2008-04-30
හණමිටිකාරයෝ
හණමිටිකාරයාට මහා සිංහල ශබ්ද කෝෂය දෙන අරුත කාලානුරූපීව වෙනස් නොවන්නා හෙවත් පරණ දෙයට ම ගරු කරන්නා යන්න ය. (2005:1970) සමාජයේ නිතර බැවහර වන ළිං මැඩි මානසිකත්වය, දූපත් මානසිකත්වය ආදි යෙදුම් ද එවැනි ම අරුතක් පිණිස යොදන බව පැහැදිළි ය. හණමිටිකාරයා පිළිබඳ අප අසා ඇති කතාව මෙසේ ය.

මිතුරෝ එක්තරා දෙදෙනෙක් නගරයක විසූ හ. ඔවුහු මිතු දමින් ධනවත් වුව ද වත් පොහොසත්කමින් දුගීහු වූහ. මේ දෙමිතුරන්ට යම්කිසි උවමනාවකට නුවරට බෝ දුරැති පසල් දනව්වකට යාමට සිදු විය. ගිය කාරිය නිමවා පෙරලා නිවෙස බලා එන අතරමග ඔවුන්ට හණමිටි දෙකක් ලැබිණි. (හණ යනු කඳෙහි හට ගන්නා කෙඳී ලබා ගන්නා සිහින් නිල් පෑ කොළ සහිත ශාක විශේෂයකි.) හණමිටි කර තබා ගත් දෙමිතුරෝ මගට වන් හ. දුරු කතර පසුකර ගමට ඇදෙන ඔවුන්ට හිටි හැටියේ රිදී මිටි බෙදන තැනක් හමු විය. එකෙක් සිය හණ මිටිය වහා ඉවතලා රිදි මිටියක් ගත්තේ ය. ‘මුලින් ලැබුණු එක මට හොඳයි’ කී අනෙකා සිය හණ මිටිය ඉවතලීම ප්‍රතික්ෂේප කළේ ය. යළි මගට වන් දෙදෙනාට වැඩි දුරක් යන්නට නොලැබිණි. එවර රන් දන් සැලෙකි. සිය රිදී මිටිය පසෙකටලූ මිතුරා රන් මිටියක් කරට ගත්තේ ය. ‘මොනවා වුණත් මුලින් ලැබුණු දේ තමා වඩා වටින්නේ’ යයි කී දෙවැන්න සිය හණමිටිය ගෙන ඉස්සර විය. නැවත ගමට ළඟා වූ මුල් මිතුරා සිය රන් මිටිය විකොට නුවර ධනවතෙක් බවට පත් විය. හණමිටිය කර ගසා ගෙන ආ මිතුරා සුළු මිලකට එය විකොට සුපුරුදු දුගී දිවිය ම ගත කළේ ය.
මේ කතාවේ හරය අපට යමක් උපතින් ලද පමණින් හෝ මුලින් ලද පමණින් වැදගත් නොවන බව ය. වඩා වටිණා දෙයක් ලද විට අඩු වටිනා කමැති දෙය ඉවතලිය යුතු ය. අනතුරුව ඊටත් වඩා වටිණා දෙයක් ලැබේ නම් එකී වටිණ දෙය ගෙන අනෙක ඉවතලිය යුතු ය. කොටින් ම දල්වා ගත් මනැසින් විමසිල්ලෙන් ලොව දෙස බැලිය යුතු ය. එවිටය දියෙන් කිරි වෙන් කර ගන්නා හංසයෙකු සේ වරදින් නිවැරැද්ද වෙන් කර ගත හැක්කේ. බුදුන්වහන්සේ කාලාම සූත්‍රය දේශනා කළේ ද මෙම සාදු දහම පෙන්වා දීමට ය. සියල්ල දෙස විමසුම් ඇසින් බැලීම පිළිබඳ කුමාරතුංග මුනිදාස මහතා ලියූ කවක් මෙසේ ය.
