Showing posts with label සංස්කෘතික ප්‍රවණතා. Show all posts
Showing posts with label සංස්කෘතික ප්‍රවණතා. Show all posts
2018-01-18
සිංහල සිංදු කියන කුරුල්ලෝ...
සවස 6.5ට කොළඹ කොටුවේ සිට මාතර බලා ගමන් කරන දුම්රියට මම පසුගිය සඳුදා බම්බලපිටියෙන් නැගුණේ පානදුරට යාමටය. එහි පාපුවරුවේ සිගරට්ටුවක් උරමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිටි තරුණයන් තිදෙනා වෙත මම නොරුස්නා බැල්මක් හෙළුවේ මට සිගරට් දුම අප්‍රිය නිසා සහ අක්‍රීය දුම්පානය භයානක බව දන්නා නිසා පමණක් නොව පොදු ස්ථානවල දුම්පානය තහනම් නිසාය.
ඒ බැල්මේ අරුත අවබෝධ කරගත් තරුණයකු මෙතෙක් කතා කරමින් සිටි බස එක වරම මාරු කර දෙමළ බසින් සිගරට්ටුව උරමින් සිටි තරුණයාට යමක් කී අතර ඔහු පාපුවරුව දෙසට මාරු විය. මෙතෙක් කිසිදු වෙනසක් නැතිව සිංහලෙන් කතා කරමින් සිටියේ ජනප්‍රිය අරුතින් සිංහල යැයි හඳුන්වන පිරිසට අයත් නොවන තරුණ පිරිසක් බව ප්‍රථම වරට මා දැනගත්තේ එවිටය. ඔවුන් දෙමළ තරුණයින් බව මගේ අනුමානය විය.
අනතුරුව ආරම්භ වූයේ සංගීත සාජ්ජයකි. ඔවුන් ගැයුවේ සිංහල සින්දුය. අමරදේව, ජෝතිපාල, කපුගේ, සනත්/මල්කාන්ති නන්දසිරිගේ මුලදි බැන්ද, බිම්බරක් සෙනග, හිච්චි නගේ ආදි ගී ඇතුළු බොහෝ ගී ඒ අතර විය. හිතුවක්කාරයි නුඹ නම් සොඳුර වැනි නව ගී ද ඒ අතර විය. අපට අප්‍රිය හිතෙන කරච්චල් ගී කිසිවක් ඔවුන් ගැයූවේ නැති බව උදක්ම කිව යුතුය.
කිසිදු දෙමළ හින්දි ගීයක් ඔවුන් ගැයුවේ නැත. මා අසා නැති ගීත ඒ අතර විය. එවැනි ගීයක එක් කොටසක් වූ 'රට ජාතිය ආගම ගැන හොඳින් ඉගෙන ගන්න ඕන' නම් අන්තරා කොටස මට හොඳින් මතකය. මා දුම්රියට නගින විට සිගරට්ටුවක් උරමින් සිටි තරුණයා මේ ගී ඉතා මිහිරි ලෙස ගැයුවේය. යාබද සිටගෙන සිටි පිරිසද නිතැතින්ම එහි මිහිරි තාලයට දුම්රිය බිත්තිවලට දොරට තට්ටු කරමින් රාග තාල අල්ලන්නට වූහ. මම ද ඔවුන්ට එක් වුණෙමි.
මා අසල සිට කෙනෙකු මේ අතර තරුණයන්ගේ වගතුග විමසුවේය. ඔවුන් වැලිගම කඩේවත්ත නම් ගමේ මුස්ලිම් තරුණ පිරිසකි. ඔවුන්ගෙන් තොරතුරු විමසූ අයියාගේ මුල් ගමද කඩේවත්තය. දැන් ඔහු කළුතර වෙසෙයි. ඔහු පැවසුවේ එම ගමේ සිංහල ජනතාව සමග මුස්ලිම් ජනතාවද ඉතා සමගියෙනි ජීවත් වන බවය. මේ සමගිය නිසාම ඔවුන් ආගමින් මුස්ලිම් වුවද හොඳින් සිංහල කතා කරන සිංහල සිංදු කියන පිරිසක් බවට පත්ව තිබේ. ඔවුන්ගේ සිගරට් පානය ද ඒ ඇසුරේම අනිටු පලයක් විය හැකිය.
මම ඔවුන්ට සුබ පතා පානදුරෙන් බැස ගියෙමි. ඔවුන් පෙරලා මට සුබ පැතුවේ මහත් ඇල්මකිනි. අපේ රටට මෙවැනි පිරිසක් බිහිකර ගත හැකි නම් දාගැබ් ඩෝසර් කරන අන්තවාදය ඔවුන් ලවා පරාජය කළ හැකිය. මේ පිරිස සිංහල මුස්ලිම්ලා ලෙස හැඳින්වීම වඩා නිවැරදිය.
සිංහල ගීතය උපන් සිංහල සංස්කෘතියට ඔවුන් ක්‍රමයෙන් අවශෝෂණය වෙමින් අැත. අප කළ යුත්තේ ඒ අපූරු නිර්ව්‍යාජ සමගියට සංහිඳියාවට ගල් නොපෙරලා දිය පොහොර සැපයීමය. රටේ අනෙකුත් ප්‍රදේශවලද ඒ සඳහා ඉඩ හසර පෑදීමය. ඊනියා සංහිඳියාව නාමයෙන් කරන සියලු වාර්ගික බෙදීම් ඒ සඳහා මග අවුරාලන මරු වැල්ය.
2016-12-20
සිඳු දැකලා සම-හරක් කුලප්පු වෙන්නේ ඇයි?
මම ටෙලි නාට්‍ය රසිකයෙක් නොවෙමි. මම සිඳු බලන්නේද නැත. එහි කොටස් කිහිපයක් නැරඹීමි.
බාල බොළඳ මූසල ගොබ්බ ඉන්දීය ටෙලි නාට්‍ය වසංගතයට ගොදුරු වී සිටි මෙරට ටෙලිනාට්‍ය රසිකයින් ඉන් මුදවා ගෙන නැවත මෙරට පොළවේ සිටවූයේ සිඳුය. මේ වන විට ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිය එයයි.
එය දඬුබස්නාමානය හො වෙද හාමිනේ මෙන් විශිෂ්ට නැත. එහෙත් නැවත එවැනි විශිෂ්ට ටෙලි නාට්‍ය බිහිවන යුගයක් සඳහා පේක්ෂකාගාරය තවමත් සුදානම් බව සිඳු සනාථ කර ඇත.
බාල බොළඳ තුප්පහි ඉන්දීය ටෙලිනාට්‍ය පුනක්කු සිය ගණනක් ඇඩ් නරඹන අතර ගිල්වන ලද පේක්ෂකාගාරයට එරෙහිව කටයුතු නොකළ අමන කුහකයෝ සිඳුට එරෙහිව අවි ඔසවති.
ඉන්දීය ටෙලිනිලියන් මෙරට පාරවල් ගානේ මල් ඉසිමින් රැගෙන යන කල සිංහලයින්ට සිනාසුනු අමන තක්කඩි සෝරත හාමුදුරුවන් එතැනට පත්වීම ගැන කුහක කමින් පැසවන්නට පටන්ගෙන ඇත. පොඩි එකෙක් විකුණාගෙන කතියි දුක්වෙති. මුන් මීට පෙර කිසිඳු නිර්මාණයක ළමා නළු නිළියන් දැක නැත. අදෝමැයි.
එවැනි අඳබාලයින්ට අනුකම්පා කිරීම හැර කළ හැකි යමක් නැත. අපට අවැසි ඉන්දීය බොළඳ ටෙලි පල්හෑලි පරාජය කළ හැකි නිර්මාණය. ඒ නිර්මාණවල අප පරිණත නැතැයි සිතන යම් යම් සීමා පැවතිය හැකිය.
එහෙත් ඒවා අනාගතය වෙනුවෙන් ඉවසිය යුතුය. ඒ ඔස්සේ ඉදිටෙ යා යුතුය. දැන් සෙසු නිර්මාණකරුවන්ගේ වගකීම සිඳු කෙළවර නැවත රටේ පේක්ෂකාගාරය බාල හින්දි ටෙලිපල්හැලිවලින් පිරීමට ඉඩ නොදෙන පේක්ෂක ආකර්ශනය ලබාගත හැකි සාර්ථක නිර්මාණ කිරීමය.
සිඳුට එරෙහි ඇතැමුන් තුළ ඇත්තේ කුහක සිංහල බෞද්ධ විරෝධය බව නොකියාම බැරිය. සිවුර දුටු විට ඇඟ ලේ මස් කකියන කුහකයින්ට එය දරාගත නොහැකිය. එහෙත් සිඳු පටු ආගම්, වර්ග සීමා පරයා රටම එක්සේසත් කර ඇත. බොහෝ අබෞද්ධ පිරිස් සිඳු ආශාවෙන් බලන බව මම දනිමි. මේ කුහක ද්වේශ සහගත විචාරවලට හේතුවද එයම විය හැකිය.
කෙසේ වුවද සිඳු වඩා එක්වූ රටේ පේක්ෂකාගාරය නැවත විසිරෙන්නට ඉඩ නොතබා සාර්ථක නිර්මාණ කරනු පිණිස කාලය නොයොදා විවිධ පටු පරමාර්ථ ඇතිව මේ යුගයේ නිර්මාණය කළ සාර්ථකම ටෙලිනාට්‍ය වෙත ගැරහීම අමු කුහකකමකි. රටේ ටෙලිනාට්‍ය කර්මාන්තයට මෙන්ම පේක්ෂකයින්ටද බලවත් අපරාධයකි.
මම සිඳුට සුබ පතමි. ඒ පිටුපස සිටින සැමට සුබ පතමි. ඔබේද වගකීම බුරන බල්ලන්ට ගල් ගැසීමට නතර නොවී මේ විජයග්‍රහණය රටේ මුල් ඇද තහවුරු කිරීම සඳහා ධෛර්යයෙන් කටයුතු කිරීම බව සිහිපත් කරමි. ජය!!!
2013-07-15
ගව ඝාතන විරෝධයේ පදනම කුමක් ද?
සිංහල බෞද්ධ සමාජය තුළ ගව ඝාතනය විරෝධය නැවත ඉස්මතු වී තිබේ. බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිගේ ජීවිත පූජාව ඒ සඳහා ආසන්නතම හේතුව යැයි සිතිය හැකිය. මේ සමඟ ඇතැම් පළාත්වල ගව ඝාතකාගාර වැසී යමින් පවතින අතර කලක් යටපත් වී තිබූ ගව ඝාතන විරෝධී සංවාදය ද නැවත එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබේ. මේ සංවාදයට එක් වන බොහෝ දෙනෙකු එය ආගමික පදනමින් විග්ර්හ කිරීමට උත්සාහ කරනු දැකිය හැකිය. බුදුන් වහන්සේ බෞද්ධයින්ට මස් කෑම තහනම් කළේ ද? අඩු තරමින් ගව මස් කෑම තහනම් කළේ ද? පව් සිදුවන්නේ ගවයින් මැරූ විට පමණ ද? සිංහල බෞද්ධයින් ඌරන් කුකුළන් වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඇයි? ගව ඝාතන විරෝධය පටු ආගම්වාදී සටනක් නොවේද? ආදී විවිධ ප්‍රශ්න මේ වන විට පැන නැඟී තිබේ. ඒවාට තම තම නැණ පමණින් පිළිතුරු ද සම්පාදනය කොට තිබේ. ගව ඝාතන විරෝධි සටනට එරෙහි වන්නෝ බෞද්ධ දර්ශනය මත නොව මහා වීරතුමාගේ ජෛන දර්ශනය මත පදනම්ව කරුණු දක්වනු පෙනේ. අනෙක් අතට බෞද්ධ දර්ශනය අනුව වුව ද ගව ඝාතන විරෝධයේ සැබෑ පදනම අවබෝධ කරගත නොහැකිය. එයට හේතුව ගව ඝාතන විරෝධය හුදු ආගමික මූලයකින් නොව සංස්කෘතික මූලයකින් පැන නැඟීමය. එකී සංස්කෘතික මූලය ආගමික බලපෑමින් විනිර්මුක්ත බවෙක් ඉන් නොඇඟවේ. මේ කෙටි ලිපියේ අරමුණ ගව ඝාතන විරෝධයේ සැබෑ පදනම එනම් සංස්කෘතික පදනම අවබෝධ කරගැනීම සඳහා මඟ පෙන්වීමක් කිරීමය.
මිනිසා ශිෂ්ටාචාරය පුරා තමා ජීවත්වන පරිසරය වඩා සුවදායි කරගැනීම සඳහා මහා අරගලයක නිරත වෙයි. තමා ජීවත්වන ප්‍රදේශයේ දේශගුණය, භෞතික පිහිටීම, භූ විෂමතාව, ආර්ථික ක්‍රමය, ආගම ආදී සාධක සමඟ ඔහු වසර සිය ගණනක් ගනුදෙනු කරයි. විවිධ ප්‍රශ්නවලට මුහුණදෙයි. ඒ ඔස්සේ නේක අත්දැකීම් ලබයි. ඒ අත්දැකීම් දැනුම මත ඔවුන්ට ආවේණික සිරිත් විරිත් ඇගයුම් විශ්වාස පද්ධති හැසිරීම් රටා නිර්මාණය වෙයි. සමාජයෙහි පොදු යහපත අරමුණු කොට ගෙන නිර්මාණය කරගනු ලබන මේ ඇගයුම් පද්ධතියට සංස්කෘතිය යැයි කිව හැකිය. සංස්කෘතිය යනු හැදියාව යැයි ඉතා සරලව කිව හැකිය. පෙර සඳහන් කළ පරිදි මිනිසාට ශිෂ්ටාචාරගත වීමේදී මුහුණපෑමට සිදුවූයේ එක සමාන දේශගුණික, භෞතික, ආර්ථික සහ ආගමික සාධකවලට නොවේ. එනම් එම සාධක ප්‍රදේශයෙන් ප්‍රදේශයට ශිෂ්ටාචාරයෙන් ශිෂ්ටාචාරයට වෙනස් විය. මේ නිසා ඔවුන් මුහුණ පෑ ගැටලු මෙන්ම ලැබූ අත්දැකීම් ද එකිනෙකට වෙනස් වූ අතර ඒවා පදනම් කරගෙන බිහි කරගත් සිරිත් විරිත් ඇගයුම් විශ්වාස පද්ධති එනම් සංස්කෘතීන් එකිනෙකට වෙනස් විය. වෙනත් ලෙසකින් කිවහොත් බඳුනකට ජලය දමන විට ජලය බඳුනේ හැඩය ගන්නාක් මෙන් ඒ ඒ දේශගුණික, ආර්ථික, ආගමික සාධක නමැති බඳුන් තුළ මිනිස්සු ඒ ඒ බඳුන්වල හැඩයට අනුගත වූහ.
