2008-10-16
ආයුබෝවන්! අපි හලෝ කියන් නෑනේ
අහස අයාලේ පාවී යන පැහැදුල් වලා රංචුවලින් ද හාත්පස දීප්තිත් හිරු කිරණින් ද සජ්ජිත ඒ අපූරු උදෑසන අද මෙන් මට මතක ය. හරියට ම දිනය කියනවා නම් ඒ පහු ගිය ජුනි මස 02 වන බදාදා ය. මම මගේ කුළුපග මිතුරෙකු සමඟ කැලණි සරසවියට යාමට බොරැල්ලෙන් බසයක් ගතිමි. බසය ගමනාගමන මණ්ඩලයට අයත් එකකි. එහි ගුවන්විදිලිය City FM සේවයට සුසර කොට තිබීම සිතට සැනසිල්ලක් විය. ඒ වන විට විකාසය වෙමින් පැවතියේ අසන්නන්ගේ ඉල්ලීම් තීරයකි. වැඩසටහන මෙහෙයවූයේ ජයන්ත රෝහණ නම් ප්‍රතිභාසම්පන්න නිවේදකයා ය. ගේය රචකයා ය. වේලාව හරියට ම 10.10 විය. එවර ගීයක් ඉල්ලා දුරබනුව ඔස්සේ අසන්නියක් පැමිණියා ය.
නිවේදක:ආයුබෝවන්! ගීයක් අහන්න කවුද දැන් දුරකතන ඔස්සේ ඇවිත් ඉන්නේ?
අසන්නිය:හලෝ හලෝ මම ...
නිවේදක: අපි හලෝ කියන්නෑනේ. ආයුබෝවන්! එහෙම හොඳයි නේද?
ඒකනේ සිංහල සිරිත ...
අසන්නිය:ආයුබෝවන්! ආයුබෝවන්! එහෙම හොඳා.

මේ කුඩා සංවාදය මා උපුටා දැක්වූයේ ජනමාධ්‍යයට සමාජයකට කළ හැකි බලපෑම පෙන්වාදීමට ය. ජනමාධ්‍යයට සමාජයක් සුමඟට ගැනීමේ ක්‍රියාවලියේ පෙරගමන්කරුවා වීමට ඇති හැකියාව පෙන්වාදීමට ය. එහෙත් අපේ රටේ මාධ්‍ය සමාජය සුගතියෙන් දුගතියට දක්කාගෙන යනු මිස සිය සමාජ වඟකීම ඉටුකරන බවක් නොපෙනේ. කෙසේ වුව ද දැන් දැන් ඇතැම් මාධ්‍ය සිය හරසුන් මාධ්‍ය විගඩමෙන් ඔබ්බට යාමේ සුබ පෙරනිමිති ඇති බැව් කීමට ද මම මැළිනොවෙමි. මෙවන් ලිපියකට මා යොමු කළ ඒ අපූරු විනාඩි කිහිපය ඊට කදිම නිදසුනකි. දැන් අපි මෙකී සුපැතුම් මාදිලි ගැන යමක් විමසා බලමු.
Hello යනු ආචාර කිරීමේ සහ සුබ පැතීමේ වාගාලාපයක් ලෙස ඉංගිරිසියේ යෙදෙන, ජර්මන් බසින් හිලව්වට ගත් වදනෙකි. එහෙත් සිංහලයේ එය හුදු ශබ්දයක් විනා එවන් අරුතක් නොනඟයි.
පැරණි සිංහලයෝ සිය සංස්කෘතියට පරිසරයට උචිත සුපැතුම් විදිහක් නිර්මාණය කර ගත්හ. ඒ ආයුබෝවන් යන පැතුමයි. ඇමතුමයි. කිසිවෙක් මුණගැසුණු විට සුන්දර සිනාවකින් වත සරසාගන්නා සිංහලයාගේ මුවට “ආයුබෝවන්!” යන්න නිතැතින් ම නැඟිණි. එහි අරුත “ආයුෂ බොහෝ වේවා!” “දිගුකල් වැජඹේවා!” යන්න ය. මදක් සිතා බලන්න එය කෙතරම් වටිනා ආශිර්වාදයක් ද? කිසිවෙකු වෙනුවෙන් ඉන් ඔබ්බට අපට කළ හැකි ආශිර්වාදය කුමක් ද? දවසේ කොයි කවර වේලේ වුවත් මේ තනි වදනින් අපට ඕනෑ ම අයෙකු හා සංවාදයට මුලපිරිය හැකි ය. ඕනෑ ම අයෙකුට ආශිර්වාද කළ හැකි ය. දුරකතන සංවාදයකට මුලපිරීම සඳහා ද ආයුබෝවන් යන වදන තරම් උචිත වදනක් මට සිතාගත නොහැකි ය.