විමැසුවයි යමෙක් යා නම් නරකාදී
මට සුවයි එහි මැ යනු වෙනතක නෑදී
ඉවැසුවයි බොරු සග යා නම් පෑදී
සුදුසුවයි රඳනු මෙහි ඔහු එහි යාදී
නොපා බිය ඇත්ත ඇති සැටි කියන දන
අපා-ය නම් මරණින් මතු වඩින තැන
සැපා-රෙකැ යි කියුවත් සුරපුර ගලන
එපා මට එපා මැ යි එ තැන සැබවින
(ලක්මිණි පහන 1934)
අවාසනාවක මහත ! අද හණමිටිකාරයා යයි සමච්චලයට ලක් වන්නේ එහි පරම ප්රතිපක්ෂයට අයත් පිරිස ය. පිට රටින් එන සියල්ල දොහොත් මුදුනින් පිළි ගෙන වන්දනාමාන කරන්නෝ විද්වත්තු ය. 1505 සිට ජාතියට බෝ වූ හීනමානයෙන් ද සිය ඉතිහාසය නොදැනීමෙන් ද ආතුර වී සිටින මොවුන්ට අපේ දේ වහකදුරු ය. පිට රට දේ සිරි සැප ය. අපේ සම්ප්රදාය සංස්කෘතිය සිරිත් විරිත් නොතැකීම ඊට ගැරහීම සීනාසීම තම විද්වත්භාවය ප්‍රකට කරන ආභරණය කැයි ඔවුහු සිතති. කලියුගයට යකඩ බරු දිය මත පාවි ගොම රිටි පතුළ සිඹිත් !
ඔබට මට අපේ මුතුන් මිත්තන්ගෙන් උරුමවූ සම්ප්රදාය බාල බඩුවක් නොවේ. එය තවත් සම්ප්රදායක් හා සසඳා ඉවතලිය හැකි නොවටිනා හණමිටියක් ද නොවේ.වසර සිය දහස් ගණනක අත්දැකීම්වලින් පොහොසත් අපේ උරුමය යාවත්කාලීන කොට ඉදිරි පරපුරට බාර දීම අප යුතුකම ය. නැතහොත් ඒ පරපුර ආතක් පාතක් නොමැති ගන්දබ්බයින් පිරිසක් වනු ඇත. අපට කොතෙක් උත්සහ කළ ද සුද්දන් වන්නට නොහැකි ය. යූරෝපීයයන් එසේ පිළිගන්නට සුදානම් ද නැත. කළ හැක්කේ අපේ නිවටකම ප්‍රදර්ශනය කරමින් ඔවුන් හිනැස්සීම පමණි. එහෙයින් අප කළ යුත්තේ ලතින් ඇමරිකානු රටවල් මෙන් නිදහස සොයා යාම ය. අධිරාජ්‍යවාදී ප්රවාහයට එරෙහිව උඩුගං බලා පිහිනීම ය. රටක් ලෙස අපේ නිදහස ඇත්තේ එතැන ය.
අසල්වැසි රටේ මහත්මා ගාන්ධි පැවසුවේ ඔබේ නිවසේ දොරගුළු සතර අතින් එන සුළඟට හැර තබන්න, එහෙත් ඒ සුළඟට ගෙයි ඇති වටිණා දේ බිලි නොදෙන්න කියා ය. මෙරට වැසි ඇතැම්හු ගෙයි ඇති දේ පමණක් නොව ගෙයි බිත්ති හතර ද සුළඟට පුදන්ට සුදානම් ය. ඊට එරෙහි වන්නෝ හණමිටිකාරයෝ ය. දූපත් මානසිකත්වයෙන් පෙළෙන්නෝ ය. නැත්නම් ළිං මැඩියෝ ය. නොදනිම් කාගේ දොසා !!!

2008-04-25
බලන් ! හරිමි කඩතුරාව
ආගම අබිං යයි කීවෝ මාක්ස්වාදී ඇදුරෝ ය. ඉබොහෝ ආගම් මිනිසා විඳින දහසක් පිරිපත අදෘෂ්‍යමාන බලවේග වෙත බැර කොට සැබෑ සතුරා ඔහුගෙන් වසං කරයි. එහිදී ආගම ක්‍රියාත්මක වන්නේ මිනිසාගේ පියවි සිහිය මුලා කරන අබිං මෙනැයි මාක්ස් කීවේ ය. කෙසේ වුව ද මාක්ස් බුද්ධාගම හෝ බෞද්ධ දර්ශනය පිළිබඳ දැන සිටි බවට සාධක නැත. ඔහුගේ ආගමික දැනුම දේවවාදී ආගම්වලට සීමා වූවකි.
සර්ව බලධාරී දෙවියෙකු හෝ ඔහුගේ මැවුම්වාදය හෝ බෞද්ධ දර්ශනයට පටහැනි ය. තම විමුක්තිය ඇත්තේ තමා සතුව බව ද එහි ඉගැන් වේ. තව ද කර්මය ආදී පුද්ගල ආධිපත්‍යයට යටත් නොවන ප්‍රපංච පවා විග්රහ වන්නේ නියාම ධර්ම 5න් එකක් ලෙස ය. එහෙයින් බලගතු නොවන කර්ම ශක්ති පවා සෙසු නියාම ධර්මවල බලපෑමෙන් අහෝසි විය හැකි ය. මේ ආකාරයට මිනිසාට ස්වෝත්සාහයෙන් විමුක්තිය ළඟා කර ගත හැකි බව බෞද්ධ දර්ශනයේ ඉගැන්වේ. අබිං පිළිබඳ කතාව දිගු වී දැන් දැන් අප මාතෘකාවෙන් පිට පනින බව පෙනෙන හෙයින් මූලික ධාරණාවට පිවිසෙමු.