භාරත සංස්කෘතියට හින්දු ආගම පදනම් වූ අතර ලංකා සංස්කෘතියට පදනම් වූයේ බුදු දහමය. බෞද්ධ සහ හින්දු ආගම්වල සතුන් සමඟ ඇති සබඳතාව ඉතා ප්‍රබලය. ජාතක පොතේ සඳහන් පරිදි බෝසතුන් වහන්සේ විවිධ සත්ව ජන්මයන්හි උපත ලැබූහ. විටෙක බෝසත් හාවෙකි. විටෙක බෝසත් ගවයෙකි. විටෙක වඳුරෙකි. තවත් විටෙක ඇතෙකි. සංඝයා අතර ඇති වූ භේදයක් නිසා වරක් වනයට වඩින බුදු රදුනට සමසක් උවටැන් කරන්නේ පාරිලෙයිය නම් ඇතෙකි. මුචලින්ද නාගයා, නාලාගිරි ඇතා බුද්ධ චරිතයේ විවිධ අවස්ථා සමඟ සම්බන්ධ වෙයි. අනෙක් අතට ගවයා, වඳුරා ආදී සතුන් හින්දු ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර විය. (එහෙත් කතෝලික හෝ ඉස්ලාම් ආගම්වල එවන් සමීප සබඳතාවක් ඇතැයි කිව හැකි නොවේ. කතෝලික දහම තුළ ජේසුතුමා ගව ලෙනක උපත ලැබීම සහ වරක් බැටලු රංචුවක් සමඟ සිටීම වැනි අවස්ථා කිහිපයක් දැකිය හැකි වුවත් ඉස්ලාම් දහම තුළ එවන් අවස්ථා ඇති ද යන්න සැක සහිතය.) මෙම ආගමික භාවිතයන් කාලයත් සමඟ ඒවා අනුගමනය කරන ප්‍රජාවෙහි සංස්කෘතිය සමඟ බද්ධ වෙයි. ප්‍රජාවෙහි චින්තනය සිතුම් පැතුම් රුචි අරුචිකම් තීරණය කරනු ලබන්නේ සංස්කෘතිය විසිනි. ආගම් ඔස්සේ සංස්කෘතියට අවශෝෂණය කරගත් මෙකී සත්ව සබඳතාව නිසා බුදු දහම පදනම් කරගත් සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ද හින්දු දහම පදනම් හින්දු සංස්කෘතිය තුළ ද ආහාර සංස්කෘතිය බෙහෙවින් නිර්මාංශ විය. එමෙන්ම සිය සංස්කෘතිය තුළ බුහුමනට පාත්රත වන සතුන් ඔවුහු සුවිශේෂ කොට සැලකූහ.
ඒ ඒ සංස්කෘතීන් නිර්මාණය වීමේදී ආර්ථික ක්රිමය නැතහොත් ජීවන ක්ර්මය බලපාන බව පෙර ද සඳහන් කළෙමි. ඒ අනුව ගත් කල භාරතීය ශිෂ්ටාචාරය මෙන්ම ලංකා ශිෂ්ටාචාරය ද කෘෂිකාර්මික ශිෂ්ටාචාර යැයි කිව හැකිය. ඝර්ම කලාපයෙහි පිහිටි මේ දෙරටෙහි ඇත්තේ කෘෂිකාර්මික කටයුතු සඳහා උචිත සමසීතෝෂ්ණ දේශගුණයකි. එහෙයින් ඔවුහු ගංගා නිම්න ආශ්‍රිතව සිය ජනාවාස නිර්මාණය කොට ගත්හ. එම ගොවි සමාජවල වැසියාට සිය ජීවනෝපාය සඳහා ගවයා නැතිවම බැරි සම්පතක් විය. පස්ගෝ රස ලබා ගැනීම, කුඹුරු සී සෑම, ගැල් ඇදීම, සම් භාණ්ඩ, ගොම පොහොර ලබා ගැනීම ආදිය ඒ අතර ප්‍රමුඛ විය. එම සමාජවල මුල් යුගයෙහි ගව මස් කෑවේ යැයි අනුමාන කළ හැකි වුව ද උගෙන් ලද මහත් ප්‍රයෝජන සලතා පසුව එයට එරෙහිව සමාජ මතයක් නිර්මාණය වූයේ යැයි සිතිය හැකිය. ගවයින් මරණ තැනැත්තා මරා දැමිය යුතු බව අර්ථ ශාස්ත්‍රයෙහි සඳහන් වෙයි. මහත්මා ගාන්ධිතුමා ගවයා හැඳින්වූයේ දශ ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානුවන්ගේ අම්මා ලෙසය. මෙලෙස භාරතීය ශිෂ්ටාචාරය ගොඩ නැගීමෙහිලා ගවයා ඉටු කළ මහත් කාර්යභාරය නිසා ගවයා එම ආර්ථිකය දරා සිටින ස්ථම්භයක් වූ නිසා ඌ එම ශිෂ්ටාචාරයෙහි වරප්‍රසාදිත සත්වයෙකු බවට පත්විය.
භාරතයෙහි මෙන්ම ලංකා සංස්කෘතියෙහි ද ආර්ථික පදනම වූයේ කෘෂිකාර්මාන්තය වන අතරම සිංහලයාගේ ප්‍රධාන ආහාරය බත්ය. ඒ නිසා ඔවුන්ගේ ප්‍රධාන වගාව වූයේ වීය. එහෙයින් සිංහල සංස්කෘතිය සහල් සංස්කෘතියක් යැයි කීව ද එහි වරදක් නොමැත. ඒ තුළ ගවයාට සුවිශේෂ තැනක් ලැබිණි. බොහෝ විට සිය නිවෙස්හි ඇති කළ ගවයා සැලකුණේ තම පවුලේ සාමාජිකයෙකු ලෙසිණි. උන් ඇමතුයේ රත්ති, හඳයා, තොප්පියා, වයිරා, වල්ලියා වැනි හුරතල් නම්වලිනි. ගවයින් ලවා සීසාන විට සිංහල ගොවීන් අඩහැර පෑවේ 'සුරතල් මීමෝ' 'බුදුන් දැක නිවන් දැකපන් මයෙ වහු දරුවෝ' 'පින් අයිති වෙයි උඹලට මයෙ අප්පච්චියෙ' 'දෙවි රැකවරණයි මයෙ වස්තුවෙ' ආදී කාරුණික වඳන්වලිනි. තමන්ගේ ජීවිත සරුසාර කොට දෑස් පියාගන්නා ගවයාට සිය පවුලේ ඥාතියෙකුට මෙන් පාංශුකූලයක් දීමට ද දානමාන දී පින් අනුමෝදන් කිරීමට ද හේ කාරුණික විය. මේ දැඩි සබඳතාව නිසා සිංහල බෞද්ධයෝ කවදත් ගව මස් කෑම පිළිකෙව් කළේය. ආචාර්ය හේම එල්ලාවල මහතා සිය 'පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය' නම් කෘතියේ මෙසේ සඳහන් කරයි. "මස් සඳහා ගවයන් ඇති කළ බව පැවසෙන එකම සඳහනක් වත් අපට කිසිම තැනක හමු නොවූ බව විශේෂයෙන් සැලකිය යුතුය. අප මුලින් පෙන්වා දුන් පරිදි ගවමස් ආහාරයට ගැනීම උසස් කුලවතුන්ට සම්පූර්ණයෙන් ම තහනම් විය. ගවමස් ආහාරයට ගන්නා අය චණ්ඩාලයන් ලෙස සලකනු ලැබූහ." "ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය. ... ගෙරිමස මුවෙහි නොතබන්නේය" යැයි රොබට් නොක්ස් සිය එදා හෙළදිව කෘතියෙහි පවසා තිබේ. අනගාරික ධර්මපාලතුමා “ගවමස් කන්ට එපා. ගවයා මරන්ට දෙන්ට එපා. ගවයන් මරණ තැනකට යන්ට එපා. ගවයන් මරණ තැනැත්තා චණ්ඩාල රොඩියෙකි. ගව මස් කන එකා රොඩී රැලට දාන සිරිතක් පෙර ලංකාවේ තිබුණි.” යැයි ප්‍රකාශ කළේ සිංහලයාට සිය ශිෂ්ටාචාරය ගොඩනැගීමට හරි හරියට උර දුන් ගවයාට කෘතගුණ සැලකීමේ අවශ්‍යයතා නිසා විය යුතුය. මේ අනුව සිංහල බෞද්ධයින් ගව මස් කෑම පහත් කොට සැලකූ බව ඊට විරුද්ධව නීති පවා සම්පාදනය කොට තිබුණු බවත් පැහැදිලිය.
භාරතීය සංස්කෘතිය නිර්මාණය වීමෙහිලා ආගමික පදනම සැපයූවේ හින්දු ආගම විසිනි. හින්දු ආගම තුළ මෙන්ම ජෛන ආගම තුළ ද ගවයාට හිමිවූයේ සුවිශේෂ ස්ථානයකි. වෛදික යුගයේ සිටම ගවයා සෞභාග්‍යයේ මෙන්ම ධර්මයේ සංකේතය ලෙස ද සැලකිණි. එමෙන්ම ගවයා ශිව දෙවියන්ගේ වාහනය ලෙස ද සැලකේ. එපමණක් නොව ගවයා, හින්දුගේ මහත් සම්භානාවට පාත්‍ර වන ක්‍රිෂ්ණා දෙවියන් පෙනී සිටින දස අවතාරවලින් එකක් ලෙස ද සැලකේ. එමෙන්ම මී ගවයා මාර දිව්‍ය පුත්‍රයාගේ වාහනය ලෙස ද සැලකේ. සුරභි ධේනුව සිතු පැතු සම්පත් ලබා දෙන ගවඟනක බව ද විශ්වාස කෙරිණි. පංච තන්ත්‍රයේ එන වර්ධමානක සිටුතුමා සංජීවක සහ නන්දික නම් සිය ගව රැළේ සිටි ගවයින් දෙදෙනා කෙරෙහි අතිශයින් ළෙංගතු විය. මේ ආගමික පදනම නිසා අදත් ඉන්දීය මෙන්ම ලාංකේය හින්දූහු ද තෛපොංගල් උත්සසවය පවත්වා ගවයාට කෘතගුණ සලකති.
ලාංකේය සංස්කෘතිය බිහිවීමෙහිලා ආගමික පදනම සැපයුණේ බුදු දහමිනි. බුදුන් වනාහි භාරතීය වෛදික නැතහොත් හින්දු සංස්කෘතිය තුළ ඉපිද බුද්ධත්වය ලබාගත් මහා පුරුෂයෙකි. එහෙයින් උන්වහන්සේගේ ධර්මය තුළ ගවයාට සුවිශේෂ තැනක් ලැබීම පුදුමයට කරුණක් නොවේ. බෝසතුන් වහන්සේ නන්දිවිසාල ජාතකයෙහි නන්දි නම් ගවයා ලෙස උපත ලැබූහ. උන්වහන්සේ ගාවි උපමා සූත්‍රය දේශනා කළේ ගව දෙන උපමා කරගෙනය. ගව සම්පත තරම් වටිනා ස්වභාවික සම්පතක් නැතැයි (නත්ථි ගොසමිතං ධනං) බුදුන් වහන්සේ වදාළහ. තව ද පස්ගෝ රස සපයන ගවයා ජාතියෙහි මිතුරා යැයි (ගාවො නො පරමා මිත්තා යාසු ජායන්ති ඔසාධා) වදාළහ. ගව යන අර්ථයෙහි යෙදෙන වෘෂභ ශබ්දය, 'මුනිපුංගව' 'මුනිවැහැප්' ආදී වශයෙන් බුදු රදුන් ඇමතීමට ශ්‍රේඨාර්ථයෙහි යෙදිණි. ලංකා සංස්කෘතිය නිර්මාණය වීමෙහිලා පදනම් වූයේ මෙකී බුදුදහම හෙයින් ඒ සංස්කෘතියෙහි ශික්ෂණය ලද සිංහලයා ගව මස් පිළිකුල් කිරීම හෝ ගව ඝාතනයට විරුද්ධ වීම පුදුමය කරුණක් නොවේ. අනෙක් අතට ඉතිහාසය පුරා භාරතීය රාජ්‍යයන් සමඟ පැවති සබඳතා නිසා හින්දූ සංස්කෘතියෙහි බලපෑමද සිංහලයාට ලැබිණි. ඔහුගේ වන්දනාමානයට පාත්‍ර වන දෙවිවරු හින්දු දෙවිවරුය.
ඉහත දැක්වූ කරුණුවලින් අනාවරණය වන මූලික කාරණාව ගව ඝාතන විරෝධයට පදනම් වන්නේ සංස්කෘතික බවය. එම සංස්කෘතිය නිර්මාණය වීමෙහිලා බලපෑ ආර්ථිකය සහ ආගම තුළ ගවයා සුවිශේෂ භූමිකාවක් නිරුපණය කළ බව අවිවාදිතය. වෙනත් ලෙසකින් කිවහොත් ගව ඝාතන විරෝධය ද ගව මස් කෑම පිළිකුල් කොට සැලකීම ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ලක්ෂණයකි. මේ අනුව ගව ඝාතන විරෝධය පිළිබඳ මෙරට පවතින සංවාදයෙහි පදනම නිවැරදි නොවන බව පැහැදිලිය. සංස්කෘතික පදනමක් සහිත සංසිද්ධියක් පිළිබඳ ආගමික පදනමක පිහිටා පිළිතුරු සෙවීම ගඟට ඉනි කැපීමකි. උඳු වපුරා මං පැතීමකි. එහෙයින් සිංහල බෞද්ධයා ගවයාට පමණක් කරුණාව දක්වන්නේ ඇයි? සෙසු සතුන් මැරූ විට පව් සිදු නොවන්නේ ද? වැනි ආගමික ප්‍රශ්නවල මෙන්ම ඒ සඳහා සම්පාදනය වන ආගමික පිළිතුරුවල ද කිසිදු තාර්කික පදනමක් නොමැත. ගව ඝාතන විරෝධය හුදු පව් පිං පිළිබඳ පදනම් කරගත් ආගමික මූලයක් ඔස්සේ නොව සියුම් සංස්කෘතික මූලයක් ඔස්සේ පැන නඟින්නකි. එය තාර්කිකව හෝ පොතේ බුද්ධාගමින් අවබෝධ කරගත නොහැකි අතර සිංහල බෞද්ධ සමාජය සුහදව ඇසුරු කිරීමෙන් අවබෝධ කරගත යුත්තකි. අනෙක් අතට බෞද්ධයෙකුට වුව ඔහු සංස්කෘතියෙන් සිංහල බෞද්ධ නොවන්නේ නම් මේ කාරණාව අවබෝධ කරගැනීම උගහටය. අපේ උගතුන් බොහෝ දෙනෙකු අද මුහුණපා ඇති ගැටලුව එයයි.
සිංහල බෞද්ධ බහුතරය ගොවීහු හෝ ගොවීන්ගෙන් පැවත එන්නෝ වෙති. ඔහුගේ ප්‍රධාන වගාව වීය. ඔහු සිතන පරිදි වී බුද්ධ භෝගයකි. ගොයම් නෙළා කුරුලු පාළුව යැයි කුරුල්ලන්ට කොටසක් ඉතිරි කරන ඔහු වි කරල් අහුරක් සිය නිවසේ බරාදයේ කුරුල්ලන් වෙනුවෙන් එල්ලා තබයි. ඔහුගේ සියලු සංස්කෘතික කෑම නිර්මාංශය. ඔහු නිර්මාංශ නොවුණ ද ඔහුගේ කෑම වේලට මස් මාංශ අනීවාර්ය හෝ ප්‍රමුඛ කොටසක් නොවිණි. ඔහු නිතර සිය නිවෙසට පැමිණි පසුව අතුරුදන් වූ තලගොයාට නිවන් සුව පතයි. හේන් ගොවිතැනට කැලේ කොටා ගිනි තැබීමට පෙර සතුන්ට ඉවත්ව යන්නැයි ආයාචනා කරයි. සිංහල ගැමි ලිය කිසි විටෙක උණු වතුර සිසිල් වන තුරු බිමට විසි නොකරන්නීය. දිනපතා කාක පොල් කටුවට බත් මිටක් දමන්නීය. පොහෝ දිනවල බිත්තර නොපුපුරවන්නීය. මහ මඟ බල්ලෙකු මැරී සිටිය ද අනේ අපොයි කියන්නීය. අසංස්කෘතික අධ්යාපපනය, වානිජකරණ සුනාමිය සහ තිස් වසක කුරිරු ත්‍රස්තවාදය හමුවේ එම සංස්කෘතියෙහි ඇතැම් අංග වියැකි ගිය ද එම සංස්කෘතික පදනම් මුලිනුපුටා දැමීමට සමත් වී නොමැත. නැතහොත් තවමත් ජාතියේ ආධ්‍යාත්මය මිය ගොස් නොමැත.
