tag:blogger.com,1999:blog-6407103743829650465.post4128016705414077666..comments2023-10-04T21:38:14.585+05:30Comments on :::::: සංහිඳ ෴: මෙහෙව් රටේනාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6407103743829650465.post-75656994396690294502008-07-12T10:32:00.000+05:302008-07-12T10:32:00.000+05:30ප්‍රතිචාරයට පිං. ඩොලර්වලට ආත්මය උකස් කරන NGOකාරයෝ ...ප්‍රතිචාරයට පිං. ඩොලර්වලට ආත්මය උකස් කරන NGOකාරයෝ අපේ අය බව ඇත්ත. ඒත් ගතින් විතරයි. හම හැර අන් සියල්ලම සුදු. දැනුම කියලා සුද්දා කවපු රට තණ කොළ වමාරනවා. ආයේ කනවා. මව්බිමට එරෙහි ඕනෑම කුමන්ත්රණයක මුලසුන ගන්නවා. මොකද මේ අයගේ ආධ්‍යාත්මය මව්බිම විදිහට හදුන ගන්නේ බ්‍රිතාන්‍යය නැත්නම් ඇමරිකාව. එක් අතකින් මොවුන් පෞද්ගලිකව ඊට වැරදිකරුවන් නොවේ. වසර 500ක යටත්විජිතවාදයේ සහ 60 වසරක අවිචාරවත් පාලනයේ ආධ්‍යාත්මික කැඩපත තමා මේ අය. කළ යුත්තේ මේ විපරිතය වෙනස් කිරීමට ලාංකිකයා ඔලුවෙන් සිටුවා ලෝකය දෙස බැලීමට අවැසි පසුබිම සැකසීමයි. එය එක් අතකින් අප අප සමග කරන අරගලයක් ද වෙනවා. මොකද මේ සුදු සෙවනැලි අප තුළ අඩු වැඩි වශයෙන් නෙක වෙසින් හොල්මන් කරනවා.

කසුන් කියන එක හරි අද ලංකාවේ සිවිල් සමාජය යනුවෙන් පෙනී සිටින්නේ ඩොලර් යූරෝ යෙන් ෆ්රෑන්ක්වලට සේවය කරන සුද්දන්ගේ චක්ගෝලයෝ රැළක්. මේ විකට ඇඳුම්කාරයෝ සැබෑ ලාංකික සමාජයේ පිළිබිඹුවක් නෙවෙයි. විජාතික අවශ්‍යතා ඉටු කරන කුමන්ත්‍රණකාරයෝ. මේ අයගේ ඉතිහාසය විමසා බැලුවොත් ඒක සක්සුදක් සේ පැහැදිළි වෙනවා.

ඔබ කියන පරිදි NGO විරෝධය විලාසිතාවක් බවට පත්වෙලා නම් මම ආඩම්බර වෙනවා. එය තමා අවැසි. සුපර්ස්ටාර් ඩ්‍රීම්ස්ටාර් ආදි මෙකී නොකී හැටහුටහමාරක් රැලි විලාසිතා බෝ කරන රටේ, රටට අත්‍යවශ්‍ය රැල්ලක් නැගෙනවා කියන්නේ මොන තරම් සතුටක් ද? මෙරට නිපදවන මුත් ආනයනය කරන භාණ්ඩ වර්ජනය වගේ එකක් විලාසිතාවක් වුණොත් කොහොම හිටී ද? පලතුරු උයනක් වගේ රටේ අපි වසරකට රු. මිලියන 100ක ඇපල් කනවා. මේ අහන අපි විළි ලැජ්ජාවෙන් හැකිළි යන්න ඕනනේ. ඒත් අද බොහෝ දෙනාට ඇපල් කෑම ආඩම්බරයක්නේ.

ඉන්දිය නිදහස් සටනේ ආධ්‍යාත්මය වුණේ ගාන්ධිතුමා. එතුමා විදෙස් බඩු පරිහරණය ප්‍රතික්ෂේප කළා ම ඒක ළැව් ගින්නක් වගේ ඉන්දියාව පුරාම පැතිරී යනවා. ඉන්දියානුවෝ විදෙස් බඩු ගිනි තියලා තමන්ගේ රටේ නිෂ්පාදන පරිභෝජනයට යොමුවෙනවා. ඒත් ඉන් අදහස් වෙන්නේ නැහැ ගාන්ධිතුමා සතු විසල් මනස සාක්ෂරතාව 35% නොඉක්මවූ ඉන්දියාවේ සෑම වැසියෙකුටම තිබුණා කියලා. ඒ නිසා නිවැරදි නායකත්වයයි අවැසි.