මේ වන විට ලංකාව දැඩි ආර්ථික අර්බූදයකට මුහුණපා ඇත. පෙර කල ගෘහණියන් අතර කතාබහට සීමාවූ බඩු මිල අද බාල තරුණ මහලු සියලු දෙනා අතර පොදු මාතෘකාව බවට පත්ව අවසන් ය. වෙනදා මග තොට බසයේ දුම්රියේ කඩ පිලේ පිළිරැව් දුන් අර ස්ටාර් මේ ස්ටාර් අර ගෙදර මේ ගෙදර කතන්දර යට කරගෙන බඩු මිල ප්රශ්නය නගර ගම් නියම් ගම් පසල් දනව් පුරා ළැව් ගින්නක් සේ බුර බුරා ඇවිළී යයි. උද්ධමන අත්තටු ලැබ බඩු මිල අහසට ඉගිළෙන කල විවිධ පාර්ශව නෙක මත ගෙනහැරපායි. රට කරවන ආණ්ඩුවේ ආර්ථික විද්‍යා චක්‍රවර්ති වයිමා මහතාට අනුව මේ ලෝක වෙළඳ පොළේ හදිසි බිඳ වැටීමේ ප්රතිඵලයයි. නිදහසින් පසු බොහෝ කාලයක් රට පාලනය කොට මෙරට එකම සුරපුරක් බවට පත් කළ වත්මන් විපක්ෂයට අනුව මේ රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිත අකාර්යක්ෂම පාලනයේ ප්රතිඵලයයි. මේ පවසන්නේ ඇත්ත ද? නැතිනම් බොරුද?
මේ පිළිතුරු දෙකෙහිම සත්‍යයක් ගැබ්ව පවති. යටත්විජිතවාදීන් විනාශ කළ අපේ ස්වයංපෝෂිත අර්ථක්රමය 1977 විවෘත ආර්ථික ක්‍රමය නමැති දං ගෙඩියට ගෙන ගියේ ජේ. ආර්. ජයවර්ධන මහතා ප්රමුඛ යූඇන්පියයි. මේ අර්බූදයට ප්රමුඛ හේතුව ඒ අර්ථක්රමයයි. එමෙන් ම 1970 සිරිමා බණ්ඩානායක රජය යටතේ ඇරඹි වංචා දූෂණ සපිරි ජරාජීර්ණ දේශපාලනය අතිශය ලාබදායි මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් වූයේ ද ජයවර්ධන මහතාගේ පාලන සමයේ ය. එහෙයින් මේ දෙපක්ෂය සිය නිදහසට ගෙන හැරපාන චෝදනා කළ යුත්තේ කැඩපතක් ඉදිරියට ගොසිනි. මන්ද ඊට වගකිව යුත්තේ ද ඔවුන්ම බැවිනි.දෙපක්ෂය විසින් ම දැන් නඩත්තු කරන විවෘත ආර්ථික මොඩලය හමුවේ රටේ බඩු මිල වෙනස් වූ ආකාරය පහත වගුවේ දැක්වේ. ධර්මිෂ්ට සමාජයක් ගොඩ නගන්ට සපථ කොට මහැදුරු සරච්චන්ද්‍රගේ අතපය කඩා පන්සල් වටකොට කටු කම්බි ගසා රට ගෙන ගොස් අතහැරියේ කොල්ලකාරි විවෘත ආර්ථිකය නමැති නරා වළට බැව් පසක් කරනට තවත් අටුවාවීකා කුමට ද?

මෙම ආර්ථික අහේනිය හමුවේ මෙරට ආණ්ඩුව සහ ප්‍රධාන විපක්ෂය ගත් ක්‍රියාමාර්ගය කුමක් ද? ආණ්ඩුව මුලින් ම කළේ ශ්‍රී ලංකා පාරිභෝගික මිල දර්ශකය නවතා දැමීම ය. මිල දර්ශක ඉහළ අගයක් ගන්නේ රටේ පවතින අධික උද්ධමනය නිසා ය. ආණ්ඩුව කළ යුතුව තිබුණේ වහාමඋද්ධමනයට විසදුම් සෙවීම ය. ජනතාවට වහා සහන සැලසීම ය. එහෙත් කළේ පය බරවාට පිටිකර බෙහෙත් බැඳීම ය. විපක්ෂය සුපුරුදු පරිදි අම්බලමට පැනපු ගොනාගේ චරිතයය රඟපෑවේ ය. ඒ වළං පොළවේ ගැසීමෙනී. මේ සියලු නෙයියාඩම්වලින් සාමාන්‍ය පුරවැසියන් වන අපට සිදුවූ සෙත කුමක් ද? මේ නෙක කඩතුරා බඳින්නේ බිඳ දැමිය යුත්ත අපෙන් සඟවාලීමට නොවෙ ද? ඔවුන් කරන්නේ ද අපට අබිං කැවීම නොවෙ ද? මාක්ස් ආගමට අබිං යයි කී අර්ථයෙන් නම් මේ දේශපාලන විගඩම් අබිංම ය. එහෙයින් මේ කඩතුරා විනිවිද සත්‍ය නිරුවත් කිරීම මැනවි.