සෑම සමාජයකම එක් ප්‍රධාන සංස්කෘතියක් තිබේ. ඒ කතෝලික, හින්දු, ඉස්ලාම් හෝ බෞද්ධ විය හැකිය. ඒ ඒ සංස්කෘතිවල ඒවාට ආවේණික ඇගයුම් පද්ධති, සිරිත් විරිත් තිබේ. එහි ජීවත් වන්නාගේ චින්තනය සිතුම් පැතුම් සකස් වන්නේ ඒ මතය. සිංහල බෞද්ධයින් ගව මස් නොකන්නේ ඒ සංස්කෘතික බලපෑම නිසාය. මුස්ලිම් අය ඌරු මස් නොකන්නේ ඒ නිසාය. හින්දු ජනතාව ගව මස් නොකන්නේ ඒ නිසාය. එංගලන්ත වැසියා බලු මස් නොකන්නේ ඒ නිසාය. කිසියම් සංස්කෘතියක් රජයන සමාජයක් වෙත ඊට ආගන්තුක වන කිසිවෙකු පැමිණියහොත් ඔහුට ඒ සංස්කෘතියට කිසියම් දුරකට අනුගත වීමට සිදුවෙයි. ඒ ඔහුට සිය නිජ සංස්කෘතිය මුළුමනින්ම ඒ නව පරිසරය තුළ ක්‍රියාත්මක කළ නොහැකි හෙයිනි.
ඉස්ලාම් සංස්කෘතිය ඌරා පිළිකෙව් කරයි. එහෙයින් මුස්ලිම් ජනතාව ද ඌරු මස් පිළිකෙව් කරති. ඌරු මස් කෑමට රුචි අයෙකු ඉරානය වැනි රටකට ගියහොත් ඔහුට වෙනත් මසකින් තෘප්තියට පත්වීමට සිදුවෙයි. බලු මස් චීනයේ ද කොරියාවේ ද ජනප්‍රිය මසකි. තුන්වේලට ම බලු මස් බුදින චීනෙකු වුව එංගලන්තයට ගියහොත් ඔහුට බලු මස් කෑමට අවස්ථාව නොලැබේ. ඒ වෙනුවට ගව, බැටලු ආදී මසක් ගත හැකිය. චීන සහ කොරියානු සංස්කෘතිය තුළ බෞද්ධ මහායාන බලපෑම තිබුණ ද ථේරවාදි බෞද්ධ ලංකාවේ කිසිවෙක් බලු මස් නොබුදිති. බලු මස් කෑමට කැමති කොරියානුවෙකුට ලංකාවේ හොටෙල්වලින් ඒවා නොලැබේ. මේ අනුව මස් පරිභෝජනය පිළිබඳ ඇත්තේ සංස්කෘතික හුරුපුරුදු බව පැහැදිලි වේ. කුකුළු මස් කන සිංහල බෞද්ධයෝ බලු මස් මෙන් ම ගව මස් ද පිළිකෙව් කරති. ඔහු තුළ ඌරු මස් පිළිබඳව ද ඇත්තේ ප්‍රසන්න හැඟීමක් නොවේ. ඇතැම් විට ඒ ඉස්ලාම් සංස්කෘතික බලපෑම නිසා විය හැකිය. එම සංස්කෘතික පුරුදුවල පදනම ප්‍රශ්න කිරීම නිශ්ඵලය. ඒ ඒ සංස්කෘතීන් විසින් ඒ තුළ ජීවත් වන මිනිසාගේ සිතුම් පැතුම් චින්තනය පමණක් නොව කායික ගති සිරිත් පවා පාලනය කරයි.
අතීතයේ ගවයා අපට මහරු සම්පතක් වුව ද අද එසේ නොවන බව ද එහෙයින් අද, එකල මෙන් ගවයා පිළිබඳ කතා කිරීම නිශ්ඵල යැයි කිසිවෙකු තර්ක කළ හැකිය. මේ තර්කය තුළ ඇත්තේ සංස්කෘතිය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අසංවේදීත්වයට වැඩි යමක් නොවේ. සංස්කෘතිය කේවළ පුද්ගලයෙකු උපත සමඟ හට ගෙන විපත සමඟ අභාවයට යන දහමක් නොව සමාජයක වසර සිය දහස් ගණනක් තිස්සේ ජීවත් වන මිනිසුන්ගේ අත්දැකීම්වලින් පෝෂණය ලද සිරිත් විරිත් ඇගයුම් පද්ධතියකි. එම ඇගයුම් පද්ධතිය කෙරෙහි එහි වසන ජනතාවගේ ආර්ථික ක්‍රමය ද ඔවුන් අදහන ආගම ආදි සාධක බලපායි. මේ අනුව කෘෂිකාර්මික ආර්ථික පදනමක් ද බුදු දහම ද ඇසුරේ ලංකාවේ වර්ධනය වූ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ගව මස් නොකෑම සාධු සම්මතය. එය සිංහල බෞද්ධ ආධ්යාවත්මික සංස්කෘතියෙහි අනභියෝගි ලක්ෂණයකි.
කිසියම් සංස්කෘතියක් අභාවයට යන්නේ එම ජාතියේ මරණය හෝ එම ජාතියේ ආධ්‍යාත්මික මරණය සමඟය. පුරාණ ඇෆ්ගනිස්ථානය ක්‍රි.ව. 2 වන සියවසේ සිට 7 වන සියවසින් පසු එළඹෙන ඉස්ලාම් ආක්‍රමණය දක්වා බුදු දහම සහ බුදු දහම පදනම් කරගත් සංස්කෘතියක් සහිත දේශයක් විය. ගන්ධාර සම්ප්‍රදාය අනුව සුප්‍රකට බාමියන් බුද්ධ ප්‍රතිමා ගොඩනැඟනේනේ එදවසය. 9 වන සියවස වන එම ප්රපදේශ මුස්ලිම් ග්‍රහණයට නතු වූ අතර බෞද්ධ සංස්කෘතිය අභාවයට ගොස් ඉස්ලාම් සංස්කෘතිය ස්ථාපිත විය. එනම් බෞද්ධයින්ගේ ඊළඟ පරම්පරා මුස්ලිම්කරණය විය. 2001 තාලිබාන්වරු විසින් විනාශ කර දමන ලද්දේ තම බෞද්ධ මුතුන් මිත්තන් විසින් නිර්මාණය කළ සංස්කෘතික උරුමයයි. එලෙසම සිංහල බෞද්ධ සංස්කෘතිය ද කිසියම් ආක්‍රමණයකට ගොදුරු වී අභාවයට ගියහොත් මිස ජාතියේ ආධ්‍යාත්මය මිය ගියහොත් මිස ගවයා කෙරෙහි ඇති සංස්කෘතික බැඳීම කෙළවර නොවේ. ඒ සංස්කෘතික උරුමයෙ කොටස්කරුවෝ අද ද ගව මස් නොකති. ගව ඝාතනයට එරෙහි වෙති. පොහොය දිනයට, සිය උපන් දිනයට ගවයින් නිදහස් කරති. ගව අනාථාගාර තනති. කලා නිර්මාණ කරති. ඒ බව දන්නා වෙළෙන්දෝ සිය පිටි කිරි අලෙවිය ප්‍රවර්ධනය කරනු පිණිස මරණයට කැපූ වූ කිරි අම්මාවරුන් නිදහස් කරති.
ලංකාවේ ගව මස් කෑම ව්යානප්ත වනුයේ 1505 පෘතුගීසි ආක්‍රමණය සමඟය. ආක්‍රමණිකයා සිය දෑතට තුවක්කුව සහ බයිබලය රැගෙන ඒමෙන් එය හුදු ආර්ථික ආක්රිමණයක් නොව සංස්කෘතික ආක්‍රමණයක් ද වූ බව පැහැදිලි වේ. 1498 භාරතයට පැමිණි වස්කෝ ද ගාමා පැවසුයේ තමන් ක්‍රිතියානින් සහ කුළු බඩු සොයා පැමිණි බවය. 1540 පෘතුගාලයේ රජු සිය දූත පිරිසක් අත එකල ලංකාව පාලනය කළ බුවනෙකබාහු රජුට දන්වා එවන්නේ තව දුරටත් රජකම් කිරීමට අවශ්‍ය නම් දාගැබ් වන්දනාව අතහැර කිතු දහම වැළඳ ගත යුතු බවය. මේ ආගමික ශුද්ධීකරණ මෙහෙයුමට අනුව ලංකාව ආක්‍රමණය කළ ආක්‍රමණිකයා සිංහලයින්ගේ වන්දනාවට පාත්‍ර වූ කැලණි වැනි විහාරාරාම ගිනි තබා මහා ආගමික සංස්කෘතික සංහාරයක නිරත විය. ඒ සමඟ විවිධ හිංසාකාරී ක්‍රම ඔස්සේ ඔවුන්ගේ ආගම ද සංස්කෘතිය ද වැළඳ ගත් පිරිසක් මේ රටේ බිහි කළ අතර ඔවුන්ට විවිධ වරප්‍රසාද ලබාදුනි. එම කතෝලිකයෝ සිය ස්වාමියාගේ සංස්කෘතිය මහත් ගෞරවයෙන් අනුකරණය කළහ. සිංහල බෞද්ධ සංස්කෘතිය විසින් පිළිකුල් කළ ගව මස් කෑමට ද ඔවුහු නොපසුබට වූහ.
යටත්විජිත ඉතිහාසය පුරා අඛණ්ඩව ගලා එන ගව ඝාතන විරෝධය හුදු මුස්ලිම් විරෝධයකට ලඝු කිරීම එක්තරා ආකාරයක ඛේදවාචකයකි. එමෙන්ම ඉස්ලාම් දහම පවා අවමානයට ලක් කිරීමකි. නබි නායකතුමා ගව මස් කෑ බවක් හෝ සිය අනුගාමිකයින්ට ගව මස් කෑමට යෝජනා කළ බවක් මා අසා නොමැත. එහෙයින් ගව මස් නොලැබීම නිසා මුස්ලිම් ජනතාව මහා අසාධාරණයකට ලක් වේ යැයි ද හාමතේ මිය යා යැයි ද කිඹුල් කඳුලු හෙලන්නෝ මූලික වශයෙන් සිංහල බෞද්ධ විරෝධීහු වෙති. සැබවින්ම ඔවුන්ට අවශ්‍ය හැකි නම් නැවත සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය කිරීමය. කන්න සිතුණු කල කබරගොයා තලගොයා කරගන්නා ඔවුහු මුස්ලිම් ජනතාව පිළිබඳ කිසිදු කැක්කුමක් ඇති පිරිසක් ද නොවෙති. එවන් ළෙංගතුකමක් වී නම් අන්තවාදී සුළු පිරිසක් නිසා ලොව පුරා සාමකාමී මුස්ලිම් ජනතාවට විඳීමට සිදුවී ඇති ගැහැට පිළිබඳ ඔවුන් කෙතරම් උස් හඬක් නැඟිය යුතුද?
අනෙක් අතට ලංකාවේ මුස්ලිම් ජන කොටස 8%ක් පමණ වේ. ගව ඝාතනයට විරුද්ධ සිංහල බෞද්ධ සහ හින්දු ජනතාව 85%ක් පමණ වේ. එහෙත් ගව ඝාතනය නිසා බෞද්ධ හින්දු සිත්වල ඇති වන අසහනකාරීත්වය වෙනුවෙන් කිසිවෙක් පෙනී නොසිටිති. කෙසේ වුවද බහුතර සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකි. ඒ සඳහා රජය මැදිහත් විය යුතුය. ඒ සඳහා සහාය දීම සැමගේ යුතුකමයි. සෙසු ජන කොටස්වල ආගමික සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන ජීවත් වීම සඳහා සිංහල බෞද්ධ සංස්කෘතිය තරම් සුහද සංස්කෘතියක් ඔවුන්ට කිසි දිනක හමු නොවනු ඇත. අනෙක් අතට මෙරට ජීවත් වන ආගමින් බෞද්ධ නොවන ජන කොටස් ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි අභිමාණවත් කොටස්කරුවෝ වෙති. තමන් ආගමින් බෞද්ධ බව ද සංස්කෘතියෙන් සිංහල බෞද්ධ බව වරක් ගරු සර්සලින් ජයකොඩි පියතුමා ප්‍රකාශ කළේ මේ අර්ථයෙනි. ඔබ සිංහල කතෝලිකයෙකි. ඔබ සිංහල හින්දූවෙකි. ඔබ සිංහල මුසල්මානුවෙකි. සිංහල බොදු ගීතාවලිය ඒ සුහදත්වයෙහි ළෙංගතු බැඳීමෙහි සදාතනික සංකේතයක් නොවන්නේද?
මේ අනුව ගව ඝාතන විරෝධි සටනෙහි පදනම හුදු ආගම හෝ ගෝත්‍රවාදක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය බව පැහැදිය. නිශ්චිත වාර්තා නැත ද ගව ඝාතන විරෝධි සටන යටත්විජිත සමයෙහි ගව මස් කෑම ව්‍යාප්ත වීමත් සමඟ ආරම්භ වූයේ යැයි සිතිය හැකිය. එය මෙරට නිදහස් සටනේ කොටසක් වන අතර තවමත් මුදුන්පත් කරගත නොහැකි වූ ඉමකි.
(දිවයින - 2013/07/20)
(දිවයින - 2013/07/20)
2013-02-01
රටේ සතුරන් පැටව් ගසන තිඹිරි ගෙය කුමක් ද?
1815 බුදු දහම ආරක්ෂා කරන පොරොන්දුව සහිත ගිවිසුමක් මගින් ලංකාව යටත් කරගත් ඉංග්‍රීසීහු ගිවිසුමේ උණුසුම මැකී යාමටත් පෙර බුදු දහම සහ සිංහල බෞද්ධ ජනතාව විනාශ කිරීමට ක්‍රියා කළහ. වරක් රොබට් බ්‍රවුන්රින්ග් ආණ්ඩුකාරයා ඉංග්‍රීසි යටත් විජිතභාර ලේකම්ට මෙසේ ලීවේය. "ක්‍රම ක්‍රමයෙන් (මහජනයාට) නොදැනෙන පරිද්දෙන් ක්‍රිස්තු ධර්මය මේ පළාතේ ව්‍යාප්ත කළහොත් දැනට මේ රටේ පැතිරි පවත්නා මිථ්‍යාදෘෂ්ටිය හා අඥානකම නමැති අන්ධකාරය (බුදුදහම) වැඩිකල් යන්නට මත්තෙන් පහවී යනවා ඇතැයි සිතා ගැනීමට එතරම් දූරදර්ශී ඥානයක් නුවුමනාය"(භික්ෂුවගේ උරුමය - වල්පොළ රාහුල හිමි) බ්‍රවුන්රින්ග් මෙසේ උත්තර බඳින්නේ ලංකාවේ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමේ කටයුතු පිළිබඳ විමසූ විටය.