මෙවන් සොඳුරු වදනින් පෝෂිත සිංහලය මව් බස කොට උපන් අපි උදේ පටන් අනේක පැතුම් පතමු. සුබ උදෑසනක්! සුබ මධ්‍යහ්නයක්! සුබ සන්ධ්‍යාවක්! සුබ රාත්‍රියක්! ඉන් සමහරකි. සමසීතෝෂ්ණ දේශගුණයක් සහිත රටක වසන අපට මේ පැතුම කිසිවක් අර්ථාන්විත නැත. බටහිර රටවල මෙන් විශාල කාලගුණික විපර්යාස මෙරට නැත. එනම් ක්ෂණික හිම පතන, හිම කුණාටු, අයිස් වැසි අපට ආගන්තුක ය. එහෙයින් අපට හැම උදෑසනක් ම සුබ උදෑසනකි. හැම රාත්‍රියක් ම සුබ රාත්‍රියකි.
එහෙයින් අප තව දුරටත් මේ නිසරු වදන් නොදොඩා අපේ උරුමය වෙත යමු. අපට මුණගැසෙන අයට “ආයුබෝවන්” කියමු. දුරකතන සංවාදය “ආයුබෝවන්” කියා අරඹමු. දිවයින පුවත්පතට ලිපි පෙළක් ලියන මනෝවිද්‍යා උපදේශකවරියක එය හදුන්වා තිබුණේ විශිෂ්ට පෞරුෂයක ලක්ෂණයක් වශයෙනි. එහි ඇත්ත නැත්ත ඔබ මේ සද්සිරිතට අනුගතවීමට උත්සුක වූවොත් වැටහෙනු ඇත. අනෙක් අතට හැම අතින් ම ලෙහෙසිය පහසුව හොයන අද කාලේ දවස පුරා එක ම වදනකින් ආශීර්වාද කළ හැකිවීම සහ සංවාදයට මුල පිරීමට හැකිවීම ම කෙතරම් වටිනවා ද?
එහෙම කළොත් සුද්දොත් අපට සිනාසෙන 1505 පස්සේ අපට බෝ වුණු රෝගී තත්ත්වයක් දූරිභූත වෙනවා. එය ලේනාඩ් වුල්ෆ්ගේ වචනවලින් ම ලියාතබමි. ලේනාඩ් වුල්ෆ් යනු වර්ෂ 1904_1911 දක්වා සුදු ආණ්ඩුව යටතේ සේවය කළ සිවිල් සේවකයෙකි. සිංහල දෙමළ භාෂා උගත්තෙකි. ලංකා සමාජය පිළිබඳ ඇසූපිරූ දැනුමැත්තෙකි. ‘බැද්දෙගම’ හෙවත් ‘village in the jungle’ නමැති සුප්‍රකට නවකතාවේ කතුවරයා ය.
“දැං ලංකාවේ රාජකාරි භාෂාව සිංහලනේ. එංගලන්තෙන් ආපු මං වගේ කෙනෙක් සිංහලෙන් කතා කිරීම රාජ්‍ය භාෂාවට ගෞරවයක්. ... වැදගත්ම කාරණේ ඒක නෙමෙයි. ඉංග්‍රීසි උගත් සිංහලයෝ ලංකාවෙදිත් සිංහල කතා කරන්න කැමති නැති එකයි. මට එංගලන්තෙදි ලංකාවේ උගත්තු මුණගැහෙනවා. යාපනේ ද්‍රවිඩ උදවිය එංගලන්තෙදි මා එක්ක සිංහලෙන් කතා කරනවා. පුදුම තත්ත්වයක් නේද? ලංකාවේ සිංහලයෝ එංගලන්තෙදි මා මුණ ගැහුණාම ඉංග්‍රිසියෙන් තමයි සංවාද කරන්නේ.”
(විජේසිංහ බෙලිගල්ල -1995, ලෙනාඩ් වුල්ෆ් සමඟ ගමනක්,ගොඩගේ.)