අද දවසේ අප විසින් කළ යුත්තේ මෙකී අතොරක් නැති පිරිපතින් මව්බිම ගලවා ගැනීමට විශේෂයෙන් අපේ මතු පරපුර ගලවා ගැනීමට මං සෙවීමය. ඒ සඳහා ඇත්තේ එකම මගකි. ඒ අන් කිසිවක් නොව නැවත මේ රට ජාතික ආර්ථික ක්‍රමය පදනම් කරගෙන සංවර්ධනය කිරීම ය. ස්වයංපෝෂිත කිරීම ය. ආණ්ඩුවේ බලධාරීන් ද පුන පුනා පවසන පරිදි මේ අර්බුදයට හේතුව ලෝක ආර්ථික අර්බුදය අපට තදින් දැනීම ය. එසේ වන්නේ ඉදිකට්ටේ සිට නිදන පැදුර දක්වා සියල්ල පිට රටින් එනතුරු බකංනිලා ගෙන සිටීම නිසා ය.එහි බලපෑම අවම කිරීමට කළ යුත්තේ රට තුළ හැකි සෑම දේම නිපදවීම ය. සෑම බිම් අඟලකම වගා කිරීම ය. දේශීය දේ වැඩි වැඩියෙන් පරිභෝජනයට ජන විඥානය සකස් කිරීම ය. අප භාවිත කරන සෑම දේශීය භාණ්ඩයක් පාසා මෙරට රැකියා අවස්ථා බිහිවන බව විදේශ විනිමය ඉතිරි වන බව ජාතික ආර්ථිකය ශක්තිමත් වන ජනතාවට පහදා දීම ය. පෙර කල මෙරට පැවති සරල ජීවන ක්‍රමය බාල බඩුවකැයි පිළිකෙව් නොකර එහි යහගුණය වහ වහා වත්මනට ගළපා ගැනීම ය. රටේ පාලකයන් ඒ සඳහා ආදර්ශ සැපයීම ය.
මේ ආර්ථික අර්බූදය මීට හරියට ම සියවසකට පෙර දුටු ඉසිවරයාණෝ සාඩම්බර ශ්‍රී ලාංකිකයකු වූ ආනන්ද කුමාරස්වාමි මහතා ය. හෙතෙම උපතින් සිංහලයෙකු නොවේ. බෞද්ධයෙකු ද නොවේ. අඩු තරමේ බෞද්ධ පරිසරක හැදී වැඩුණු කෙනෙකු ද නොවේ. එහෙත් සිය විසල් දැනුම අබිමුව සක්සුදක් සේ සුපැහැදිළි සත්‍ය නොපවසා සිටින්නට තරම් එතුමා නිවට වූයේ නැත. 1900 මුල් දශකයේ බ්‍රිතාන්‍ය ස්වාමි මන්ත්‍රි මණ්ඩලය අමතා කුමාරස්වාමි මහතා කළ කතාවක කොටසකින් මේ ලිපියට කුණ්ඩලිය තබමි.
“ඔබ මගේ රටේ සම්පත් ඕනෑ තරම් සූරා ගෙන යන්න. මගේ රටේ ශ්‍රම සම්පත රිසි සේ සූරා කන්න. එහෙත් එරට ඇති සිංහල බෞද්ධ සංස්කෘතියට අත නොතබන්න. තව සිය වසකින් ලොව මුහුණ දෙන මහා ආර්ථික අර්බූදයට එකම විසදුම ඇත්තේ එය පදනම් කරගත් සරළ අර්ථක්රමය තුළ ය.”

2008-04-10
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
2008-04-08
ඒ ඇයි ?
සෑම රටකට ම ඊට අනන්‍ය සංස්කෘතියක් ඇත. ඇතැම් සංස්කෘති නම්ය වන අතර අනෙක්වා අනම්‍ය වන බව ද පෙර ලිපියේ සඳහන් කළෙමි.