යටත්විජිතකරණය හුදු ආර්ථික ආක්‍රමණයක් නොව ඉන් එහා ගිය ආගමික සංස්කෘතික සංහාරයක් බව සංස්කෘතික ආක්‍රමණයක් බව ඉතාම පැහැදිලිය. 1815-1825 දක්වා ලංකාවේ ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වූ ජී.එච්.එස්. බ්ලැනී නම් දේවගැතිවරයා එකල ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියේ සිංහල බෞද්ධ සිසුන්ට ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමට බලපෑම් නො කරන ලෙසය. බ්ලැනි දේවගැතිවරයා මෙලෙස ඉල්ලා සිටියේ හේතු දෙකක් නිසාය. පළමු වැන්න බොහෝ විට ආණ්ඩුවේ උපකාර වරප්‍රසාද ලබා ගැනීමට ක්‍රිස්තියානි ලෙස පෙනී සිටිය ද බෞද්ධයින් රහසේ සිය ආගම ඇදහීමයි. දෙවැන්න බලෙන් ආගමට හැරවීමට වඩා සාර්ථක ක්‍රමයක් බ්ලැනි ඒ වන විට හඳුනා ගෙන තිබීමයි. ඒ අධ්‍යාපනයයි.
එවකට යුරෝපයේ ඕනෑම රටක ලබා දෙන අධ්‍යාපනයට නොදෙවෙනි අධ්‍යාපනයක් ලංකාවේ පන්සල් ආශ්‍රිත පිරිවෙන්වලින් ලබා දුන් බව ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාර සර් කොලින් කැම්ප්බෙල් 1841 ප්‍රකාශ කළේය. ඔහුගේ ප්‍රකාශයේ අර්ථය එවකට දියුණු බටහිර රටවල අධ්‍යාපනය ක්‍රමය හා සමතැන් ගන්නා අපට අවේණික අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ තිබුණු බවය. අනතුරුව 1848 පිරිවෙන් අධ්‍යාපනය තහනම් කළ ඉංග්‍රීසිහු මෙරට ඉංග්‍රීසි පාසැල් ආරම්භ කළහ. බ්ලැනි දේවගැතිවරයා යෝජනා කළේ එයයි. එනම් සිංහල බෞද්ධයින් බලෙන් සිය ආගමට නතු කර ගනු වෙනුවට මෙරට අධ්‍යාපන ක්‍රමය විනාශ කොට ඒ මත යුරෝපීය අධ්‍යාපන ක්‍රමය ස්ථාපිත කොට බෞද්ධයින් සිය සංස්කෘතික ප්‍රවාහයට නතු කර ගැනීමය. එවිට ඉබේම සිංහලයින් ක්‍රිස්තියානීන් වනු ඇතැයි බ්ලැනි ප්‍රකාශ කළේය. සිංහලයින් ක්‍රිස්තියානි කළ නොහැකි නම් නරක බෞද්ධයින් කළ යුතු යැයි බ්ලැනි තව දුරටත් කීවේය.
ඉතින් එදා පටන් එනම් 1848 පිරිවෙන් තහනම් කොට ඉංග්‍රීසි පාසැල් පිහිට වූ දින පටන් ලංකාවේ ක්‍රියාත්මක වන්නේ බ්ලැනි සඳහන් කළ ආකාරයේ කිතුනුවන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයකි. නැතහොත් නරක බෞද්ධයින් බිහි කරන අධ්‍යාපන ක්‍රමයකි. එදා මෙදා තුර මෙම අධ්‍යාපන ක්‍රමය තුළ සිදු වූ වෙනස්කම් නම් පාසැල්වල භාෂා සිංහල වීම සහ හුදු විෂයක් ලෙස බුදු දහම ඉගැන්වීමත් පමණි. අනෙක් අතට අද පාසැල්වලින් ක්‍රිස්තියානි ආගමිකයින් බිහි නොකළ ද එම අධ්‍යාපන යාන්ත්‍රණයට හසුවන සිංහල බෞද්ධ ළමුන් සංස්කෘතියෙන් ක්‍රිස්තියානි බවට පත් කරයි. එනම් ඔවුන් තව දුරටත් නාමික බෞද්ධයින් පමණි. ඔවුන් සිතුම් පැතුම්වලින් ඇවතුම් පැවතුම්වලින් සුදු මිනිසුන්ය. බ්ලැනිගේ වචනවලින් කිවහොත් නරක බෞද්ධයින්ය.
මෙම අධ්‍යාපන යාන්ත්‍රණය එක්තරා ආකාරයක මොළ සෝදන ක්‍රියාවලියකි. අධ්‍යාපනය සඳහා රටේ සැලකිය යුතු ජාතික ධනයක් වියදම් කොට අප නිෂ්පාදනය කරමින් සිටින්නේ රටට සංස්කෘතියට ආගමට ආගන්තුක පිරිසකි. ඔවුහු එම හිණිමගේ ඉහළට යන්න යන්න තව මෙරට සංස්කෘතියෙන් හර පද්ධතියෙන් ඈත් වෙති. තම රටේ ප්‍රායෝගික නොවන හර පද්ධතිවලට පුරුදු පුහුණු කරන ලද මොවුහු රටේ පවතින සංස්කෘතිය සහ හර පද්ධතිය නුරුස්සති. ඒවාට ගරහති. රටේ සතුරු පාර්ශව සමඟ එක්ව කටයුතු කරති.
එහෙත් මේ කිසිවකට ඔවුන් වැරදිකරුවන් යැයි කිව නොහැකිය. ඔවුන් අද සිටින තත්ත්වයට පත් කොට ඇත්තේ ලබා දුන් අධ්‍යාපනය මගිනි. එනම් ලංකාවේ බ්ලැනීලා ද ඉන්දියාවේ මැකෝලිලා ද අපේක්ෂා කළ මොල සෝදන අධ්‍යාපන ලබා දීමෙනි. අප නිදහස දිනූ දා සිට කර ඇත්තේ රටේ ජාතික ධනයෙන් රටේ සතුරන් රට තුළ පැටව් ගැස්සවීම පමණි. මේ සඳහා අප රටක් ලෙස දැන් විසඳුම් සෙවිය යුතු කාලය එලඹ තිබේ. ඒ සඳහා කළ යුත්තේ අපේ රටට උචිත අධ්‍යාපන ක්‍රමයක් ගොඩ නඟා ගැනීමය. නැතහොත් 1848 අපෙන් උදුරාගත් අපේ අධ්‍යාපන ක්‍රමය නූතන අවශ්‍යතාවලට සරිලන පරිදි යාවත්කාලීන කිරීමය. දැනුම සපිරි බුද්ධිමත් දෑ හිතැති ළමා පරපුරක් ඒ ඔස්සේ තනාගත හැකිය. හෙට රටේ දවසේ රට භාර දිය යුත්තේ එවැනි පිරිසකටය.

2012-08-31
ආනන්ද කුමාරස්වාමි
නෙලුම් පොකුණට සිය ගව් ඉහළින් විරාජමාන සොඳුරු සියපත
(අගෝස්තු 22 වන සැමරෙන ආනන්ද කුමාරස්වාමි මහතාගේ 135 වන උපත් සමරුව වෙනුවෙනි.)
සමාජ පසුබිම
ආනන්ද කුමාරස්වාමි මහතා ජීවත් වූයේ 19 වන සිය වස අග සහ 20 වැනි සිය වස මුල බැවින් ඔහුගේ යුග මෙහෙවර නිසි බරින් යුතුව අවබෝධ කර ගැනීමට නම් එකල සමාජ තතු කෙසේ වී දැයි සැකෙවින් වුව දැන ගැනීම අතිශය වැදගත් ය. එකල යුරෝපීය රටවල් කිහිපයක් සමස්ත ලෝකය බෙදා ගෙන පාලනය කළ යටත්විජිතවාදයේ උච්චතම සහ අවසාන යුගය යැයි සරලව කිව හැකි ය. එහෙත් යටත්විජිතවාදය මේසා ඉක්මනින් අවසන් වේ යැයි කිසිවෙකු නොසිතූ අතර එය යථාර්ථය ලෙස විශ්වාස කෙරිණි. යුරෝපය, පෙරදිග දුටුවේ නො දියුණු ම්ලේච්ඡ මිනිස් කොට්ඨාසයක් ජීවත් වන ප්‍රදේශයක් ලෙස ය. කිතු දහම ලොව එකම සත්‍ය ආගම ලෙස ද සෙසු ආගම් මිථ්‍යාදෘෂ්ටීන් ලෙස සැලකුණු අතර අන්‍ය ආගමිකයින් ක්‍රිස්තුස් වහන්සේගේ ද පෘතුගාලයේ ද සතුරන් ලෙස සැලකිණි. පාප්තුමා යටත්විජිත හිමියන්ට දේශනා කළේ ලොව පුරා සුභාරංචිය දේශනා කොට මිථ්‍යාදෘෂ්ටිකයින්ට සම්‍යදෘෂ්ටිය ලබා දෙන ලෙස ය. ඒ වෙනුවෙන් ගන්නා සියලු ම ක්‍රියා, වධ බන්ධන නිවැරදි සේ පිළිගැනිණි. ඒ අනුව බයිබලය සහ තුවක්කුව දෑතට ගෙන පෙරදිගට පැමිණි යටත්විජිතවාදියා සිය දෙවියන්ගේ නාමයෙන් හින්දු, මුස්ලිම්, බෞද්ධ ආගමික ස්ථාන, කලා නිර්මාණ, ආගමික පත පොත විනාශ කරමින් ද එම ආගම් ඇදහීම තහනම් කොට සිය ලබ්ධිය වැළඳ ගන්නට බල කරමින් ද එසේ වැළඳ ගත් අයට විශේෂ වරප්‍රසාද ලබා දෙමින් ද සිය අණට අවනත නොවූවන් ඉතා ම අමානුෂික වධ බන්ධනවලට ලක් කොට මරා දමමින් ද මහා සංස්කෘතික, ආගමික සංහාරයක නිරත විය. බෙල්ජියමේ 2 වන ලියොපොල්ඩ් රජු 1885-1908 දක්වා කොංගෝව සහ සයරේ රාජ්‍යයේ පමණක් අප්‍රිකානුවන් මිලියන 15ක් පමණ මරා දැම්මේය. මෙලෙස යටත් විජිතකරණ මෙහෙයුම තුළ සිදු ජන සංහාරයන් සලකා බැලුව හොත් මහා හිට්ලර් අත දරුවෙකු පමණි.

1498 ඉන්දියාවට පැමිණි වස්කෝ ද ගාමා පැවසූයේ තමන් ක්‍රිස්තියානින් සහ කුළු බඩු සොයා පැමිණි බව ය. සුසන්ත ගුණතිලක 'A 16th Century Clash of Civilizations' කෘතියෙන් නිවැරදිව පෙන්වා දෙන පරිදි ඔවුන්ගේ මූලික අරමුණ ක්‍රිස්තියානින් සොයා ගැනීම හෝ ක්‍රිස්තියානින් නොමැති නම් අලුතින් බෝ කිරීම විය. මේ අනුව යටත් විජිතකරණ ක්‍රියාදාමයේ මූලික වශයෙන් සංස්කෘතික ආගමික ආක්‍රමණයක් වූ අතර ආර්ථික අරමුණු ද්විතීයික වූ බව පැහැදිලි ය. 1540 පෘතුගාලයේ රජු සිය දූත පිරිසක් අත එකල ලංකාව පාලනය කළ බුවනෙකබාහු රජුට දන්වා එවන්නේ තව දුරටත් රජකම් කිරීමට අවශ්‍ය නම් දාගැබ් වන්දනාව අතහැර කිතු දහම වැළඳ ගත යුතු බවය. මේ ආගමික ශුද්ධීකරණ මෙහෙයුමට අනුව සිංහලයින්ගේ වන්දනාවට පාත්‍ර වූ කැලණි වැනි විහාරාරාම ගිනි තබා දන්ත ධාතුව ගෝවට රැගෙන ගොස් ගිනි බත් කොට දැමිණි. කෙසේ වුව ද ඔවුන් අතට පත්ව තිබුණේ සැබෑ දන්ත ධාතුව නොව අනුකරණයකි. 1815 බුදු දහම ආරක්ෂා කරන බව ද සඳහන් කරමින් උඩරට ප්‍රධානීන් සමඟ ගිවිසුමක් ඇති කර ගෙන රටේ පාලනය භාර ගත් ඉංග්‍රීසීන් ද ක්‍රියා කළේ නොදියුණු ම්ලේච්ඡ ආගම (බුදුදහම) තුරන් කොට සිය නිර්මල ආගමෙහි ශාන්තිය ලක් වැසියාට ලබා දීම සඳහාය. ඒ වෙනුවෙන් ඔවුන් අනුගමනය කළ ක්‍රියා මාර්ග කවරේ දැයි වල්පොළ රාහුල හිමියන්ගේ 'භික්ෂුවගේ උරුමය' කෘතිය කියවා අවබෝධ කර ගත හැකිය. එකල ආණ්ඩුකාර බ්‍රවුන්රිග් යටත්විජිත ප්‍රධානී බැතර්ස්ට් සාමිවරයාට මෙසේ ලියයි. "ක්‍රම ක්‍රමයෙන් (මහ ජනයාට) නොදැනෙන පරිද්දෙන් ක්‍රිස්තු ධර්මය මේ පළාතේ ව්‍යාප්ත කළහොත් දැනට මේ රටේ පැතිර පවත්නා මිථ්‍යදෘෂ්ටිය (බුදුදහම) හා අඥානකම නමැති අන්ධකාරය වැඩිකල් යන්නට මත්තෙන් පහවි යනවා ඇතැයි සිතා ගැනීමට එතරම් දූරදර්ශී ඥානයක් නුවුමනාය." එවක යුරෝපයේ පෙරදිග වැසියා, ඔවුන්ගේ ආගම් සහ කලා ශිල්ප පිළිබඳ තිබුණු පිළිගැනීම කෙබඳු දැයි මේ කෙටි විවරණයෙන් පැහැදිලි වනු ඇත. ශිෂ්ටාචාරය වර්ධනය විය යුත්තේ පොදු මිනිසත් බවට යැයි දෙසමින් අන්‍ය සංස්කෘතීන් බටහිර නූතනත්ව සංස්කෘතියෙහි ගිල්වා දැමීමට යෝජනා කරන විද්වතුන් අද මේ සංස්කෘතික සංහාරය වඩා මානුෂික මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමට උත්සාහ කරනු පෙනේ. මැකෝලි සාමිගේ දරු මුනුබුරන් ලොව කොතැනවත් නැති බහු-සංස්කෘතියක් පිළිබඳ නන් දොඩවන අතර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ජෝර්ජ් රාජ බයිබලයේ (King James Bible) 400 වැනි සංවත්සරය වෙනුවෙන් ඔක්ස්ෆර්ඩ්හි පැවති උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් පැවසූයේ බ්‍රිතාන්‍යය ක්‍රිස්තියානි රාජ්‍යයක් බවත් එය පැවසීමට බිය විය යුතු නැති බවත්ය.
