා සහයයි.
මේ වන විට කොටි සංවිධානයට පක්ෂපාති පිරිස් දැන් විශාල වශයෙන් ඉන් ඉවත් වී හමාර ය. ඔවුන්ට දැන් බලපෑම් කළ හැක්කේ ප්‍රාණ ඇපයට ගෙන සිටින ලක්ෂ 150 000 ජනතාවකට පමණි. මේ වන විට ත්‍රස්තග්‍රහණයේ ඇති දෙමළ ජන පිරිස 10% අඩුය. 90%ක් පමණ වන දෙමළ ජනතාවක් ලංකා ආණ්ඩුවේ පාලන පෙදෙස්වල ජීවත්වෙයි. තව දුරටත් ඊලාම්වාදීන්ට ඊලාම් සිහින දැකීමේ හැකියාවක් නැත. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසෝති සරවනමුත්තු විදෙස් මාධ්‍ය අමතා පැවසුවේ කොටි වසර 10ක් පමණ උතුරු නැගෙනහිර අර්ධ ස්වාධීන රාජ්‍යක් පවත්වා ගෙන ගිය බවත් කිලිනොච්චිය අහිමිවීම සමඟ එය බිඳ වැටුණු බවත් ය. ඔහුගේ ප්‍රකාශයෙන් කිලිනොච්චි ජයග්‍රහනයේ වැදගත්කම කෙතරම්දැයි ප්‍රකට වන අතර එය අවතක්සේරු කිරීමට මෙරට මිනිසුන්ට සිරසක් නැතැයි සිතන කොටි නාළිකාව සුළු සිදුවීමක් අතිශ්‍යොක්තියට නැගීමට ගත් උත්සාහය බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතු ය. ඔවුන්ගේ මේ දේශද්‍රෝහී ක්‍රියාකළාපය අප මීට පෙර ද පෙන්වා දී ඇත.
වරක් චීන නායක මාවෝ සේතුං පැවසුවේ කැරලිකරුවන් නිදහසේ පිහිනා යන්නේ ජනතාව නමැති දියෙහි බව ය. එනම් ඔවුන් ආරක්ෂා කරන්නේ ජනතාව බව ය. මේ සත්‍ය දේශප්‍රේමී ජනතාව වහා අවබෝධ කරගත යුතු ය. ත්‍රස්තවාදයෙන් වෙන්ව ත්‍රස්තවාදයෙන් බේරී එන හැමට සිය සහෝදරත්වයේ දෑත් දිගුකළ යුතු ය. දශක 3ක් පමණ ත්‍රස්තවාදය නිසා ඔවුන්ට අහිමි වූ දේ ලබා ගැනීමට උදව් විය යුතු ය. කිසිදා සිංහලයකු දැක නැති ඔවුන් සිංහලයා යනු මිනී කන මාරයෙකි යන මායාවේ තවමත් ගිලී සිටිනවා විය හැකි ය. ඊට වැරදිකරුවන් ඔවුන් නොවේ. ඒ මායාවේ ඔවුන් ගිල්වූයේ ත්‍රස්තයින් සහ උන්ගේ පඩි ලැයිස්තුවල නම් ඇති ජඩමාධ්‍යකරුවන් ය. තුත්පහි එන්ජීඕ කරුවන් ය. මුදා නොගත් ප්‍රදේශවල සිටින දෙමළ ජනතාවට හමුදාව සිටින ප්‍රදේශවලට නොඑන්නැයි බීබීසීය සිය දෙමළ සේවා වැඩ සටහන් ඔස්සේ පුප පුනා කියන බැව් මාධ්‍ය වාර්තා කර තිබිණි.
මෙවන් තත්ත්වයක් යටතේ හමුදා ජයග්‍රහණ අර්ථවත් කිරීමේ වගකීම ඇත්තේ ඔබ අතේ ය. එනම් ඔවුන්ගේ කළණ මිතුරා සිංහලයා බව පෙන්වා දීමේ හැකියාව ඇත්තේ ඔබට ය. ඔවුන් මහා මිත්‍යාවක ගිලී සිටි බව පසක් කළ හැක්කේ ඔබට ය. ඔබ සමග සිටින දෙමළ මිතුරන්ට ඔබේම සහෝදරයෙකුට මෙන් සලකන්න. ඔවුන්ගේ දුක සැප සොයා බලන්න. ඔවුන්ට සැකයේ වෛරයේ ආගාධයෙන් ගොඩවිත් සාමාන්‍ය ජන ජීවිතයට හුරුවීමට සහයවන්න. විරෝදාර හමුදාව අසීමිත කැප කිරීම් කොට ලේ දහඩිය කඳුලු මතින් ලැබූ මේ වටිනා ජයග්‍රහනය හෑල්ලුවට ලක් නොකරන්න. උතුරේ ලබන ජය සිංහලයා දෙමළා පරාද කිරීමකැයි සිතීම ද දකුණ විසින් උතුර පරාද කිරීමකැයි සිතීම ද ඒ ජයග්‍රහන සඳහා කළ හැකි ලොකු ම නින්දාව ය. විරෝදාර රණවිරුවන්ට රටට කළ හැකි ලොකු ම ද්‍රෝහීකම ය. සිතට ගන්න. මේ වූ කලී සිංහල දෙමළ මුස්ලිම් සැම එක පොකුරට එක්ව ත්‍රස්තවාදය කරාජය කිරීමකි. ඉන් අපේ උතුම් මව්බිම ගළවාගැනීමකි.
මව්බිමේ ඒකීයත්වය පිණිස කැප වන සැම සිංහලයින් මිස අනෙකෙකු නොවේ. ඔහුගේ ඇයගේ නම සෝමසිරි විය හැකි ය. නටරාජා විය හැකි ය. සෙනෙහෙලතා හෝ සෙල්ලම්මා විය හැකි ය. ඉන් කමක් නැත.

Subscribe to:
Posts (Atom)