බ්‍රිතාන්‍ය පුරවැසි මුස්ලිම් ගුරුවරියක අධිකරණයේ නඩුවක් ගොනු කළා ය. ඇගේ චෝදනාව වූයේ පර්දාව පැළඳ පාසැලේ ඉගැන්වීම බලධාරීන් විසින් තහනම් කිරීම ය. මුස්ලිම් ජාතිකයෝ සිය සංස්කෘතිය ඉතා ම ගෞරවයෙන් ආරක්ෂා කරති. අනුගමනය කරති. (මෙරට 1505 සිට ගෙන ගිය ආක්‍රමණය හමුවේ පවා මුස්ලිම්වරු නා නා වධ බන්ධන හෝ අනේක වරදාන හමුවේ සිය සංස්කෘතිය පාවා නොදුන් හ. ඒ නිසා යට කී ආක්රමණයේ බලපෑම ඔවුන් වෙත ඉතාම අවම විය.) පර්දාව මුස්ලිම් ස්ත්රීන්ගේ සාම්ප්‍රදායික ඇදුමේ අංගයකි. ඇකේම්බ්රීජ් ශබ්දකෝෂය උදාහරණයට ගන්නා දියුණු බහු සංස්කෘති සමාජය පාසැල් ගුරුවරියට සිය සංස්කෘතියට රිසි සේ පරිහරණයට වැට කඩොලු බදින්නේ ඇයි? ඇයට අධිකරණයේ පිහිට පතන්න වූයේ ඇයි? අවසන ඇයට අධිකරණයෙන් ද සාධාරණයක් ඉටු නොවූණි. ඒ ඇයි ඇයි?

බොහෝ මුස්ලිම් රටවල ක්‍රියාත්මක වන්නේ ෂාරියා නීතියයි. විවිධ වැරදි සඳහා ඒ යටතේ දැඩි දඬුවම් පමුණුවයි. පරදාර සේවනය, ස්ත්‍රී දූෂණය ගල් ගසා මරා දැමීමමට තරම් බරපතළ වැරදි ය. එහෙත් වෙනත් රටක ජීවත් වන විට ඔවුන්ට එම නීති ඒ අයුරින් ම ක්‍රියාත්මක කළ නොහැකි ය. උදාහරණයක් ලෙස ලංකාවේදී ඇතැම් නඩු ඔවුන්ගේ අධිකරණවල විභාග කළ හැකි වුව ද මරණ දඬුවම ක්‍රියාත්මක කළ නොහැකි ය. එනම් සිවිල් නඩුවලදී ඒ ඒ රටවල නීතියට යටත්වීමට ඔවුන්ට සිදු වේ. බ්‍රිතාන්‍ය ආදී බහු සංස්කෘති ලේබලැති රටවල ද එසේම ය. ඒ ඇයි?
බොහෝ මුස්ලිම්වරු නිර්මාංශ නොවෙති. සිය ආහාර පතෙහි මුල් තැනක් මාංහ ආහාර සඳහා නිරතුරුව හිමි වේ. ඔවුන්ගේ නිජබිම් වන අප්‍රිකාව ආශ්රිත පරිසරය ඊට බෙහෙවින් බලපෑවේ යයි උපකල්පනය කිරීම සාධාරණ ය. එහෙත් එතැනින් ඉන්දියාවට සංක්‍රමණය වූ මුස්ලිම්වරු බහුතරය නිර්මාංශ වෙති. එසේ වූයේ ඇයි?
දකුණු ඉන්දියානු ද්‍රවිඩයෝ බ්‍රාහ්මණ වංශිකයෝ වෙති. ලංකාවේ උතුරු නැගෙනහිර ද්‍රවිඩයෝ ඉන්දියාවේ ප්‍රදේශ දෙකකින් පැමිණියාහු වෙති. මෙසේ උතුරට සපැමිණි බ්‍රාහ්මණ වංශික ද්‍රවිඩයෝ මෙරට දී ගොවිගම බවට පත්වූහ. ඒ ඇයි?
සිංහලයේ අන්තිම සිංහල රජතුමා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ය. ඉන් ඔබ්බේ මෙරට රජකම ඉන්දිය නායක්කාර් වංශිකයන්ට හිමි විය. එහෙත් මෙරටට ආ ඔවුන්ට ශිව ආගම අතැහැර බුදු දහම වැළඳ ගැනීමට සිදුවිය. බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ උපදෙස් පිළිපදිමින් දන්ත ධාතුවේ ආරක්ෂකයන් වෙමින් ක්‍රියා කිරීමට ඔවුන්ට සිදු විය.ඒ ඇයි?