දිවි සැරිය
ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි මහතා 1877 අගෝස්තු 22 කොල්ලුපිටියේ දී මෙලොව එළිය දුටුවේ ය. ඔහුගේ සීයා බ්‍රිතාන්‍යයන් යටතේ ප්‍රධාන භාෂා පරිවර්තකයෙකු ලෙස ක්‍රියා කොට රන් පදක්කම් දිනා ගත් උගතෙකු වන අතර පියා නයිට් නාමයෙන් පුද ලද ප්‍රථම ආසියාතිකයා මෙන් ම ඉංග්‍රීසි නීතිඥ මණ්ඩලයට එක්වූ ප්‍රථම ලාංකිකයා ද වන ශ්‍රීමත් මුත්තු කුමාරස්වාමී ය. ඔහු පාලි දාඨාවංසය, ත්‍රිපිටකයේ සුත්ත නිපාතය සහ සංස්කෘත හරිස්චන්ද්‍ර නාට්‍යය ඉංග්‍රීසියට නැඟුවේ ය. ඉන් ඔහුගේ භාෂා භාෂාන්තර දැනුම පමණක් නොව සමය සමයාන්තර දැනුම ද විශද වේ. කුමාරස්වාමිගේ මව බ්‍රිතාන්‍ය ජාතික එලිසබෙත් ක්ලේ බීවි නම් කාන්තාවකි. කුමාරස්වාමි ළදරුවා ඈ විසින් කුඩා කල ම එංගලන්තයට රැගෙන ගිය අතර ඔහුට වයස දෙක සපිරෙද්දී සිය පියා අහිමි විය. ඔහු දොළොස් හැවිරිදි වියේ දී වෛක්ලිෆ් විද්‍යාලයට බැඳී වසර හයක් නවීන විද්‍යාව උගත් අතර 1890 ලන්ඩන් කොලිජියෙන් භූගර්භ විද්‍යාව සහ උද්භිද විද්‍යාව සඳහා ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථයක් සහිතව විද්‍යාවේදී උපාධිය ලැබුවේ ය. 1903 ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු ලෙස සේවය කළ කුමාරස්වාමි එම වසරේ ම ලංකාවේ ඛනිජ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත්වීමක් ලැබ ආපසු සිය මව් බිමට පැමිණියේ ය. 1906 ඉන්දියාවට ගොස් ඉන්දීය කලාව, සංස්කෘතිය, දර්ශනය හදාරන කුමාරස්වාමි 1917 ඇමරිකාවේ බෝස්ටන් නුවර ලලිත කලා කෞතුකාගාරයේ පෙරදිග අංශයේ භාරකාරවරයා ලෙස පත්විය. අනතුරුව ඔහු එහි ඉන්දීය කලා පර්යේෂක ලෙස ද පත්විය. 1947 සැප්තැම්බර් 9 වැනි දින මිය යන තෙක් විවිධ පර්යේෂණ කරමින් ග්‍රන්ථ සම්පාදනය කරමින් ඔහු එහි සේවය කළේය.
මහා සම්ප්‍රදානය
ඛනිජ වර්ග ගවේෂණය කරමින් ලංකාව පුරා සැරිසරන කුමාරස්වාමී මෙරටට ආර්ථික වාසි ගෙන දෙන ඛනිජ වර්ග කිහිපයක් සොයා ගත්තේ ය. කිසියම් ඛනිජයක්, ග්‍රහ වස්තුවක් අලුතින් සොයා ගත් කල්හි ඊට එය සොයා ගත් පුද්ගලයාගේ නම යෙදීම සම්ප්‍රදාය වුව ද ඔහු එසේ නො කළේ ය. ලංකාවේ ඛනිජ වර්ග පිළිබඳ ගවේෂණය කළ කුමාරස්වාමි ඛනිජ විද්‍යා දෙපාර්තමේන්තුවේ පරිපාලන වාර්තා සකස් කළේ ය. සඟරාවලට භූ ගර්භ විද්‍යාව පිළිබඳ පර්යේෂණාත්මක ලිපි සම්පාදනය කළේ ය. ඛනිජ විද්‍යාව සම්බන්ධයෙන් ඔහු මතු කළ ඇතැම් ප්‍රශ්නවලට දශක ගණනාවක් යන තුරු ලෝක ඛනිජ විශේෂඥයින්ට පවා පිළිතුරු නොමැති විය. භූ ගර්භ විද්‍යාව සහ ඛනිජ පිළිබඳ සිංහල පාරිභාෂිත ශබ්ද මාලාවක් සම්පාදනය කිරීම, ලංකාවේ ඛනිජ වර්ග දැක්වෙන සිතියමක් සම්පාදනය කිරීම ඔහු ආරම්භ කළ කටයුතු කිහිපයකි. 1905 ලංකා සමාජ ප්‍රතිසංස්කරණ ආයතනය ආරම්භ කළ ඔහු ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා මූලික වී ක්‍රියා කළේ ය. අධ්‍යාපනය ස්වභාෂාවෙන් දිය යුතු බවට මුලින් ම අදහස් පළ කළ විද්වතුන් අතර කුමාරස්වාමී මහතා ද වෙයි.
ඛනිජ වර්ග ගවේෂණය පිණිස රට පුරා ඇවිද ගිය කුමාරස්වාමි ඛනිජවලට අමතරව මෙරට සිතුවම් කලාව, පුරාවිද්‍යාව, සමාජ විද්‍යාව, ආගම සහ උඩරට කලා ශිල්ප පිළිබඳ අධ්‍යයනය කරන්නට විය. පෙරදිග වැසියන් පිළිබඳ යුරෝපීයයන්ගේ ආස්ථානය වැරදි බවත් ඔවුන් තමන්ට ආවේණික විශිෂ්ට ආගමක් සහ සංස්කෘතියක් සහිත ඒ මත ගොඩ නැඟුණු සරල ජීවන ක්‍රමයක් ද කලා සම්ප්‍රදායක් ද ඇසුරේ ජීවත් වන්නන් පිරිසක් බව කුමාරස්වාමිට අවබෝධ විය. එම අධ්‍යයනවල දී කුමාරස්වාමි ලැබුවේ හද පාරවන අත්දැකීම් සමුදායකි. යටත්විජිතකරණය සහ ධනවාදය නිසා මහරු කලා සම්ප්‍රදායක් කිසිදු පිළිසරණක් නොමැතිව අභාවයට යන අන්දම ඔහු සියැසින් ම දුටුවේ ය. 1905 සිලෝන් ඔබ්ස්වර් පුවත්පතට ඔහු ලියූ 'උඩ රට ප්‍රභූන්ට විවෘත සන්දේශයක්' (An open letter to Candian Cheif) නමැති ලිපිය එහි ප්‍රතිඵලයකැයි කිව හැකි ය. 17 -18 සියවස්හි ඉදි කොට ජරාවාස වී සදහට ම දැයට අහිමි වීමට ආසන්නව පැවති විහාර, දෙවාල සහ අම්බලම් ආරක්ෂා කිරීමේ වැදගත්කමත් ඒවායේ කෞතුක වටිනාකම විනාශ කරමින් සිදු කරන ප්‍රතිසංස්කරණත් ඔහු එහිලා දැඩිව විවේචනය කළේ ය. ජාතිය සතු අගනා උරුමයක් විනාශ මුඛයට ගමන් කරද්දී ඒවා ආරක්ෂා කර ගැනීමට කටයුතු නො කිරීම පිළිබඳ කුමාරස්වාමි උඩරට ප්‍රභූන්ට ඍජුව ම චෝදනා කළේ ය. මෙලෙස ලංකාවේ කලා ශිල්ප පිළිබඳ උනන්දු වන ඔහු 'Ceylon National Review' සඟරාවට උඩරට කලා ශිල්ප පිළිබඳ දිගු ලිපියක් සම්පාදනය කළේ ය. 1908 ඔහු පළ කළ 'මධ්‍යකාලීන සිංහල කලා' (Medieval Sinhala Art) කෘතිය සඳහා තොරතුරු රැස් කළේ මේ යුගයේදීම ය.
17 - 18 සියවස්හි එනම් නුවර යුගයේ ලංකාවේ කලා ශිල්ප පිළිබඳ පරිපූර්ණ විග්‍රහයකි; 'මධ්‍යකාලීන සිංහල කලා'කෘතිය. ඊට පදනම් වන්නේ ලංකා කලාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨ කලා කෘති නොව පරිහානිගත යුගයක එනම් මහනුවර යුගයේ පැවති එක්තරා ගැමි කලා සම්ප්‍රදායකි. "මෙයින් විස්තර වන්නේ සියුම් කලාව පිළිබඳ ශ්‍රේෂ්ඨ අවධියක් නො ව, භාරතීය කලා ශිල්ප සම්ප්‍රදායයන් මත ගොඩනැඟුණු ශෝභන උදාර ගැමි සැරසිලි පරිපාටියකි." (මධ්‍යකාලීන සිංහල කලා) භාරතීය සමාජ දේශපාලන සංස්කෘතික බලපෑම අතිශය ප්‍රබල ලෙස මෙරටට බලපෑ සමයක එහි කලා නිර්මාණවල භාරතීය බලපෑම ඉස්මතු වී පෙනීම සිදුවිය හැක්කකි. කෙසේ වුව ද මෙරට ව්‍යාප්තව පැවති චිත්‍ර කලාව මෙන් ම සෙසු කලාවන් ද භාරතීය දියුණු කලාවන්ගෙන් නොව මුල් යුගයේ එරට පැවති ගැමි කලාවන්හි ආභාසය ලැබ දියුණු වූ මෙරට පැවති ප්‍රාථමික කලා සම්ප්‍රදායයන් යැයි සිතිය හැකි ය. එකල කෘෂිකර්මය ප්‍රමුඛත්වයෙහිලා සැලකුව ද කලා ශිල්පීන්ට සෙබළුන්, ගොවීන් තරමට ම පිළිගැනීමක් තිබිණි. ඔවුන්ගේ කලාව ආගමික වූ අතර එහෙයින් ම ජනප්‍රිය විය. ගෘහ නිර්මාණ, ප්‍රතිමා කලාව, ලී කැටයම්, එම්බ්‍රොයිඩර්, සිතුවම් සහ විවීම ආදී කර්මාන්ත මෙහිලා විග්‍රහයට ලක් වේ. බටහිර වැඩවසම් සමාජ ක්‍රමයට නෑකම් කියන සමාජ ක්‍රමයක විසූ එම ශිල්පීන්ගේ නිර්මාණ, ජීවිත සහ තත්කාලීන සමාජ ක්‍රමය පිළිබඳ මෙවන් සූක්ෂම වූ ද ගැඹුරු වූ ද විග්‍රහයක් අන් කිසිවෙකු විසින් සිදු කළ බවක් අපි නො දනිමු.
නුවර යුගයේ මෙරට පැවති කලා සම්ප්‍රදායන් පිළිබඳ කරන ලද විශිෂ්ටතම විග්‍රහය ලෙස සැලකිය හැකි 'මධය කාලීන සිංහල කලා' කෘතිය බටහිර ලෝකයට මෙරට පැවති කලා සම්ප්‍රදාය හඳුන්වා දුන් කෘතිය වන අතර ම සිය සම්ප්‍රදාය, සංස්කෘතිය සහ හර පද්ධතිය අමතක කොට ඒ පිළිබඳ හීනමානයෙන් විසූ සිංහලයාට සිය උරුමය නැවත මතු කොට දී එහි විශිෂ්ටත්වය, වැදගත්කම පෙන්වා දුන් කෘතිය බවට ද සැකයක් නොමැත. අතීතයට ගරහමින් වර්තමානය ඉහළින් වර්ණනා කිරීම දෙස කුමාරස්වාමී බැලුවේ උපහාසයෙනි. සිංහල කලාවන්ගේ පරිහානියට හේතු වූ ප්‍රධාන කාරණය ඔහු මෙසේ විග්‍රහ කරයි. "එක් අතකින් ශත වර්ෂයක් විදේශීය ආධිපත්‍යයට යටත් ව විසීමෙන් හා ජාතික සංස්කෘතිය සම්පූර්ණයෙන් නොසලකා හරින ලද අධ්‍යාපනයක් ලැබීමෙන් ද අනික් අතින් එපමණ ම කාලයක් නිවට නියාලු ලෙස පරසිරිත් අනුකරණය කිරීමෙන් ද තමන් දිනා ගත් ජීවන කලාව සම්බන්ධයෙන් වර්තමාන උගත් සිංහලයාට ආඩම්බර වීමට කිසිදු හේතුවක් නැත." කෙසේ වුවද සිංහලයාට සිය ජාතික ජීවන ක්‍රමය නැවත පුනරුත්ථාපනය කළ හැක්කේ මෙකී අතීතය සහ භාරතයේ අතීතය පිළිබඳ විශිෂ්ටාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමේ ප්‍රයත්නයකින් පමණක් බව ඔහු අවධාරණය කළේ ය. සිංහල කලාවන්ගේ පරිහානියට හේතු වූ දෙවන කාරණය බ්‍රිතාන්‍ය පාලනය ඇරඹීම සමඟ රාජ්‍ය ශිල්පීන්ගේ සංවිධානය විනාශ වී යාම සහ දේශීය ගෘහ නිර්මාණ සම්ප්‍රදාය නොතකා හැරීමයි. තෙවැන්න ධනවාදයේ නැඟීමයි. "... නියත වශයෙන් කලාවන්ගේ පරිහානියට හේතු වූ තවත් කරුණකි, වණික් ක්‍රමයේ වැඩීම. මේ වනාහි පෙර දිග ගැමි පෙහෙරා අත අලුවෙනුත් කාර්මිකයා තම මෙවලම්වලිනුත් ගොවියා තම ගීයෙනුත් පලවා හැරීමට ද කලාව ශ්‍රමයෙන් වෙන් කිරීමට ද සමත් වූ යුරෝපියානු යන්ත්‍ර හා යන්ත්‍ර බඳු මිනිසුන් විසින් කෙරෙන නිෂ්පාදන මාර්ගයයි" ධනවාදය පිළිබඳ විග්‍රහයේ දී ඔහු කාල් මාක්ස් හා සමතැන් ගන්නා විචාරකයෙකු බව ඉහත විග්‍රහය මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ එන අදහස් හා සංසන්දනය කිරීමෙන් අවබෝධ කරගත හැකි ය. කර්මාන්ත හිමියාගේ අධික ලාභය වෙනුවෙන් ශිල්පියා හුදු යන්ත්‍රයක වහලෙකු බවට පත් කොට ඔහු සිය සංස්කෘතික උරුමය දිනා ගැනීමෙන් ධනවාදය ඔහුගේ විවෙචනයට ලක් විය. කුමාරස්වාමී මාක්ස්ගේ ආභාසය ලැබූ බවට සාධක නැත ද බුද්ධිමතෙකු ලෙස කුමාරස්වාමි පවතින ගොරබිරම් සමාජ තතු නිවැරදිව විනිවිද දුටු බව නිසැකව ම කිව හැකි ය. ලන්ඩන් විශ්වවිද්‍යාල කුමාරස්වාමිට විද්‍යාව සඳහා ආචාර්ය උපාධිය ප්‍රධානය කළේ උක්ත 'මධ්‍යකාලීන සිංහල කලා' කෘතියටයි.