ඕනෑම දැනුමක් බුද්ධිමය වශයෙන් පහළ ස්ථර වෙත යද්දි එය හුදු අනුකරණයක් විලාසිතාවක් වීම වළක්වන්න අමාරුයි. පන්සලේ දේවාල හැදෙන්නේ බෞද්ධයෝ බෝධිපූජා දේවපූජා කරන්නේ ඒ නිසයි. පන්සිල් පද 5 නොදන්න රුක් දෙවියෝ නමඳින බෞද්ධයෝ අපේ රටේ ඉන්නවා. මේ ටික අපට අමතක වුණාට ඈත ගම්දනව්වල ලොතරැයි කූඩු වගේ ආගමේ නමින් ගුබ්බෑයම් හදන අන්තවාදි ආගමික කල්ලි හොඳට දන්නවා. ඒ නිසයි ඒ අය නූගත් මිනිස්සු බිලි බා ගන්නේ. නැත්නම් කළ යුත්තේ බුද්ධිමත් බෞද්ධ පිරිස් සමග පානදුරාවාදය වගේ සංවාදයක් ගොඩ නඟන එකනේ ගාලුමුවදොර. බුදුදහම නොවෙයි අපේ එක තමා ආගම කියලා.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-6407103743829650465.post-49724051973770479012008-07-12T08:18:00.000+05:302008-07-12T08:18:00.000+05:30මේ NGO ව්‍යාපෘති මඟින් සමාජයේ යම් යම් දේ වෙනුවෙන් ...මේ NGO ව්‍යාපෘති මඟින් සමාජයේ යම් යම් දේ වෙනුවෙන් පෙනී සිටීමේ සදාචාරාත්මක අයිතිය ඩොලර් මත තීන්දු කරන තත්වට පත්කලා. ලංකාවේ සිවිල් සමාජය වත්මන් තත්වය මෙහි දෘශ්‍ය ප්‍රතිඵලයක්.
දැන් NGO විරෝධය දේශපාලන විලාසිතාවක් බවට පත්වෙලා.Kasunhttps://www.blogger.com/profile/07210903584277828219noreply@blogger.comtag:blogger.com,1999:blog-6407103743829650465.post-4449056821341287842008-07-12T03:57:00.000+05:302008-07-12T03:57:00.000+05:30නාමල්,එන්.ජී.ඕ බත්බැලයන් යනු අපගේම සහෝදර රටවැසියන්...නාමල්,
එන්.ජී.ඕ බත්බැලයන් යනු අපගේම සහෝදර රටවැසියන් හැර අන් කවරෙකුද? මෙවැනි පුද්ගලයින් බිහිවීම යනු අපගේ ජාතික අසමගිතාවය හෙවත්, උපන් රැල අතහැරයාම යි.ඔහේhttps://www.blogger.com/profile/02476504439018013274noreply@blogger.comtag:blogger.com,1999:blog-6407103743829650465.post-50581196730072749082008-07-11T15:50:00.000+05:302008-07-11T15:50:00.000+05:30සම්පූර්ණ ඇත්ත!සම්පූර්ණ ඇත්ත!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6407103743829650465.post-74056743778296155312008-07-11T09:29:00.000+05:302008-07-11T09:29:00.000+05:30ප්‍රතිචාරයට පිං. ඒ කුහක ව්‍යාපෘති වූ කලී කිසිසේත් ...ප්‍රතිචාරයට පිං. ඒ කුහක ව්‍යාපෘති වූ කලී කිසිසේත් නොදැන කරන්නේ යැයි නොසිතනු මැනවි. සමහරක් පිරිස් විකෘති ඉතිහාස විග්රහ කරළියට ගෙන එත්. අප බෙලහීන ජාතියකැයි ද අප ශිෂ්ටාචාර ගත වූයේ 1505 යයි ද කියති. අපේ ශක්තීන් අවප්‍රමාණ කරති. අපේ උරුමයට සම්ප්‍රදායට හිනැහෙති.
නව යටත් විජිතවාදයේ සියුම් අවි වන මානව හිමිකම් ජනමාධ්‍ය නිදහස ආදිය හමුදාවේ ගමන වළක්වනු රිසින් ඔජ වඩති. බමවති. ලෙළවති. දෙමළ මුස්ලිම් අපතර ඇති සංහිඳියාව බිදිනු පිණිස මර උගුල් අටවති. කොටින් ම විවිධ NGOවල පිං පඩි කන්නෝ ඊට බුහුමන් පිණිස මව්බිම පාවා දෙති. "ඕනෑ ම බොරුවක් සිය වරක් පවසද්දී එය සත්‍යයක් ලෙස සමාජයේ තහවුරු වේ" යන හිට්ලර්ගේ මාධ්‍ය උපදේශක ගොබෙල්ස්ගේ ප්‍රකාශය ජාතියක් ලෙස අප වහා සිහිපත් කර ගත යුතු ය. නැතහොත් අවසන සතුරා සහ බොරුව ජය ගනු ඇත.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-6407103743829650465.post-58406831623342181342008-07-11T03:14:00.000+05:302008-07-11T03:14:00.000+05:30අසමබර එමෙන්ම පාර්ශිකව ඉදිරිපත් කෙරෙන සත්‍යය හරහා ජ...අසමබර එමෙන්ම පාර්ශිකව ඉදිරිපත් කෙරෙන සත්‍යය හරහා ජාතියක අභිමානය බිඳ හෙළමින් දීන කරවීම තුල ජය ලබන්නේ කවුරුන් ද? ජනමාධ්‍යය මෙකී කර්ත්යාවයට කෙතෙක් දුරකට දායක වේ ද?ඔහේhttps://www.blogger.com/profile/02476504439018013274noreply@blogger.com