ජාත්‍යන්තර රතු කුරුස සංවිධනානය ශ්‍රී ලාංකිකයින් අතර ප්‍රසිද්ධ ය. එහි ලොව පුරා යුද බිම් ආශ්‍රිතව ක්‍රියා කරන රතු කුරුසයේ ලාංඡනය රතු පැහැ තුරුසයකි. එහෙත් මුස්ලිම් රටවල රතු කුරුස සංවිධනානයේ ලාංඡනය රතු අඩ සඳ වේ. ඒ ඇයි?
කතෝලික ආගම මෙරටට 1505 ලැබිණි. ලාංකික කතෝලික ඉතිහාසය ඉන් ඔබ්බට යතැයි ඇතැමුන් ගොඩ නඟන තර්ක සහ පෙන්වන නිදර්ශන ශක්තිමත් නැත. (අනුරාධපුරයෙන් හමුවන සාධකවලින් අනාරණය වන්නේ මෙරටට පැමිණි වෙළදුන්ට සිය ආගමික කටයුතු නිදහසේ කරන්නට තිබු අවසරය මිස අනෙකක් නොවේ.) කතෝලික ආගම රට තුළ ව්‍යාප්ත වත්ම ඔවුන් පෙරහැර කරන්නට විය. සිය ආගමේ කෙනෙක් මළ විට තටුවක් පිදීම සහ දානමාන දීම සිදුවිය. ඒ ඇයි?
කතෝලික ආගම දේශීයකරණයට 60 දශකයේ වතිකානුව උපදෙස් දුන්නේ ය. ඒ ඇයි?
මේ සියල්ලට එකම හේතුව ඒ ඒ රටවලට අනන්‍ය සංස්කෘතියක් පැවතීමයි. රටක විවිධ සංස්කෘවලට අයත් ජනතාව ජීවත්වුව ද ඔවුන්ට එහි ප්‍රධාන සංස්කෘතියට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නතුවීමට සිදු වෙයි. එහෙයින් බහු සංස්කෘතිවාදය හුදු සංකල්පයක් පමණකි. සියලු සංස්කෘති වෙත එකසේ සලකන සමාජයක් ලොව නැත. ඇත්තේ එක් ප්‍රධාන සංස්කෘතියකි. එහි ආධීපත්‍යයකි.
වත්මන් ධනේශ්වර ලොව මිනිසාගේ සංස්කෘතික ජීවිතය බෙහෙවින් පටුවී ඇත. අතීතයේ මුළු ජීවිත කාලය ම සංස්කෘතික ජීවිතයක් ගත කළ ඔහුට දැන් ඊට ඉඩ නැත. ඉන් බොහොමයක් ඔහුට අහිමි වී ඇත. නිදසුනක් ලෙස අතීත සිංහලයාගේ ජීවන වෘත්තිය - ගොවිතැන - සිය සංස්කෘතික ජීවිතයේ කොටසක් විය. කුඹුර කොටන දින පටන් බැත ගෙට ගන්නා තුරු සියලු කටයුතු සංස්කෘතික අංග සමග බද්ධ විය. හේනක් කොටා ගිනි ලෑමේ සිට සියලු කටයුතු ද සංස්කෘතික ජීවිතයේ අංග විය. ඔවුන් අත්තම් ක්‍රමයට සිය අසල්වාසීන් සමග වැඩ කළා මිස කුළියට වැඩ කළේ නැත. එය ඔවුහු නින්දාවක් කොට තැකූහ.
ධනේශ්වර ක්රමයේ නැගීමත් සමග ඔහුට අකමැත්තෙන් වුව කුළියට හෙවත් මුදලට වැඩ කරන්නට විය. ඒ සඳහා ඔවුහු සිය සංස්කෘතික ජීවිතයෙන් මිදී ආහ. එසේ නිවසේ තබා පැමිණි ජීවිතයට සවස නැවත පිවිසුණහ. එනම් උපත, විවාහය, මරණය, අවුරුදු උදාව සහ ආගම සම්බන්ධ බොහෝ දේ පෙර සේම සංස්කෘතික ජීවිතයේ අංගයෝ වෙත්. ඩෙනිම සහ ටී-ෂර්ටය හැඳ කාර්යාලයට යනෙ’න තරුණ තරුණියෝ සාරි, ඔසරි සහ රජ ඇදුම්වලින් විවාහ වන දින සැරසෙති. හෙළ කුල සිරිතට කටයුතු කරති. පන්සලට ඉලව් ගෙදරට සුදුවතින් සැරසී යති. සිංහල හින්දු අවුරුදු උදාව සමරමින් කිරි උතුරුවා කිරි බත් පිසිනු විනා ෆ්‍රයිඩ් රයිස් සදන අයෙක් නොමැත.