1906 ඉන්දියාවට ගිය කුමාරස්වාමි ඉන්දියානු දර්ශනය, ආගම්, සාහිත්‍ය කලා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගත්තේ ය. ඉන්දියාවේ ප්‍රතිමා කලාව, සිතුවම් කලාව සහ කැටයම් කලාව හදාරමින් ඒ පිළිබඳ වටිනා කරුණු රාශියක් හඳුනා ගත් කුමාරස්වාමි බොහෝ ලිපි ලේඛන සම්පාදනය කළේ ය. 1908 'ඉන්දීය චිත්‍ර කලාවේ පරමාර්ථ' (Aims of Indian Art) යනුවෙන් ඔහු පළ කළ ලිපියෙන් එතෙක් විද්වතුන් අතර සම්භාවනාවට පාත්‍ර වූ ඉන්දීය චිත්‍ර කලාවේ ග්‍රික ආභාසය පිළිබඳ මතය සනිදර්ශනාත්මකව ඛණ්ඩනය කළේ ය. ඒ පිළිබඳ හට ගත් විවාදය නිසා ඉන්දීය චිත්‍ර කලාව පිළිබඳ විචාරකයින් අතර එතෙක් මුල් බැස පැවති බොහෝ සදොස් අදහස් වෙනස් වූ අතර බටහිර විචාරකයෝ ඉන්දීය චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යයනයට යොමු වූහ. අනතුරුව ඔහු 'ඉන්දීය චිත්‍ර කලාවේ තෝරා ගත් නිදසුන්' (Selected example of Indian Art), 'විශ්ව කර්ම' (Vishva Karma), 'ශිව නැටුම' (Dance of Siva), 'රාජපුත්‍ර චිත්‍ර කලා' (Rajput Painting), 'බුදුන් හා බුදු සසුන' (Buddha and the Gospel of Buddhism), 'ආසියාවේ කලා' (Art Asiatica), 'ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ කලා ඉතිහාසය' (History of Indian and Indonesian Art), 'බුදු පිළිමයේ උපත' (Origin of the Buddha Image), 'බෞද්ධ ප්‍රතිමා විද්‍යාවේ ප්‍රාරම්භ කරුණු' (Elements of Buddhist Iconography), 'ඉන්දියාව, මධ්‍යම ආසියාව සහ ලංකාවේ බිතු සිතුවම්' (The wall Paintings of India, Central Asia and Ceylon), සහ 'පැරණි ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පය' (Early Indian Achitecture) ආදී ග්‍රන්ථ රචනා කළේ ය. බුදු පිළිමය ග්‍රීක ප්‍රතිමා කලාව ඇසුරින් බිහි විණැයි එවකට විද්වතුන් අතර පැවති මතය සදොස් බවත් බෞද්ධ ප්‍රතිමා කලාව වෛදික යුගයේ සිට වර්ධනය වෙමින් ආ සම්ප්‍රදායක ප්‍රතිඵලය බවත් 'බුදු පිළිමයේ උපත' කෘතිය මගින් කුමාරස්වාමී සනාථ කළේ ය. ඔහුගේ 'ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ කලා ඉතිහාසය' කෘතිය පෙරදිග කලා ඉතිහාසය පිළිබඳ ලියැවුණු ශ්‍රේෂ්ඨතම නිබන්ධය ලෙස පිළිගැනීමට පාත්‍ර විය. 'ශිව නැටුම' සහ 'රාජපුත්‍ර චිත්‍ර කලා' කෘති දෙක බ්‍රාහ්මණ සහ මෝගල් චිත්‍ර සම්ප්‍රදායන්හි වෙනස විග්‍රහ කරයි. රාජපුත්‍ර චිත්‍ර චිත්‍ර කලාවේ පරමාර්ථය බටහිර විද්වතුන්ට හඳුන්වා දෙන ලද්දේ ද මේ කෘති මගිනි. පසුකාලීනව කුමාරස්වාමි වෛදික සාහිත්‍යය කෙරෙහි නැඹුරු වූ අතර ඒ පිළිබඳ ඔහු අනාවරණය කර ගත් අලුත් තොරතුරු ඇතුළත් ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් සම්පාදනය කළේ ය. 'එන්ජල් සහ ටිටන් වෛදික විද්‍යාව පිළිබඳ නිබන්ධය' (Angel and Titan an Essay on Vedic Ontology), 'වේදය හැදෑරීමට නව මඟක්' (A new approch to the Vadas) ආදී ග්‍රන්ථ රචනා කළේ ය. මේ සියල්ල ඔස්සේ යටත්විජිත සමයේ රජ කළ යූරෝ-කේන්ද්‍රීය ද අධිපතිවාදී ද වූ ස්වෝත්තමවාදය පරාජය කිරීමට කුමාරස්වාමි සිය ජීවිතය කැප කළ බව පෙනේ. එය පුළුල් අර්ථයෙන් ගත් කල ඉන්දීය ලාංකික යටත්විජිත වැසියන් සිය රටේ නිදහස සඳහා සටනට කැඳවන නිදහස් ව්‍යාපාරයෙහි පෙරමුණක් විය. අනෙක් අතට යටත්විජිතවාදීන්ගේ දුර්මත හළු කොට දමන අග්නි ජාලාවක් විය.
මේ අනුව ආනන්ද කුමාරස්වාමි වනාහි ඉතා දුර්ලභ ගණයේ ප්‍රාඥයෙකු; චින්තකයෙකු; විද්‍යාඥයෙකු; කලා විචාරකයෙකු; පමණක් නොව අදීන සමාජ දේශපාලන චින්තකයෙකු බව පැහැදිලි වේ. එතෙක් අපරදිග වැසියා, පෙරදිග ප්‍රමුඛ අන්‍ය ලෝකය දෙස බැලූ දෘෂ්ටිය සම්පූර්ණයෙන් උඩුයටිකුරු කිරීමට ඔහුගේ බුද්ධිමය සම්ප්‍රදානය ඉවහල් විය. පළමුව ඔහු සෙනරත් පරණවිතාන, කුමාරතුංග මුනිදාස, මාර්ටින් වික්‍රමසිංහ මෙන් දේශීය සම්ප්‍රදාය අපට සොයා පාදා දුන් මහා ප්‍රාඥයාය. දෙවනුව විශ්ව කීර්තියට පත් සෙනරත් පරණවිතාන, දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ සමඟ ඉදිරියෙන් ම සිටින ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාය. තෙවනුව පෙරදිග කලා සම්ප්‍රදාය සංස්කෘතිය දර්ශනය බටහිරට හඳුන්වා දුන් ස්වාමි විවේකානන්ද, රවින්ද්‍රනාත් තාගෝර්, ජෝන් මාෂල් සමඟ සමසුන් ගන්නා විද්වතාය. එවන් විශිෂ්ටයෙකු බවට එදා මෙදා තුර කිසිදු ලාංකියෙකු පත් නොවූ බව නිසැකව ම කිව හැකි ය. වරක් ඉන්දීය විචාරකයෙකු කුමාරස්වාමී මහතා ලංකාවේ තාගෝර් ලෙස ද ධර්මපාලතුමා ස්වාමි විවේකානන්දන් ලෙස ද හැඳින්විය. ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ දර්ශනය පිළිබඳ හිටපු මහාචාර්ය රොබට් උලිච් කුමාරස්වාමි හැඳින්වූයේ ‘නවීනත්වයේ කාන්තාරයෙහි පිහිටි ක්‍ෂේම භූමිය ලෙසය.‘
පූජාච පූජනීයා නං
පෙරදිග සාහිත්‍ය කලා සඳහා පමණක් නොව අප රට වෙනුවෙන් සුවිශාල යුග මෙහෙවරක් කළ ආනන්ද කුමාරස්වාමි මහතාට ලාංකික ජාතිය විශේෂයෙන් සිංහලයා සදා ණය ගැතිය. සිංහල හදවත්හි ජාතිකාභිමාණය ජනිත කිරීමට ඔහු මහත් පරිශ්‍රමයක් දැරුවේය. කුමාරස්වාමිගේ අත්පිටපත් සහිත පෞද්ගලික පුස්තකාලය ජාතිය සතු කර ගැනීමේ මහඟු අවස්ථාව මඟහැර ගත් අප අවසානයේ ඔහු නමින් පැවති මාර්ගයේ නම ද වෙනස් කිරීමට තරම් අකෘතඥ ජාතියක් බවට පත්වූයේ කෙසේ දැයි මට අවබෝධ කර ගත නොහැකිය. හද දවන මේ පුවත අසා කම්පනයට පත් මට එකවර සිහි වූයේ නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය පදනම් කරගත් ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ ඉන්වික්ටස් චිත්‍රපටයේ රග්බි පුහුණුකරුගේ "මතක කියා ගනිල්ලා, අද තමයි මේ රට බල්ලාට ගිය දවස" නමැති ප්‍රකාශයයි. යුගයේ ජුගුප්සාජනකම ප්‍රශස්තිය ගැයූ වන්දිභට්ටියක් වෙනුවෙන් එක රැයින් මාර්ග නම් වන රටේ කුමාරස්වාමි වැනි ජාතික වීරයෙකුගේ නාමය මෙලෙස නොතකා හැරීම ඔස්සේ රටට ලබා දෙන පණිවිඩය කුමක්ද? අපේ දෙමළ සහෝදරයින්ට ලබා දෙන පණිවිඩය කුමක්ද? මේ ක්‍රියාවලිය පිටුපස සිටින්නන් කෙතරම් අසංවේදී අසංස්කෘතික සත්ව කොට්ඨාසයක් විය යුතු ද? සැබවින්ම අප කළ යුතුව තිබුණේ 'නෙලුම් පොකුණ', 'ආනන්ද කුමාරස්වාමි රඟහල' ලෙස නම් කොට එම හිස් කොන්ක්‍රීට් කන්දට මහා සම්ප්‍රදායක උරුමය එකතු කොට එය ජාතික උරුමයක් බවට පත් කිරීම නොවෙද? අප යුද වැදුණේ දෙමළ ජනතාවට විරුද්ධව නොව ත්‍රස්තවාදයට විරුද්ධව බව මුළු ලෝකයට ම පෙන්වා දී එම ජයග්‍රහණය සමස්ත ශ්‍රී ලාංකේය ජාතියේ විජයග්‍රහණයක් බවට අභිෂේක ගැන්වීම නොවෙද?
එහෙත් අප ඒ අවස්ථා යොදා ගත්තේ ද්‍රවිඩ බෙදුම්වාදය සාධාරණීකරණය කිරීමට ජීවමාන සාක්ෂි සැපයීම සඳහා සඳහා ය. ජනාධිපතිවරයාගේ නම ගුවන්තොටුපලේ සිට වැසිකිළිය දක්වා යොදමින් ඉතිහාසයට තවත් නිශ්ශංකමල්ල පන්නයේ විකටයෙකු බිහි කිරීමට ඔහු වටා සිටින කේවට්ටයින් පිරිසක් තීන්දු කොට ඇති බව පෙනේ. ජනාධිපතිවරයා විශේෂයෙන් ආරක්ෂා විය යුත්තේ පංචතන්ත්‍රයේ රජු ආරක්ෂා කළ වඳුරාට නොදෙවෙනි මෙවැන්නන්ගෙනි. මෑත කාලයේ එවන් විහිළුවක් බවට පත්වූයේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි හිටපු මහ ඇමතිනි මායාවතී ය. ඇය තම පාලන කාලය තුළ තමාගේ දැවැන්ත ප්‍රතිමා ප්‍රාන්තය පුරා තැනූ අතර 2012 මැතිවරණයෙන් පරාජය ලබද්දී ඇගේ ප්‍රතිමාවල හිස් අතුරුදන්ව තිබිණි. තිස් වසරක යුද්ධය කෙළවර කරනට දේශපාලන නායකත්වය ලබා දුන් ජනධිපතිවරයාට ඒ ගෞරවය ලබා නො දීමට අප කුහක විය යුතු නැත. ද්‍රවිඩ ජාතිවාදයට කිරි පොවමින් සිට එය පරාජය වූ තැන රටට බදු ගෙවූ අප ද ඒ ජයග්‍රහණයේ උරුමකරුවන් වම්හයි පාරම් බෑම සහ මෙවැනි ක්‍රියාවන් අතර වෙනසක් මම නොදකිමි. දෙකම හිස්ටීරියා රෝග තත්වයන්ය. එහෙයින් ආනන්ද කුමාස්වාමි මහතාගේ 135 වැනි උපත් සමරුව යෙදෙන මේ මොහොතේ එතුමාගේ යුග මෙහෙවර වෙනුවෙන් ජාතියේ කෘතඥතාව පුද කිරීමට බලධාරීන්ට නුවන් ලැබේවා යැයි අපි පතමු. ඉතිහාසයේ කුමාරස්වාමී මහතා හොබවන තැන කිසිවෙකුට පැහැර ගත නො හැකි බවත් කුමාරස්වාමි නාමය නෙලුම් පොකුණට සිය ගව් ඉහළින් විරාජමාන වී පහන් තරුවක් සේ අප යා යුතු මාවත දක්වා සිටින බවත් අවසාන වශයෙන් ලියා තබමු.
2009-03-19
ආගම දළඳා වන්දනාව සහ බෞද්ධයා
වසර කිහිපයකට පසු අති උත්කර්ශවත් ලෙස පැවැති ශ්‍රී දළඳා ප්‍රදර්ශනය නිම විණි. දළඳා ප්‍රදර්ශනය ඇරඹෙත් ම නියං සමය අහවර කරමින් වට අසිරිමත් වැස්ස බොහෝ බෞද්ධයින්ගේ බැති හැඟුම් කුළුගැන්වූ අතර තමන් බුදු දහම අතැඹුලක් සේ පසක් කළ ධර්ම භාණ්ඩාගාරිකවරුයයි සිතා සිටින නාම මාත්‍රික බෞද්ධ පිරිසක් ඊට කරන ලද නින්දා අපි දුටුවෙමු. බටහිර විද්‍යාවෙන් උමතු කරන ලද මේ නරුමයින් දන්ත ධාතුව කාබන් පරික්ෂාවට ලක්කිරීමට යෝජනා කර තිබිණි. එහෙත් මේ උගත් මහත්වරු DNA පරික්ෂාවක් නොකර යම් පුරුෂයෙකුට තාත්තා යයි කියති.
තවත් උගතෙක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ලේඛන අනුව මේ නුවරට වැසි කාලය බව ඔප්පු කළේ ය. එහෙත් දළඳා ප්‍රදර්ශනය දක්වා නියං සාය පැවැතිණි. වැසි වැට්ටේ දළඳා ප්‍රදර්ශනය ඇරඹිදා ය. ඒ වැස්ස ඊට පෙර දවස හෝ පසු දවස නොවැස්සේ ඇයි? අර ඊනියා උගතාට ඊට දිය හැකි පිළිතුර කුමක් ද?
ඇමරිකාවේ හෝ බටහිර රටක නොඉපදීයයි තැවෙමින් සිංහලකම බෞද්ධකම ගරහන අතර අපට බෞද්ධ දර්ශනය උගන්වන්නට ද තටමන තව නිවටයෙක් දන්ත ධාතුව ජල සම්පාදනය සඳහා යොදා ගැනීමට යෝජනා කර තිබිණි. මේ නිවට පිංගුත්තරයින් හිනැහෙන්නේ මේ රට ජනතාවටයි. ඔවුන්ගේ සංස්කෘතියටයි. ආගමටයි.
ජනතා බදු මුදලින් නිපැයෙන නිදහස් අධ්‍යාපන වරමින් මුන් උගත්තේ ඒ දහදිය මුදල් කළ ජනතාවට හැනැහීමටයි. ඒ අධ්‍යාපනය ද නිකම්ම ලද නිසා එය ද හරියට ලබා නැති බව උන් සිය හැසිරීමෙන් සනාථ කර තිටිති. ආගම යනු සත්‍යය නොව යමක් සත්‍යයයි පිළිගැනීම හෙවත් විශ්වාස කිරීම බව මොවුන්ට නොවැටහෙන්නේ ඒ නිසා නොවෙද?
ලොව විද්‍යාව මගින් සනාථ කළ ආගම් කොහිවේ ද? කතෝලික මුස්ලිම් හින්දු ඈ දේවවාදී ආගම් මැවුම්කාර දෙවියෙකු ගැන විශ්වාස කරති. දිවා කල විශ්වවිද්‍යාලයේ මහා පිපිරුම්වාදය ගැන දේශන පවත්වන යුරෝපීය ඇමරිකානු මහාචාර්යවරු සවසට පල්ලියට ගොස් ලෝකය මැවූ සර්ව බලධාරී දෙවියන් නමදිති. ලෝකයා විද්‍යාත්මක ඇසින් ආගම දෙස බැලුවා නම් මුලින් ම සියලු දේවවාදී ආගම් ලොවෙන් අතුරුදහන් විය යුතු ය. එහෙත් අදත් ලොව වැඩි පිරිසක් අදහන්නේ දේවවාදී ආගම් ය. එහි අරුත මිනිසා විද්‍යාව සහ ආගම පටලවාගෙන නැති බව ය.. එහෙත් අපේ රටේ කළු සුද්දාට, සුද්දා කීවා නම් එය දේව වාක්‍යයෙකි. ආගම බල්ලට ගියාදෙන් ය. බුදුන් බල්ලට ගියාදෙන් ය. සම්ප්‍රදායත් බල්ලාට ගියාදෙන් ය.