මෙහිදී මා කීමට උත්සහ කළේ සිංහලයා ඉංගිරිසි කතා නොකළ යුතු බව නොවේ. ඉංගිරිසි දෙමළ පමණක් නොව හැකි තරම් භාෂා උගත යුතු ය. කතාකළ යුතු ය. එය අභිමාණයෙකි. එහෙත් අප සිංහලයින් බවත් අපට අපේ මුතුන්මිත්තන්ගෙන් උරුමවූ මහරු සංස්කෘතියක් හර පද්ධතියක් ඇති බවත් අමතක නොකළ යුතු ය. ඒ උරුමය අපේ අනාගතයට දයාද කළ යුත්තේ ද අප මිස අන් කවරෙක් ද?

2008-10-09
හමුදාපතිතුමාගේ රුවන් වැකිය
හමුදාපති සරත් ෆොන්සේකා මහතා කැනඩා නැෂනල් ෆෝස්ට් පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී "මේ රට සිංහලයින්ට අයත් බව තමා දැඩි ලෙස විශ්වාස කරන බවත් සුළු ජනතාව ද මේ රටේ වෙසෙන අතර ඔවුන්ව ද අපේම පුරවැසියන් ලෙස සලකන බවත්" පවසා ඇත. මේ ප්‍රකාශය මෙරට ඉතිහාසය දත් සහ ජගත් දේශපාලනය ගැන සවිඥානික කෙනෙකුට අමුත්තක් විය නොහැකි ය.
එහෙත් බටහිර තානාපති කාර්යාල පිළිකනු පල්ලේ ළැඟ ඒ ඉඳුලින් දිවි ගැටගහගෙන ඊට හිළව්වට උන්ගේ උවමනා එපාකම් පිරිමහින නිවටයින්ට නම් මේ මහා ද්‍රෝහී ප්‍රකාශයකි. සුළු ජාතීන්ට කළ නින්දාවකි. මේ නිවටයෝ රටේ ජාතික දේශපාලන පක්ෂ තුළට රිංගා ඒවා විජාතික පක්ෂ කරති. විවිධ NGO ගුබ්බෑයන් අටවාගෙන රටට වළ කපති. පළමුව, රට වෙනුවෙන් පෙනී සිටිනවුන්ගේ චරිත සූක්ෂම ලෙස ඝාතනය කරති. ඒ දෙවනුව, ඔවුන් ත්‍රස්තවාදයට පහසු සහ ආන්දෝලනාත්මක නොවන ගොදුරක් කරනු පිණිස ය.
සැබවින් ම හමුදාපතිවරයා කීවේ කුමක් ද? මේ රට සිංහලයින්ට පමණක් අයිති බව ද? සුළු ජාතීන්ට අයිතිවාසිකම් නොමැති බව ද? නැත. කිසිසේත් නැත. ඔහුගේ ප්‍රකාශයේ සරල අරුත මේ රට සිංහලයින්ට අයිති මුත් ඒ අයිතිය සෙසු ජාතීන් සමඟ බෙදාහදා ගැනීමට සිංහලයා සුදානම් බව ය. එහි ඇති අරුමය කිම?
කි.පූ. 4 වන සියවසේ පණ්ඩුකාභය රජ දවස උපන් සිංහලයෝ එදා මෙදාතුර මේ රටේ ප්‍රධාන ජාතිය වෙති. වසර 2500ක් පමණ කාලයක් තිස්සේ මව්බිම විවිධ පරසතුරු ආක්‍රමණවලට මුහුණ දුන් කල සිය රුධිරයෙන් මේ බිම නහවා සිය හුස්ම පොදින් මාතෘ භූමියට පණ නළ පිම්බේ අද මෙහි වසන 75%ක් වන සිංහලයන්ගේ මුතුන්මිත්තෝ ය. මේ මහා සංස්කෘතිය නිර්මාණය කළෝ ඒ මහා සිංහලයෝ ය. 1815 ඉංග්‍රීසි සමඟ අත්සන් කළ ගිවිසුමේ ද මේ රට හදුන්වා ඇත්තේ "සිංහලය" යනුවෙනි. ඒ අදට වසර 200ටත් අඩු කාලයකට ඔබ්බෙනි.