මේ අනුව වත්මන් පරපුරේ සංස්කෘතික ජීවිතය පටු වුව ද ජීවිතයේ සංධිස්ථානවලදී නැවත එකී මුල් සොයා ඇදෙති. පුනරාගමනය කරති. එහි ආධිපත්‍ය දරන සංස්කෘතිය රටේ සංස්කෘතිය වේ. ඒ අනුව ඉන්දියාව ව්‍යස්ථාවෙන් අනාගමික වුව ද සංස්කෘතියෙන් හින්දු වේ. තුර්කිය ව්‍යස්ථාවෙන් අනාගමික වුව ද සංස්කෘතියෙන් ඉස්ලාම් වේ. ශ්‍රී ලංකාවේ ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියකි. එහෙත් එය බුදු දහමේ ආධිපත්‍ය නොව බුදු දහම සහ අපේ මුතුන් මිත්තන්ගේ ජීවින අත්දැකීම් ඇසුරින් බිහිවූ සංස්කෘතියයි. එහි ආධිපත්‍යට බෞද්ධ කතෝලික ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් අප සියලු දෙනා අරා පැතිර පවති. සෙසු සංස්කෘතිවලට සාපේක්ෂව අපේ සංස්කෘතික සුඛනම්‍ය සුලලිත වූවක් බව නම් සැබෑ ය. එහෙත් ඒ සිංහල බෞද්ධ සංස්කෘතියයි.
කෙසේ වුව ද ඇතැම්හු එය නොපිළිගනිති. මොවුහු දැනුම පරිවර්තනය කරනු විනා දැනුම නිෂ්පාදනය නොකරති. රටකට අවැසි දැනුම පරිවර්තනයට වඩා දැනුම නිෂ්පාදනය කිරීම ය. අවාසනාව මොවුන් එකී දැනුම අනුවර්තනයට හෝ අවදානය යොමු නොකිරීම ය. අතිගරු මර්සලින් ජයකොඩි පියතුමා, එඩ්වඩ් ජයකොඩි සහ ජැක්සන් ඇන්තනී වැනි කතෝලිකයෝ ද මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක් ඇතැයි අවබෝධ කර ගත්තෝ ය. ඒ සඳහා පොතේ දැනුම ඉක්මවා ගිය සමාජ සංස්කෘතික විඥානයක් අවැසි ය.

2008-04-02
බහු සඟිස්කුරුතිය
බහු සංස්කෘතිවාදය මෑත කාලයේ ඇතැම් විද්වතුන් අතර සම්භාවනාවට පාත්රවූ සංකල්පයකි. බහුසංස්කෘතිය යනු එම සාකච්ඡාවේ හරයයි. පදනමයි. ‘නා නා සිරිත් විරිත් ඇදහිලි විශ්වාසවලින් සමන්විත ප්‍රජාව’ යන අරුත කේම්බ්‍රීජ් ශබ්දකෝෂය ඊට ලබාදී ඇත. ඊට ම ඈඳා ඇති ‘බ්‍රිතාන්‍යය දියුණු තියුණු වෙමින් පවතින බහුසංස්කෘතික සමාජයකි’ යන වාක්‍යයෙන් එම සමාජයේ සංස්තෘතික සම්මිශ්‍රණයක් බලපවත් වන බවත් නොයෙක් මාදිලියේ ජනකොටස් ජීවත් වන බවත් කියවේ. එය ඉතාම යහපත් සැමට සිය සංස්කෘතිය රිසි සේ භුක්ති විඳීමට ඉඩහසර ඇති කදිම නිදහස් සමාජයකි යන්න ද ඉන් ගම්‍යමාන වේ.

පුරාණ ලෝකය අතිවිශාල වූවකි. වසර ලක්ෂ ගණනක් වන මානව පරිණාම ඉතිහාසයේ එක් අවස්ථාවක මිනිසා දඩයම් ජීවිතයෙන් මිදී වාසස්ථාන ගොඩනැගූහ. එම වාසස්ථාන එක්වී ජනපද, ශිෂ්ටාචාර බිහි විය. ඒ ඇසුරේ සංස්කෘති ද වැඩිණී. ඒවා එකිනෙකට ස්වායත්තව ඊටම අනන්‍ය ලක්ෂණ විදහමින් උස්මහත්විය. නාවික ගමනාගමනයේ නැගීමත් සමග මිනිසා දේශාටනයට නැඹුරු වන අතර ශිෂ්ටාචාර අතර සබඳතා ඇති විය. සුප්‍රකට සේදමාවත ඔස්සේ වෙළඳාම පමණක් නොව යම් පමණක සංස්කෘතික හුවමාරුවක් ද සිදුවිය.යටත්විජිත සමයේ එය තවත් තීව්ර විය. කොටින් ම සංස්කෘතික ආක්‍රමණයක් බවට පත්විය. (ආක්රමණිකයා අතක තුවක්කුවද අනෙක් අතේ බයිබලය ද රැගෙන ආවේ හුදු වෙළඳ අරමුණු සඳහා ම නොවන බව පැහැදිළි ය. අපි කුළුබඩු සහ කතෝලිකයන් සොයා පැමිණියෙමුයි කීවේ එහෙයිනි.) එම ආක්‍රමණ හමුවේ දේශීය සංස්කෘති යම් බිඳවැටීමකට ලක්වුව ද මුළුමනින් අභාවයට පත් නොවිණි.