ආගම යනු යමක් සත්‍ය වීම නොව සත්‍යයයි විශ්වාස කිරීම ය. බුදු දහමට ද ඒ න්‍යාය පොදුය. එහෙයින් බෞද්ධයෝ ශ්‍රී පාදය වන්දනා කරති. ජය ශ්‍රී මහා බෝධිය සහ අනුශාකා නමදිති. ශ්‍රී දළඳා පුදති. තව නොයෙක් ආමිස පූජාවන්හි යෙදෙති. බුදු රදුන් පිං අනුමෝදන් කරන්නැයි කී දෙවියන් ද පුදති. සිල් සමාදම්වීමෙන් ධර්ම ශ්‍රවනයෙන් ප්‍රතිපත්ති පූජාවට හුරු වෙති. මේ සියල්ල ඔවුන් කරන්නේ තම තම නැණ පමණින් ය. එය බුද්ධාගමයි.
මේ ආගමින් වෙනස් වූ බෞද්ධ දර්ශනය ද ඇත. (සැබවින් ම බුදු රදුන් ආගමක් දේශනා නොකළ අතර උන්වහන්සේ දෙසූ දර්ශනය ඇසුරින් පෘථග්ජන මිනිසා ආගමක් තනා ගත්හ.) සසර දුක හෙයින් ඒ දුකින් මිදීමට කැමති උදවියට ඒ දර්ශනය අනුගමනය කිරීමට කවර බාධාවක් ද? ඒ සඳහා බුද රදුන් අනුමත කළ මූලික මාර්ගය ගිහිගෙය අතැර පැවිදි වීම ය.
එසේ ම සංසාරේ ගමන් කරන, සාමාන්‍ය ජීවිත ගතකරන මිනිසුන්ට පෙරකී බෞද්ධ ආගම ඇදහීමට කවර බාධාවක් ද? තමන්ට එදිනෙදා මුහුණදීමට සිදුවන දුක් කරදර ශෝක පරිදේව දරා ගැනීමට පිළිසරණ වන්නේ මේ ආගම ය. ඔවුන්ට විඳින්ට සිදුවන දුක් ගැහැට නිසා දූදරු අඹුදරුවන් අතැර ආරණයගත විය නොහැකි ය. එහෙයින් ඒ දුක සමහන් කරගැනීමට ඔවුහු ආගම වෙත ඇදෙති. ඉන් මානසික සහනයක් ලබති. එතැන නොනැවතී සසරින් එතෙරවීමට සිතන අයට පෙරකී බුද්ධ දර්ශනය වෙත යාමට හැකි ය.
ඒ මිනිසුන්ට තමන් උඩින් පල්ලෙන් උගත් ඊනියා බටහිර විද්‍යාව ආයුධයක් කරගෙන සිනාසීම කවර විපරිතයක් ද? මොන විහිළුවක් ද? මේ මානසික රෝගීන්ට අනුකම්පා කළ යුතු ය. ඒබ්‍රහම් කෝටූර් කලක් එම රෝගයෙන් පීඩා විඳ මිය ගියේ ය. කාලෝ ෆොන්සේකා එක් කලෙක හරක් මස් කා අරක්කු බී කතරගම ගිනි පාගා අවසන නැටූ නැටුමක් ද බෙරේ පළුවක් ද නැතිව අද නම් යම් එළැඹි සිහියකින් සිටියි. එහෙත් ද්‍රවිඩ ජනතාව අදත් සිය ගණනින් ගිනි පාගති. උතුරේ සිට දකුණට පයින් විත් කතරගම දෙවිදුන්ගේ දේවාශිර්වාදය පතති. බෞද්ධයෝ දස ලක්ෂ ගණනින් දළඳා වන්දනාවට ඇදෙති. එය ආගමයි. ආගම ගෝචර වන්නේ බුද්ධියට නොව හදවතට ය. හදවතක් නැතිවුන්ට එය අවබෝධ කරගත නොහැකි ය. ඒ නිසා ඒ රෝගීහු හදවත් ඇත්තවුන්ට සිනාසෙති. අනුකම්පා කරනු හැර කුමක් කරම් ද?
විමලරත්න කුමාරගම නමැති විශිෂ්ට කවියා මේ මානසික දිළින්දන් ගැන සිය 'අයියනායක' කවි පෙළේ ලියූ කවකින් මේ සටහනට කුණ්ඩලිය තබමි.
සාගත වසංගත හා එන නියඟවලින්
සහනය පතා වන දෙවියන් ළගට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්

2008-04-30
හණමිටිකාරයෝ
හණමිටිකාරයාට මහා සිංහල ශබ්ද කෝෂය දෙන අරුත කාලානුරූපීව වෙනස් නොවන්නා හෙවත් පරණ දෙයට ම ගරු කරන්නා යන්න ය. (2005:1970) සමාජයේ නිතර බැවහර වන ළිං මැඩි මානසිකත්වය, දූපත් මානසිකත්වය ආදි යෙදුම් ද එවැනි ම අරුතක් පිණිස යොදන බව පැහැදිළි ය. හණමිටිකාරයා පිළිබඳ අප අසා ඇති කතාව මෙසේ ය.

මිතුරෝ එක්තරා දෙදෙනෙක් නගරයක විසූ හ. ඔවුහු මිතු දමින් ධනවත් වුව ද වත් පොහොසත්කමින් දුගීහු වූහ. මේ දෙමිතුරන්ට යම්කිසි උවමනාවකට නුවරට බෝ දුරැති පසල් දනව්වකට යාමට සිදු විය. ගිය කාරිය නිමවා පෙරලා නිවෙස බලා එන අතරමග ඔවුන්ට හණමිටි දෙකක් ලැබිණි. (හණ යනු කඳෙහි හට ගන්නා කෙඳී ලබා ගන්නා සිහින් නිල් පෑ කොළ සහිත ශාක විශේෂයකි.) හණමිටි කර තබා ගත් දෙමිතුරෝ මගට වන් හ. දුරු කතර පසුකර ගමට ඇදෙන ඔවුන්ට හිටි හැටියේ රිදී මිටි බෙදන තැනක් හමු විය. එකෙක් සිය හණ මිටිය වහා ඉවතලා රිදි මිටියක් ගත්තේ ය. ‘මුලින් ලැබුණු එක මට හොඳයි’ කී අනෙකා සිය හණ මිටිය ඉවතලීම ප්‍රතික්ෂේප කළේ ය. යළි මගට වන් දෙදෙනාට වැඩි දුරක් යන්නට නොලැබිණි. එවර රන් දන් සැලෙකි. සිය රිදී මිටිය පසෙකටලූ මිතුරා රන් මිටියක් කරට ගත්තේ ය. ‘මොනවා වුණත් මුලින් ලැබුණු දේ තමා වඩා වටින්නේ’ යයි කී දෙවැන්න සිය හණමිටිය ගෙන ඉස්සර විය. නැවත ගමට ළඟා වූ මුල් මිතුරා සිය රන් මිටිය විකොට නුවර ධනවතෙක් බවට පත් විය. හණමිටිය කර ගසා ගෙන ආ මිතුරා සුළු මිලකට එය විකොට සුපුරුදු දුගී දිවිය ම ගත කළේ ය.
මේ කතාවේ හරය අපට යමක් උපතින් ලද පමණින් හෝ මුලින් ලද පමණින් වැදගත් නොවන බව ය. වඩා වටිණා දෙයක් ලද විට අඩු වටිනා කමැති දෙය ඉවතලිය යුතු ය. අනතුරුව ඊටත් වඩා වටිණා දෙයක් ලැබේ නම් එකී වටිණ දෙය ගෙන අනෙක ඉවතලිය යුතු ය. කොටින් ම දල්වා ගත් මනැසින් විමසිල්ලෙන් ලොව දෙස බැලිය යුතු ය. එවිටය දියෙන් කිරි වෙන් කර ගන්නා හංසයෙකු සේ වරදින් නිවැරැද්ද වෙන් කර ගත හැක්කේ. බුදුන්වහන්සේ කාලාම සූත්‍රය දේශනා කළේ ද මෙම සාදු දහම පෙන්වා දීමට ය. සියල්ල දෙස විමසුම් ඇසින් බැලීම පිළිබඳ කුමාරතුංග මුනිදාස මහතා ලියූ කවක් මෙසේ ය.
විමැසුවයි යමෙක් යා නම් නරකාදී
මට සුවයි එහි මැ යනු වෙනතක නෑදී
ඉවැසුවයි බොරු සග යා නම් පෑදී
සුදුසුවයි රඳනු මෙහි ඔහු එහි යාදී
නොපා බිය ඇත්ත ඇති සැටි කියන දන
අපා-ය නම් මරණින් මතු වඩින තැන
සැපා-රෙකැ යි කියුවත් සුරපුර ගලන
එපා මට එපා මැ යි එ තැන සැබවින
(ලක්මිණි පහන 1934)
අවාසනාවක මහත ! අද හණමිටිකාරයා යයි සමච්චලයට ලක් වන්නේ එහි පරම ප්‍රතිපක්ෂයට අයත් පිරිස ය. පිට රටින් එන සියල්ල දොහොත් මුදුනින් පිළි ගෙන වන්දනාමාන කරන්නෝ විද්වත්තු ය. 1505 සිට ජාතියට බෝ වූ හීනමානයෙන් ද සිය ඉතිහාසය නොදැනීමෙන් ද ආතුර වී සිටින මොවුන්ට අපේ දේ වහකදුරු ය. පිට රට දේ සිරි සැප ය. අපේ සම්ප්‍රදාය සංස්කෘතිය සිරිත් විරිත් නොතැකීම ඊට ගැරහීම සීනාසීම තම විද්වත්භාවය ප්‍රකට කරන ආභරණය කැයි ඔවුහු සිතති. කලියුගයට යකඩ බරු දිය මත පාවි ගොම රිටි පතුළ සිඹිත් !
ඔබට මට අපේ මුතුන් මිත්තන්ගෙන් උරුමවූ සම්ප්‍රදාය බාල බඩුවක් නොවේ. එය තවත් සම්ප්‍රදායක් හා සසඳා ඉවතලිය හැකි නොවටිනා හණමිටියක් ද නොවේ.වසර සිය දහස් ගණනක අත්දැකීම්වලින් පොහොසත් අපේ උරුමය යාවත්කාලීන කොට ඉදිරි පරපුරට බාර දීම අප යුතුකම ය. නැතහොත් ඒ පරපුර ආතක් පාතක් නොමැති ගන්දබ්බයින් පිරිසක් වනු ඇත. අපට කොතෙක් උත්සහ කළ ද සුද්දන් වන්නට නොහැකි ය. යූරෝපීයයන් එසේ පිළිගන්නට සුදානම් ද නැත. කළ හැක්කේ අපේ නිවටකම ප්‍රදර්ශනය කරමින් ඔවුන් හිනැස්සීම පමණි. එහෙයින් අප කළ යුත්තේ ලතින් ඇමරිකානු රටවල් මෙන් නිදහස සොයා යාම ය. අධිරාජ්‍යවාදී ප්‍රවාහයට එරෙහිව උඩුගං බලා පිහිනීම ය. රටක් ලෙස අපේ නිදහස ඇත්තේ එතැන ය.
අසල්වැසි රටේ මහත්මා ගාන්ධි පැවසුවේ ඔබේ නිවසේ දොරගුළු සතර අතින් එන සුළඟට හැර තබන්න, එහෙත් ඒ සුළඟට ගෙයි ඇති වටිණා දේ බිලි නොදෙන්න කියා ය. මෙරට වැසි ඇතැම්හු ගෙයි ඇති දේ පමණක් නොව ගෙයි බිත්ති හතර ද සුළඟට පුදන්ට සුදානම් ය. ඊට එරෙහි වන්නෝ හණමිටිකාරයෝ ය. දූපත් මානසිකත්වයෙන් පෙළෙන්නෝ ය. නැත්නම් ළිං මැඩියෝ ය. නොදනිම් කාගේ දොසා !!!

2008-04-08
ඒ ඇයි ?
සෑම රටකට ම ඊට අනන්‍ය සංස්කෘතියක් ඇත. ඇතැම් සංස්කෘති නම්ය වන අතර අනෙක්වා අනම්‍ය වන බව ද පෙර ලිපියේ සඳහන් කළෙමි.
බ්‍රිතාන්‍ය පුරවැසි මුස්ලිම් ගුරුවරියක අධිකරණයේ නඩුවක් ගොනු කළා ය. ඇගේ චෝදනාව වූයේ පර්දාව පැළඳ පාසැලේ ඉගැන්වීම බලධාරීන් විසින් තහනම් කිරීම ය. මුස්ලිම් ජාතිකයෝ සිය සංස්කෘතිය ඉතා ම ගෞරවයෙන් ආරක්ෂා කරති. අනුගමනය කරති. (මෙරට 1505 සිට ගෙන ගිය ආක්‍රමණය හමුවේ පවා මුස්ලිම්වරු නා නා වධ බන්ධන හෝ අනේක වරදාන හමුවේ සිය සංස්කෘතිය පාවා නොදුන් හ. ඒ නිසා යට කී ආක්‍රමණයේ බලපෑම ඔවුන් වෙත ඉතාම අවම විය.) පර්දාව මුස්ලිම් ස්ත්‍රීන්ගේ සාම්ප්‍රදායික ඇදුමේ අංගයකි. ඇකේම්බ්‍රීජ් ශබ්දකෝෂය උදාහරණයට ගන්නා දියුණු බහු සංස්කෘති සමාජය පාසැල් ගුරුවරියට සිය සංස්කෘතියට රිසි සේ පරිහරණයට වැට කඩොලු බදින්නේ ඇයි? ඇයට අධිකරණයේ පිහිට පතන්න වූයේ ඇයි? අවසන ඇයට අධිකරණයෙන් ද සාධාරණයක් ඉටු නොවූණි. ඒ ඇයි ඇයි?

බොහෝ මුස්ලිම් රටවල ක්‍රියාත්මක වන්නේ ෂාරියා නීතියයි. විවිධ වැරදි සඳහා ඒ යටතේ දැඩි දඬුවම් පමුණුවයි. පරදාර සේවනය, ස්ත්‍රී දූෂණය ගල් ගසා මරා දැමීමමට තරම් බරපතළ වැරදි ය. එහෙත් වෙනත් රටක ජීවත් වන විට ඔවුන්ට එම නීති ඒ අයුරින් ම ක්‍රියාත්මක කළ නොහැකි ය. උදාහරණයක් ලෙස ලංකාවේදී ඇතැම් නඩු ඔවුන්ගේ අධිකරණවල විභාග කළ හැකි වුව ද මරණ දඬුවම ක්‍රියාත්මක කළ නොහැකි ය. එනම් සිවිල් නඩුවලදී ඒ ඒ රටවල නීතියට යටත්වීමට ඔවුන්ට සිදු වේ. බ්‍රිතාන්‍ය ආදී බහු සංස්කෘති ලේබලැති රටවල ද එසේම ය. ඒ ඇයි?