එපණක් ද සිංහල යනුවෙන් ජාතියක් ලොව අන් තැනක ඇත්තේ ද නැත. එනම් සිංහලයින්ට වෙන මව්බිමක් නැත. එහෙයින් ම සිංහලයෝ එදා සිට සිය දිවි දෙවෙනි කොට මව්බිම සුරකිති. ඔහු සිය කුඩා කොදෙව්වේ වෙසෙන සෙසු ජාතීන්ට සහෝදරාත්මක හස්තය දිගුකිරීමට සුදානම් ය. ඔවුන් ආරක්ෂාකර ගැනීමට සුදානම් ය. එසේ වූ කල සිංහලයින්ට මේ රටේ ඇති අයිතිය ප්‍රශ්න කරන්නේ කෙසේ ද? ඊට ඇති අයිතිය කුමක් ද? සිංහලයා බලාපොරොත්තු වන්නේ සිය උරුමය රැකගැනීම පමණි. සිය මුතුන්මිත්තන්ගේ අභිමාණය අපේක්ෂාව සුරැකීම පමණි.
වරක් ඉන්දීය හිටපු ජනපති අබ්දුල් කලාම් මහතා ප්‍රකාශ කළේ ඉන්දියාවේ වෙසෙන සෙසු ජාතීන් හින්දූවරනට සිය ලොකු අයියාට මෙන් සැලකිය යුතු බව ය. (ජනපති අබ්දුල් කලාම් මහතා මුස්ලිම්වරයෙකි) එහි අරුත ඒ මහා දේශයේ සංස්කෘතිය බිහි කළ හින්දූවරනට රටේ ජ්‍යෙෂ්ඨවය ලබාදිය යුතු බව ය. ගරු කළ යුතු බව ය. ඒ සිය අයියාට මෙන් ළබැඳි බවිනි. ආදරයෙනි. ගෞරවයෙනි.
එය වහල් හිමියා වහලා අතර ඇති සම්බන්ධය නොවේ. ස්වාමි සේවක සම්බන්ධය නොවේ. කොටින්ම එහි අරුත සෙසු ජාතීන් හින්දුවරුන්ට යටත්විය විය යුතු බවක් නොව ඔවුනට හිමි තැන ලබාදිය යුතු බව ය. සෙසු ජාතීන් හින්දුවරුනට සිය අයියණ්ඩියට සේ සලකන කල හින්දුවරු සෙසු ජාතීන්ට සිය මලනුවන්ට සේ සලකනු ඇත. ආදරයෙන් රැකබලා ගනු ඇත. පිරිපතින් මුදවා සුඛිත මුදිත කරනු ඇත. සිය මලනුවන්ගේ දියුණුව තමන්ගේ ම දියුණුව ලෙස සලකනු ඇත. අද අප රටේ සිංහලයා සහ සෙසු ජාතීන් අතර වඟා කළ යුත්තේ මෙවන් සහසම්බන්ධයක් නොවෙ ද?
හමුදාපතිතුමාගේ ප්‍රකාශයෙන් ගම්‍යමාන වන්නේ එවන් සුහද සංහිඳියාවක අවශ්‍යතාවයයි. ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා නැගෙනහිර මහ ඇමති ධූරයට ද විනයාගමූර්ති මුරලිදරන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට ද පත්කිරීම ඊට කදිම ආරම්භයකි. අයියා මලෝ සබැඳියාව අප රට තුළ යළි ඉපදීමේ පෙර මං ලකුණකි. එම ක්‍රියාදාමය (අපේ විරෝදාර හමුදාව තව නොබෝ දිනකින් ත්‍රස්තවාදය මෙරටින් තුරන් කළ කල්හි) ස්ථිර සාමය වෙත යන මාවත වනු ඇත.
මෙරට යුද්ධයට හිඟන්නාගේ තුවාලය කරගත් මානව, සුළු ජාතික, ළමා හා කාන්තා ආදි හුටප්පරයක් අයිතිවාසිකම් ලේබල යටතේ NGO අටවාගෙන ජීවත්වන කුහකියින් ඊට කිසිසේත් කැමති නොවනු ඇත. ඒ නිසා යුද්ධය දිගට ම පවත්වාගෙන යාමට සියලු උපා යොදනු ඇත. මන්ද රටකාසි ලැබෙන්න නම් යුද්ධය තිබිය යුතුම ය. එසේ නැති වූ කල ජීවත්වන්නේ කෙසේ ද? සිය බඩවියතට පහර වදින විට කැමති කවුද? ඒ නිසා හමුදාපතිතුමාගේ ප්‍රකාශය උන්ට වහකදුරු ය. අපට නම් එය රුවන් වැකියකි. ජය ශ්‍රී දීඝායු හමුදාපතිතුමනි!!!

Subscribe to:
Posts (Atom)