එහෙත් කාර්මීකරණය සහ සන්නිවේදන දියුණූව විසින් පෙරකී සංස්කෘතික සීමා අකාමකා දමා ලෝකය කුඩා කොට ඇත, විශ්වගම්මානයක් කොට ඇත, යන්න බහු සංස්කෘතිවාදයෙන් කියවේ. ඒ සමාජය තුළ කිසිම සංස්කෘතියක් වඩා ප්‍රබල හෝ දුබල නොවේ. සියල්ලට බෙදන්නේ එක හැන්දෙනි. මේ අනුව බහු සංස්කෘතික සමාජයක කිසිම සංස්කෘතික ආධිපත්‍යක් නොමැත. ඇත්තේ නිදහස් ලිබරල් සමාජයකි. බහු සංස්කෘතික සමාජයකි. ඒ අනුව බ්‍රිතාන්‍යයේ ඇත්තේ නූතන ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍ය නොව බහු සංස්කෘතියකි. ඉන්දියාවේ ඇත්තේ හින්දු සංස්කෘතික ආධිපත්‍ය නොව බහු සංස්කෘතියකි. ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියක් නැත. ඇත්තේ බහු සංස්කෘතියකි. ලොව සෙසු රටවලද එසේම ය. මෙය සැබෑවක් ද?
මගේ අදහස නම් විශ්ව ගම්මාන සංකල්පය මෙන් ම බහු සංස්කෘතිවාදය ද දැන් යල්පැන ගිය මතවාදයක් බවට පත්ව ඇති බව ය. මේ සංකල්ප ඔස්සේ සැබවින් ම උත්සාහ ගත්තේ යූරෝ-ඇමරිකා සංස්කෘතිය සෙසු සංස්කෘති මත පැටවීම සාධාරණීකරණය කිරීමට ය. ඊට එරෙහි බලවේග දුර්මුඛ කිරීම ය. එහෙත් ලෝක යථාර්ථය ඊට ඉදුරා වෙනස් ලක්ෂණ විදහාපායි. ඒ සඳහා සාධක අතීතයෙන් ද වර්තමානයෙන් ද ලද හැකි ය. අනාගතය ගොඩනැගෙන්නේ අතීතය සහ වර්තමානය මත බැවින් අනාගතය ද එසේ වනු ඇත.
ලොව මූලික වශයෙන් සංස්කෘති දෙවර්ගයකි. ඒ නම්ය සහ අනම්‍ය වශයෙනි. නම්ය සංස්කෘති සෙසු සංස්කෘති ඉවසයි. අනමය සංස්කෘති සෙසු සංස්කෘති නොඉවසයි. වෙනත් ලෙසකට කිවහොත් නම්ය සංස්කෘති යටිරෝපණයට ඉඩදෙන තුරුවදුලක් බදු ය. අනමය සංස්කෘති යටිරෝපණයට අවසර නැති ෆයින් යායක් බදු ය. මේ දෙකේ විවිධ මාත්‍ර සංකලණයෙනි; ලොව සංස්කෘති ගොඩනැගී ඇත්තේ. අනමය සංස්කෘතියකට මුස්ලිම් සංස්කෘතිය කදිම නිදසුනකි. නම්ය සංස්කෘතියට යුරෝපා ක්‍රිස්තියානි සංස්කෘතිය නිදසුනකි. මෙරට බලපවත්නා සිංහල බෞද්ධ සංස්කෘතිය යුරෝපා සංස්කෘතියටත් වඩා සුනම්‍ය වූවකි. එම මෘදු ගුණය නිසා මෙරට සිංහල බෞද්ධ සංස්කෘයට දැන් සිය නම ද අහිමි ව ඇත. දැන් එහි නම බහු සඟිස්කුරිතයයි.
බහු සංස්කෘතිවාදය හුදු සංකල්පයක් පමණි. මී ළඟ ලිපිය ලියවෙන්නේ අප මතය සනාථ කරන ගෝලීය නිදසුන් කිහිපයක් ඇසුරිණි.

Subscribe to:
Posts (Atom)