බොහෝ මුස්ලිම්වරු නිර්මාංශ නොවෙති. සිය ආහාර පතෙහි මුල් තැනක් මාංහ ආහාර සඳහා නිරතුරුව හිමි වේ. ඔවුන්ගේ නිජබිම් වන අප්‍රිකාව ආශ්‍රිත පරිසරය ඊට බෙහෙවින් බලපෑවේ යයි උපකල්පනය කිරීම සාධාරණ ය. එහෙත් එතැනින් ඉන්දියාවට සංක්‍රමණය වූ මුස්ලිම්වරු බහුතරය නිර්මාංශ වෙති. එසේ වූයේ ඇයි?
දකුණු ඉන්දියානු ද්රවිඩයෝ බ්‍රාහ්මණ වංශිකයෝ වෙති. ලංකාවේ උතුරු නැගෙනහිර ද්‍රවිඩයෝ ඉන්දියාවේ ප්‍රදේශ දෙකකින් පැමිණියාහු වෙති. මෙසේ උතුරට සපැමිණි බ්‍රාහ්මණ වංශික ද්‍රවිඩයෝ මෙරට දී ගොවිගම බවට පත්වූහ. ඒ ඇයි?
සිංහලයේ අන්තිම සිංහල රජතුමා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ය. ඉන් ඔබ්බේ මෙරට රජකම ඉන්දිය නායක්කාර් වංශිකයන්ට හිමි විය. එහෙත් මෙරටට ආ ඔවුන්ට ශිව ආගම අතැහැර බුදු දහම වැළඳ ගැනීමට සිදුවිය. බෞද්ධ භික්‍ෂූන්වහන්සේලාගේ උපදෙස් පිළිපදිමින් දන්ත ධාතුවේ ආරක්ෂකයන් වෙමින් ක්‍රියා කිරීමට ඔවුන්ට සිදු විය.ඒ ඇයි?
ජාත්‍යන්තර රතු කුරුස සංවිධනානය ශ්‍රී ලාංකිකයින් අතර ප්‍රසිද්ධ ය. එහි ලොව පුරා යුද බිම් ආශ්‍රිතව ක්‍රියා කරන රතු කුරුසයේ ලාංඡනය රතු පැහැ තුරුසයකි. එහෙත් මුස්ලිම් රටවල රතු කුරුස සංවිධනානයේ ලාංඡනය රතු අඩ සඳ වේ. ඒ ඇයි?
කතෝලික ආගම මෙරටට 1505 ලැබිණි. ලාංකික කතෝලික ඉතිහාසය ඉන් ඔබ්බට යතැයි ඇතැමුන් ගොඩ නඟන තර්ක සහ පෙන්වන නිදර්ශන ශක්තිමත් නැත. (අනුරාධපුරයෙන් හමුවන සාධකවලින් අනාරණය වන්නේ මෙරටට පැමිණි වෙළදුන්ට සිය ආගමික කටයුතු නිදහසේ කරන්නට තිබු අවසරය මිස අනෙකක් නොවේ.) කතෝලික ආගම රට තුළ ව්‍යාප්ත වත්ම ඔවුන් පෙරහැර කරන්නට විය. සිය ආගමේ කෙනෙක් මළ විට තටුවක් පිදීම සහ දානමාන දීම සිදුවිය. ඒ ඇයි?
කතෝලික ආගම දේශීයකරණයට 60 දශකයේ වතිකානුව උපදෙස් දුන්නේ ය. ඒ ඇයි?
මේ සියල්ලට එකම හේතුව ඒ ඒ රටවලට අනන්‍ය සංස්කෘතියක් පැවතීමයි. රටක විවිධ සංස්කෘවලට අයත් ජනතාව ජීවත්වුව ද ඔවුන්ට එහි ප්‍රධාන සංස්කෘතියට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නතුවීමට සිදු වෙයි. එහෙයින් බහු සංස්කෘතිවාදය හුදු සංකල්පයක් පමණකි. සියලු සංස්කෘති වෙත එකසේ සලකන සමාජයක් ලොව නැත. ඇත්තේ එක් ප්‍රධාන සංස්කෘතියකි. එහි ආධීපත්‍යයකි.
වත්මන් ධනේශ්වර ලොව මිනිසාගේ සංස්කෘතික ජීවිතය බෙහෙවින් පටුවී ඇත. අතීතයේ මුළු ජීවිත කාලය ම සංස්කෘතික ජීවිතයක් ගත කළ ඔහුට දැන් ඊට ඉඩ නැත. ඉන් බොහොමයක් ඔහුට අහිමි වී ඇත. නිදසුනක් ලෙස අතීත සිංහලයාගේ ජීවන වෘත්තිය - ගොවිතැන - සිය සංස්කෘතික ජීවිතයේ කොටසක් විය. කුඹුර කොටන දින පටන් බැත ගෙට ගන්නා තුරු සියලු කටයුතු සංස්කෘතික අංග සමග බද්ධ විය. හේනක් කොටා ගිනි ලෑමේ සිට සියලු කටයුතු ද සංස්කෘතික ජීවිතයේ අංග විය. ඔවුන් අත්තම් ක්‍රමයට සිය අසල්වාසීන් සමග වැඩ කළා මිස කුළියට වැඩ කළේ නැත. එය ඔවුහු නින්දාවක් කොට තැකූහ.
ධනේශ්වර ක්‍රමයේ නැගීමත් සමග ඔහුට අකමැත්තෙන් වුව කුළියට හෙවත් මුදලට වැඩ කරන්නට විය. ඒ සඳහා ඔවුහු සිය සංස්කෘතික ජීවිතයෙන් මිදී ආහ. එසේ නිවසේ තබා පැමිණි ජීවිතයට සවස නැවත පිවිසුණහ. එනම් උපත, විවාහය, මරණය, අවුරුදු උදාව සහ ආගම සම්බන්ධ බොහෝ දේ පෙර සේම සංස්කෘතික ජීවිතයේ අංගයෝ වෙත්. ඩෙනිම සහ ටී-ෂර්ටය හැඳ කාර්යාලයට යනෙ’න තරුණ තරුණියෝ සාරි, ඔසරි සහ රජ ඇදුම්වලින් විවාහ වන දින සැරසෙති. හෙළ කුල සිරිතට කටයුතු කරති. පන්සලට ඉලව් ගෙදරට සුදුවතින් සැරසී යති. සිංහල හින්දු අවුරුදු උදාව සමරමින් කිරි උතුරුවා කිරි බත් පිසිනු විනා ෆ්‍රයිඩ් රයිස් සදන අයෙක් නොමැත.
මේ අනුව වත්මන් පරපුරේ සංස්කෘතික ජීවිතය පටු වුව ද ජීවිතයේ සංධිස්ථානවලදී නැවත එකී මුල් සොයා ඇදෙති. පුනරාගමනය කරති. එහි ආධිපත්‍ය දරන සංස්කෘතිය රටේ සංස්කෘතිය වේ. ඒ අනුව ඉන්දියාව ව්‍යස්ථාවෙන් අනාගමික වුව ද සංස්කෘතියෙන් හින්දු වේ. තුර්කිය ව්‍යස්ථාවෙන් අනාගමික වුව ද සංස්කෘතියෙන් ඉස්ලාම් වේ. ශ්‍රී ලංකාවේ ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියකි. එහෙත් එය බුදු දහමේ ආධිපත්‍ය නොව බුදු දහම සහ අපේ මුතුන් මිත්තන්ගේ ජීවින අත්දැකීම් ඇසුරින් බිහිවූ සංස්කෘතියයි. එහි ආධිපත්‍යට බෞද්ධ කතෝලික ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් අප සියලු දෙනා අරා පැතිර පවති. සෙසු සංස්කෘතිවලට සාපේක්ෂව අපේ සංස්කෘතික සුඛනම්‍ය සුලලිත වූවක් බව නම් සැබෑ ය. එහෙත් ඒ සිංහල බෞද්ධ සංස්කෘතියයි.
කෙසේ වුව ද ඇතැම්හු එය නොපිළිගනිති. මොවුහු දැනුම පරිවර්තනය කරනු විනා දැනුම නිෂ්පාදනය නොකරති. රටකට අවැසි දැනුම පරිවර්තනයට වඩා දැනුම නිෂ්පාදනය කිරීම ය. අවාසනාව මොවුන් එකී දැනුම අනුවර්තනයට හෝ අවදානය යොමු නොකිරීම ය. අතිගරු මර්සලින් ජයකොඩි පියතුමා, එඩ්වඩ් ජයකොඩි සහ ජැක්සන් ඇන්තනී වැනි කතෝලිකයෝ ද මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක් ඇතැයි අවබෝධ කර ගත්තෝ ය. ඒ සඳහා පොතේ දැනුම ඉක්මවා ගිය සමාජ සංස්කෘතික විඥානයක් අවැසි ය.

2008-04-02
බහු සඟිස්කුරුතිය
බහු සංස්කෘතිවාදය මෑත කාලයේ ඇතැම් විද්වතුන් අතර සම්භාවනාවට පාත්‍රවූ සංකල්පයකි. බහුසංස්කෘතිය යනු එම සාකච්ඡාවේ හරයයි. පදනමයි. ‘නා නා සිරිත් විරිත් ඇදහිලි විශ්වාසවලින් සමන්විත ප්‍රජාව’ යන අරුත කේම්බ්‍රීජ් ශබ්දකෝෂය ඊට ලබාදී ඇත. ඊට ම ඈඳා ඇති ‘බ්‍රිතාන්යය දියුණු තියුණු වෙමින් පවතින බහුසංස්කෘතික සමාජයකි’ යන වාක්‍යයෙන් එම සමාජයේ සංස්තෘතික සම්මිශ්‍රණයක් බලපවත් වන බවත් නොයෙක් මාදිලියේ ජනකොටස් ජීවත් වන බවත් කියවේ. එය ඉතාම යහපත් සැමට සිය සංස්කෘතිය රිසි සේ භුක්ති විඳීමට ඉඩහසර ඇති කදිම නිදහස් සමාජයකි යන්න ද ඉන් ගම්‍යමාන වේ.

පුරාණ ලෝකය අතිවිශාල වූවකි. වසර ලක්ෂ ගණනක් වන මානව පරිණාම ඉතිහාසයේ එක් අවස්ථාවක මිනිසා දඩයම් ජීවිතයෙන් මිදී වාසස්ථාන ගොඩනැගූහ. එම වාසස්ථාන එක්වී ජනපද, ශිෂ්ටාචාර බිහි විය. ඒ ඇසුරේ සංස්කෘති ද වැඩිණී. ඒවා එකිනෙකට ස්වායත්තව ඊටම අනන්‍ය ලක්ෂණ විදහමින් උස්මහත්විය. නාවික ගමනාගමනයේ නැගීමත් සමග මිනිසා දේශාටනයට නැඹුරු වන අතර ශිෂ්ටාචාර අතර සබඳතා ඇති විය. සුප්‍රකට සේදමාවත ඔස්සේ වෙළඳාම පමණක් නොව යම් පමණක සංස්කෘතික හුවමාරුවක් ද සිදුවිය.යටත්විජිත සමයේ එය තවත් තීව්ර විය. කොටින් ම සංස්කෘතික ආක්‍රමණයක් බවට පත්විය. (ආක්‍රමණිකයා අතක තුවක්කුවද අනෙක් අතේ බයිබලය ද රැගෙන ආවේ හුදු වෙළඳ අරමුණු සඳහා ම නොවන බව පැහැදිළි ය. අපි කුළුබඩු සහ කතෝලිකයන් සොයා පැමිණියෙමුයි කීවේ එහෙයිනි.) එම ආක්‍රමණ හමුවේ දේශීය සංස්කෘති යම් බිඳවැටීමකට ලක්වුව ද මුළුමනින් අභාවයට පත් නොවිණි.
එහෙත් කාර්මීකරණය සහ සන්නිවේදන දියුණූව විසින් පෙරකී සංස්කෘතික සීමා අකාමකා දමා ලෝකය කුඩා කොට ඇත, විශ්වගම්මානයක් කොට ඇත, යන්න බහු සංස්කෘතිවාදයෙන් කියවේ. ඒ සමාජය තුළ කිසිම සංස්කෘතියක් වඩා ප්‍රබල හෝ දුබල නොවේ. සියල්ලට බෙදන්නේ එක හැන්දෙනි. මේ අනුව බහු සංස්කෘතික සමාජයක කිසිම සංස්කෘතික ආධිපත්‍යක් නොමැත. ඇත්තේ නිදහස් ලිබරල් සමාජයකි. බහු සංස්කෘතික සමාජයකි. ඒ අනුව බ්‍රිතාන්‍යයේ ඇත්තේ නූතන ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍ය නොව බහු සංස්කෘතියකි. ඉන්දියාවේ ඇත්තේ හින්දු සංස්කෘතික ආධිපත්‍ය නොව බහු සංස්කෘතියකි. ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියක් නැත. ඇත්තේ බහු සංස්කෘතියකි. ලොව සෙසු රටවලද එසේම ය. මෙය සැබෑවක් ද?
මගේ අදහස නම් විශ්ව ගම්මාන සංකල්පය මෙන් ම බහු සංස්කෘතිවාදය ද දැන් යල්පැන ගිය මතවාදයක් බවට පත්ව ඇති බව ය. මේ සංකල්ප ඔස්සේ සැබවින් ම උත්සාහ ගත්තේ යූරෝ-ඇමරිකා සංස්කෘතිය සෙසු සංස්කෘති මත පැටවීම සාධාරණීකරණය කිරීමට ය. ඊට එරෙහි බලවේග දුර්මුඛ කිරීම ය. එහෙත් ලෝක යථාර්ථය ඊට ඉදුරා වෙනස් ලක්ෂණ විදහාපායි. ඒ සඳහා සාධක අතීතයෙන් ද වර්තමානයෙන් ද ලද හැකි ය. අනාගතය ගොඩනැගෙන්නේ අතීතය සහ වර්තමානය මත බැවින් අනාගතය ද එසේ වනු ඇත.
ලොව මූලික වශයෙන් සංස්කෘති දෙවර්ගයකි. ඒ නම්‍ය සහ අනම්‍ය වශයෙනි. නම්‍ය සංස්කෘති සෙසු සංස්කෘති ඉවසයි. අනමය සංස්කෘති සෙසු සංස්කෘති නොඉවසයි. වෙනත් ලෙසකට කිවහොත් නම්‍ය සංස්කෘති යටිරෝපණයට ඉඩදෙන තුරුවදුලක් බදු ය. අනමය සංස්කෘති යටිරෝපණයට අවසර නැති ෆයින් යායක් බදු ය. මේ දෙකේ විවිධ මාත්‍ර සංකලණයෙනි; ලොව සංස්කෘති ගොඩනැගී ඇත්තේ. අනමය සංස්කෘතියකට මුස්ලිම් සංස්කෘතිය කදිම නිදසුනකි. නම්‍ය සංස්කෘතියට යුරෝපා ක්‍රිස්තියානි සංස්කෘතිය නිදසුනකි. මෙරට බලපවත්නා සිංහල බෞද්ධ සංස්කෘතිය යුරෝපා සංස්කෘතියටත් වඩා සුනම්‍ය වූවකි. එම මෘදු ගුණය නිසා මෙරට සිංහල බෞද්ධ සංස්කෘයට දැන් සිය නම ද අහිමි ව ඇත. දැන් එහි නම බහු සඟිස්කුරිතයයි.
බහු සංස්කෘතිවාදය හුදු සංකල්පයක් පමණි. මී ළඟ ලිපිය ලියවෙන්නේ අප මතය සනාථ කරන ගෝලීය නිදසුන් කිහිපයක් ඇසුරිණි.

Subscribe to:
Posts (Atom)